Saturday, December 31, 2011

අපෙ සෙකට්ට්‍ර අක්කා

4 ප්‍රතිචාර | Read more...

මා ඉදිරියේ
තිරයෙන් එහා
දබරැගිල්ල හප හප
තිරය දෙස බල බල
වැඩක් ඇතා හෝ නැතා
G චැට් කරනා
අපෙ සෙකට්ට්‍ර අක්කා
අයිස් ගසයි..

Friday, December 30, 2011

How can I

7 ප්‍රතිචාර | Read more...


You telling me 'stop it!'
But how can I stop it like that.

You telling me 'forget'

But how can I forget like that

You telling me 'it's over'

But I was just getting started.

You telling me 'it won't work'

But I already planed my life with you.

You telling me 'leave me'

But how can I live without my heart.

You telling me 'just a friend'

But you were my missing piece of my soul.

Manoj Fernando

Monday, December 26, 2011

I can't explain

10 ප්‍රතිචාර | Read more...
What is this feeling? Is it something bad?
What am I thinking? Is it only for me?
I don't know hw it started,
I don't know hw it will end,
But I know i like it,
And I know where it is.

Am I going crazy? Or it's just a dream?
Do I need to do something? Or wait in silence?
Every day it keep growing and growing,
Now I can't stop my feeling for it,
But I know, it keeps me happy,
But sometimes it let me down.

I love to keep this feeling,
I love to keep thinking,
It is located in my heart,
And I'm not going nuts.

I don't want to wake up from this dream,
And I don't want to end with tears,
It is something inside my soul,
And I can't explain what is it.


P.S- This was written by a good friend of mine, Manoj Frnando. He has requested me to publsh this on our Blog. so here it is. Shall we give him a credit by post our comment....

Sunday, December 25, 2011

X-mas cake

5 ප්‍රතිචාර | Read more...

සීතලේගෙන් ඔන්න තවත් කෑමක්. අද හදන්න යන්නෙ X-mas cake එකක්. පරක්කුදත් මංදා. කමක් නෑ. ඊලඟ නත්තලටවත් හදන්නකො ;) මේක හදලා තියෙන්නෙ කෑලි 40 කට. රු.1600 ක් වගේ යයි.
හදපු එකෙන් මට ලැබුන පංගුව. :(

අවශ්‍ය ද්‍රව්‍ය :-
චව් චව්- 225g
ස්ට්‍රෝබෙරි ජෑම්- 100g
ජින්ජර් ප්‍රිසව්- 125g
කජු- 75g
පලම්ස්- 225g
රේසින්ස්- 100g
ඇස්ට්‍රා මාගරින්- 12g
සීනි- 100g
රුලං- 100g
පුහුල් දෝසි- 250g
චෙරි- 125g
කැන්ඩ්ල් පීල්ස්- 125g
බිත්තර- සුදු මද- 2, කහමද- 6
ආමන්ඩ් එසන්ස්- තේ හැදි 1
රෝස් එසන්ස්- තේ හැදි 2
වැනිලා එසන්ස්- තේ හැදි 2
කරදමුංගු- 3.3g
කරාබුනැටි- 3.3
කුරුඳු- 3.3g
බ්‍රැන්ඩි- අවු. 0.5

සියලුම පලතුරු ටික ටිකක් ලොකු ප්‍රමානවලින් කපා ගන්න.
කජු, රුලං ඇර අනිත් සියලු ද්‍රව්‍ය කවලං කර එයට සියලුම එසන්ස්වලින් බාග දමන්න. පැය 24ක් විතර හොඳට වහලා තියන්න.
කපා අනාගත් පලතුරු

ඊලඟ දවසෙ බිත්තර සුදු මඳ හොඳට ගසා ගන්න. (හොඳට පෙන එනකං)
ඇස්ට්‍රා මේස හැදි 1ක් දමා දිය වුනාම මඳ ගින්නෙ රන්වන් පාට වන තෙක් රුලං කබල් ගා ගන්න.
කහමඳ ටිකයි ඇස්ට්‍රයි, සීනියි දමා සීනි දිය වෙනකං බීට් කර ගන්න. ඊට පස්සෙ ඉතිරි එසන්ස් ටිකයි අනාගත් පලතුරුයි,කජුයි, රුලනුයි, බ්‍රැන්ඩි දමා කවලං කර ගන්න. අන්තිමට හොඳින් ගසා ගත් සුදු මද කලවංකර බේක්කර ගන්න.

ප.ලි- බේක්කරන වෙලාවයි උෂ්නත්වයයි නම් නොදනී. මොකද කියනවනම් මේ වගේ කේක් එකක් හදනකොට ගොඩක් හදන නිසා අපි බේකරියට දෙන්නෙ. අනික අම්මගෙ මුල්ම කුකරි පොත නැති වෙලා. ඕගොල්ලොත් බේකරියට දෙන්න. ඇත්තම කියනවනම් ඒක ලාබයි.


ප.ප.ලි- මේ හැම දෙයක්ම කරන්න ඕන වතුර පොඩ්ඩක්වත් ගාව ගන්නෙ නැතුව හොඳේ. මොනාහරි අවුලක් වුනොත් හාවගෙ මෙන්න මේ ලින්ක් එකේ තියෙන එක හදන් බොන්නකො. ;)

Friday, December 23, 2011

කාටද ඕනි පුඩින්?ඕනි නම් මෙහෙට එන්න..

15 ප්‍රතිචාර | Read more...
       
   ඔන්න යාළුවනේ කාලෙකට පස්සෙ අදත් ආඩම්බරකාරි ආව චූටි කෑමකුත් උස්සගෙන.කෑමක් කියුවට,කෑමක් හදන හැටි හොදේ....මේක ගොඩක් ලේසි වගේම අඩු වියදමක් යන පුංචි පහේ අතුරු පසක්..මේ නත්තල් කාලෙ නිවාඩු පාඩුවෙ ලේසියෙන් හදන්න පුළුවනි.ඉතින් මොකක්ද දැන් මේකේ නම..?බ්‍රෙඩ් පුඩින්,සිංහලෙන් පාන් පුඩිම..හිහී..

එහෙනම් වැඩි කතා ඕන නෑ මෙන්න මෙහෙමයි හදන්නේ..,


අවශ්‍යය ද්‍රව්‍ය


කිරි - මිලි ලීටර් 100
බිත්තර - 2
සීනි - ග්‍රෑම් 125
පාන් පෙති - 4
වියලි මිදි-ග්‍රෑම් 10
සාදික්කා-කුඩු චුට්ටක්(කැමති නම්,තියෙනව නම් විතරක්)


මුලින්ම බිත්තර 2ට සීනි,කිරි දාලා හොදට බීට් කරගන්න,එකට අර සාදික්කා කුඩු ටිකත් දාල මිශ්‍ර කරගන්න.දැන් ඒ කස්ටඩ් එක පැත්තකින් තියලා,ඊළගට අර පාන් පෙති 4 අරගෙන ඒවාගේ බටර් ටිකක් ගාන්න. ඊට පස්සෙ ඒවා 2ක් එකට තියලා වටේ කපල අයින් කරන්න.ඊට පස්සේ ඒවා තමන් කැමති විදියකට කපලා චුටි බේකං ට්‍රේ එකක හරි චූටි බේකිං බෝල් එකක හරි කැමති විදියට ලස්සනට තියාගන්න.
ඊට පස්සේ බීට් කරගත්තු කස්ටර්ඩ් එක පෙනේරයකින් පෙරලා අර පාන් ටික දාලා තියෙන බෝල් එකට එකතු කරන්න.මතක තියාගන්න හැම පාන් කෑල්ලක්ම කස්ටඩ් එකෙන් පෙගෙන්න ඕනි.නැත්නම් බේක් කරනකොට ඒ පෙගුන නැති හරිය කර වේවි.අන්තිමට වේලපු මිදි ටිකකුත් උඩින් දාන්න.


ඔන්න දැන් අපි හදලා ඉවරයි.විනාඩි 10ක්වත් ගියේ නෑ නේද?දැන් තියෙන්නෙ බේක් කරන්න.අවන් එකේ 150C උෂ්නත්වයට විනාඩි 25 ක් 30 ක් බේක් කරගන්න ඕනි.බේක් කරනකොට අපේ පුඩිම තියෙන බෝල් එකට වඩා ටිකක් ලොකු බේකිං ට්‍රේ එකකට වතුර බාගයක් විතර පිරෙන්න දාලා ඒ වතුර එක තියෙන බේකිං ට්‍රේ එකට උඩින් පුඩිම තියෙන බෝල් එක තියලා බේක් කරන්න.ඒක බේක් වෙනකන් උයනකොට කුස්සිය අනිත් පැත්ත පෙරලන අය ඉන්නව නම් කුස්සිය අස් කරන්න.විනාඩි 25න් විතර බේක් වෙලාද බලන්න ටූත් පික් එකක් අරන් පුඩිම මැදට ගහලා අරන් බලන්න කස්ටඩ් එක ටූත් පික් එකේ ඇලෙනවද කියල එහෙම ඇලෙන ගතියක් නැත්නම් අපේ බ්‍රෙඩ් පුඩින් එක රෙඩි.


