පිදිය යුත්තන් පිදීම හෙවත් විමසුම මගේ ඇසින්

Saturday, November 5, 2011

වත්මන්  සමාජයේ දේශපාලනය යනු ඇතිවත් බැරි නැතිවත් බැරි දෙයක් බවට පත්වී ඇත, මේ ලිපියේ ගමන් මග එවන්වු දේශපාලනික වටපිටාවක් මැදින් ගලා යන බැවින්, තම තමන්ගේ දේශපාලන පක්ෂ සහ ඒවායේ ඇතැම් ක්‍රියාවන් විමසුමට ලක් කිරීමේදි මා හා උරන නොවන ලෙස මුලින්ම ඉල්ලා සිටිනු කැමැත්තෙමි.

මෙහි සටහන් වන කරුණු ඔනෑම අවස්ථාවක සංවාදයට විවෘත වන අතර තම තමන්ගේ අදහස් අඩුවැඩි ලෙස කමෙන්ටු මඟින් එක්කිරීමේ අවකාශයද ඔබ හට හිමිවනු ඇත.

තිස් වසරකට අධික කාලයක් පැවති ඊලාම් යුද්ධය අවසන්ව ගෙවී ඇත්තේ ඉතාමත් සුළු කාලයක් වුවද යුද්ධයේ කුරිරු මතක සටහන් මේවන විට හිරු දුටු පිණිබිඳුසේ වේගවත් සංවර්ධනය හමුවේ අප හට අමතකව ගොසිනි.. එසේම එක් දේශපාලන පක්ෂයකට හා  පුද්ගලයින් කිහිප දෙනෙකුට පමනක් යුද්ධය නිමා කිරීමේ ගෞවරයද හිමිවී අවසානය. මෙය සැබෑ වීරයන් සිරගත ව දුක් විඳින කල නිලදරුවන් සුරසැප විදින විස්මිත ලෝකයක් බවට පත්වු කැළල හැරෙන්නට යුද්ධයෙන් සිරිලකට වෙනත් කැලලක් ඇති වී නොමැත. පොදුරදමඩුලු සමුලුව එයට සාක්ෂියකි.

අනෙක් අතට කර්නල් ගඩාෆිගේ මරණය සිදුවු ආකාරය ලොව පුරා වීඩියෝ දර්ශන වලින් පෙන්වද්දි අප රටෙහි ත්‍රස්තයන් මර්දනය කල ආකාරය ඉතාමත්ම මානව හිතවාදීය.. එය අනෙක් කතාවකි. මා අද කතා කරන්නේ ඊලාම් යුද්ධයට පසු  අද සිරි ලක ගැනයි..

2009ට පෙර දකුණේ ගම්මාන වල දෙමාපියන්ගේ හදවත් ගින්නෙන් නොඇවිලුනු වෙලාවක් සොයන්නට බැරිවිය.. විශේෂයෙන් අවසන් සටන පැවති කාලයේ කොහේ කොයි මොහොතක හමුදා පුතෙකුගේ නිසල සිරුරක් රැගත් ජීප් රථයක් මතුවේවිදැයි ඔවුන් බියෙන් පසු වූවෝය, එමෙන්ම සියලූම ලක් වැසියන් කුරිරු යුද්ධයේ අවසනක් සොයන්නට වෙර දරණ වීර පුතුනට හදවත් වලින් ආශිර්වාද කරමින් කුරිරු ත්‍රස්ත නායකයාගේ මරණය ප්‍රාර්ථනා කලෝය.. එය එසේම සිදුවිය..

ඒ අප රට ලත් දෙවන නිදහස විය.. ලක් වැසියා ඒ නිදහස සැමරු ආකාරය මා ඔබට කිව යුතු නැත... විදේශයක සිට පැමිණ මාතෘ භුමිය වැඳ නමස්කාර කරමින් හරසර කල ජනපති තුමන්ට මෙන්ම  එවකට සිටි යුදහමුදාපති ඇතුලු ත්‍රිවිධ හමුදාවන්ද ජනතාවගේ සැබෑ විරයන්  බවට පත්වුවෝය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියල්ලන්ම නිදහසේ අසිරිය සැමරු හැටි සිහිකරන්නට මම මෙන්ම ඔබත් කැමති වනු ඇත..

