Tuesday, June 28, 2011

මං අමතක කලා ( by චේ උන්නැහේ )

5 ප්‍රතිචාර | Read more...
කම්පිත අකම්පිත බවේ,
වෙනස අද්දර......
රුධිරය පීරා,
ජය සොයා......


බියකරු උණ්ඩ,                   
ගිණි පුපුරු,
ඔබේ නෙතට
ගෙනෙන නිලංකාරය.....


කදුළු කැට කැට,
සේ මගේ නෙතින්.....
වැටි වැටී ,
අකුරක් අකුරක් ගානේ......
බොද කලා......


ඉතින්,
කෙසේ ලියම්ද, 
කෙසේ බලම්ද....
විභාගය මං........
අමතක කලා......



                  ඔව් ඔව් මේකත් මිසිස් චේ ලිව්ව එකක් තමා, :)   මේ දවස් වල මට වැඩ වැඩි නිසා මිසිස් චේට කියලා ලියවගෙන පෝස්ට් කරනවා. ඕං බලන්ට ලියන්න දන්න මිසිස් කෙනෙක් ඉන්න එකේ වාසිය...... :D :D :D

අපේ ගමට තුන බියක්

12 ප්‍රතිචාර | Read more...

               මේක චේ උන්නැහේ විසින් ලියපු පෝස්ට් එකක් නෙමෙයි. මේක  අක්ෂරයේ පළ කරන්නේ මගේ හොදම මිතුරෙකුගේ ඉල්ලීමක් මත. මේ සදහන් කරලා තියන තොරතුරු වල සත්‍යභාවය ගැන මම 1000% ක් වගකියනවා. මොකද මමත් මේ මිතුරාගේ ඉල්ලීමකට අනුව ගිහින් මේ පිළිබදව සොයාබැලුවා. මේ දේවල් මුලින් විශ්වාස නොකලත් විශ්වාස කිරීමට සිදුවෙලා තියනවා. මේ කියන පන්සල මමත් මගේ ජීවිතය කරගත්තු පන්සලක්. මගේ දහම් පාසල. කාර්‍යබහුලත්වය නිසා පසුගිය දවස් වල පන්සල හෝ දහම් පාසල සමග එතරම් සබදතාවයක් තිබුනේ නැති උනත් මේ තත්වය මාව අතිශයින් නොසන්සුන් කරපු බව කිව යුතුමයි. මේ ලිපිය කියවලා මේ පිළිබදව ඔබේ විවෘත අදහස් දක්වනවානම් මේ පිලිබදව පියවරක් ගැනීමට එය අපට මහත් පිටිවහලක් වනවා නොඅනුමානයි. ස්තූතියි. 
                               චේ උන්නැහේ...


        ===අදුශ්‍යමන බලවේගයක් පිළිබද සත්‍ය සිදුවීමක්===  

          මේ දිනවල අප අවට ප්‍රදේශයේ අදුශ්‍යමාන යම් බලවේ ක්‍රියාකාරී වී ඇති බව පෙනීමට ඇත. එය ප්‍රදේශවාසීන්ගේ වලට පවා ගැටළුවක් වෙමින් පවතින අතර මෙම හේතුවෙන් පිවිතුරු වූ පන්සල අමු සොහොනක් ලෙස මිනිසුන් සැලකීමට උත්සුකු වී ඇත. සුළු පිරිසක් පමණක් තවමත් මේ පිළිබද දැනුවත්ත් ඇති බැවින් ප්‍රදේශය පිළිබද තොරතුරු නොකියමි. කතාව සැකෙවින් මෙසේය.   අප පන්සල ඉතා බලසම්පන්න බෝධීන් වහන්සේ නමක් වැඩහිදී. නමුත් එහි පරිපාලන කටයුතු ස්වාමීන්වහන්සේලගේ අනුසශනාව ඇතුව ගිහි සමිතියකින් සිදු කරන අතර කිසිදු ස්වාමින්වහන්සේ නමක් නේවාසිකව වැඩ නොවසයි. එහි ආගමික කටයුතු සිදු කිරීමට සහ දහම්පාසල පවත්වාගෙන යාමට පිටතින් ස්වාමින් වහන්සේ වැඩමවීම සිදු කරයි.