(මෙන්න තියෙනවා හදලා ඉවර උනාම.මේකට වේලපු මිදි දාල තියෙනවා,උඩින් තියෙන පින්තූරෙ එකට නම් දාලා නෑ.මේ පින්තූර දෙකම ගත්තේ අන්තර්ජාලයෙන්.මම හදපු එකක පින්තූරයක් මගේ ළග නෑ.. )


දැන් තියෙන්නෙ එළියට අරන් නිවෙන්න තියල කන්න තමා.මේක නිකන් කන්නත් පුළුවනි.ගොඩක් වෙලාවට හෝටල් වල එහෙම නම් දෙන්නෙ නිකන්.මම නම් හැදුවොත් කන්නෙ මගේ ප්‍රියතම කෑම එක්ක.අයිස් ක්‍රීම් එක්ක.එතකොට රසයි.පැණි එක්කත් රසයි.හදලා බලන්නකෝ ලේසියි වගේම සාක්කුවටත් බරක් නෑ...


එහෙනම් යාළුවනේ..ඔයාලටත් අක්ෂරේ මගේ සහෝදර,සහෝදරියන්ටත් සුබම සුබ නත්තලක් වගේම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා..!අළුත් අවුරුද්දෙ හැමෝටම අළුත් කෑමකුත් අරගෙන මම එන්නම්කෝ..හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා..! :)

Tuesday, December 20, 2011

ඔබ , ඔබේ පෙම්වතිය හෝ බිරිඳ ත් මේ වගේ ආදරේ කරනවාද..

29 ප්‍රතිචාර | Read more...
ඔබේ විහිලුවලට කාට නැතත් මට  මහ හයියෙන් සිනාසිය හැක.
ඔබේ හැම විහිලුවක්ම මකත තබාගන්නිය මම වෙමි.
ඔබ ගැන මිතුරියන් අතරේ පුරසාරමි දොඩන්නිය මම වෙමි
ඔබ කියනා හැම දෙයක් අසා සිටින ඔබේ හොඳම අසන්නිය මම වෙමි.
පුංචිම හේතුවකට පවා සෙනෙහසින් ඔබ මා වැළඳ ගන්නවාට පෙම් කරන්නිය මම වෙමි.
මා පිටුපසින් පැමින මා වැලඳ ගන්නවාටත් නලල් තලය සිප ගන්නවාටත් කැමති ඔබේ පෙම්වතිය මම වෙමි.
අන් අය කියනා දේ නොඅසා ඔබ වෙනුවෙන් ඔබට ආදරය කරන්නිය මම වෙමි.
මා ඔබේ පෙම්වතිය ලෙස ඔබ ඔබේ මිතුරන්ට හඳුනාවා දෙනවාට  ඉතාමත් කැමති ඔබේ පෙම්වතිය මමයි.
කිසිත් නොදොඩා ඔබ හා අත්වැල් අල්ලා යන්නට කැමති මම ඔබේ පෙම්වතියයි
මම ඔබේ උරහිසේ හිස හොවාගෙන සිටිමි. ඒ මට නිදි මත නිසා නොව මාට ඔබේ උණුසුමට වී සිටින්නට ඇවැසි බැවිනි.
ඉටිපහන් එලියෙන් එලිය වුනු නිදක කාමරයේ හෝ රාත්‍රී කැම මේසයේදි ඔබ  මා සිට ගන්නවාට වඩා සීතල හිරි පොද වැස්සක ඇවිදන් යද්දි ඔබ මගේ කොපුල් තල සිපගන්නවාට කැමති වෙමි.
මම ඔබට ගැතිවී සිටිමියි කියමි, ඒ කවට කමට නොවේ. මම සැබැවින්ම ඔබෙන් ඇවැසි වේ. ඒ ඔබ අසලට වී බොහෝ කාලයක් ගත කිරීමයි.
මම ඔබට විශ්වාස කල නොහැකි තරමේ කරදරකාරියකි.  නමුත් මා ආදරය කරන තැනත්තාගේ බාහු අතර ගුලිවී රැය පහන් කරන්ට ලෝබ වෙමි.
ඔබ මා වෙනුවෙන් කරන පුංචිම දේ පවා මම මහමෙරක් සේ මතකයේ තබා ගනිමි. .
ඔබට මගේ හදවතට පැමිනෙන්නට ඉඩ දුන්නිය මම වෙමි. මගේ හදවතේ ඔබේ නම විසල් අකුරින් ලියවී ඇත. ඔබෙන් දුරස් වි කලක් ගත කලත් මට මොහොතකට හෝ ඔබව අමතක නොවේ.
ඔබේ ප්‍රේමණිය වැලඳ ගැනිම හාදුවකින් අවසන් කරන්නට තරම් ඔබට පෙම් කරන තැනැත්තිය මම වෙමි.
ඔබට මා හා සිටින විට කුමක් හො කියමින් සිටින්නට උනන්දු කරන්නිය මම වෙමි. අපි කෙදිනකවත් ගොළුවන් සේ නොසිටිමු.
ඔබට මා එපාවී. අපේ පෙම් කතාව නිමා කලහොත් ඔබේ හොඳම මිතුරිය වන්නට පෙරුම් පුරන්නිය මම වෙමි. 

Monday, December 19, 2011

පළවෙනි සැමරුම

15 ප්‍රතිචාර | Read more...

දින 365ක් ඇවෑමෙන්
පළමු සැමරුම සමරන
අක්ෂර
කරන අපිටත්
බලන ඔබටත්
සිය ප්‍රණාමය මෙසේ දක්වයි....
කාලය ඉගිල ගිය ඉක්මන...
අපි අපේ නොදුටු මිතුදම් සොයාගත් අපූරුව
අද අපට අපි නැතුවම බැරිවී දො සිතෙන තරමට
ජාලයෙන් හමුව යථාලොව අත්දුටුවෙමු.
අක්ෂර කරන අපි.....

තවත් බ්ලොගයක්ව අවකාශයට එක්ව
සිංහල අකුරු අමුනා නැවුම් වදන් පෙල ගැසුනු කල
අක්ෂරයට ගොඩ වැදුනු ඔබ සැම
වදන් කියවා රසය විඳගෙන අදහස් දක්වා අපට දිරිය දුනි.
අක්ෂර කියවන ඔබට ජය...

Wednesday, December 14, 2011

මතක සටහන්

3 ප්‍රතිචාර | Read more...

හිමිදිරි උදයේ
දෙනෙත් ආලෝකයෙන්

පිබිදෙන්නට මත්තෙන්

ඔබේ රුව සිතෙන් ඇඳ

ඔබට ආදරෙයි කියා
නැගිටින මා...
තරු කැට දිලෙන

රෑ යාමේ

යහනේ සැතපී

නිදි කුමරී

මා වැලඳ ගන්නට මත්තෙන්

සිතේ තැන්පත්ව ඇති

ඔබේ රුව මතක්කර

සුබ රාත්‍රියක් කියන මා..

කෙසේ නම්

අමතක කරම්ද නුඹ
..


ප.ලි- පිලිතුරු අදහස් ලියන්න බැරි වුනොත් සමා වෙන්න ඕන හොඳේ.

Friday, December 9, 2011

ආදරය = ලිංගිකත්වයද????? :O

15 ප්‍රතිචාර | Read more...
කට්ටිය මට ගල් ගහයිද දන්නෙ නෑ මේ මාතෘකව දැකලා.
මම මේ කියන්න යන්නෙ
යාලුවො සෙට් එකක් කතාඋන මාතෘකාවක් ගැන.කට්ටිය කියන විදියට කෙල්ලෙක් එක්ක විවහ වීමේ ප්‍රධානතම අරමුණ සංවාසයේ යෙදීමලු.එතකොට එකිනෙකාගෙ අවශ්‍යතා සලකා බලමින් එකිනෙකාට උදව් කරමින් ජීවිතයේ ඉදිරි කාලය තනිකඩව නොසිට සතුටින් ජීවත් වීම නෙමෙයිද? :-\ ලිංගිකත්වය කියන්නෙ පවුල් ජීවිතයට අවශ්‍ය එහෙත් ප්‍රධානම අරමුණ නෙමෙයි නේද??????අවශ්‍යතාවලින් එකක් පමණයි නේද?