එහෙත් අභාග්‍යයකි.. නීරස දේශපාලයේ අඳුරු හෙවනැලි විසින් ජාතික වීරයන් බිලිබා ගැනිමේ කූට ව්‍යාපාරයක් ඇතිවිය. යුධ ශිල්පයෙහි කෙල පැමිණි නමුත් දේශපාලනයේ ළදරුවකු වු හිටපු හමුදාපති වරයා අභාග්‍ය සම්පන්න ලෙස සිරගත වුවේ දේශපානයේ වරද නිසා මිසක ඔහු කල වරදක් නිසා නොවන බව ප්‍රසිද්ධ රහසකි.. බල තණ්හාව විසින් වීරයන් වනසයි යන්න මනාව පැහැදිලි කල අවසන් ජනපතිවරණය විසින් මිනිසුන්ගේ මිනිසත් කම පවා වෙනස් කරන්නට සමත්වී ඇත.. එක් උදාහරණයක් පමණක් කියමි.

ත්‍රස්තයන්ගේ ප්‍රධානතම ක්‍රියාකාරී ස්ථානයක් වු . කිලිනොච්චි නගරයේ ඉදිකරවා ඇති. රණවිරු ස්මාරකය ඉදිරියට එක් වරක් හෝ ඔබ ගොස් ඇත්නම් එහි ඉදිරිපස ගලෙහි කොටා ඇති අකුරු පෙල කියවන්නට ඇත.. ඔබ ඔබේ  හදවතින් විමසා බලන්න එහි එකම නමත් අමතක කොට ඇත... එය හිතා මතා කල බව පැහැදිලිය.. මන්ද වත්මන් හමුදාපති ඔවුනට මතක් වුවේනම් සැබැවින්ම යුධ ජයග්‍රහනයේ පුරෝගාමියෙකු වු හිටපු යුධ හමුදාපතිවරයා අමතක වීම අරුමයකි.
යුධ ජයග්‍රහනයේ සැබෑ අයිතිකරුවත් දේශපාලුවන් හෝ ලේකම් වරුන් නොව සැබැවින්ම යුධබිමෙහි එඩිකම් පෑ රණවිරුවන්ය.. එය අමතක කල සමාජයක අපි අද නිදහසේ සිටීම ගැන සැබැවින්ම මම පුදුමයට පත්වෙමි.. එය සිදුවුයේ මෙසේය..
පසුගිය දිනෙක මම උතුරු ප්‍රෙද්ශයේ චාරිකාවක් ගියෙමි. එහිදි තවමත් රාජකාරියේ සිටිමින් සිවිල් ජනතාවගේ එදිනෙදා දිවිපැවැත්ම සාමකාමීව පවත්වාගෙන යෑමට උපකාර කරන සොල්දාදුවන් අතර විශේසිත කණ්ඩායමක්  නාගදීප පුදබිමට බෝට්ටුවට ගොඩවන ජැටියේදි මට මුණ ගැසුනි.. ඔවුන් අත පොත් කිහිපයක් විය බැතිමතුන්ට ඒවා පෙන්වමින් කතාකරන ඔවුගේ මුහුණු, ඔවුන් නොතකා යන බැතිමතුන් දැක අඳුරුවන සැටිය මම දුටිමි.. ඔවුන් අසලට යන්නට  සිත බල කලත්  මා යා යුතු බොට්ටුව පිටත් වීමට කාලය පැමිණි බැවින් ඒ හමුව පසුවට කල් තබා ගතිමි..




