අකරතැබ්බය

Tuesday, November 29, 2011


අද මම කියන්න යන්නෙ අපේ ඉස්කෝලෙ ගීතිකා කන්ඩායමේ කට්ටියට වුන අකරතැබ්බයක් ගැන. හිකිස්. මතක් වෙනකොටත් හිනා යනවා. මෙන්න මේකයි කතාව.


අපේ ඉස්කෝලෙ තමයි මුලු කොළඹ දිස්ත්‍රක්කෙන්ම දෙවනියට ඉන්න ගීතිකා කන්ඩායම. පලවෙනියට කියලා කියන්නත් පුලුවං. හැමදාම පලවෙනියා වෙන ඉස්කෝලෙ හොර කරන්නෙ නැත්තං අපි තමයි හැමදාම පලවෙනියා වෙන්නෙ. මොනා කරන්නද ඉතිං. අපේම සහෝදර පාසලක් නිසා කට පියං ඉන්නවා. සමස්ත ලංකා 2008 අපි තමා දෙවෙනියා. ඒකත් හොර කරලා පලවෙනියා ගත්තෙ. හොටු පෙරාගෙන කිව්වයි කියලා වුන්ට ලකුණු තුනක් වැඩියෙන් දුන්නා. >:(

ඔන්න ඉතිං අපිට වැල්ලවත්තෙ තියෙන ඉතාමත්ම ප්‍රසිද්ධ අපේ සහෝදරී පාසලක් ආරාධනා කරනවා BMICH එකේ සංගීත ප්‍රසංගයක් තියන්න. ඒ ගැන කෝල් කරලා අපේ ගීතිකා කන්ඩායම බාර ෆාදර්ට කියපු ගමං අපෙන් ඇවිල්ලා ඇහුවා යන්ද කියලා. ආයෙ ඉතිං මොන කතාද.. කන්න දෙනවනම්, අපිට බොන්න දෙනවනම්, කෙල්ලො ඉන්නවනම් මොන කෙංගෙඩියද තව ඕන කියන්නෙ කිව්වලු. ෆාදරුත් මාර කතා අහන්නෙ. ඕක අපෙන් අහන්නත් දෙයක්යැ. මොකද කියනවනම් ෆාද අපි ගැන නොදන්නවයැ. අපිත් ඉතිං කට ඇරලා හා ෆාදර් යං යං කිව්වා. දැං ඉතිං අම්මා... බලන්න එපෑයැ කට්ටියයගෙ තියෙන උද්යෝගෙ. සමහර එවුන් උදේට ඉස්කෝලෙ එන්නෙ නැතුව හවස 2.30 ට සිංදු පුහුණු වෙන්න එනවා. ( ඔන්න මමනම් නෙමේ හොඳේ. මම බදාදාට විතරයි ඉස්කෝලෙ කට් කරන්නෙ. එදාට පීරියඩ් 4ක්ම ප්‍රැක්ටිකල්නෙ. වෙන දවසක ගිහිං එදා කරපුවා නිවී හැනහිල්ලෙ කරනවා. ඉතිං එදාට පුහුණුවීම් තිබුනොත් ඉතිං කරන්න දෙයක් නෑ. හවස යන්නම වෙනවා. මොකද ඉතිං ඒ කාලෙ බේස් පාට් එක බාර වෙලා තිබුනෙ මටයි තව යාලුවෙක්ටයි.) අපි කරන්න හිතං හිටියෙ The Wonders ලගෙ That thing you do (මම කැමතිම සිංදුවක්. මමයි යෝජනා කලේ.) කියන සිංදුවයි Neil Diamond ගෙ Red Red Wine (UB 40 Version) කියන සිංදුවයි. 