තව දෙයක්, පොඩි හේතුවකටත් රංඩු වෙලා වෙන් වෙන අයටත් මේක හොඳ ආදර්ශයක් වේවි.

මම ඔය ගැන කල්පනා කරකර ඉන්නකොට මට හම්බ උනා video එක්ක මේ මාතෘකවට ගැලපෙන විදියෙ.මෙයා American IDOL එකේ singer කෙනෙක්.මෙයා ඒකෙ තරග කරන අතරතුරේදි මෙයාගෙ බිරිද අසනීප වෙලා කිසිම දෙයක් කර ගන්න බැරි විදියට අත පය පණ නැති වෙලා.පස්සෙ American IDOL එකේ නිෂ්පාදක මෙයාට සල්ලි දීලා සිංදුවක් කරන්න. (මා හට ලැබුන ආරංචිවල හැටියට)
බලන්නකො මේ වීඩියෝ එක කොච්චර හිතට වැදුනද කියලා.
බොරු කියන්න ඕන නෑනෙ.මම බැලුවෙ 4 පාරයි.4වෙනි පාරත් බැලුවෙ අඩන්නැතුව ඉන්න පුලුවං වෙයි කියලා.කොහෙද බැරි උනානෙ එහෙම ඉන්න. :'(
මේ video එක ඇත්තටම ගත්ත එකක්.
හොදට තේරුම් අරගෙන වීඩියෝ එක හොදින් බලන්නකො. :)
මේ සිංදුව බලනකොට වැටහෙන්නෙ ආදරයට සමාන කීරීමක් කරන්න ඕන නම් වම් පැත්තෙ ගොඩක් දේවල්වල එකතුවක් තියෙන්න ඕනයි කියලා.





මෙන්න මේකෙ වචන

What Are Words

Anywhere you are, I am near
Anywhere you go, I'll be there
Anytime you whisper my name, you'll see
How every single promise I keep
Cuz what kind of guy would I be
If I was to leave when you need me most

What are words
If you really don't mean them
When you say them
What are words
If they're only for good times
Then their done
When it's love
Yeah, you say them out loud, those words
They never go away
They live on, even when we're gone

And I know an angel was sent
Just for me and now know I'm meant
To be where I am and I'm gonna be
Standing right beside her tonight And I'm gonna be by your side
I would never leave when she needs me most

What are words
If you really don't mean them
When you say them
What are words
If they're only for good times
Then their done
When it's love
Yeah, you say them out loud, those words
They never go away
They live on, even when we're gone

Anywhere you are, I am near
Anywhere you go, I'll be there
And I'm gonna be here forever more
Every single promise I keep
Cuz what kind of guy would I be
If I was to leave when you need me most

I'm forever keeping my angel close

ප.ලි- මේක මම ලියලා ගොඩක් කල්. පබ්ලිෂ් කරන්න බැරි වුනා. දැන් මේ ඩබල ඩිවෝස් වෙලානම් ඔන්න අපි දන්නෙ නෑ හොඳේ. වගකීම් ගනු නොලැබේ. ;)

Wednesday, December 7, 2011

මාතෟකාවක් නොදනී

13 ප්‍රතිචාර | Read more...

සුවඳ දෙන
සඳුන් උයනක
ඇවිද ගිය මා,
කෝටුවක් ගෙන
ගෙදර ගිය මට
ඇයි පෙරදි මෙන්
සුවඳ නොදැනුනෙ??:( :(

ප.ලි- මම මේ කියලා තියෙන්නෙ අන්තඃ පුරයක් තියන් හිටපු කොල්ලෙක්ට කසාඳ බැන්ඳම වෙන ආනිසංසෙ. ආයෙත් පාරක් එහෙනම් කියවලා බලන්නකො :D

Sunday, December 4, 2011

සුනාමි අනතුරු ඇඟවීම් ඔබේ දුරකථනෙට

10 ප්‍රතිචාර | Read more...

අද මම කියන්න යන්නෙ මුහුදු බඩ ප්‍රදේශවල ජීවත් වෙන අයට ඉතාමත් වැදගත් තොරතුරක්. මේ ඊයෙ පෙරේදත් සුනාමිය තත්වයක් තියෙනවයි කියලා කට කතා ගියානෙ. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කලාමැදිරි එළියටත් බයලුනෙ. මට කෝල් එක ආපු ගමං යාලුවෙක්ට කතා කරලා විස්තරේ ඇහුවා. එයාටත් ඒ පිලිබඳව තොරතුරක් ලැබිලා නෑ. පස්සෙ නෙට් සර්ච් කරාමත් සුනාමි තත්වයක් ගැන තොරතුරු තිබ්බෙ නෑ. පස්සෙනෙ මට මතක් වුනේ මම සුනාමි වෝනිං එවන සයිට් එකක රෙජිස්ටර් වෙලා තියෙනවයි කියලා. එහෙම අනතුරක්නම් ඒකෙන් එවනවනෙ මැසේජ් එකක්. :D ( හැබැයි ඉතිං ඒක ඇත්තටම එහෙම හරියටම වෝනිං එක එවයිද කියන්න සහතික කරන්න බෑ. ඒත් ඒ සයිට් එක ගැන මම විස්තරේ නම් සොයා ගත්තෙ පත්තරේකින්)

ඉස්සෙල්ලම ඔයාලා
මෙන්න මේ සයිට් එකට යන්න. (එක පාරක් රෙජිස්ටර් වෙලානම් ආයෙ කරන්න ඕන නෑ) මේකෙ membership එකේ තියෙන become a member කියන එකේ register වුනාම සුනාමි තත්වයක් ආවොත් අපේ ෆෝන් එකට මැසේජ් එකක් එවනවා. register වෙන කොට ඒකෙ අපේ ස්ටේට් එක මොකක්ද කියලා අහනවා. ඒකට Sri Lanka කියලා දාන්න. Country වලටත් Sri Lanka කියලා දාන්න. ඊට පස්සෙ අපි හරියට විස්තර ඇතුලත් කලානම් අපේ ෆෝන් එකටයි ඊ මේල් එකටයි මැසේජ් එකක් එනවා අපි රෙජිස්ටර් වුනයි කියලා.( මටනම් හෙන වෙලාවක් ගියා මැසේජ් එක එන්න. හැබැයි තාත්තව රෙජිස්ටර් කරනකොටනම් ඒ වෙලාවෙම ආවා.)

Thursday, December 1, 2011

සිතුවිලි නිහඬයි

4 ප්‍රතිචාර | Read more...

සිතුවිලි සමුදුරේ
චන්ඩ මාරුත මැද
ජයග්‍රාහී ජයඝෝසා මැද
තොටුපල කරා මා රැගෙන ගිය
කප්පිත්තා,
අද මා, රුදුරු මහ මූද මැද
හොර රහසේම
දමා ගොසින්...

ඔබ නැතිව
අබලන් වූ මේ නැව
හෙට දිනවන විට
මසුනට පාරාදීසයක් වනවා සේ
ඔබ හා ගෙවුනු
සුලු මතකය
සදහටම මා හට
පාරාදීසයක් මවනු ඇත.

Tuesday, November 29, 2011

අකරතැබ්බය

9 ප්‍රතිචාර | Read more...

අද මම කියන්න යන්නෙ අපේ ඉස්කෝලෙ ගීතිකා කන්ඩායමේ කට්ටියට වුන අකරතැබ්බයක් ගැන. හිකිස්. මතක් වෙනකොටත් හිනා යනවා. මෙන්න මේකයි කතාව.