නාගදීප පුද බිමෙදීද අපූරු සිදුවීමක් සිදුවිය. එක් දමිල තරුණයෙක් යාපනය නගරයට යාමට බොට්ටුවක් පැමිනෙන තුරු එහා ජැටියේ සිටින අවස්ථාවේ හදිසියේ ඔහු රොගාතුර විය.. සැබැවන්ම ඔහු අපස්මාර රොගියෙකි.. හදිසියේ රෝගී වු ඔහුට අපේ නාවික සෙබලුන් උපකාර කරද්දි සහෝදර දමිල ජනතාව පිළිකුලෙන් අහකට වී බලා සිටියෝය.. කිසිවෙකු උදව්වට නොපැමිණි කල මදක් කෝප වු සෙබලෙකු බැන වැදුනේ මේ උඹලාගේ ගමේ එකෙක් ඉක්මකට බාරකාරයින්ට එන්න කියාපියව් මේ මනුස්සයා ගැන අපි දන්නේ නැහැනේ..  කියායි. ඒ හඩින් අවදි වු ගම් වැසියන් වහා තරුණයාගේ පියා කැඳවුවෝය.. සුවය ලබමින් සිටි ඔහු නැවත පියාට භාර දුන් සෙබලුන් සුපුරුදු ලෙස ගිනි අව්වේ තම රාජකාරියේහි යෙදුනෝය.

නැවත මෙගොඩ පැමිනි මා වහ වහා යටකී පොත්පත් විකිණු සෙබලුන් සිටි තැනට ගියෙමි.. හමුදා වීරයන්ට කවදත් ආදරය කල මාගේ සහොදරයාද මා හා එක්විය.
කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා යන්නෙන් ලියවුනු එම පොත, යුධ හමුදා විශේෂ බලකායේ සෙබලුන් විසින් තම අත්දැකිම් අලලා ලීයුවකි.. ඒ ඇසූ සැනින් වහා එය මිලදී ගන්නට මමත් මගේ බාල සොයුරාත් එකවිට තීරණය කලෙමු.. එසේම මොහොතක්  සුහදව ඔවුන්හා කතා කොට ඒ මුහුනු සිනාවෙන් බර කොට අප එතැනින් පිටත් වීමු..

නඩයේ සියල්ලන් අපට උසුලු විසුලු කලෝය.. ඔවුන් කීවේ දේශපාලුවන්ගේ  උදම් ඇනීම් බලන්නට අධික මිලක් ගෙවා නොවටිනා පොතක් මිලදී ගත් බවයි,  ඇතැම් විට හමුදා සොල්දාදුවන් පින්පත්තරකාරයන්ගේ තරමට බාල්දු කොට පොත දෙස රවා බලා පිටත්ව ගිය දේශමාමක ජනයා සිතන්නට ඇත්තේ එයම විය හැක .. ඒ ඔවුන්ගේ අවාසනාවයි.. නොබියව කිව හැක.. සැබැවින්ම මේ පොත දෙස නොබලා සෙබලුන් මගහැරගියවුන් සැබැවින්ම අවාසනාවන්තයෝය..
එහි සඳහන් අකුරක් අකුරක් ගානේ කකියන දේශප්‍රෙමිත්වය මා මේ සටහන ලියන්නට උනන්දු කරවන ලදි.

එහි කොටසක් උපුටා දක්වමි..

අපි වනයේ පුහුණු වි වනයේම කොටසක් බවට පත්වුවෝ වෙමු. සුපරික්ෂාකාරිව නොබැලුවහොත්  විශේෂ බලකා සෙබලෙකුත් වනාන්තරයේ ගසකුත් අතර වෙනසක් නොමැත. බිම වැටුණු අතුඉපල් කොළරොඩුත් එහි වැතිරුණු අප සෙබලෙකුත් වෙන් වෙන්වශයෙන් හඳුනා ගත හැක්කේ කාහටද..? විටෙක ඔහු ගලක් විය හැකිය. විටෙක පඳුරක් විය හැකිය, තවත් විටෙක ඔහු මඩ තැවරුණු දර කොටයක් විය හැකිය. වනය ඔහුටද ඔහු වනයටද එතරම් සබැඳිය. වනය ඔහු සතුරාගෙන් වසන් කරන්නේ ඔහු වනයේම කොටසක් වන බැවිනි.
කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා
 -පිටු අංක 125-

