දෙවන පියවර

Monday, January 3, 2011

නැන්දාගේ සුවිසල් නිවසේ ගේට්ටුව අසලන් ත්‍රීරෝද රිය නැවතුනි, වන්දනා තම ගමන් මළු ගේට්ටුව මුලින් තබා ගෙට්ටුවේ විදුලි සීනුව නාද කලාය. 

"හානේ... සුදු දුව....." විවර වු ගේට්ටු පියන් අතරින් නැන්දිගේ ආදරණිය සිනහව මතුවිය වන්දනාට හැඩිනි, උදේ පටන්ම දෝර ගලන්නට අර අදිමින් උන් කදුලු කැට වලට ඉඩදි ඇයි චාරුණී නැන්දාගේ උරහිසට වාරු වූවාය
" අනේ පුතේ ඇයි මේ.... ඔය තනියමද ආවේ...මම හිතුවා අම්මා එයාපෝට් යන ගමන් ඔයාව මෙහෙට ඇරලවයි කියලා.... ඇයි මට කෝල් එකක්වත් නොදුන්නේ.... මම පොඩි අයියව හරි එවනවනේ...." චාරුණි කෙල්ල ගේ හිස පිරිමදිමින් කීවාය.


"කෝ ඉතින් යමු ගේ ඇතුලට දැන් ඇති නේද පුතේ ඔය ඇඩුවා....මාස හතරක් එක දිගට අඩනවනේ...ඔහොම තමයි ජීවිතේ තාත්ති ඉන්න තැනක ඉදන් ඔයා දිහා බලාගෙන ඇති. " චාරුණි සැනසිලි වදන් කීයමින් වන්දනාව නිවස තුලට කැදවාගෙන ගියාය. නිවසේ උදව්වට උන් මාලිකා පැම්ණ වන්දනා ගේ ගමන් මළු ‍ඔසවාගත් බාවින් වන්දනා චාරැණිගේ වතට බරවීගෙනට නිවස තුලට ගියාය.


"වාඩි වෙන්න දූ... මම ඔයාට බොන්න මොනව හරි හදාගෙන එන්නම්..........තවම උදේට මුකුත් කාලත් නැතිව ඇති නේද....." වන්දනාව විසිත්ත කාමරයේ අසුන් ගැන්වූ චාරුණි මුළුතැන් ගෙය දෙසට ගියේ එසේ කියමිනි.

වන්දනා නැවතිල්ලේ ගලාගිය කදුලු පිස දමම්න් විසිත්ත කාමරය පුරා නෙත්  ගෙන ගියාය. උඩු මහලේ බරාදියට බරවීගෙන තමා දෙසම බලා සිටි රන්දනා ඇය කදුලු අතරින් රන්දනා හා සිනාසුනාය. නමුත් සැනෙතින් නෙත් මගහල රන්දනා වේගයෙන් පඩිපෙල බැස විත් විසිත්ත කාමරය හරහා මුළුතැන් ගෙය දෙසට ඇවිද ගියාය.
රන්දනා එහි  යනවිට චාරුණී වන්දනා‍ වෙනුවෙන් සිසිල් බීමක් පිළියෙල කරමින් උන්නාය, 


"කාටද ඔයා..... අර.. ගොඩේ කෙල්ලටද....."මේසය මතවු දොඩම් ගෙඩියක් ලෙලි ගසමින් වන්දනා අවක්ඥා සහගත ලෙස ඇසුවාය.


"ගොඩේ කෙල්ල......??? අනේ රන්දු... පව් ඒ කෙල්ල... ඇයි ඔයාට මතක නැද්ද පුංච් කාලේ සුදු නංගි ගාගෙන ඔයා එයාගේ පස්සෙමයි දැන් ඔයා ඔයාට ගොඩේ කෙල්ලක් උනාද.... ඔයත් ඒ ගොඩේ ඉදන් තමයි මෙහාට ආවේ...." චාරුණී රන්දනා දෙස නොරිස්සුමෙන් බලා කිවාය 


"විකාර...මේ අම්මේ ඔයා හද්නනේ මේ ගෙදර අනාථ නිවාසයක් කරන්නද... ?? කොහෙවත් යන උන්ව නවත්තගෙන...." රන්දනා තරමක් උස් හඩින් කියද්දී..‍


"රන්...දූ..." යි දත් මිටි කමින් කියා චාරුණි ඇය නිහඩ කලාය. 


"ඔව් රන්දු තමයි මේ  කියන්නේ... අම්මේ....එයා එයා මෙහෙ නතර කරගෙන අපිට නිදහසේ ඉන්න තියෙන එක නැති කරන්න එපා... දවසකට දෙකකට නෙවෙයිනේ...මුළු ජීවිත කාලෙටමනේ එන්නේ.... මොකෝ  දැන් මමා නැති ඒකේ තුෂාරි නැන්දා ආයේ ලංකාවට එන්නේ නැහැ....මෙයා සදහටම අපිට ඇනයක් වෙයි...අනික මහ මූසල කෙල්ලක්නේ....නැත්නම් ඔහොම යන එන මන් නැතුව අනාථ වෙන්නේ නැහැනේ....පේන්නේ නැද්ද හැටි විතරක් මලේ යාළුවෝ හිනාවෙයි සුදු ඇදගෙන දසසිල් අම්මා කෙනෙක් වගේ......" රන්දනා කේන්තියෙන් පිපිරෙමින් වන්දනාගේ පැමිණිම පිළිබද තම විරොදය ප්‍රකාෂ කලාය.  තම දියනියගේ ප්‍රකාෂයන් හමුවේ හිරිවැටී උන් චාරණිගේ දෙනෙත් කදුලින් බරවිය..