අපේ ඉස්කෝලෙ තමයි මුලු කොළඹ දිස්ත්‍රක්කෙන්ම දෙවනියට ඉන්න ගීතිකා කන්ඩායම. පලවෙනියට කියලා කියන්නත් පුලුවං. හැමදාම පලවෙනියා වෙන ඉස්කෝලෙ හොර කරන්නෙ නැත්තං අපි තමයි හැමදාම පලවෙනියා වෙන්නෙ. මොනා කරන්නද ඉතිං. අපේම සහෝදර පාසලක් නිසා කට පියං ඉන්නවා. සමස්ත ලංකා 2008 අපි තමා දෙවෙනියා. ඒකත් හොර කරලා පලවෙනියා ගත්තෙ. හොටු පෙරාගෙන කිව්වයි කියලා වුන්ට ලකුණු තුනක් වැඩියෙන් දුන්නා. >:(

ඔන්න ඉතිං අපිට වැල්ලවත්තෙ තියෙන ඉතාමත්ම ප්‍රසිද්ධ අපේ සහෝදරී පාසලක් ආරාධනා කරනවා BMICH එකේ සංගීත ප්‍රසංගයක් තියන්න. ඒ ගැන කෝල් කරලා අපේ ගීතිකා කන්ඩායම බාර ෆාදර්ට කියපු ගමං අපෙන් ඇවිල්ලා ඇහුවා යන්ද කියලා. ආයෙ ඉතිං මොන කතාද.. කන්න දෙනවනම්, අපිට බොන්න දෙනවනම්, කෙල්ලො ඉන්නවනම් මොන කෙංගෙඩියද තව ඕන කියන්නෙ කිව්වලු. ෆාදරුත් මාර කතා අහන්නෙ. ඕක අපෙන් අහන්නත් දෙයක්යැ. මොකද කියනවනම් ෆාද අපි ගැන නොදන්නවයැ. අපිත් ඉතිං කට ඇරලා හා ෆාදර් යං යං කිව්වා. දැං ඉතිං අම්මා... බලන්න එපෑයැ කට්ටියයගෙ තියෙන උද්යෝගෙ. සමහර එවුන් උදේට ඉස්කෝලෙ එන්නෙ නැතුව හවස 2.30 ට සිංදු පුහුණු වෙන්න එනවා. ( ඔන්න මමනම් නෙමේ හොඳේ. මම බදාදාට විතරයි ඉස්කෝලෙ කට් කරන්නෙ. එදාට පීරියඩ් 4ක්ම ප්‍රැක්ටිකල්නෙ. වෙන දවසක ගිහිං එදා කරපුවා නිවී හැනහිල්ලෙ කරනවා. ඉතිං එදාට පුහුණුවීම් තිබුනොත් ඉතිං කරන්න දෙයක් නෑ. හවස යන්නම වෙනවා. මොකද ඉතිං ඒ කාලෙ බේස් පාට් එක බාර වෙලා තිබුනෙ මටයි තව යාලුවෙක්ටයි.) අපි කරන්න හිතං හිටියෙ The Wonders ලගෙ That thing you do (මම කැමතිම සිංදුවක්. මමයි යෝජනා කලේ.) කියන සිංදුවයි Neil Diamond ගෙ Red Red Wine (UB 40 Version) කියන සිංදුවයි. 


අපි ඉතිං පාට් පුහුනු වෙන වෙලාවෙ කොල්ලෙක් ෆාදට යෝජනා කොලේ නැද්ද පොඩි නැටුමකුත් දැම්මොතින් කොහොමද කියලා. ෆාදත් හනේ ගුඩ් අයිඩියා කිව්වෙ නැතෑ. අපිට මල කියන්නෙ මල අරගෙන උගෙ මූනෙ උලන්න හිතුනා ඒ වෙලේ. මොනා කරන්නද අරූ කියලා දෙන පියවරවල් අපි බලාගෙන කරනවා. අම්මෝ හෙන ගේමක් දෙන්න වුනා නටන ගමං සිංදුව කියන්න ඉගෙන ගන්න. එක්කො නටන වෙලාවට සිංදුව කියන්න අමතක වෙනවා, නැත්තං සිංදුව කියන වෙලාවට නටන්න අමතක වෙනවා. හරි ඉතිං කොහොමෙන් කොහොම හරි ඔන්න ඉතිං දිනෙත් ලං වුනා. අපි ඉතිං ලස්සනට ඇඳලා VIP ලා වගේ අපේ ස්කූල් බස් එකේ ඇවිත් BMICH එකෙන් බැහැලා, පොඩි එවුන්වත් ආන්බාන් කරගෙන අපි එනකොට මඟ අපි දිහාවට එනවා අපිට ආරාධනය කරපු ඉස්කෝලෙ චීස් කෑල්ලක්. අනෙ අම්මේ්්්්්....ඇඟ සලිත වෙනවා. කෙල්ලත් ඉතිං මාත් එක්ක හිනා වීගෙනම මගේ ඉස්සරහටම එනවා. මමත් ඉතිං පොඩි හිනාවක් දාගෙන ඉස්සරහට ආවා. ලඟට එනකොටම මම හෙලෝ කියන්න අතට අත දෙන්න හදනකොටම මෙන්න මේකි මාවත් පහු කරං මගෙ පිටිපස්සෙ හිටපු ෆාද ගාවට ගියෙ නැතෑ. හෆොයි නෝංඩි ගොඩයි. ඔන්න ඉස්සෙල්ලම කියන්න ඕන මම පොඩි එවුන්ගෙන් නෝංඩි වුනේ නෑයි කියලා. ( මගේ යාලුවනම් කිව්වෙ, මම යාලුවන්ට කරන ඉතාමත් යහපත් වැඩවලට ලැබුන ආනිසංස තමයි මේ කියලා.) ඒ ස්වීට් කෙනා අපිට අපේ කාබරේ පෙන්නලා රිහසල් කරන්න තියෙන වෙලාවත් කියලා නොපෙනී ගියා. :'( අපි ඉතිං පොඩ්ඩක් ඉඳලා රිහසල් තියෙන වෙලාවට ස්ටේජ් එකට ගිහිල්ලා සිංදු දෙකත් කියලා ආයෙ අපේ කාබරේට ඇවිත් ඇඳුම් මාරු කරගෙන ෂෝ එක පටන් ගන්නකං හිටියා. ඒත් මටයි තව සෙට් එකකටයි එක දෙයක් ගැන හෙන අප්සට්. මොකද කියනවනම් කට්ටියට නටන්න බැරි සීන් එකක් උද්ගත වෙලා තිබුනා. කොහොමෙන් හරි කට්ටිය තිරනය කලා හෙමින් කකුල් වලින් දාන්න ඕන කරන පියවරයන් හෙමින් දදා නටන්න (ඇල්ටො පාට් එකේ එවුන්ට කිව්වෙ නෑ. මොකද කියනවනම් අර පණ්ඩිතයා හිටියෙ ඒ පාට් එකේ.) කරන්න දෙයක් නෑ. ඌට වැඩක් දෙන්න ඕනනම් පාට් එකටම දෙන්න වෙනවා. සොරි තමා. බට් වට්ටු ඩූ කිව්වලු. කියන්න එපා කියලා අයිඩියාව ගෙනාවෙ මගෙ එහා පැත්තෙ ඉන්න යාලුවා. ඌට හොඳටම මලක් තිබ්බෙ ඒකත් එක්ක. හිකිස්... මම පව් කියලා කිව්වට කොහෙ...මූ කනකට ගන්නෙ නෑ. දැන් ඉතිං කට්ටිය පෝලිං ගැහිලා ස්ටේජ් එකේ ලීවලින් හදලා තියෙන පඩි පෙළවල්වලට නැගලා ඔන්න ඉතිං ලස්සනට සිංදුව කියන්න පටන් ගත්තයි කියමුකො. දැං ඉතිං කට්ටිය සිංදුව කියන ගමං නටනවා. That thing you do සිංදුවේ තියෙනවා හරහට කකුල් දෙක දෙපාරක් තියලා ඒ කකුල ඒ පැත්තට උස්සන සීන් එකක්. අර හරියට සූර පප්පා කථාවෙ කට්ටිය නටන්නෙ. අන්න ඒ වගේ සීන් එකක්. ( කක්කුට්ටො ඇවිදිනවා වගේ හරහට) එක පාට්ටම දඩ බඩාං කියලා සද්දයක් ආවෙ නැතෑ ඇල්ටො පාට් එක ඉන්න පැත්තෙං. ඒ එක්කම වගේ බලන්න ආපු කට්ටියගෙ පැත්තෙං හූ කියනවා වගේ සද්දයක් ආවා. මම පොඩ්ඩක් ඉස්සරහට නැවිලා බැලුවා හැබෑටම මොනාද වුනේ කියලා. අප්පට හුඬු ඇල්ටො පාට් එකේ වුන් සේරම ඒ පඩියත් එක්කම බිමටම පත බෑවිලා. ඇත්තම කියනවනම් ඒකට පඩියක් කියලා කියන්න බෑ. රීප්ප පටිවලිං ඒ මැස්ස හදලා තිබ්බෙ. අරුං ඉතිං හොඳට කකුලට වෙර අරං කකුල පද්දලා. ඉතිං වැටෙන එක අහන්නත් දෙයක්යැ. අපිනම් රිහසල් කරනකොටම දැනගත්ත නිසා අපි බේරුනා. බලන්න ආපු එවුන්ටනම් පට්ට ආතල්. කට්ටිය ලොකු හූ සඡ්ජායනයක නිරත වුනා. හැබැයි ඉතිං අපේ කොල්ලො ටික තප්පර ගානට නැගිටලා ඊට යටිං තිබුන පඩියට නැගලා සිංදුව නවත්තන්නෙ නැතුව කිව්වා. පස්සෙ ආවෙ නැතෑ ලොකු චියර් පාරක්..