           මා දිනපතා පන්සල් යාමට පුරුදුව සිටිමි.   පසුගිය සෙනසුරාදා දින සවස බෝධි පුජාව අවසන්වී බොහෝ වෙලාවකට පමණ පසු රාත්‍රී 8.30 ට පමණ මව,පියා සහ දරුවන් දෙදෙනා පැමිණ පන්සල හතර කොනෙහි පොල් මල් සහිත පුන්කලස් තැන්පත් කොට තොවිලයක් වැනි යමක් සිදු කරනු දැක ගැනීමට හැකි විය. පන්සලක තොවිල් පවිල් කිරීම අකැප බැවින් පන්සල බලාගන්නන්ගේ මැදිහත්වීමෙන් එම කටයුතු එලෙස කිරීම නැවතුන අතර ඔවුන් විසින් එම කටයුතු අපට නොපෙනෙන ලෙස කරනු දැකගැනීමට හැකි විය. එම පැමිණෙන වැඩිමහල් දරුවා අවේසවිමකින් යුතුව බෝධීන් වහන්සේ වටා පැන් කලය රැගෙන ඉතා වේගයෙන් දෙමළ බසින් යමක් කියමින් ගමන් කරයි.(එම දරුවා දැන් 11 වසර අධ්‍යාපනය ලබන අතර 10 වසරේදී දහම්පාසල් ගුරුවරයා ලෙස මා කටයුතු කරන ලදී. එකල ඔහුට සිංහල පවා වේගයෙන් කථා කිරීමට නොහැකි වුවද ඉතා වේගවත් ලෙස දෙමළ බස කථා කිරීම පුදුමයකි).එලෙස ගමන්කර බුද්ධ ප්‍රතිමාව ඉදිරියට පැමිණ ඔහුගේ හිසට පැන් කලය වත්කරගැනීම සිදු කරයි. මේ අවස්ථාවේදීම ඔහුගේ පියාටද ආවේස වෙනු දැක ගැනීමට හැකි විය. එක් විටෙක දරුවා විසින් සිය පියාට කමුල් පහරක් එල්ල කරනු දැකගැනීමට හැකි විය. මෙය මහා විකාරයක් වූ අතර පන්සලක නොවිය යුතු දෙයකි. එබැවින් අපි මෙයට විරුද්ධ වන ලදී එම අවස්ථාවේදී පන්සලේ මුර කරු තව මසක් ඇතුලත මිය යන බවට ගැහැණු තැනැත්තිය (මව) පවසන ලදී.   ඔවුන් සමග සාකච්ඡා කල අපේ අයෙකුට එම කාන්තාව පවසා ඇත්තේ ඇයට යම් බැල්මක පවතින අතර දැන් එම බලය සිය පුතාටද ලැබී ඇති බැවින් වරමක් ලබාගැනීම සදහා මෙය සිදු කරන බවයි.   කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ අපි ඔවුන්ට කල බලපෑම හමුවේ ඔවුන් ආපසු නොපැමිණෙන බවට පොරොන්දු වී ඔවුන්ගේ කටයුතු මැදින් නවතා පන්සලින් පිටවී ගියහ.  


