අරුන්දතී සිව්වන පියවර

Tuesday, January 11, 2011


නිවාඩු දිනයක් වුයෙන් තාරුකගේ උදය වරුවම ගෙවී ගියේ.. තමාගෙත් බාප්පාගේත් කිලිටි ඇදුම් සේදීමටත් කුඩා එපාර්ට්මන්ට් නිවස පිරිසිදු කිරීමටත්ය.

තාරුකට උපතින්ම මව් සෙනෙහස අහිම්විය. ඔහු හැදී වැඩුනේ තාත්තාත් බාප්පාත් සමගයි. තාරුකට දසවැනි වියේදී ඔහුට  පිය සෙනෙහසත් අහිමිවිය. ඒ තැන් පටත් ඔහුව රැක බලා ගත්තේ අවිවාහක බප්පාය. තාරුකගේ බාප්පා මහින්ද සංගීත ගුරුවරයෙකි. කාලයෙන් කාලයට පාසැලෙන් පාසැලට මාරුවීමට සිදුවු බැවින් ඔවුන් දෙදෙනාට ස්ථිර නවාතැනක් නොවීය. ‍බොහේවිට කුලී නිවාසවල හෝ ගුරු නිවාසවල  දිවි ගෙවන්නට ඔවුන්ට සිදුවිය. දෙදෙනා ගෙවු සරළ දිවි පෙවෙතේදි ඔවුන් දෙදෙනා එකිකෙනාට බොහෝ සෙයින් සමීප වුවෝය.

"පුතා මම යනවා.... ඔයා කන්න... මම  හවස් වෙයි.... එන්න.. රෑට උයන්න ඔනි නැහැ... මම කොත්තුවක් ගේන්නම්... ඔය ඇති දැන් වැඩ කලා.... මට පුළුවන් ඉතිරි ටික කරන්න  ඔයා කාල පාඩම් කරන්න දැන් දෙකත් පහු වෙලා...." පිටව යන්නට සැරසෙමින් මහින්ද කීවේය

" බඩගිනි නැහැ බාප්පි.... මේ ටික විතරයි තියෙන්නේ ඉවර කරලම ඉන්නම්..... ඇයි රෑ වෙන්නේ..... අහා..... අදත් පාට්යක්වත්ද........." තාරුක යටැසින් බලා සිනාසෙමින් කීවේය.


"ඇති උබේ පණ්ඩිත කම ......... උඹෙන් වැඩ ගන්න බැහැ.... ගිහින් පාඩම් කරපන්...... " මහින්ද හොර හිනාවකින් මුව සරසාගෙන කිවේය.


"හිනා වෙලා මග අරින්න එපා බාප්පී.... ඔයා තාම තරුණයි....  බබී නහස්ති වෙන්නේ නැතිව මට පුංචි කෙනෙක් ගේන්න........ මම පාඩම් කරන්නම්..... රැට තියෙනවනේ පැය දොළහක්ම....."


"හ්ම්ම්ම්ම්ම මම කවදද උඹත් එක්ක කතා කරල දිනුවේ.... මම යනවා...... " මහින්ද තාරුකගේ පිටට තට්ටුවක් දමාගෙනම පඩි පෙල බැස ගියේය.