අපි ඉතිං පාට් පුහුනු වෙන වෙලාවෙ කොල්ලෙක් ෆාදට යෝජනා කොලේ නැද්ද පොඩි නැටුමකුත් දැම්මොතින් කොහොමද කියලා. ෆාදත් හනේ ගුඩ් අයිඩියා කිව්වෙ නැතෑ. අපිට මල කියන්නෙ මල අරගෙන උගෙ මූනෙ උලන්න හිතුනා ඒ වෙලේ. මොනා කරන්නද අරූ කියලා දෙන පියවරවල් අපි බලාගෙන කරනවා. අම්මෝ හෙන ගේමක් දෙන්න වුනා නටන ගමං සිංදුව කියන්න ඉගෙන ගන්න. එක්කො නටන වෙලාවට සිංදුව කියන්න අමතක වෙනවා, නැත්තං සිංදුව කියන වෙලාවට නටන්න අමතක වෙනවා. හරි ඉතිං කොහොමෙන් කොහොම හරි ඔන්න ඉතිං දිනෙත් ලං වුනා. අපි ඉතිං ලස්සනට ඇඳලා VIP ලා වගේ අපේ ස්කූල් බස් එකේ ඇවිත් BMICH එකෙන් බැහැලා, පොඩි එවුන්වත් ආන්බාන් කරගෙන අපි එනකොට මඟ අපි දිහාවට එනවා අපිට ආරාධනය කරපු ඉස්කෝලෙ චීස් කෑල්ලක්. අනෙ අම්මේ්්්්්....ඇඟ සලිත වෙනවා. කෙල්ලත් ඉතිං මාත් එක්ක හිනා වීගෙනම මගේ ඉස්සරහටම එනවා. මමත් ඉතිං පොඩි හිනාවක් දාගෙන ඉස්සරහට ආවා. ලඟට එනකොටම මම හෙලෝ කියන්න අතට අත දෙන්න හදනකොටම මෙන්න මේකි මාවත් පහු කරං මගෙ පිටිපස්සෙ හිටපු ෆාද ගාවට ගියෙ නැතෑ. හෆොයි නෝංඩි ගොඩයි. ඔන්න ඉස්සෙල්ලම කියන්න ඕන මම පොඩි එවුන්ගෙන් නෝංඩි වුනේ නෑයි කියලා. ( මගේ යාලුවනම් කිව්වෙ, මම යාලුවන්ට කරන ඉතාමත් යහපත් වැඩවලට ලැබුන ආනිසංස තමයි මේ කියලා.) ඒ ස්වීට් කෙනා අපිට අපේ කාබරේ පෙන්නලා රිහසල් කරන්න තියෙන වෙලාවත් කියලා නොපෙනී ගියා. :'( අපි ඉතිං පොඩ්ඩක් ඉඳලා රිහසල් තියෙන වෙලාවට ස්ටේජ් එකට ගිහිල්ලා සිංදු දෙකත් කියලා ආයෙ අපේ කාබරේට ඇවිත් ඇඳුම් මාරු කරගෙන ෂෝ එක පටන් ගන්නකං හිටියා. ඒත් මටයි තව සෙට් එකකටයි එක දෙයක් ගැන හෙන අප්සට්. මොකද කියනවනම් කට්ටියට නටන්න බැරි සීන් එකක් උද්ගත වෙලා තිබුනා. කොහොමෙන් හරි කට්ටිය තිරනය කලා හෙමින් කකුල් වලින් දාන්න ඕන කරන පියවරයන් හෙමින් දදා නටන්න (ඇල්ටො පාට් එකේ එවුන්ට කිව්වෙ නෑ. මොකද කියනවනම් අර පණ්ඩිතයා හිටියෙ ඒ පාට් එකේ.) කරන්න දෙයක් නෑ. ඌට වැඩක් දෙන්න ඕනනම් පාට් එකටම දෙන්න වෙනවා. සොරි තමා. බට් වට්ටු ඩූ කිව්වලු. කියන්න එපා කියලා අයිඩියාව ගෙනාවෙ මගෙ එහා පැත්තෙ ඉන්න යාලුවා. ඌට හොඳටම මලක් තිබ්බෙ ඒකත් එක්ක. හිකිස්... මම පව් කියලා කිව්වට කොහෙ...මූ කනකට ගන්නෙ නෑ. දැන් ඉතිං කට්ටිය පෝලිං ගැහිලා ස්ටේජ් එකේ ලීවලින් හදලා තියෙන පඩි පෙළවල්වලට නැගලා ඔන්න ඉතිං ලස්සනට සිංදුව කියන්න පටන් ගත්තයි කියමුකො. දැං ඉතිං කට්ටිය සිංදුව කියන ගමං නටනවා. That thing you do සිංදුවේ තියෙනවා හරහට කකුල් දෙක දෙපාරක් තියලා ඒ කකුල ඒ පැත්තට උස්සන සීන් එකක්. අර හරියට සූර පප්පා කථාවෙ කට්ටිය නටන්නෙ. අන්න ඒ වගේ සීන් එකක්. ( කක්කුට්ටො ඇවිදිනවා වගේ හරහට) එක පාට්ටම දඩ බඩාං කියලා සද්දයක් ආවෙ නැතෑ ඇල්ටො පාට් එක ඉන්න පැත්තෙං. ඒ එක්කම වගේ බලන්න ආපු කට්ටියගෙ පැත්තෙං හූ කියනවා වගේ සද්දයක් ආවා. මම පොඩ්ඩක් ඉස්සරහට නැවිලා බැලුවා හැබෑටම මොනාද වුනේ කියලා. අප්පට හුඬු ඇල්ටො පාට් එකේ වුන් සේරම ඒ පඩියත් එක්කම බිමටම පත බෑවිලා. ඇත්තම කියනවනම් ඒකට පඩියක් කියලා කියන්න බෑ. රීප්ප පටිවලිං ඒ මැස්ස හදලා තිබ්බෙ. අරුං ඉතිං හොඳට කකුලට වෙර අරං කකුල පද්දලා. ඉතිං වැටෙන එක අහන්නත් දෙයක්යැ. අපිනම් රිහසල් කරනකොටම දැනගත්ත නිසා අපි බේරුනා. බලන්න ආපු එවුන්ටනම් පට්ට ආතල්. කට්ටිය ලොකු හූ සඡ්ජායනයක නිරත වුනා. හැබැයි ඉතිං අපේ කොල්ලො ටික තප්පර ගානට නැගිටලා ඊට යටිං තිබුන පඩියට නැගලා සිංදුව නවත්තන්නෙ නැතුව කිව්වා. පස්සෙ ආවෙ නැතෑ ලොකු චියර් පාරක්..