                ඊයේ රාත්‍රියේ මට නිවසට ගියපසු මව පැවසුයේ පන්සලේ රාත්‍රී 7 න් පසු මිනිසුන් හට ගැවසීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් එම වේලාවෙන් පසු පන්සලේ යකුන්, ප්‍රේතයන්,භූතයන් අරක්ගන්නා බව කිහිප දෙනෙකුගෙන්ම පවසා ඇති බැවින් මා හට රාත්‍රී කාලයේ පන්සල් යාමෙන් වලකින ලෙසටය.   සුපිරිසිදු පන්සල අමු සොහොනකට පත්වී තිබීම කේදනිය තත්වයකි. මෙය වැලැක්වීම පිණිස අද දින මා පන්සල් යන ලද්දේ ඉහත කි අය පන්සල් පැමිණියහොත් හොදින් හෝ නරකින් ඔවුන් වලකන අටියෙනි. නමුත් අද දින ඔවුන් නොපැමිණියහ.   මා බුදුන් වැද මා සමග සිටි මිතුරා (ශනා) එනතුරු පන්සලේ බෝ මළුවෙන් පිටත පන්සල තුල ධර්මශාලාවේ රැදී සිටින විට මා හට එහි කෙළවරක අප දහම් පාසලේ 1ශ්‍රේණියේ ඉගෙන ගන්නා සිසුවියක් සිය පියා සමග දැකීමට හැකිවිය. තවත් පසෙක දහම්පාසලෙන් අධ්‍යාපනය ලද නැගෙණියක්දැකීමට හැකි වූ අතර මම ඇය සමග සාකච්චාවට වැටුනෙමි.එවිට අපට පෙර කි කුඩා දැරෙවිය කථා කරනු ඇසිනි. මා සමග සිටි නැගෙණිය අමතා "නංගි අර පොඩි නංගි අපේ දහම්පාසලේ 1 වසරේ ඉන්නේ. බලන්නකෝ කියන කථා" යැයි පැවසුවේමි. අප දෙදෙනාම ඇයගේ කතාවට කන් යොමු කලෙමි. ඇය කථා කලේ කුඩා දරුවෙකු කථා කරන දෑ නොවේ. විටෙක "කසාදයක්" ගැන ඇගේ මුවින් පිට උනි.තවත් විටෙක "දරුවා දේවාලෙට ගිහින් මේ මේ පුජා කරන්න" කියා සිය පියා අමතමික් පවසනු ඇසිනි.  තවද මෙම ගැහැණු දැරිවිය අවේස වූ අවස්ථාවේ ඇය සිය පියා අමතා  "දරුවා දන්නේ නැද්ද පන්සල් එද්දී සුදු අදින්න ඕන කියලා.ඇයි මේ දරුවාට කළු ගවුමක් අන්දලා." යයි අවේගශිලිව ප්‍රකාශ කලාය. ඒ ප්‍රකාශ කලේ ඇයම(කුඩා දැරියම) හැද සිටි ගවුම ගැන වීම විශේෂයකි.....කුඩා දරුවෙකු සිය පියාව "දරුවා" යනුවෙන් අමතන්නේ ඇයි.? 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු "කසාදය" යන්නේ තේරුම තියා එම වචනය වත් දන්නවද? මා අසල සිටි නැගෙණිය මා අමතා "අයියේ ඒ නංගි අවේසවෙලා නේද?" කියා ඇසුවාය. මම "ඔව් ඒ වගේ තමයි. මේකනම් හරියන සෙල්ලමක් නෙමෙයි. මේකෙන් වෙන්නේ පන්සල විනාස වෙන එක.මොකක් හරි මේකට කරන්න ඕන.නැත්තම් පන්සල අමු සොහොනක් වෙනවා.මිනිස්සු පන්සල් එන්න බය වෙනවා.අනික මේ පැත්තේ අන්‍යාගමිකයන් වැඩි. එකත් අපේ ආගමට හොදනැහැ" යි පවසමින් මා පන්සලේ වදිමින් සිටි මා මිතුරු ශානාව වහා කැදවන ලදී.ඔහු සමගම සැම දිනකම පන්සල් එන සැදැහැවත් අයියා(සිරිමල්) කෙනෙකුත් පැමිණියහ. අප සියලු දෙනාම නිහඩව ගැහැණු දැරිවිය පවසන ලද දෑ අසාසිටියෙමු. සිරිමල් අයියා පැවසුවේ එම දැරිවියගේ මව ඊට සුළු මොහොතකට පෙර පන්සල තුලදී සිහිසුන්ව අද වැටුණු බවයි. සුළු මොහොතකට පසු පවුලේ උදවිය විසින් එම කාන්තාව අමාරුවෙන් රැගෙන එමින් තිබිණි.එම කාන්තාව එම අවස්ථාවේදී ඇවිදීමට පවා නොහැකිව දුර්වල වෙලා සිටියාය.  කෙසේ වෙත්ත සිරිමල් අයියා පෙර කි දැරිවියගේ පියා සමග මේ පිළිබද සාකච්චා කර ඇත. දැරිවියගේ පියා පවසා ඇත්තේ පෙර දැරිවියගේ මවට අදුශ්‍යමාන කෙනෙකුගේ බැල්මක තිබු අතර දැන් එය වයස 6 1/2 වන සිය දියණියටත් ඇති බවය. නමුත් දියණිය අවේස වූ පියා සිදු කරන්නේ දියණියයට අවේස වූ තැනැත්තා/තනත්තියගෙන් විස්තර විමසීමය. සිරිමල් අයියා විසින් මෙය මානසික රෝගයක් බව ඔහුට වටහාදී වහාම මනෝ වෙද්‍යය ප්‍රතිකාර වලට යොමු කරන ලෙස උපදෙස් දී ඇත.  කෙසේ වෙතත් මෙය ඉතාමත් අනතුරු දායක තත්වයක් බැවින් අප විසින් කුමක් හෝ සිදු කල යුතුව ඇත.මේ පිළිබද ප්‍රථමයෙන්ම හාමුදුරුවන් දැනුවත් කිරීමට ඉටා ගත්තෙමු. 