සේදු රෙදි බැල්කනියේ වනමින් තාරුක මහින්ද යන දෙසම බලා උන්නේය.... බාප්පා තවමත් අවිවාහකව සිටින්නේ තමා නිසා බව තාරුක දනි... ඒකල ඔහුගේ පෙම්වතිය විවාහය හදිස්සි කරද්දි... තමන් වෙනුවෙන් කැපවී... ඇය වෙන කෙනෙකු හා විවාහවන තුරුත් සිට සිතින් විදවන බාප්පා වෙනුවෙන් ගෞරවනීය හැගීමකින් තාරුකගේ සිත පිරී ගියේය.‍
රෙදි වේලෙන්නට දමා අනතුරුව තාරුක දවල් අහාරයෙන් සප්පායම් විය.... පසුව බාප්පාගේ වයලීයත් රැගෙන බැල්කනියේ වු අරලිය සෙවනට ගොස් සුපුරුදු වාදවය ආරම්භ කලේය.... මෙය තාරුකගේ දින චරියාවේ කොටසකි . පාසැල නිමවී නිවස පැමිණ දවල් ආහාරයෙන් අනතුරුව වයලීනය හෝ ගිටාරයත් රැගෙන අරලියා සෙවනට යන තම ප්‍රියතම ගීත ගෙන්නක්ම වාදනය කරයි. තාරුකට ගායන මෙන්ම වාදන හැකියාවද සහජයෙන්ම උරුමව තිබුණි. 



සුපුරුදු ලෙස වාදනයේ යෙදෙමින් සිටින අතර තාරුකගේ නෙත් ගැටුනේ  යාබද සිරිවංශ නිවසේ සිට බැල්කනිය දෙසට නෙත් යොමා සිටින සුන්දර යුවතියකි..... ඔහු වාදනය මදනට නතර කොට ගල් ගැසි සිටියේය.

ඒ තාරුක දුටුවේ...  සිරිවංශ නිවසේ ජනේලයෙන් එබී... මිහිරි වාදනයකට සවන් දෙමින් උන් වන්දනායි... ඇය වාදනය ඇසී ජනෙල් පියන් අද්දරට විත් වාදකයා සොයා අරලියා පොකුරු අතර නෙක් ගෙන ගියත් ඇය තාරුකව නොදුටුවාය. වාදනය සැනෙන් නැවතුනෙන් ඇය   ජනෙල් පියන් වසා දමා.. ඇදට වැටුනාය....
තාරුකට යලිත් වාදනය කරන්නට සිත් නොවූයෙන්... බොහෝ වේලාවක් සිට පාඩම් මේසයට ගියේය... එහෙත් හිත පාඩමට නොරැදෙන බවක් ඔහුට දැනිනි.




5 ප්‍රතිචාර:

  • Unknown says:
    January 11, 2011 at 10:32 PM

    හපොයි... කෑව.
    තවත් හිංදි චිත්තරපටියක තිර රචනයක් වගේ.
    නැත්තං අර තුට්ටු දෙකේ ආදරකතාවක් ගානට වැටෙයි.
    නැත්ද මේ ළමයින්ට මීට වඩා හිතල ලියන්න දෙයක්? :-/

  • චතුවා says:
    January 12, 2011 at 7:54 PM

    හරි.. බඩුම තමා.. දැන්නම් ඉතින් තාරුක හමාරයි..!

  • Kavindya says:
    January 13, 2011 at 5:08 PM

    @පොඩී...... පටන් ගැන්ම එහෙමයි... ඒත් මැදදී.. ලොකු වෙනසක් වෙනවා... ආරම්භය මට තවම හරියට ගලපගන්න බැහැ.... සුන්දර පෙම් කතාවකින් පටන් ගන්නයි හිතුවේ....

    @ළමයා... යා යා... ඒත්.......??????? ඉස්සරහට කියවන්න... දුකයි හිතන්නත්.....

  • Anonymous says:
    January 22, 2011 at 6:58 PM

    අයියෝ... දුකම හිතේන එවා ලියන් එපා අක්කා.... වෙනසකටත් එක්ක හිනා වෙමු.. ඇණ... පාරාල ... බාල්ක නැති ලව් එකක් ලිව්වා නම් හිත හදාගත්ත හැකි....

  • චතුවා says:
    January 22, 2011 at 7:12 PM

    අනේ මේ.. නිම්සෝ... හිනා වෙවී ඉන්නමත් බෑ.. අපි හැමදාම හිනා වෙන මිනිස්සු.. අඬ අඬා හිනා වෙන්න ඕනි..

Post a Comment