සිංදු ටික ඉවර වෙලා කට්ටිය බහිනකොටයි දැක්කෙ ලමයි දෙන්නෙක්ට තුවාල වෙලා හෝ ගාලා ලේ ගලනවා. මේ බූරුවො රිදිල්ල කාගෙනම සිංදුව කියලා. මම ඉක්මනට එතන ඉන්න කෙනෙක්ට කියලා අයිස් බෑග් දෙකක් ගෙනෙල්ලා දිලා වාහනේකින් රෝහලකට යැව්වා. මගේ ඇදුමෙ ලේ එකයි.එකෙක්ගෙ අතක්. අනිත් එකාගෙ ඇහි බැම. අත තුවාල වුන එකාට මැහුම් 2ක් ගහලා. පස්සෙ ඉතිං මේ හැම දේටම හේතු කාරයා වුන පුද්ගලයට, කණ්ඩායමෙන් සමාව ගන්නත් වුනා. එදායින් පස්සෙ ඇස් රතු වෙන විහිලු එයා කාටවත් කරන්නෙ නෑයි කියලා පොරොන්දු වුනා ෆාදට.

ඉතිං යාලුවනේ මම මේකෙන් කියන්න උත්සහ කලේ කෙනෙක්ට විහිලුවක් කරනවනම් ඒ ගැන දෙපාරක් නෙමෙයි සිය පාරක් හිතන්න. ඒක ඒ පුද්ගලයාට කොහොම බලපාවිද කියලා...
මේ සිද්ධිය ඇත්තටම මගේ යාලුවගෙ ජීවිතේ වෙනම මාවතකට යොමු කලා කියලා කිව්වොත් 100% නිවැරදියි . දැං එයා යහපත් ළමයෙක්ලු..

Monday, November 28, 2011

Phishing.. "Its for hack my boyfriend profile."

9 ප්‍රතිචාර | Read more...
කාලෙකට පස්සේ අක්ෂරයට ලිපියක් ලියන්න හිතුනේ අද දවසේ මගෙන් වුනු වරදක් නිසා සහ මට ලැබුණු e-mail එකක් නිසා.


"i saw ur comment on 1 of facebook phishing page. cn u send me the login.php and other necessary files? i hope u will help me.


Thank you.
******.

Its for hack my boyfriend profile. please help me..."

ඔන්න ඔහොමයි ලියුමේ තිබුණේ! ලියුම එවපු කෙනා මේක කියවනවා නම්, මේ ලිපිය ලියාගෙන යනකොට සමහරවිට කලින් කියපු e-mail එක එවපු කෙනාටත් උත්තරයක් ලැබෙයි.


අපේ අයට කොයි තරම් කියලා දුන්නත් ඵලක් නැති දෙයක් තමා ෆේස්බුක් එකේ හරි මොනම හරි සමාජ ජාලයකදී හරි දකින දකින ලින්ක් වල ක්ලික් නොකර ඉන්න කියන එක සහ ඒ ලින්ක් වලින් පිවිසෙන වෙබ් පිටු වලට තමන්ගේ තොරතුරු ඇතුලත් නොකර ඉන්න කියන එක. මොකද.. ඒ වෙබ් පිටු phishing pages වෙන්න පුලුවන්!   

1) මොකක්ද මේ පිෂින් (Phishing) කියන්නේ?

පිෂින් මගින් සිදුවන දේ සරළවම කෙටියෙන්ම කීවොත් මේකෙදී වෙන්නේ ගිණුමකට ඇතුලත් වීමට අවශ්‍ය වෙන තොරතුරු (User Name, Password ආදිය) සොරා ගැනීම. මෙසේ සොරා ගැනීමට පිෂින් වලදී යොදාගන්නා මූලිකම ක්‍රමය වන්නේ අදාල වෙබ් අඩවියේ පෙනුමටම අනුරුවක් හදලා ඒක හරහා තොරතුරු ලබාගැනීමෙන්.


උදාහරණයක් විදියට Facebook ගත්තොත්, Facebook login පිටුව ආකාරයටම සෑදු එ‍හි අනුරුවක් අඩංගු වෙබ් ලිපිනයකට පාරිශිලකයාව යොමු කරන එක. එතකොට ඒ ව්‍යාජ වෙබ්පිටුවට ඇතුලත් කරන User Name, Password ආදිය එම ව්‍යාජ  පිටුව නිර්මාණය කරන ලද කෙනාට ගන්න පුලුවන්. ඒ වගේමයි ඒ පිටුව භාවිතා කරලා Facebook ලොග් වෙන්න උත්සාහ දරණ කෙනාටත් කිසිම වෙනසක් නොදැනීම Facebook වෙත ලොග් වෙන්නත් පුලුවන්! ඉතින් ටික දවසකට පස්සේ.. "මචං මගේ FB account එක හැක් කරලා බං" කියලා තමා කියන්න වෙන්නේ.


මේ තියෙන්නේ පිෂින් පේජ් එකක්. වෙනසකට තියෙන්නේ මේක පාවිච්චි කරන කෙනාව අනික් පිෂින් පේජ් වලට වඩා පොඩ්ඩක් අන්දන්න වෙනවා.. කැමතිනම් ලොග් වෙලා බලන්න මේකෙන්. www.facebooksn.tk

2) පීෂින් පේජ් එකක් හඳුනාගන්නේ කොහොමද?

පිෂින් පේජ් එකක් හඳුනා ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. මේ අතරින් ඉතාමත්ම පහසුම ක්‍රමය තමයි කිසියම් වෙබ් පිටුවක User Name, Password හෝ වෙනත් තොරතුරක් ඇතුලත් කරන්න කලින් තමාට අවශ්‍ය වෙබ් අඩවියේ ලිපිනයම Address bar එක මත සඳහන්ව තියෙනවද බලන එක. 


උදාහරණයක් විදියට අපිට www.facebook.com අඩවියට යන්න ඕනි වුන වෙලාවක වැරදිලා හෝ කිසියම් කෙනෙක් නොමඟ යවලා www.facebook.fakeurl.com වගේ ලිපිනයකින් ව්‍යාජ facebook පිටුවකට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමන් ඉන්න පිටුවේ ලිපිනය මුල සිට අගටම හරිය‍ටම කියවලා බලන්න.



ව්‍යාජ ෆේස්බුක් ඇතුල් වීමේ පිටුවක්. (පිංතූරය - http://www.allfacebook.com/ අඩවියෙන්)


ව්‍යාජ ට්විටර් ඇතුලත් වීමේ පිටුවක් ( පිංතූරය - http://www.switched.com/ අඩවියෙන්)


පිෂින් පේජ් හඳුනා ගන්න යොදාගන්න පුලුවන් තවත් ක්‍රමයක් තමයි තමා සිටින පිටුවේ Page source බලන එක. අදාල පිටුවේ source බලල පිෂින් පේජ් එකක් හඳුන ගන්න පුලුවන් වුනත් ඒකට වෙබ් නිර්මාණය ගැන දැනුමක් තියෙන්න වෙනවා. ඒ නිසා ඒක හැමෝටම කරන්න පුලුවන් ක්‍රමයක් නෙවෙයි වගේම ටිකක් අමාරු ක්‍රමයක්.

3) කොහොමද පිෂින් වලින් බේරෙන්නේ?

ලේසිම ක්‍රමය තමා කොයි තරම්ම විශ්වාසවන්ත කෙනෙක් වුනත් දෙන ලිපිනයකින් පිවිසෙන වෙබ් පිටුවකට තමන්ගේ තොරතුරු ඇතුලත් කරන්න කලින් තමන් ඉන්න වෙබ් අඩවියේ ලිපිනට (URL) හොඳින් කියවන එක. තමන් ඉන්නේ නිවැරදිම ලිපිනයේ කියලා සැකහැර දැනගන්න එක.

ඒ වගේමයි තමන්ගේ ගිණුම්වල විවිධ දෝෂ ඇතිවෙලා තියෙනවා වගේ කරුණු ඇතුලත් කරලා විවිධ ලින්ක් සමඟ එවන e-mail වලිනුත් පරිස්සම් වෙන්න. 


ව්‍යාජ තොරතුරු ඇතුලත් e-mail එකක්

මේ ලිපියේදී ප්‍රධානවම සමාජ ජාල ගැන කතා කරාට පිෂින් පේජ් හදන්නේ ඒවා සඳහා විතරක්ම නෙවෙයි. Paypal, Mediafire, Rapidshare වගේ අඩවි වලටත් බහුල ලෙස මේ උවදුර බලපානවා..

දැන් තියෙන්නේ පිෂින් පේජ් එකක් හදන හැටි නෙවේ.. ඒවාගෙන් බේ‍රිලා මේ ලෝකේ වටිනාම වච‍නේ "Password" එක රැක ගන්න එක.! 