            මාගේ දැනුමට අනුව ලොව බොහෝ ප්‍රේත,භූත, පිසාච, මල යක්ෂයෝ ඇත. නමුත් ඔවුන්ට දුර්වල මනුෂ්‍යයන්ගේ මිස ශක්තිමත් මනුස්යයෙක්ව තම අවශ්‍යතා සපුරා ගැනීමට භාවිතා කල නොහැක. නමුත් මිනිසුන්ව මෙමෙ අමනුෂ්‍ය විසින් මුලා කිරීම සිදුකරයි. මෙමෙ අමනුෂ්‍යයින් තමන් දෙවිකෙනෙක් තමන් කියන දෑ කළහොත් සිතු පැතු සම්පත් දෙන බවට රවටයි. ධන බල මුදල් ලොබ බැදී දුර්වල මිනිසුන් මේ අමනුෂ්‍යයන්ට මුලා වී තම ජිවිත හා පවුලේ උදවියගේ ජිවිත විනාශ කර දමා ගනී. මක් නිසාදයත් අමනුෂ්‍යයකු කෙරෙහි විශ්වාස තැබිය නොහැකි බැවිණි.  එක විට මෙලෙස අමනුෂ්‍ය ගහනයට පත් පවුල් 3ක් (එකක් පිළිබද මෙහි දක්වා නැත්තේ මා එය පන්සලේ මුරකරුගෙන් මේ සතිය තුලම සිදු වූ බව ඇසූ නමුත් මා එය සියැසින් නොදුටු බැවිණි.) සිටීම සැලකීමට බදුන් විය යුතුය. මෙය යක්කු පැටවූ ගැසීමකි. මෙය පිටිපස කවුරු හෝ කට්ටඩියෙකු සිටිනු නොඅනුමානය. මේ අනුව අපි තව දුර සොයා බැලීමේදී අපට දැනගැනීමට ලැබුනේ පන්සල නුදුරු ප්‍රදේශයක දේවාලයක් ආරම්භ කර ඇති අතර එම දේවාලයේ අමුතු අමුතු දෑ සිදුවෙන බවය.  කෙසේ වෙතත් අමනුෂ්‍යයන්ට පන්සල අරක්ගැනීමට අප ඉඩ දෙනු නොලැබේ. මාගේ සහ මා මාගේ කණ්ඩායම තොවිල් පවිල් ගැන නොදන්නා නමුත් බුදු දහම දනිමු. මේ සදහා ඔබගේ අදහස් සහ උපදෙස් බලා පොරොත්තු වෙමි.  (මෙහි සදහන් වන්නේ 2011 ජුනි මස 19 සිට 25 වන අද දින රාත්‍රී 9.00 දක්වා සිදු වූ සත්‍ය සිදුවීමකි. ඉදිරියට කුමක් වේදැයි මා නොදනිමි. සිදුවෙන දෙයින් මා හට හානියක් නොවුනහොත් පසුව සිදුවන දෑ පිළිබද මා ඔබව දැනුවත් කිරීමට පොරොන්දු වෙමි. ප්‍රදේශය පිළිබද තොරතුරුද පසුව සදහන් කරමි..- Updated on 26/06/2011 12.12AM ) 