 සත්‍යයකි ඔවුන් හැමවිටම වාගේ ක්‍රියාන්විතයන් කොට ඇත්තේ වනයේද ඇතැමි විට සතුරු බලමුලුවලට පහර දීමට ගොස් වනයේ අතරමන්වී බීමට ජලපොදක් නැතිව මුත්‍රා පානය කල බව ඔවුන් කියා ඇත. එසේම වරක වතුර හිඳුණු වැවක වලක් හාරා දින පහක් ජලය පානය කල ඔවුන් ආපසු යද්දි දිවි රැකදුන් වතුරු වලට දණගසා නමස්කාරකොට ගොස් ඇත.. මෙවන්වු අනුවේදනිය අත්දැකීම් රුසක් අකුරුකොට ප්‍රකාශ යටපත්කර ඇති මෙම වටිනා පොත කියවන්නට මා ඔබට ආරාධනා කරමි..

රඟමඩලෙහි රඟදෙන කලිහී
මහා තේජසින්
රංගධරයින් ....
කඩතුරාවට සැඟව
කළ මහඟු මෙහෙවර
දැකිය හැක්කේ
එබී බැලීමෙනි
ඇතුලාන්තයට......


මේ ඔවුන්ගේම වචනයි..  සැබැව්න් මෙම පොත ඇතුලානතයට එබී බැලීමට විවරවු කවුලුවක් වැන්න..
හිතවතුනි ඔබට කෙමෙන් අමතකව ගොස් ඇති සැබෑ ජාතික වීරයින් පුදන්නට කෙසේ හෝ මෙම පොත කියවන්න..
මෙය ඔබට පොත් හලකින් ලබා ගැන්මට අපහසු වීනම් මෙහි කමෙන්ටුවක් සටහන් කරන්න ඔවුන් හා සම්බන්විය හැකි මගක් මා සොයා දෙන්නම්.. එන්න මාහා පිදිය යුත්තන් පුදන්න......

15 ප්‍රතිචාර:

  • Roshanherath says:
    November 5, 2011 at 8:00 PM

    කාටත් අමතකවෙමින් පවතින පිරිසක් ගැන කරනලද සිහිකැඳවීමක්.. බොහොම අගෙයි..

  • චතුවා says:
    November 5, 2011 at 8:38 PM

    නියම පෝස්ට් එක.. බොහෝම ස්තූතියි මේ වගේ එකක් ලීව එකට.!

  • Anonymous says:
    November 6, 2011 at 9:08 AM

    ගොඩක් අයට දැන් ඒ සිද්ද උන දේවල් අමතක වෙලා ගිහිල්ලා.

  • Pramudi says:
    November 6, 2011 at 9:39 AM

    කියන්න වචන නෑ මේ ලිපිය ගැන.....
    කොහොමහරි හොයන් කියවනවා.