ප.ලි :- ඊළඟ පෝස්ට් එකෙන් Phishing page එකක් හදන හැටි කිව්වොත්??


Friday, November 25, 2011

කෝඩුකාරියේ, මේ ඔබටයි

7 ප්‍රතිචාර | Read more...



සිරිපා කරුණා කරනට
කෝඩු කාරියක් අත එල්ලී
උඩටම පිය නැඟුනු
ඉඳිකටුවක් වූ මා
සිරිපා නමස්කාර කරනට
නොහැකිවන ලෙස
මඟ තිබූ කලු ගලකට
පටලා ගිය සැටි
මතක් වන විට
ම'සිත කෙසේ නම් උහුලම්ද
මගෙ ආදරියේ..

එනමුත් මා,
තවමත් එතැනම හිඳ
නූල් පට නමැති පවුරුවෙන් මිදී
ලබන කරුණා සමයේ හෝ
එකට යන්නට
බලාපොරොත්තු පොදි බැද
දෑස් විහිදා
බලා සිටිමි.
කෝඩුකාරියේ,
මේ ඔබටයි ආරාධනය..

Tuesday, November 22, 2011

ඔබ කොතැනද?

11 ප්‍රතිචාර | Read more...
 මම පළමු රැකියාව කරන කාලේ අපේ සර් අපිට කියලා දුන්න කතාවක් අද මම ඔයාලා එක්ක බෙදාගන්න කල්පනා කලා. මේක සර්ට ලැබිලා තිබුනේ ඊමේල් පණිවුඩයක් මගින්. මුල් පිටපත තිබුනේ ඉංග්‍රිසි භාෂාවෙන් වුවත් මම ඒ දෙබස් සිංහලට පරිවර්ථනය කලා. 


කියවලා බලන්නකෝ කතාව 









දැනුම, කුසලතාවයන් හැකියාවන් සහ අත්දැකීම් වල නියමාකාර ප්‍රෙයෝජනය ඔබ හට ලබා ගත හැක්කේ ඔබ සුදුසු කාලයේ සුදුසු තත්වයේ සුදුසු තැනක සිටන්නේනම් පමණි..

ඔබ සිටින්නේ ඔබ සිටිය යුතු ස්ථානයේද? 

Smooth roads never make good drivers 
Smooth sea never makes good sailors 
Clear Skies never makes good Pilots. 

Problem and hassle free Life NEVER makes a strong person 
Be Strong enough to accept the challenges of Life 
Don't ask Life , 'Why Me ? . 
Instead say 'Try Me!' 

ලොවෙත් නැති ප්‍රශ්න දෙකක් | Who are we to judge anyone...

9 ප්‍රතිචාර | Read more...
ලොවෙත් නැති ප්‍රශ්න දෙකක් ඔබෙන් අහන්නම්. බැලූ බැල්මට අමාරුයි කියලා හිතෙන්න පුලුවන්. ටිකක් දිග වැඩියි, ඒත් ඉතාම රසවත්.

ප්‍රශ්න අංක 1:

අපි හිතමු ඔබ දන්න ගැහැණියක් ඉන්නවා. ඈ දැන් ගැබ්බරයි. ඈ මීට පෙර දරුවන් අට දෙනෙකු ලොවට බිහිකර තිබෙනවා. ඒ අයගෙන් තිදෙනෙක් බිහිරියි. දෙදෙනෙක් අන්ධයි. තව දරුවෙක් උපතින්ම මානසික රෝගියෙක්. ඒ විතරක් නෙමේ, ඇයට සිෆිලිස් නමැති සමාජ රෝගය වැළඳී තිබෙනවා.

මේ කරුණු කාරණා සලකා බලන ඔබ කිසිවිටක ඇයට අනුබල දේවිද තවත් දරුවකු මෙලොවට බිහිකරන්නට? සමහරවිට ඇ ගැනත්, නූපන් දරුවා ගැනත් සිතා ඔබ කියාවි නේද ඇය ගබ්සාවක් කළානම් හොඳ බව?

මෙම ප්‍රශ්නයට මා නොවැරදීම පිළිතුරු දෙන්නම්. එහෙත් ඊට පෙර පහත දක්වා ඇති දෙවන ප්‍රශ්නයට සිත යොමුකරන්න.

ප්‍රශ්න අංක 2 :

මුලු ලොවටම සරිලන නායකයෙකු තෝරාගැනීමේ හෝරාව දැන් එළැඹ තිබේ. ඒ නායකයා කවුරුන් විය හැකිදැයි තෝරනු ලබන්නේ ඔබ විසිනි. පහත දැක්වෙන්නේ එම තනතුරට නම් කර ඇති පුද්ගලයන් තිදෙනෙකි.

1වැනි අපේක්ෂකයා:

ඉතාම වංක දේශපාලඥයන් ආශ්‍රිතව ගැවසෙන්නාවූ චරිතයකි. ඕනෑම යමක් ඇරඹීමට පෙර දෛවඥයන්ගෙන් ඒ පිළිබඳව අදහස් විමසයි. හෙතෙම අනියම් බිරියන් දෙදෙනෙකු හා සැතපෙයි. නොකඩවා දුම් පානය කරන හෙතෙම දිනකට මාටීනී විස්කි වීදුරු 8ත් 10ත් අතර ප්‍රමානයක් මුවට හලාගනියි.

2වැනි අපේක්ෂකයා:

දෙවතාවක්, ඉතාම නින්දාශීලී අයුරින් මොහුව කාර්යාලයෙන් ඉවතට ඇද දමා ඇත. පශ්චාත් ප්‍රදේශයට හිරු එළිය වැටී පසුවදා මධ්‍යාහ්නය තෙක් නිදාගන්නට හෙතෙම ගජ හපනෙකි. පාසලෙදී අබිං කා හසුවී කිහිප වතාවක්ම දඬුවම් විඳ ඇත. දිනපතා සවසට විස්කි කාලකින් සන්තර්පණය වෙයි.

3වැනි අපේක්ෂකයා:

ඔහු කාගෙනුත් ගරු බුහුමන්, ප්‍රශංසා ලද යුධ විරුවෙකි. මස්මාංශ අනුභවය පිළිකුල් කරයි. ඉඳහිට හෝ පාවිච්චි කරනුයේ බියර් ස්වල්පයක් පමණි. විවාහයෙන් පිට අනියම් ඇසුර තරයේ පිළිකෙව් කරයි.

හොඳයි මින් කවුද ඔබේ මනාපය? කවුද ඔබ තෝරාපත් කරනුයේ? පළමුව තීරණය කරන්න.

අනතුරුව පිළිතුර උදෙසා ලිපිය දිගටම කියවමින් පහළට යන්න.





……………..පහළට යන්න……………………






……………..පහළට යන්න……………………





……………..පහළට යන්න……………………








1වන අපේක්ෂකයා නමින් “ෆ්‍රෑන්ක්ලීන් ජේ රූස්වෙල්ට්”ය.
2වන අපේක්ෂකයා නමින් “වින්ස්ටන් චර්චිල්”ය.
3වන අපේක්ෂකයා නමින් “ඇඩොල්ෆ් හිට්ලර්”ය.

ආ, එපමණක් නොවේ, අර මුලින් මා ඇසූ ගබ්සා ප්‍රශ්නයට පිළිතුර:
ඔබ ඒ ගබ්සාව කළයුතු යැයි විශ්වාස කළා නොවේද? එය එසේනම්, එම ගබ්සාව අනුමත කරමින් ඔබ මරා දමනු ලැබූවේ ලෝ ප්‍රකටම සංගීතඥයා වූ “බිතෝවන්” බව අමතක නොකරන්න. 

ප.ලි:- උපුටා ගැනීම ඊමේල්ලුවකින්,ලියා තිබුනේ ජනිත් බංඩාර.

Monday, November 21, 2011

වසන්තය එන තුරු...

15 ප්‍රතිචාර | Read more...
ගොඩාක් කාලෙකට කලින්...
එක වසන්ත කාලෙක හමුවුණ ඔයා,
මගේ ආදරේ වුනා...
ඒත්.. මගේ ලෝකෙට අහස වෙච්ච ඔයාට
ඔයාගේ ලෝකේ ඇතුලේ මම,
පුංචිම පුංචි තරුවක් වුනා...
හ්ම්ම්ම්ම්......
ඔයා මට කිවුවා, තෝරගන්න...
ආදරයද, කැමැත්තද...
මං තෝරගත්තා...
කවදාවත්ම නොලැබෙන මගේ ආදරය,
දෙවෙනි කරා මගේ කැමැත්තට...
ගොඩක් කල් ගියා...
මගේ කැමැත්ත මගෙන් දුර ගිහින්...
ඒත් මගේ ආදරය...
මං බලාගෙන ඉන්නවා...
ආයිමත් වසන්තය එනකල්ම..
කවදාම  හරි.... කවදාම හරි.....