 ධම්මෝ භවේ රක්කති ධම්ම චාරි...! __________________________________________________Latest update on 26/06/2011 11.05AM


 මිට සුළු මොහොතකට පෙර දහම්පාසල තුල පෙර කී කුඩා දැරිවිය සොයා ගිය නමුත් ඇය අද දින දහම්පාසල් පැමිණ නැත. නමුත් ඇයගේ වැඩිමල් සොහොයුරිය සමග මේ පිළිබද කතා කිරීමට අවස්තාව ලැබිණි. මෙහිදී මා මිතුරු ශානා ඇයගෙන් මේ පිළිබද විමසා අවසානයේ "නංගි ඕක ලෙඩක්.පොඩි එකාව ඉක්මනට ඩොක්ටර් කෙනෙක් ලගට එක්කන් යන්න. " කි විට "අපෝ එහෙම දෙයක් නැහැ අයියේ. එයා දේවාලෙට යනවනේ. එයාට තියෙන්නේ දේව බැල්මක්. බය වෙන්න දෙයක් නැහැ" යි ඇය පැවසිය. මෝහයෙන් මුලා ව සිටින ඇය සමග තව දුරටත් කතා නොකර අපි විසිරුනෙමු. __________________________________________________update on 27/06/2011 9.06AM 


පෙර කී දේවාලය අසල දේවාල පැටවූ ගසන ස්වභාවයක් දැකිය හැක. ඒ අසල දැන් දැන් දේවාල කිහිපයක් ඇති වී ඇත. සුරා සුදුවෙන් පිරි සමාජ විරෝධී ක්‍රියා සිදුවන, ප්‍රදේශයේ සිටින බහුතර දුර්ජනයන් වෙසෙන,  අපට පවා යාමට අපහසු මුඩුක්කු ප්‍රදේශයකට දෙවියන් බුරුතු පිටින් වැඩිම අරුම සහගතය.
 (Ishan Uditha ඉෂාන් උදිත)
http://www.facebook.com/ishanu
k77

Saturday, June 25, 2011

දයාබර නැගණිය..

19 ප්‍රතිචාර | Read more...

සැඟවෙන හිරු රශ්මියෙන්..
නැගෙන සඳ තොපුලනා රහසෙන්..
විකසිත වු මලක සුගන්ධයක් සේ..
දයාබර නැගණිය නුඹයි සෙනෙහසේ..

වදන් දොඩවමින් කිරිල්ලියක සේ..
නැගණිය වුවත් නුඹ මා මිතුරියක සේ..
සතුටේදි ලඟ හිදින දුකේදි මා දුක දරන ..
නුඹ නොමැති හිස් ලෝකය නොහැකි වේ විඳින්නට..

ආදරියයි නුඹ සිත සතන් තුල ..
නොහඬ නොක්කාඩු මා සිතට එක් කල ..
රණ්ඩු වි නුඹට දුන් පහරකින් රිදේව්වද..
දෝණියයි අප එක මව්කුස වෙන් නොවෙන සේ සදා..

ඔබ පමණක් අවර්ණයි ( by චේ උන්නැහේ)

11 ප්‍රතිචාර | Read more...


රක්ත වර්ණය 
හිරුට දුන්නේ මමයි.....
පීත වර්ණය...
හදට දුන්නේ මමයි....
කටරොඩු මල....
නිල් පැහැ කලේ මමයි...
සමනල තටු පාට කලේ....
දේදුන්නේ හැඩ ඇන්දේද.....
මමයි...... මමයි...
මා විසින්මයි...
නමුත්,
මගේ දිවිය....
වර්ණවත් කලේ ඔබයි.....
දැන්,
සැමදේ වර්ණවත්..
ඔබ පමණක් අවර්ණයි....!