  • Anonymous says:
    November 6, 2011 at 11:07 AM

    මෙහෙම හරි බිලෝග් එකක සටහනක් තිබිබ එක ගැන ගොඩාක් සතුටූයී හිතට... මිට අවුරුදු 03 කට කලිං 2008-11-25 වෙනිදා මතක ඇති අපේ රටෙි උතුරු-නැගනහිර පැත්තට හොදට වැස්සා. ඒ වැස්ස මාස 02ක් විතර තිබිබා. ඔය වහින කාලේ මම හිටියේ යුධ හමුදාවෙි 57 සේනාංකය යටතේ තිබිබ 574 බලසේනාව ස්ථානගත කරල තිබිබ කවුරුත් දන්න කියන කෝකාවිල් වලට කිලෝමිටර් 12ක් ඇතට වෙන්න. මෙි දවස්වල තමයි හමුදාවෙි 57 හා 58 කියන සේනාංක කිලිනොචිචී නගරය ඉලක්ක කර ගෙන අවසන් මෙහෙයුම පටන් අරන් තිබුනේ.දවසක්, මමයි, මෙි ගමන ගියපු මගේ සහෝදර මාධ්‍ය සගයින් දෙන්නෙක් 58 සේනාංකයේ ඉදිරි ආරක්ෂක පෙරමුණට යන්න වාහනයක් එනකං ඉන්නවා ( අපිට හමුදාවෙන් වාහන ගන්න බැහැ , හේතුව යුද්දේ කරන අස්සේ වාහන වලට වැඩ තියනවා ඔින තරමි. වැඩ කරන ආයතනයෙන් වාහන ඉල්ලුවට දුන්නේ නැහැ. මොකද කියනවානමි යුද්දේ වාර්ථා කරන්න ඔින කියලා බලෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලං අපි ගියේ අපේ උවමනාව නිසයි). එදා 574 බලසේනාංක කදවුරේ ගේටිටුව ලග ඉන්නකොට තමයි මෙි සිද්ධිය උනේ. ඒ වෙිලාවෙි ආවා හමුදා ට්‍රැක්ටර් එකක්. එකේ පිටිපස්සේ හිටියා හමුදා සෙබලුන් 6ක්. පස්සේ කෑමිප් එක ලග නිසා අපි අතදාලා ට්‍රැක්ටර් එක නතර කරගෙන ඇහුවා කොහේ ඉදලාද එන්නේ, මොකද ඉස්සරහා තත්වය කියලා. එතකොට ඒ කණ්ඩායමෙි නායකයා ( විශේෂ බලකායේ ලුතිනන් කෙනෙක්) කිවිවා අපි මෙි දවස් 20 කට පස්සේ රෙකියක් දාගෙන ඉදලා එන්නේ ඉරණමඩු වැව ලග ඉදලා. කොටින් නමි පැත්ත පලාතේ ආවෙි නැහැ කියලා තව විස්තර ටිකක් කිවිවා. මම ඇහුවා දවස් 20 ම මෙහෙමද හිටියේ කියලා ඇදුමි දිහා පෙන්නලා. පස්සේ ඒ හමුදා නිලධාරියා කිවිවා මල්ලී... අපි විනෝද චාරිකාවකට ගියානමි ඇදුමි බැග් එක අරං යනවා. මෙි ගමනට නමි අරං ගියේ කෑමට වඩා උණ්ඩයි අනෙක් අවශ්‍ය කරන දේවල් ටිකයි කියලා. පස්සේ තමයි තේරුනේ අපි හිතනාවට වඩා හමුදාවෙි කොල්ලෝ මොනතරමි කැපවීමක් කරාද කියලා මෙි යුද්දේ ඉවර කරන්න.
    මෙි කතාබහෙන් පස්සේ අපි පුනරින් බලා ආවා එදා රැම. ඊට දවස් දෙකකට පස්සේ තමයි අපිට ආරංචි උනේ යුධ හමුදා විශේෂ බලකායේ හිටපු දක්ෂතම හා එඩිතරම හමුදා නිලධාරියෙක් වන මෙිජර් ලලිත් ජයසිංහ මිය ගියා කියලා ක්‍රියාන්විතයේදි. ( ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ගැන ඔය පොතේ ලස්සනට ලියලා තියනවා)... හැමෝටම සතෝෂයෙන් හිනා වෙන්න අද ඉඩදිලා ඒ විරුවෝ කැපකරලා අරං දුන්නු නිදහස දිවිහිමයෙන් ආරක්ෂා කරන එක අද අපේ වගකිම... මොකද එහෙම විරුවෝ හැමදාම ලෝකයේදි මුනගැහෙන්නේ නැති නිසා.....

    ( හතරවන ඊලාමි යුද්ධය වෙනුවෙන් දුුක්මහන්සි උනු අපේම සහෝදරයින් වෙනුවෙන් අකුරු කරපු කෙනෙක්)

  • Anonymous says:
    November 6, 2011 at 11:54 AM

    90 දශකයේ අග කාලයේදී මා එක්තරා විශේෂ ආරක්ෂක සේවාවක සේවය කලෙමි.එකල අප යුද හමුදා කොමාන්ඩෝ සෙබළුන් සහ විශේෂ බලකායේ සෙබළුන් සමග ඒකාබද්ධ මෙහෙයුම් වලට සහබාගි වී ඇත.අනෙකුත් යුද සෙබළුන්ට සාපේක්ෂව මේ දෙපිරිසම ඉතා නිහතමානී පිරිසක් බව කියයුතුය.මොවුන් අතරින්ද විශේෂ පිරිසක් වන දිගදුර විහිදුම් බලකායේ සෙබළුන් සමගද සේවය කර ඇත ඔවුන් කිසිදිනක තමන් කල දේවල් ගැන කතා නොකරති.බොහෝ දේවල් සිතට නැගුනත් නිහඩ වෙමි.

