පොඩ්ඩගෙ තනිකම

Saturday, January 22, 2011

තනිකමට ආසද? මමනම් ආසයි. හැබැයි බයයි.
තව කවුරු හරි හිටියනම්. ෂාහ් මරු. ඒත් හම්මෝ බයේ බෑ.
ගෑණු ළමයෙක් යාලු කරගන්න හිතයි.
ෂිහ්... මහ නරුම අදහසක් නෙව. ඔවුව අහන්න පුලුවන් දේවල්ද.


තනියෙම ඉන්දැද්දි කොච්චර නිදහස්ද
අම්මත් නෑ, තාත්තත් නෑ, පොඩ්ඩ විතරයි...
සද්දෙට කොම්පීටරේ දාගෙන...
කැමති කැමති දේවල් කරනවා...
හැම තිස්සෙම මොනාහරි කනවා බොනවා....
පේස්බුකියෙ දවසම.. කාගෙන් තහනමක්ද


ඕහ්... එහෙම කියනකොටයි මතක් වුනේ...
හෙට දෙන්න තියෙන වැඩ කවුද කරල දෙන්නේ.
හපොයි. දැං තනියෙං කොහොමද මෙව්ව කොරන්නේ.
මට මේ පාඩං තේරෙන්නෑ.... කවුරු හරි එකෙක් හිටියනං අහගන්න තිබුනා


ආ... අවුලක් නෑ.... ඔය අන්තර්ජාලෙ තියෙන්නේ... හැමදේටම විසඳුම් දෙන ගූගල් දෙයියො එක්ක තනිකමක් නෑ.......
:)
කරුණාවෙන් සලකන්න:
පොඩ්ඩට පිස්සු තදවුන මොහොතක කොටපු වචන පෙලකි....අර්ථ ශුන්‍යයි.

8 ප්‍රතිචාර:

  • Anonymous says:
    January 22, 2011 at 6:08 PM

    පිස්සුද හැටිද මන්දා...

  • Amila Chathuranga says:
    January 22, 2011 at 6:12 PM

    හොඳයි මටනම් හිතෙන්නෙ පිස්සුවත් හැටිවත් නෙමෙ..ඒ සොෆ්ට්වෙයාර් එකේ විදිහ...

  • චතුවා says:
    January 22, 2011 at 7:01 PM

    මේක පිස්සුවේ හැටි නිම්ශා.. හැබැයි තනියම ඉන්න එකත් මාර ජොලි.. මූණුපොත කපාහරින්න පුලුවන්නම්.. :(

    ඉන්දි.. මේ පොඩීගේ ඇග පුරාම වයිරස්.. තනිකර එරරස් විතරයි..

  • රත්ගමයා says:
    January 22, 2011 at 8:01 PM

    මේක මුත්‍රා දැවිලත් එක්ක එන HIV රෝගයේ මූලික ලක්ෂණයක්...මුත්‍රා සාම්පලයක් ටෙස්ට් කරගන්න..එතකොට හරි

  • නිශා says:
    January 22, 2011 at 8:42 PM

    තනිකම ගොඩක් වෙලාවට හොදයි කියල හිතෙනවා,කිසිම ප්‍රශ්නයක් නෑ,කවුරුත් මොනවත් කියන්න එන්නෙ නෑ. තමන්ගෙ පාඩුවේ තමන්ට ඕනෙ හෑටියට ඉන්න පුලුවන්.

  • Anonymous says:
    January 22, 2011 at 11:10 PM

    අර්ථයක් සහිතයි බං.

  • C0de BlUe says:
    January 23, 2011 at 8:18 AM

    අන්තරේටම තදවි ඇති වේලාවක ලියු බව මනාව සඳහන් වේ ...

  • චේ උන්නැහේ... says:
    January 23, 2011 at 3:57 PM

    මෙය වනාහී සොෆ්ට්වෙයාර් අවුලක්වත්, එච් අයි වී ආසාදනයක්වත් නොව හාර්ඩ්වෙයාර් අවුලකි. මේ සෙටාර් එකේ කොම්පියුටර් දොස්තර මහතා මම බැවින් මුගේ මයික්‍රොචිප් එක ගලවා අලුතෙන් එකක් සවි කිරීමට නියමකරමි..

Post a Comment