
සිරිපා කරුණා කරනට
කෝඩු කාරියක් අත එල්ලී
උඩටම පිය නැඟුනු
ඉඳිකටුවක් වූ මා
සිරිපා නමස්කාර කරනට
නොහැකිවන ලෙස
මඟ තිබූ කලු ගලකට
පටලා ගිය සැටි
මතක් වන විට
ම'සිත කෙසේ නම් උහුලම්ද
මගෙ ආදරියේ..
එනමුත් මා,
තවමත් එතැනම හිඳ
නූල් පට නමැති පවුරුවෙන් මිදී
ලබන කරුණා සමයේ හෝ
එකට යන්නට
බලාපොරොත්තු පොදි බැද
දෑස් විහිදා
බලා සිටිමි.
කෝඩුකාරියේ,
මේ ඔබටයි ආරාධනය..
හරි එහෙනම් යමු. :)
ලස්සන අදහසක්..
අපිට සීතල මල්ලිව නැතිවෙන පොටක් වගේ !!!
ලස්සනයි කවි සෙට් එක :)
ලස්සනයි ගොඩාක්...
@ පොඩ්ඩා- උඹත් එක්ක යන්න ආයෙ සිරීපාදෙ? අනෙ අම්මේ නෑ :P
@ ඩිනේෂ්- ස්තූතියි සහෝ.
@ මධුරංග- ඇයි අප්පා එහෙම කියන්නෙ. මම මේ යස අගේට ඉන්නෙ :P
@ වර්ණා- ස්තූතියි යාලුවා :D
හම්ම්ම්ම්....
ඒ කියන්නේ මේ පාර අපි එක්ක සිරීපාදේ යන්න සීතල අයියා එන්නේ නෑ. (අකෝඩින් ටු සීතල අයියා'ස් කමෙන්ට්)
එල එල.. පට්ට. :D :D