Thursday, November 17, 2011

හොරගොල්ල ජාතික වනෝද්‍යානය. නිට්ටඹුව

9 ප්‍රතිචාර | Read more...

හොරගොල්ල ජාතික වනෝද්‍යානය, කොළඹ නුවර පාරේ නිට්ටඹුවට පැමිණ, නිට්ටඹුවෙ සිට වේයන්ගොඩ පාරේ පින්නගොල්ල දක්වා මද දුරක් ගිය විට හමුවන සොඳුරු වන පෙතකි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවන එකම වනොද්‍යානය මෙය වේ.  වනොද්‍යානය ශ්‍රී ලංකා වනජීවි දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ.
අක්කර 33ක් පමණ ප්‍රෙද්ශයක් වසා පැතුරුනු වනෝද්‍යානයේ වැඩි වශයෙන් හොර ශාකය දැකිය හැකි අතර තවත් වියලි කලාපයේ දැකිය හැකි සුලබ ශාක විශේෂ කීපයක්ම දැකිය හැකිය. මකුණන්, කටුස්සන්, ගෙම්බන් සහ විශාල වශයෙන් මදුරුවන් දැකිය හැකි නමුත් මෙහි එතරම් ගහන ජෛව විවිධත්වයක් දැකිය හැකි නොවේ. එහෙත් පරිසර සංචාරකයකුට මෙම පරිසර පද්ධතිය විඳ ගැනීමට එය බාධාවක් නොවන බව නොකිවමනාය.

හොඳින් වැඩුනු ශාක නිසා ඝණ උඩුවියනකට හිමිකම් කියන හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ එතරම් ඝණ යටිරෝපනයක් දැකිය නොහැක. මෙයට කදිම උදාහරණය නම් අප වන පෙත ඔස්සෙ චාරිකාවෙ යෙදෙන අතරවාරයේ හට ගත් මද වැස්සෙන් එකද ජල බිඳුවකිනුදු අප නොතේමීමය.

 
වනෝද්‍යානයේ තවත් ඡායාරූප නැරඹීමට මෙතනින් පිවිසෙන්න.

සුන්දර පරිසය විඳ ගන්න. ඔබත් පරිසර සුවිසැරියේ යෙදෙන්න. පරිසරයට ආදරය කරන්න. පරිසරය රැකගන්න දායක වන්න....
පරිසරය සුන්දරයි. රැකගැනුම යුතුකමයි!

Saturday, November 12, 2011

A Lesson For The Youth ( YOungsters)

2 ප්‍රතිචාර | Read more...
At times when our deepest faiths betray us and hence it is better to behold the minds awareness of the bad than to cry over the loss.

Thursday, November 10, 2011

මගේම වී ඔබ.....

16 ප්‍රතිචාර | Read more...


නුඹේ සුසුම් පොදක්වත්
නොවැදෙන මානයේ
කොහේ කියා සොයන්නද
පිළිසරනක්!
නෙත් කෙවෙනි වලට....


හුස්ම පොද රැඳුනු
නුඹේ හසරැල්ලේ
කෙසේ විඳිම්ද
පවන් රොදක්!
නොදැක නුඹ....


ලඟින් නොසිටියත් මගේ
ඔය ලෙන්ගතු දෑස,
ඔය ලෙන්ගතු හිනාව,
හැමදාමත් මගේ ලඟ
මගේම වී හිඳිවී......

Saturday, November 5, 2011

පිදිය යුත්තන් පිදීම හෙවත් විමසුම මගේ ඇසින්

15 ප්‍රතිචාර | Read more...
වත්මන්  සමාජයේ දේශපාලනය යනු ඇතිවත් බැරි නැතිවත් බැරි දෙයක් බවට පත්වී ඇත, මේ ලිපියේ ගමන් මග එවන්වු දේශපාලනික වටපිටාවක් මැදින් ගලා යන බැවින්, තම තමන්ගේ දේශපාලන පක්ෂ සහ ඒවායේ ඇතැම් ක්‍රියාවන් විමසුමට ලක් කිරීමේදි මා හා උරන නොවන ලෙස මුලින්ම ඉල්ලා සිටිනු කැමැත්තෙමි.

මෙහි සටහන් වන කරුණු ඔනෑම අවස්ථාවක සංවාදයට විවෘත වන අතර තම තමන්ගේ අදහස් අඩුවැඩි ලෙස කමෙන්ටු මඟින් එක්කිරීමේ අවකාශයද ඔබ හට හිමිවනු ඇත.

තිස් වසරකට අධික කාලයක් පැවති ඊලාම් යුද්ධය අවසන්ව ගෙවී ඇත්තේ ඉතාමත් සුළු කාලයක් වුවද යුද්ධයේ කුරිරු මතක සටහන් මේවන විට හිරු දුටු පිණිබිඳුසේ වේගවත් සංවර්ධනය හමුවේ අප හට අමතකව ගොසිනි.. එසේම එක් දේශපාලන පක්ෂයකට හා  පුද්ගලයින් කිහිප දෙනෙකුට පමනක් යුද්ධය නිමා කිරීමේ ගෞවරයද හිමිවී අවසානය. මෙය සැබෑ වීරයන් සිරගත ව දුක් විඳින කල නිලදරුවන් සුරසැප විදින විස්මිත ලෝකයක් බවට පත්වු කැළල හැරෙන්නට යුද්ධයෙන් සිරිලකට වෙනත් කැලලක් ඇති වී නොමැත. පොදුරදමඩුලු සමුලුව එයට සාක්ෂියකි.

අනෙක් අතට කර්නල් ගඩාෆිගේ මරණය සිදුවු ආකාරය ලොව පුරා වීඩියෝ දර්ශන වලින් පෙන්වද්දි අප රටෙහි ත්‍රස්තයන් මර්දනය කල ආකාරය ඉතාමත්ම මානව හිතවාදීය.. එය අනෙක් කතාවකි. මා අද කතා කරන්නේ ඊලාම් යුද්ධයට පසු  අද සිරි ලක ගැනයි..

2009ට පෙර දකුණේ ගම්මාන වල දෙමාපියන්ගේ හදවත් ගින්නෙන් නොඇවිලුනු වෙලාවක් සොයන්නට බැරිවිය.. විශේෂයෙන් අවසන් සටන පැවති කාලයේ කොහේ කොයි මොහොතක හමුදා පුතෙකුගේ නිසල සිරුරක් රැගත් ජීප් රථයක් මතුවේවිදැයි ඔවුන් බියෙන් පසු වූවෝය, එමෙන්ම සියලූම ලක් වැසියන් කුරිරු යුද්ධයේ අවසනක් සොයන්නට වෙර දරණ වීර පුතුනට හදවත් වලින් ආශිර්වාද කරමින් කුරිරු ත්‍රස්ත නායකයාගේ මරණය ප්‍රාර්ථනා කලෝය.. එය එසේම සිදුවිය..

ඒ අප රට ලත් දෙවන නිදහස විය.. ලක් වැසියා ඒ නිදහස සැමරු ආකාරය මා ඔබට කිව යුතු නැත... විදේශයක සිට පැමිණ මාතෘ භුමිය වැඳ නමස්කාර කරමින් හරසර කල ජනපති තුමන්ට මෙන්ම  එවකට සිටි යුදහමුදාපති ඇතුලු ත්‍රිවිධ හමුදාවන්ද ජනතාවගේ සැබෑ විරයන්  බවට පත්වුවෝය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියල්ලන්ම නිදහසේ අසිරිය සැමරු හැටි සිහිකරන්නට මම මෙන්ම ඔබත් කැමති වනු ඇත..

එහෙත් අභාග්‍යයකි.. නීරස දේශපාලයේ අඳුරු හෙවනැලි විසින් ජාතික වීරයන් බිලිබා ගැනිමේ කූට ව්‍යාපාරයක් ඇතිවිය. යුධ ශිල්පයෙහි කෙල පැමිණි නමුත් දේශපාලනයේ ළදරුවකු වු හිටපු හමුදාපති වරයා අභාග්‍ය සම්පන්න ලෙස සිරගත වුවේ දේශපානයේ වරද නිසා මිසක ඔහු කල වරදක් නිසා නොවන බව ප්‍රසිද්ධ රහසකි.. බල තණ්හාව විසින් වීරයන් වනසයි යන්න මනාව පැහැදිලි කල අවසන් ජනපතිවරණය විසින් මිනිසුන්ගේ මිනිසත් කම පවා වෙනස් කරන්නට සමත්වී ඇත.. එක් උදාහරණයක් පමණක් කියමි.