මේකත් වෙන්ඩ මිසිස් චේගේ නිර්මාණයක්..... මං ගැනලු මේකත් ලිව්වෙ.... හැබැයි මගේ අවර්ණ කොහෙද කියලනම් මම දන්නෙත් නැ ඕං...

Saturday, June 11, 2011

වැරදීම භුගතයි ( By චේ උන්නැහේ )

12 ප්‍රතිචාර | Read more...
විශාලිත physics ලෝකය
විශ්වය වූ කලී...
මා වන්නට සිතුවෙමි
කුඩා මානයක්....
සැමවිට ඒකකයක් පසුපස ඇත,
නැ ගැලවීමක්....

ආලෝක කිරණයක් වී
සැමට රශ්මිය දෙමින්,
සතුටින් ගියා ගමනක්...
මහත් ප්‍රිස්මයෙකි මග.....!
වර්තනය කලා එදින,
ඔබ ඒ ලෙසින්.....

බැරිම තැන මා....
ඒකලිත වී,
සිත්සේ සැරුසැරූ කල...
පැමිණියා එදිනත්....
ඔබ ගුරුත්වය විලසින්...


කලකිරී මා,
පෘශ්ඨයක් දිගේ...
චලනය වුනෙමි,
නැත මට සැනසීමක්,
එතැනත් ඔබ ඇත...
ඝර්ෂණයක් ලෙසින්.....

විමසුවා මා,
මෙසේ ඇයි දැයි......
කලින් නොදුටුවද,
මෙහි විභව අනුක්‍රමණයක්...
පිළිතුරද එයයි...
නමුත්...
සැමවිටම,
වැරදීම භූගතයි.....








මේකත් මිසිස් (වෙන්ඩ) චේ උන්නැහේගේ නිර්මාණයක් හරිය..... තේරුනේ නැත්නම් සොරි වෙන්න ඕනා.. :) අඩුම තරමේ සයන්ස් කරපු අයටවත් තේරේවි මං හිතන්නේ.... :D :D :D


සැ.යු. මේකේ ලියලා තියෙන්නේ මං ගැනලු.... ලොල්.... :D

Thursday, June 9, 2011

බුද්ධිමතා යනු.....

15 ප්‍රතිචාර | Read more...

බුද්ධිමතා යනු කවරෙක්ද? මෙහෙම ඔබෙන් කවුරු හරි ඇහුවොත් ඔබ මොනවගේ උත්තරයක් දේවිද?. ඔබට අදාලව බුද්ධිමතා නිර්වචනය කරණවාට කිසි සැකයක් නැහැ. බොහෝ විට එහි ප්‍රථිපලයක් වශයෙන් ඔබද බුද්ධිමතුන් ගේ කුලකයට අයත්වනු ඇත. නමුත් ඔබේ නිර්වචනයට අනුව බුද්ධිමතා නිර්වචනය කල හැකිද? ප්‍රශ්නයක් නේද. ඒ ගැන අපි විවෘතව කතිකා කලෙමු. මහාචාර්ය නලින්ද සිල්වා සමග ගත කල ඒ හරවත් සාකච්ඡාව අනුසාරයෙන් මා විසින් මෙම ලිපිය පල කරමි.

සමාජීය අර්ථදැක්වීමට අනුව මහා බුද්ධිමතකු වූ, සහතික පිට සහතික ලද, උපාධියෙන් ඔබ්බට පස්චාත් උපාධිය, ආචාර්ය උපාධියද ලබාගත් පුද්ගලයකු ගැන සිතන්න. මොහුව නවීන තාක්ෂණයේ කිසිදු උපකාරයක් නොමැතිව හිස් අතින් මහා වන මැදක දමා ආවොත් ඔහු කොපමණ කලක් ජීවත්වනු ඇතිද? කැලේම ජීවත් වූ අයකුටනම් එය ඉතාමත් පහසු කාර්යක් වනු නොඅනුමානය. එනම් වන ගතව වෙසෙන්නට අවශ්‍ය දැනුම වනයේ වෙසීමෙන්ම ලබාගත යුතුවේ. නැතිනම් වනයේ වාසය කර දැනුම ලබාගත්තකුගෙන් ලබාගත යුතුය. නමුත් වනචාරී මිනිසකුට ඒ දැනුමට සහතික පිටපත් දෙනුයේ කවරකුද?