සිංදු ටික ඉවර වෙලා කට්ටිය බහිනකොටයි දැක්කෙ ලමයි දෙන්නෙක්ට තුවාල වෙලා හෝ ගාලා ලේ ගලනවා. මේ බූරුවො රිදිල්ල කාගෙනම සිංදුව කියලා. මම ඉක්මනට එතන ඉන්න කෙනෙක්ට කියලා අයිස් බෑග් දෙකක් ගෙනෙල්ලා දිලා වාහනේකින් රෝහලකට යැව්වා. මගේ ඇදුමෙ ලේ එකයි.එකෙක්ගෙ අතක්. අනිත් එකාගෙ ඇහි බැම. අත තුවාල වුන එකාට මැහුම් 2ක් ගහලා. පස්සෙ ඉතිං මේ හැම දේටම හේතු කාරයා වුන පුද්ගලයට, කණ්ඩායමෙන් සමාව ගන්නත් වුනා. එදායින් පස්සෙ ඇස් රතු වෙන විහිලු එයා කාටවත් කරන්නෙ නෑයි කියලා පොරොන්දු වුනා ෆාදට.

ඉතිං යාලුවනේ මම මේකෙන් කියන්න උත්සහ කලේ කෙනෙක්ට විහිලුවක් කරනවනම් ඒ ගැන දෙපාරක් නෙමෙයි සිය පාරක් හිතන්න. ඒක ඒ පුද්ගලයාට කොහොම බලපාවිද කියලා...
මේ සිද්ධිය ඇත්තටම මගේ යාලුවගෙ ජීවිතේ වෙනම මාවතකට යොමු කලා කියලා කිව්වොත් 100% නිවැරදියි . දැං එයා යහපත් ළමයෙක්ලු..

9 ප්‍රතිචාර:

  • සයුරි says:
    November 30, 2011 at 1:00 AM

    අහ්හ් ඒ කියන්නේ එයා මේක කඩන් වැටෙන බව දැන ගෙනමද නටන අයිඩියා එක දාල තියෙන්නේ...

  • Anonymous says:
    November 30, 2011 at 2:46 AM

    අම්මෝ.... මදෑ ඔයින් ගියා........

  • පූසා says:
    November 30, 2011 at 9:47 AM

    ඇත්ත කියපං උඹ නේද ඔය කතාවේ පණ්ඩිතයා?

  • වර්ණා says:
    November 30, 2011 at 11:17 AM

    දැන් එතකොට ස්ටේජ් එකේ නේද අවුල? හිහි. මාර සින් තමයි වෙන්නේ .

  • චතුවා says:
    November 30, 2011 at 12:34 PM

    සීතල අයියා මේ පණ්ඩිත වැඩ දාන්න ගිහින් නෝන්ඩි වුනයි කියලා එක එක අය කියන කතා ඇත්තද බං?

  • සංකල්ප says:
    November 30, 2011 at 9:43 PM

    මරු !!!
    සීතල අයියා මල්ලි චාට‍ර් වෙලා. හික්ස්

  • සීතල අයියා says:
    December 1, 2011 at 8:47 AM

    @ සයුරි- පිස්සු කතා කියනවා. මම එහෙම කරනවාද..

    @ මහී- ඒක නම් ඇත්ත.

    @ පූසා- අනෙ අම්මේ නෑ.

    @ වර්ණා- නෑ අලේ. ලීවලිං හදලා තිබ්බ පඩි වල අවුල තිබ්බෙ. :D

    @ චතූ- හැ. මම කවදද පණ්ඩිත වැඩ දාන්න ගියෙ. :/

    @ මධූ- මම චා වුනේ නෑ. :P

  • Unknown says:
    December 19, 2011 at 11:22 PM

    කොළඹ කතෝලික පාසල් තියෙන්නෙ 3යි.. ශාන්ත පීතර, ශාන්ත බෙනඩික්, ශාන්ත ජෝසප්. ඔය තුනෙන් පාසල් දෙකකම මම අධ්‍යාපනය ලබල තියෙනවා.. මාගේ අත්දැකීම් අනුව මේ කතාව සම්බන්ද ඇත්තෙ ශාන්ත පීතරයට වියයුතුයි..

    …මා නිවැරදීනේද සීතල අයියේ.. හැබැයි මා නිවැරදිනම් ""අපේ ඉස්කෝලෙ තමයි මුලු කොළඹ දිස්ත්‍රක්කෙන්ම දෙවනියට ඉන්න ගීතිකා කන්ඩායම"" කියන වාක්‍යට මම එකඟ නෑ..

  • Caztial says:
    December 25, 2011 at 1:12 PM

    seethali aiya seba da koheda :D

Post a Comment