ත්‍රස්තයන්ගේ ප්‍රධානතම ක්‍රියාකාරී ස්ථානයක් වු . කිලිනොච්චි නගරයේ ඉදිකරවා ඇති. රණවිරු ස්මාරකය ඉදිරියට එක් වරක් හෝ ඔබ ගොස් ඇත්නම් එහි ඉදිරිපස ගලෙහි කොටා ඇති අකුරු පෙල කියවන්නට ඇත.. ඔබ ඔබේ  හදවතින් විමසා බලන්න එහි එකම නමත් අමතක කොට ඇත... එය හිතා මතා කල බව පැහැදිලිය.. මන්ද වත්මන් හමුදාපති ඔවුනට මතක් වුවේනම් සැබැවින්ම යුධ ජයග්‍රහනයේ පුරෝගාමියෙකු වු හිටපු යුධ හමුදාපතිවරයා අමතක වීම අරුමයකි.
යුධ ජයග්‍රහනයේ සැබෑ අයිතිකරුවත් දේශපාලුවන් හෝ ලේකම් වරුන් නොව සැබැවින්ම යුධබිමෙහි එඩිකම් පෑ රණවිරුවන්ය.. එය අමතක කල සමාජයක අපි අද නිදහසේ සිටීම ගැන සැබැවින්ම මම පුදුමයට පත්වෙමි.. එය සිදුවුයේ මෙසේය..
පසුගිය දිනෙක මම උතුරු ප්‍රෙද්ශයේ චාරිකාවක් ගියෙමි. එහිදි තවමත් රාජකාරියේ සිටිමින් සිවිල් ජනතාවගේ එදිනෙදා දිවිපැවැත්ම සාමකාමීව පවත්වාගෙන යෑමට උපකාර කරන සොල්දාදුවන් අතර විශේසිත කණ්ඩායමක්  නාගදීප පුදබිමට බෝට්ටුවට ගොඩවන ජැටියේදි මට මුණ ගැසුනි.. ඔවුන් අත පොත් කිහිපයක් විය බැතිමතුන්ට ඒවා පෙන්වමින් කතාකරන ඔවුගේ මුහුණු, ඔවුන් නොතකා යන බැතිමතුන් දැක අඳුරුවන සැටිය මම දුටිමි.. ඔවුන් අසලට යන්නට  සිත බල කලත්  මා යා යුතු බොට්ටුව පිටත් වීමට කාලය පැමිණි බැවින් ඒ හමුව පසුවට කල් තබා ගතිමි..




නාගදීප පුද බිමෙදීද අපූරු සිදුවීමක් සිදුවිය. එක් දමිල තරුණයෙක් යාපනය නගරයට යාමට බොට්ටුවක් පැමිනෙන තුරු එහා ජැටියේ සිටින අවස්ථාවේ හදිසියේ ඔහු රොගාතුර විය.. සැබැවන්ම ඔහු අපස්මාර රොගියෙකි.. හදිසියේ රෝගී වු ඔහුට අපේ නාවික සෙබලුන් උපකාර කරද්දි සහෝදර දමිල ජනතාව පිළිකුලෙන් අහකට වී බලා සිටියෝය.. කිසිවෙකු උදව්වට නොපැමිණි කල මදක් කෝප වු සෙබලෙකු බැන වැදුනේ මේ උඹලාගේ ගමේ එකෙක් ඉක්මකට බාරකාරයින්ට එන්න කියාපියව් මේ මනුස්සයා ගැන අපි දන්නේ නැහැනේ..  කියායි. ඒ හඩින් අවදි වු ගම් වැසියන් වහා තරුණයාගේ පියා කැඳවුවෝය.. සුවය ලබමින් සිටි ඔහු නැවත පියාට භාර දුන් සෙබලුන් සුපුරුදු ලෙස ගිනි අව්වේ තම රාජකාරියේහි යෙදුනෝය.

නැවත මෙගොඩ පැමිනි මා වහ වහා යටකී පොත්පත් විකිණු සෙබලුන් සිටි තැනට ගියෙමි.. හමුදා වීරයන්ට කවදත් ආදරය කල මාගේ සහොදරයාද මා හා එක්විය.
කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා යන්නෙන් ලියවුනු එම පොත, යුධ හමුදා විශේෂ බලකායේ සෙබලුන් විසින් තම අත්දැකිම් අලලා ලීයුවකි.. ඒ ඇසූ සැනින් වහා එය මිලදී ගන්නට මමත් මගේ බාල සොයුරාත් එකවිට තීරණය කලෙමු.. එසේම මොහොතක්  සුහදව ඔවුන්හා කතා කොට ඒ මුහුනු සිනාවෙන් බර කොට අප එතැනින් පිටත් වීමු..

නඩයේ සියල්ලන් අපට උසුලු විසුලු කලෝය.. ඔවුන් කීවේ දේශපාලුවන්ගේ  උදම් ඇනීම් බලන්නට අධික මිලක් ගෙවා නොවටිනා පොතක් මිලදී ගත් බවයි,  ඇතැම් විට හමුදා සොල්දාදුවන් පින්පත්තරකාරයන්ගේ තරමට බාල්දු කොට පොත දෙස රවා බලා පිටත්ව ගිය දේශමාමක ජනයා සිතන්නට ඇත්තේ එයම විය හැක .. ඒ ඔවුන්ගේ අවාසනාවයි.. නොබියව කිව හැක.. සැබැවින්ම මේ පොත දෙස නොබලා සෙබලුන් මගහැරගියවුන් සැබැවින්ම අවාසනාවන්තයෝය..
එහි සඳහන් අකුරක් අකුරක් ගානේ කකියන දේශප්‍රෙමිත්වය මා මේ සටහන ලියන්නට උනන්දු කරවන ලදි.

එහි කොටසක් උපුටා දක්වමි..

අපි වනයේ පුහුණු වි වනයේම කොටසක් බවට පත්වුවෝ වෙමු. සුපරික්ෂාකාරිව නොබැලුවහොත්  විශේෂ බලකා සෙබලෙකුත් වනාන්තරයේ ගසකුත් අතර වෙනසක් නොමැත. බිම වැටුණු අතුඉපල් කොළරොඩුත් එහි වැතිරුණු අප සෙබලෙකුත් වෙන් වෙන්වශයෙන් හඳුනා ගත හැක්කේ කාහටද..? විටෙක ඔහු ගලක් විය හැකිය. විටෙක පඳුරක් විය හැකිය, තවත් විටෙක ඔහු මඩ තැවරුණු දර කොටයක් විය හැකිය. වනය ඔහුටද ඔහු වනයටද එතරම් සබැඳිය. වනය ඔහු සතුරාගෙන් වසන් කරන්නේ ඔහු වනයේම කොටසක් වන බැවිනි.
කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා
 -පිටු අංක 125-

 සත්‍යයකි ඔවුන් හැමවිටම වාගේ ක්‍රියාන්විතයන් කොට ඇත්තේ වනයේද ඇතැමි විට සතුරු බලමුලුවලට පහර දීමට ගොස් වනයේ අතරමන්වී බීමට ජලපොදක් නැතිව මුත්‍රා පානය කල බව ඔවුන් කියා ඇත. එසේම වරක වතුර හිඳුණු වැවක වලක් හාරා දින පහක් ජලය පානය කල ඔවුන් ආපසු යද්දි දිවි රැකදුන් වතුරු වලට දණගසා නමස්කාරකොට ගොස් ඇත.. මෙවන්වු අනුවේදනිය අත්දැකීම් රුසක් අකුරුකොට ප්‍රකාශ යටපත්කර ඇති මෙම වටිනා පොත කියවන්නට මා ඔබට ආරාධනා කරමි..

රඟමඩලෙහි රඟදෙන කලිහී
මහා තේජසින්
රංගධරයින් ....
කඩතුරාවට සැඟව
කළ මහඟු මෙහෙවර
දැකිය හැක්කේ
එබී බැලීමෙනි
ඇතුලාන්තයට......


මේ ඔවුන්ගේම වචනයි..  සැබැව්න් මෙම පොත ඇතුලානතයට එබී බැලීමට විවරවු කවුලුවක් වැන්න..
හිතවතුනි ඔබට කෙමෙන් අමතකව ගොස් ඇති සැබෑ ජාතික වීරයින් පුදන්නට කෙසේ හෝ මෙම පොත කියවන්න..
මෙය ඔබට පොත් හලකින් ලබා ගැන්මට අපහසු වීනම් මෙහි කමෙන්ටුවක් සටහන් කරන්න ඔවුන් හා සම්බන්විය හැකි මගක් මා සොයා දෙන්නම්.. එන්න මාහා පිදිය යුත්තන් පුදන්න......