අපි කැලේම ජීවත් වන්නකු දෙසට හැරෙමු. ඔහුගෙන් ඇසුවොත් ඔහුට අනුව බුද්ධිමතකු වන්නෙ කවරකුද කියා ඔහුගෙ පිලිතුර වනුයේ, වනයේදී මග සොයාගත හැකි, සතකු මරා ගත හැකි, ආහාරයට සුදුසු ඵල වැල සොයාගත හැකි, තම නැණ පමණින් වන සතුන්ගෙන් බේරී ජීවත් විය හැකි තැනැත්තා බුද්ධිමතකු වන වගයි.

මෙහිදි දෙයාකාරයකට බුද්ධිමතා යන්න නිර්වචණය වී ඇත. මෙවැනි විවිධාකාරයෙන් බුද්ධිමතා යන්න නිර්වචනය විය හැකිය.

වර්ථමාන සමාජය දෙස බැලූ කල බුද්ධිමතකු වන්නෙ උසස්පෙළ සමත්ව විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගෙන, පස්ඡාත් උපාධියක් හා හැකිනම් ආචාර්ය උපාධියද ලබාගත්තකු මහා දැවැන්ත බුද්ධිමතකු වන වගයි. එවිට කිසිදු සහතිකයකට හිමිකම් නොකියන නමුත්, තම ක්ෂේත්‍රෙය් ප්‍රවීනතාව ලත් ගොවියකු, නැතිනම් වැද්දකු බුද්ධිමතකු නොවන්නේද? වර්ථමාන සමාජ සංස්කෘතියට අනුව නම් එය එසේය. බුද්ධිමතකු වීම යනු විභාග කෙසේ හො සමත්ව ලබා ගන්නා කඩදාසියක (එයට සහතිකය යයි පවසයි) තබන ලද නිල මුද්‍රාවකින් සනාත කොට ඇති ප්‍රථිපල පත්‍රයකි. නමුත් එම ප්‍රථිපල පත්‍රය අතට ගන්නා විට උපාධි ධාරියකු හෝ එවැනි බුද්ධිමතකු සතුව ඇති දැනුම කවරක්ද? ඒ නම් පාසලකින් / විශ්ව විද්‍යාලයකින් උගන්නවන ලද කරුණු දැන සිටීම පමණකි. බොහෝවිට එම දැනුමද සහතික පත්‍රෙයන් එහාට ඔහු සතු නොවේ.

මෙහි  ලා උත්සාහා දරනුයෙ විශ්ව විද්‍යාල සිසුවා බුද්ධිමතකු නොවන්නේ යයි පැවසීමට නොවේ. විශ්ව විද්‍යාල උපාධි ධාරින්ද බුද්ධිමත් පිරිසකි. ඔවුන් බුද්ධිමත් වන්නෙ තම තමන්ගෙ හැකියාවන් පිළිබඳවය. වැදගත් කරුණ නම් සහතිකයක් ලද පමණින් ඔලුව උදුම්මවා නොගෙන සමාජය දෙස නෙත් යොමා බැලීමයි. 
බුද්ධිමතකු යනු හරි හමන් නිර්වචනයක් දිය හැකි යමක් නොවේ. බුද්ධිමත් භාවය සහතික පතකට දිය නොහැකිය. නමුත් බද්ධිමතුන් සමාජයේ විවිධ ස්තර වල සිටී. ඒ අනුව බුද්ධිමතා යනු තම තමන්ගේ ක්ෂේත්‍රය තුල මනා ප්‍රවීනත්වයක් ලද අයකු බව මහාචාර්ය්තුමා පෙන්වා දෙයි.