"ර..න්..දූ.... ඒ මගේ එකම සහොදරයගේ එකම දරුවා...මට උ‍ඹෙයි ඒ කෙල්ලගෙයි කිසිම වෙනසක් නැහැ....උඹගේ මැරුණු මාමාටත් එහෙමයි...උඹල දෙන්නා උපන්නේ  එකට.. කාලයන් හැදුනේ වැඩුනේ එකා වගේ... අපිට ඉස්සර මේ තරම් ඉතිරුවේ නැහැ... තාත්තා බසිකලේ නැගල ගිහින් බේල් රෙදි විකිනුවේ... හිගා නොකා හිගා කාපු ඒ කාලේ උඹලව ලොකු මහත් කරගන්න අත දුන්නේ ඒ මනුස්සයා....දැන් ඒ දරුවා අසරණ වෙලා ඉන්න වෙලාවේ අහක බලන්න කියලද උඹ මට කියන්නේ......... මේන් වැන්ද දුවේ.... කට ටිකක් පරිස්සම් කරන් ඉදින් ඒ අහිංසක කෙල්ලගේ හිත රිදවන්නේ නැතිව...." දෙඅත් එක්කර රන්දනාදෙසට වදිමින් චාරුණි කියදිදී ඇගේ කම්මුල් කදුලින් තෙත් විය...


" අපෝ.... මට වදින්න ඔනි නැහැ අම්මේ.... ඔයාට අහක බලන්න බැරිනම් බලාගෙනම ඉන්න.... හැබැයි ඔය එක එක කේස් වලට මගේ රූම් එකේනම් ඉඩ දෙන්නේ නැහැ... " රන්දනා දැඩි හඩින් කියා සිටියාය.


" මේ ගෙදර තියෙන්නේ එක කාමරයයිනේ... මම එයාට පහළ කාමරේ ලැස්ති කලා... ඒ ගැන ඔයා වදවෙන්න එපා...... " දැඩි ස්වරයකින් කියූ චාරුණි බිම වීදුරුවත් රුගෙන විස්ත්ත කාමරය දෙසට ගියාය. 


මවත් දියනියත් අතර වු දෙබස වන්දනාට නොඇසුනද රන්දනාගේ වෙනස් හැසිරිමත් නැන්දාගේ කනසුසලු මුහුණත් දුටුවිට වන්දනාට යමක් ‍තේරුම් ගත හැකිවිය.
"ම..ම..මම නැන්දිට ක...රදරයක් උනා..නේ...ද" බීම වීදුරුවේ පිටත බිත්තියේ වු තුෂර බිදු  ඇගිල්ලෙන් මකමින් වන්දනා කීවාය.


"අනේ රත්තරණේ ඇයි එහෙම කියන්නේ, ඔයා මගේනේ......... මට කවදාවත් ඔයාව කරදරයක් වෙන්නේ නැහැ .... මම හරි ආසාවෙන් උන්නේ... ඔයාවත් මෙහෙට ගන්න ... මෙහෙ ඉස්කෝලෙකට යවන්න.. ඒත් ඔයාව තාත්තිගෙන් ඈත් කරන්න මට හිත දුන්නේ නැහැ. ...ඔයාට ලැබුණේ හොද තාත්තා කෙනෙක් ඒ ආදරේ මගෙනුත් ඒ වගේම ඔයාට ලැබෙනවා... මම ඔයාගේ තාත්තගේ නංගීනේ............." වන්දනාගේ හිස පිරි මදිමින් චාරුණි ඉකි බින්දාය. 


අතීතයේ සදුවුබොහෝ දෑ වන්දනා සමග කීමට මේ සුදුසු කාලය වුවත් කිසිදු දිනයක ඒ සිදුවීමි වන්දනා හා නොපවසන්නට චාරුණි තමාටම පොරොන්දු වී උන්බැවින් ඇයි නිහඩ උවාය.....
වන්දනාට චාරුණිගේ උණුසුමේ දැනුනේ දැඩි ආරක්ෂාකාරී හැගීමක් වුවද රන්දනාගෙන් ලැබුණු ප්‍රතිචාරය ඇයට දරාගන්නට නොහැකි  තරම් විය...


6 ප්‍රතිචාර:

  • Anonymous says:
    January 4, 2011 at 1:37 AM

    ලස්සනයි අක්කේ..එක හුස්මට කියොගෙන යන්න පුලුවන් දිගටම ලියන්න..

  • නිශ් says:
    January 4, 2011 at 11:22 AM

    ඔන්න මමත් කියවන්න පටන් ගත්තා
    විදින්න පුලුවන් වගේ දැනෙනවා.
    රන්දනා වන්දනා පාවිච්චිය ගැන ටිකක් ප්‍රවෙසම් වෙන්න

  • චතුවා says:
    January 4, 2011 at 2:15 PM

    රන්දනා වන්දනා මටත් ටැපලෙනවා වගේ.. කමක් නෑ.. දිගටම ලියන්න.. ලස්සනයි සුදු අක්කේ...

  • නදී says:
    January 4, 2011 at 6:21 PM

    ලස්සනයි එක හුස්මට කියෙව්වා.

  • Prabhath says:
    January 4, 2011 at 11:48 PM

    සුදු හංසි හොඳ තැනකට එන්න වගේ හදන්නේ... මේං පොඩි ගෙං සුබ පැතුම් ආ

  • චේ උන්නැහේ... says:
    January 5, 2011 at 6:43 PM

    බොහොම අගෙයි සුදු හංසි........ දිගටම ලියන්න... ඔන්න චේ උන්නැහේත් සුබ පැතුවා කියලා කියන්න කිව්වා.....

Post a Comment