අවසන් නිසැදැස.......

Sunday, January 16, 2011


මට ලියන්න්න පුලුවන්....
හුගාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්..
හොදයි...
මම මෙහෙම ලියන්නම්..
රෑ අහසේ තරු පායලා..
ලස්සනට දිලිසෙනවා...
 ඉතින්..
මට ගොඩාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්..
දන්නවද....
මම එයාට ආදරේ කරා...
සමහර විට එයත් මට
ආදරේ කරන්න ඇති...
අද වගේ දවසක මම එයාව
තුරුල් කරන් අතොරක් නැතුව
සිප ගන්න ඇති..
ඔව්.....
එයා මට ආදරේ කරා...
සමහර විට මමත් එයාට ආදරේ කරන්න ඇති...
එ ඇස දෙකට
ආදරේ නොකර ඉන්නේ කොහොමද....
ඉතින්....
මට ලියන්න පුලුවන්....
රාත්‍රිය අනන්තයි...
එයා මගේ ලග නැති නිසා...
ඒ බව තවත් වැඩි වෙනවා...
අහසින් වැටෙන වැහි බිදු වගේ...
කවි පද එකෙන් එක ලියවනවා...
මගේ ආදරයට....
ඔව්...
මගේ ආදරයට....
එයාව ලන් කරගන්න බැරි උනා.....
ඉතින් කවි වලින් වැඩක් තියෙනවද....
මගේ ඇස් එයාව හොයනවා....
වෙනදට වගේ සීතලට තුරුල්
වෙලා ආදරේ
කරන්න කියලා දෙන්නේ කවුද?
මම කොච්චර ආදරේ කරාද...
එයා කොච්චර ආදරේ කරාද...
අර බලන්න....
තරු මට කතා කරනවා..
එයා ඉන්න ඕන අහසේලු...
නැහැ නැහැ....
මම යන්න දෙන්නේ නෑ...
ඒත්....
එයා ගියොත්
මට ලියන්න පුලුවන්.....
ගොඩාක් දුක හිතෙන විදිහට
ලියන්න පුලුවන්...
සමනල්ලු ගොඩාක් මල් වලට ඇදිලා යනවා....
ඒත් එක ආඩම්බර සමනලයෙක්
නිල් පාට ඇස් වල කදුලු පුරවගෙන
එකම එක රෝස මලක් දිහා
බලාගෙන ඉන්නවා...
ඉතින්....
මට ලියන්න පුලුවන්...
ගොඩාක් දුක හිතෙන විදිහට
ලියන්න පුලුවන්....

12 ප්‍රතිචාර:

  • නදී says:
    January 16, 2011 at 5:21 PM

    හ්ම්...

  • චතුවා says:
    January 16, 2011 at 5:26 PM

    සත්‍ය සිදුවීමක් ඇසුරෙන් අඬ අඬා නිර්මාණය කරන ලද්දකි..

    - ඉරු -

  • හිස් අහස says:
    January 17, 2011 at 2:06 AM

    චතුවාගේ කමෙන්ටුවට හිනා ...

  • චතුවා says:
    January 17, 2011 at 2:54 AM

    ඉරුවගේ නිර්මාණයේ වටිනාකමත් කෑවද මන්දා මම.. :[

  • චේ උන්නැහේ... says:
    January 17, 2011 at 1:33 PM

    මගේ නම් මොලේ විකාර උනා. ආදරේ කරාලු..... සමහරවිට ආදරේ කරන්න ඇතිලු..... අනේ මන්දා.....
    බැලූ බැල්මට ගැඹුරු බවක් පෙනුනත් ඒක් වටහාගන්න මටනම් බැ..... මොකද මම ඔවා ගැන අත්දැකීම් නැති පොඩි ළමයෙක්.....

  • මහිම මදුරංග says:
    January 21, 2011 at 2:00 PM

    සමනල්ලු ගොඩාක් මල් වලට ඇදිලා යනවා....
    ඒත් එක ආඩම්බර සමනලයෙක්
    නිල් පාට ඇස් වල කදුලු පුරවගෙන
    එකම එක රෝස මලක් දිහා
    බලාගෙන ඉන්නවා...

    mama asama kella

  • Anonymous says:
    January 21, 2011 at 9:42 PM

    sira..

  • G Welivitigoda says:
    January 22, 2011 at 10:25 AM

    ලස්සනයි.. ඒත් දුකයි..

  • sri video says:
    January 28, 2011 at 11:47 PM

    සමනල්ලු ගොඩාක් මල් වලට ඇදිලා යනවා....
    ඒත් එක ආඩම්බර සමනලයෙක්
    නිල් පාට ඇස් වල කදුලු පුරවගෙන
    එකම එක රෝස මලක් දිහා
    බලාගෙන ඉන්නවා.
    ඒ මම...
    ආඩම්බරයෙන් බලාගෙන හිටියෙ ඹබ ඒයි හිතන්
    ඒත් නුඹ අවෙ නෑ ...

  • Bunny says:
    January 31, 2011 at 2:02 PM

    චේ උන්නැහේ.. මහත්තයා තමන් පොඩිළමයෙක් ලෙස හදුන්වා දී ඇත.. එසේ ගත් කල සබද අපි "කළල" විය යුතුය...

    ඉරූ : උබ උඩ මොනා හරි කියලා තියෙනවද ?

  • මාරයාගේ හෝරාව says:
    February 4, 2011 at 4:15 PM

    අනේ කවුරු හරි මට කියා දීහල්ලා මෙ බනියාගේ කමෙන්ටුවට ලයික් එකක් දමන විදිය..ඒ තරම්ම ලයික්යෑ..

  • චතුවා says:
    February 4, 2011 at 7:38 PM

    අයියා.. ජස්ට් ටයිප් "ලයික් දිස්"

Post a Comment