අපේ හඬ...

Monday, January 31, 2011

කාලෙකට කලින් අන්තර්ජාලය කිව්වාම සමහර අයගේ හිතට නැගුනේ ඇතැමි විට පහත් හැඟීමක්. අන්තර්ජාලේ හොඳ දේටත් වඩා නරක දේට යොදාගෙන තිබුණ කාලයක් නිසා ඒ. ලංකාව වැනි රටවල ඒ තත්වය වඩාත් තදින් පැතිරීගෙන ගියත් කාලයාගේ ඇවෑමෙන් වගේම බොහෝ හේතු සාධක නිසා ඒ දේවල් වැලලිලා ගිහින්.. මුලු ලෝකෙම එකම යායක් කරන්න මේ අපූරු නිර්මාණයට හැකි වෙලා. කවමදාකවත් නොදැකපු ‍නොහඳුනන ලෝකේ කෙලවරවල් දෙකක ඉන්න දෙන්නෙක් හොඳම යාලුවෝ බවට පත් කරන්න පුලුවන් තෝතැන්නක් බවට පත්වෙලා අද අන්තර්ජාලය.  ඒ සියලුම දේවල් දෙවෙනිතැනට දාලා පහුගිය සතිය පුරාම අන්තර්ජාලයේ අපේ බල ප්‍රදේශය වන සිංහල බ්ලොග් අවකාශය තුල හැමෝම අතර කතා වුන මාතෘකාවක් තිබුණා. ඒ යාලුකම වෙනුවෙන් සහෝදරත්වය වෙනුවෙන් නැඟුණු හඬක්. ආදරය වෙනුවෙන් ලෙංගතුකම වෙනුවෙන් ගලා ගිය කඳුලක් ගැන..  


සිංහල බ්ලොග් රචකයන්, පාඨකයන් අතර ඉලංදාරියා නමින් දන්න හඳුනන අපේ දිලුම් සහෝදරයා තමා අපේ බ්ලොග්කරුවන්ගේ එකමුතුව පෙන්නන්න සමත් වුන පළමුවෙනියා.. මම දන්න තරමින්. ඒ එකමුතුකම සහෝදරත්වය සහයෝගය වෙන කිසිම දෙයක් වෙනුවෙන් නෙවෙයි.. අපේම එකෙක් වෙනුවෙන්.. දිලුම් වෙනුවෙන්.. බ්ලොග් අවකාශයේ ඉලංදාරියා වෙනුවෙන්.. හැමෝම එකතු වුනා. පුලුවන් විදියකින් දිලුම්ට ශක්තියක් වෙන්න. 

ඉතින් දැන් ඉලංදාරියාට මොකඳ වෙලා තියෙන්නේ?

මේ ප්‍රශ්නය සමහරවිට කාගේ හරි හිතේ ඇති වෙන්න ඉඩක් තියෙනවා. ඒ ගැන අපි කියනවාට වඩා වටිනවා ඉලංදාරියාගේ වචනයෙන්ම දැනගන්න එක.  කෙනෙකුට දුකක් කරදරයක් ඇති වුනාම ඒ කෙනාගෙන්ම ඒක දැනගන්න එකනේ වටින්නේ.. ඒ නිසා ඒ ගැන දැනගන්න ඕන කෙනෙක් ඉන්නවානම් මේ සබැඳියෙන් ගිහින් ඒ ගැන දැනගන්න.



මනුස්සයෙක් වෙලා කෙනෙක් මේ ලෝකෙට ඉපදෙන්නේ ජීවිතය විඳින්න. ඒ ජීවිතය විඳින්නනම් ජීවිත කාලය තුල කරන්න ඕනේ යහපත් දේවල්. හැමදාටම හිතින් සතුටු වෙන්න පුලුවන් දේවල්.. ඒ වගේ සදාකාලිකට අපිට සතුටු වෙන්න පුලුවන් දෙයක් අපේ ඉලංදාරියා වෙනුවෙන් සිදු කරන්නයි අපේ මේ වෑයම. ඒ සතුට අපිට විතරක් නෙවෙයි. ඒ අපි විඳින සතුටට වඩා සිය දහස්ගුණයකින් ඉලංදාරියා සතුටුවේවි.. මේ ලෝකය අහන්න ලැබුණුදාට ආයිමත්.. අම්මාගේ හඬින් "මගේ පුතේ" කියන හඬ අහන්න ලැබුණු දවසක අයිමත්.. ගොඩාක් සතුටු වේවි..

මේ ගෙවෙන්නේ බස් ​බ්ලොග්කරුවන් දිරිමත් කිරීමේ මහා බස් බ්ලොග් සතියේ අවසාන දවස. අද දවස වෙන් ‍වුනේ ඉලංදාරියා වෙනුවෙන්. බොහෝ දෙනෙක් ලියාවි අද ඉලංදාරියා වෙනුවෙන්. ඉලංදාරියා ගැන.. බොහෝ දෙනෙක් කියාවි අපි ඉලංදාරියා වෙනුවෙන් එකතු වෙමු කියලා...

ඔව්... ඉතින් අපි එකතුවෙමු. සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා ඉලංදාරියාට උදව් කරමු කියලා කියන්නේ නෑ. අපි පුලුවන් උපරිමයෙන් උදව් කරමු. අපේ කොල්ලෙක්ට නැවතත් දකින ලෝකය අහන්නට අවස්ථාව ලබලා දෙමු.

වැඩි විස්තර දැනගන්න - Hands for Dilum


  

5 ප්‍රතිචාර:

  • චේ උන්නැහේ... says:
    January 31, 2011 at 9:13 AM

    අපේ එකෙක් දුක් විඳිනවා බලාගෙන අපිට සතුටු වෙන්න බැ..... මගේ යාලුවේ... අපේ යාලුවේ..... අපි උඹව කොහොමහරි ගොඩ දානවා... කයිවාරුවෙන් නෙමෙයි... ඒක යථාර්ථයක් කරලා පෙන්වනවා..... උඹ බය නොවී හිටපන්... දුක් නොවී හිටපන්.... උඹේ වර්චුවල් යාලුවෝ උඹත් එක්ක ඉන්නවා........

  • නදී says:
    January 31, 2011 at 1:35 PM

    "ඔව්... ඉතින් අපි එකතුවෙමු.අපි පුලුවන් උපරිමයෙන් උදව් කරමු. අපේ කොල්ලෙක්ට නැවතත් දකින ලෝකය අහන්නට අවස්ථාව ලබලා දෙමු."

  • රත්ගමයා says:
    February 1, 2011 at 12:14 PM

    අපි උඹව ගොඩ දානවා ඉලන්දාරියෝ......

  • චතුවා says:
    February 3, 2011 at 5:55 PM

    අනිවා.. අපි කොහොම හරි ගොඩ දාමු අපේ කොලුවව..

  • Anonymous says:
    February 4, 2011 at 12:48 PM

    ලබන ඉරිදා (2011.02.06) උදේ 9.00 ට රැස්වීමක් තියනවා. (ඉලංදාරියට උදව් වෙන්න) ස්ථානය ශ්‍රී දළදා මාලිගාවේ විශ්‍රාම ශාලාව. (මාලිගා පරිශ්‍රයට ඇතුල්වෙන්න අවශ්‍ය නෑ. මාලිගාවේ විශ්‍රාම ශාලාව තියෙන්නෙ මාලිගා පරිශ්‍රෙයන් එලියෙ.) නුවරට එන්න පුලුවන් අය එන්න. (තැන හොයාගන්න අපහසු නම් කෝල් කරන්න (0716861064)

Post a Comment