ඔබ පමණක් අවර්ණයි ( by චේ උන්නැහේ)

Saturday, June 25, 2011



රක්ත වර්ණය 
හිරුට දුන්නේ මමයි.....
පීත වර්ණය...
හදට දුන්නේ මමයි....
කටරොඩු මල....
නිල් පැහැ කලේ මමයි...
සමනල තටු පාට කලේ....
දේදුන්නේ හැඩ ඇන්දේද.....
මමයි...... මමයි...
මා විසින්මයි...
නමුත්,
මගේ දිවිය....
වර්ණවත් කලේ ඔබයි.....
දැන්,
සැමදේ වර්ණවත්..
ඔබ පමණක් අවර්ණයි....!


මේකත් වෙන්ඩ මිසිස් චේගේ නිර්මාණයක්..... මං ගැනලු මේකත් ලිව්වෙ.... හැබැයි මගේ අවර්ණ කොහෙද කියලනම් මම දන්නෙත් නැ ඕං...

11 ප්‍රතිචාර:

  • සංකල්ප says:
    June 25, 2011 at 10:16 AM

    දැන් බලාගෙන ගියාම චේතන කවි ලියන්නේ නැතුව මිසිස්ට කියලාම ලියා ගන්නවා නෙව. හොදා හොදා කවි ටික නම් සුපිරි.

    ආහ් කියන්න අමතක උනා. මාත් පද පේලි දෙකක් ලිව්වා. මේ කවිය කියවලා.

    "මේ කවි ටික
    චේතනට දුන්නේ මමයි....."

    කොහොමද හොදයිද මගේ පද ටික ?

  • pavithra weerapperuma says:
    June 25, 2011 at 12:05 PM

    මෙහෙ ඔය වෙන්ට මිසිස්... පාට පෙට්ටියක්ද????

  • Anonymous says:
    June 25, 2011 at 12:32 PM

    එන්න කියන්නකො එයාටත් මිසිස් චේ විදියට ලියන්න

  • Anonymous says:
    June 25, 2011 at 1:54 PM

    ආදරය මගේ අවර්ණයි...
    සිත්තමක් සේ පාට කෙරුමට..
    නොහැකි සේ..සිතා ගත නොහැකි සේ..
    ආදරය මගේ අවර්ණයි...

  • Prabhath says:
    June 25, 2011 at 3:13 PM

    උඹෙ හිත වෙන්ඩැ අවර්ණ.... පොඩ්ඩක් එබිකං කොරල බලාපං.

  • Bunny says:
    June 25, 2011 at 3:53 PM

    මිසිස් චේ කිවේ ? කෙල්ලෙක්ටදැ ?

  • චතුවා says:
    June 25, 2011 at 7:25 PM

    යකෝ මේක මොට්ටිසෝලි ළමයෙක්වත් දැක්කොත් නොමගයනවා බොල.. මේ ඉර හද පාට කලේ උඹේ නෝනය කියලා..

  • චේ උන්නැහේ... says:
    June 25, 2011 at 9:40 PM

    @ මධුරංග...
    ඒකට තමා කියන්නේ කුප්පකම කියලා :P අහ් අර කවි පද දෙකනම් ගැලපෙනවා තමා ;)

    @ සුළැඟිල්ල....
    පාට පෙට්ටියක් තව හොදයි අප්පා.... :P

    @ ඇනෝ..... කිව්වට ඒකි එන්නේ නැ... ඒනිසා මම කතා කරන්නෙත් නැ :)

  • චේ උන්නැහේ... says:
    June 25, 2011 at 10:02 PM

    @ නිම්ශා...
    අවර්ණ වු ඔබේ ආලය..
    පාට ගලපා සිත්තමක් කොට,
    හැකිය ඔබෙ ලොව බබලවන්නට,
    ආදරය එයයි.. සිතා ගනු මැන...

    @ Prabath...
    හිත කොහෙද බං තියෙන්නේ.. :O

    @ bunny...
    ඇයි උඹ හිතුවද මමත් උඹ වගේ කොල්ලොන්ට ලව් කරනවා කියලා.... :P

    @ චතුවා....
    ඕකි ඔහොමමයි... නොමග යවන එක ඒකිගේ විනෝදාංසේ පුතේ... උඹ නාඩා හිටපං...

  • පන්සල් හංදිය says:
    June 27, 2011 at 1:42 AM

    ඔක්කොම කියලා අන්තිමට "ඔබ පමණක් අවර්ණයිලු" .....

  • සිතුවිලි නිහඬයි says:
    June 29, 2011 at 9:57 AM

    අයියේ....ඔයාගේ වෙන්ඩ වයිෆ්ටත් පටන් ගන්න කියන්නකෝ ලියන්න...

Post a Comment