“ලස්සනයි... ලස්සනයි.... පදිංචි වෙන්න යන කෙනා වගේම ලස්සනයි” කණ අසලින්ම ඇසුණු සිහින් හඩින් තිගැස්සුනු වන්දනා පිටුපසට හැරුණාය.
“පොඩි අයියා.....” වන්දනා මුවින් හා දෙනෙතින් සිනාසෙමින් කියද්දී.... දගකාරයා මහ හඩින් සිනාසුනේය.
“මම ගැස්සුණා... කවුද කියලා.......” වන්දනා ඉසංකට කාමරයට ඇතුල් වන්නට ඉඩ දී දොර අසලින් මෑත් වුනාය....
“ඇත්තටම ලස්සනයි සුදු නංගා..... ඔයා කාමරේ ෂෝයි එකට ඇරේන්ජ් කරලා අනේ වෙලාවක මගේ කාමරෙත් මේ වගේ ලස්සන කරල දෙන්න කෝ.....” ඉසංක කාමරය පුරා නෙත් දුවවමින් කීවේය..... වන්දනා හිස සලා සිනාසුනාය......
“ ඉතින් පාන්දරින්මද එහෙන් ආවේ.....” ඉසංක ඇද මත හරිබරි ගැසෙමින් ඇසුවේය.....
“හ්ම්ම්ම් ..... පාන්දර කොච්චියේ.....”
“ට්‍රේන් එකේ.......????? ඇයි නංගා.. අම්මා එක්ක නෙවෙයිද ආවේ.... ඔයා... තනියමද ආවේ.....අහා.....”
ඉසංක විමතියෙන් දෑස් දල්වාගෙන වන්දනා දෙසම බලා සිටියේය.
මුවින් පිළිතුරු නොදුන් වන්දනා හිසසලා කදුලු වලකා ගත්තාය... අද උදේ අම්මා කලේ මේ ලොව කිසිදු අම්මා කෙනෙකු සිහිනෙන් හො නොකරන වැඩකි...... ඇය මිතුරකු හා යන බව කියා... මුදල් දී ස්ටේෂන් එකෙන් බැස්සුවේ... වන්දනා නොසීතු ලෙසය... මෙතරම් දුරක් තනිවම පැමිණියේ ජීවිතයේ ප්‍රතම වතාවටයි. තාත්තා ජීවත්ව සිටියේනම් කිසි දිනෙක තමා මෙලෙස අසරණ නොවන බව ඇය වේදනාවෙන් සිතුවාය...
“කෝල් එකක් දෙන්න තිබුණ නේද....... එහෙමනම් මම ලොකු අයියත් එක්ක වාහනේ එනවනේ..... ඇයි තනියෙම ආවේ නංගියා..... ලොකු මාමා හිටියනම් ඔයාව කොයිම දේකටවත් තනියෙම ගෙදරින් එළියට යවනවද..... නැහැනේ...... ඇයි පණ්ඩිත ආච්චි අම්මේ... මේ වගේ වැඩක් කලේ........” ඉසංක බොරු අමනාපයක් දෙනෙතෙහි රදවාගෙන වන්දනා දෙස බලා සිටියේය...
“අන්තිම මොහෙත වෙනකල් මට ඒ ගෙදර ඉන්න ආස හිතුනා අය්යේ ඒකයි එදා මම නැන්දි එක්ක ආවේ නැත්තේ..... අද උදේ මම හිතුවේ අම්මි මාව මෙහෙට බස්සවයි කියලා.... ඒත් එයා මාව බැස්සුවේ ස්ටේෂන් එකට... මම මොනා කරන්නද......” වන්දනා සමාව අයදින සුළු ස්වරයෙන් කීවාය... ඉසංකගේ පපුව හිරි වැටී ගියේය..... තුෂාරි නැන්දානම් හිතක් පපුවක් නැති ගැහැනියකියි ඔහු තනිවම සිතුවේය.......
“ අපි පුංච් කාලේ සෙල්ලම් කරපු ගෙදර.... අපිට නැති වුනා නේද සුදු නංගා....”
ඉසංක වේදනාත්මක හඩින් කීවේය.... ඔහු ගමේ මහ ගෙදරට බොහෝ සෙයින් ඇළුම් කලේය.. එසේම අසංකත් ඒ නිවසට මහත් ඇල්මක් දැක්වූ බව ඔහු දනී... තුෂාරි ඒ නිවස විකුනන්ට සූදානම් වන බව සැල වූ වහා.. ඉසංකත් අසංකත් එය මිලදී ගනිමුයි කියමින් සිංගප්පූරුවේ උන් තාත්තාට නිතර නිතර ඇවටිලි කරත් ඔවුන් තිරණයකට එන්නටත් පෙර තුෂාරි ඒ නිවස දේපල වෙලදාම් සමාගමකට විකුණා තිබුණාය.
“තාත්තිගේ ආත්තම්මාගේ සුවද ඉතිරි වෙලා තිබුණේ ඒ බිත්ති අතර... ...ඒ...ත්........ම...මම...අ...
“අනේ අඩන්න එපා මගේ නංගා....ඔයාට අපි ඉන්නවනේ... හැමදාම ඔයාට අපිත් එක්ක ඉන්න පුළුවන්..මතකද පුංචි දවස්වල ඔයයි රන්දුයි අයියයි මායි සෙල්ලම් කරපු හැටි.... අපි හතර දෙනා ආයෙත් එක් වුනා... ඒ ගැන හිතලා සතුටු වෙන්න බබා.....” ඉසංක ආත්මීය සෙනෙහසකින් වන්නනාගේ හිස පිරි මැද්දේය. වන්දනා පිටි අත්ලෙන් කදුලු පිස දමා අහිංසක ලෙස සිනාසුනාය.
ඇයගේ හිස පිරි මැදගෙනම ඉසංක කාමරයෙන් පිටවිය.... වන්දනා සහැල්ලු සුසුමක් හෙලා ජනෙල් පියන් අද්දහට ගියාය.
ම්ම්ම්....
අරුන්දතී ලියන්න පොඩි අවුලක්.. කොහොම හරි ලියමු හොදේ අක්කා... ලස්සන කතාවක්.. මං ආසාවෙන් කියවන්නේ..
මම පන නහගෙන උන්නත් අරුන්දතී ලියනවා මල්ලියා...... ස්තුතියි කියවනවට....