  • චතුවා says:
    November 6, 2011 at 12:12 PM

    තුන් වෙනි සහ හතරවෙනි ඇනෝ ‍කමෙන්ට් දැම්ම අයට ගොඩක් දේවල් ලියන්න තියෙනවා වගේ. හැමෝටම අතීතය මතක් කරලා දෙන්නත් එක්ක අපිටත් කියවන්න ලියුවොත් නරකද ලිපියක්? :)

    + මමත් මේ පොත හොයා ගන්නෝනි කියවන්න.. හොයාගන්න බැරි වුනොත්, කවී අක්කා.. මට ඔයාගේ පොත ඕනි...

  • Chandrangani Jayasinghe says:
    November 6, 2011 at 4:19 PM

    ඇත්තටම. හොයාගෙන කියවන්න ඕන. ස්තුතියි මග පෙන්නුවාට

  • Anonymous says:
    November 6, 2011 at 6:06 PM

    මේ පොස්ට් එක මම අහම්බෙන් දැක්කෙ.හරිම අහඹුව කියන්නෙ මේ දැන් මගෙ අත ගාවම මේ පොත තීනො.මට මේක හම්බුනෙ ඊයෙ.ර 8.45ට වගේ කියවන්න පටන් ගත්තෙ,රෑ 1යි කියවල ඉවර කරනකොට.එක හුස්මට කියෙව්වා.
    @ඇනො2;මේකෙ මම පටන් ගත්ත ගමන් හොයාගෙන හොයාගෙන ගියෙ ලලිත් ජයසි0හ රණවිරුවා ගන ගැන.පිටු 228ක් ගිය තැන තමා එයා ගැන සටහන හම්බුනෙ.ඒ වීරයා ගැන සදහන් උනා මදි කියලයි මගේනම් හැගීම.නමුත් හැමොම සහයොගෙන් යුද්දෙ දින්න නිසා කෙනෙක්ට විතරක් විශේෂයක් කල යුතු නෑ.ඔබතුමා මෙහි මුලින් සටහන් කරල තීන දිනට පසු දින තමා ලලිත් ජයසි0හ විරුව දිවි පිදුවෙ.රණවිරුවන් කල ඒ කැපකිරිම් දැන් සමහරුන්ට මතකත් නෑ,මේ පොතේම සදහන් වෙනො පිපාසාවට තමන්ගෙ මුත්‍රා පවා බිබී සටන් කරන්න ඔත්තු බලල.ඒ කැප කිරීම් ඔක්කොම කලේ රට වෙනුවෙන්.මේ පොත ගැන මුලින් දැක්කෙ නෙට් එකෙන්.ඒ වෙලේ ඉදන් දගලල දගලල හොයගත්ත.මේ බ්ගොග් එකට මම මුලින්ම ආපු වාතාවත් මේක,දැන් අවුරුද්දක විතර ඉදන් බ්ලොග් කිව්වට දාන පළවැනි කොමෙන්ට් එකත් මේක
    ~ආදී~

  • චන්දික ගුණතිලක says:
    November 6, 2011 at 9:31 PM

    වටින පෝස්ට් එකක් අක්කේ.
    ඇත්තටම නොදැකපු, නොදන්නා මිනිස්සු වෙනුවෙන් තමන්ගෙ ජීවිතය පරදුවට තියනවා කියන එක හැම මනුස්සයෙකුටම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. අපි නොදන්නව උනාට අපි වෙනුවෙන්, අද අපිට මේ තත්වය උරුම කරල දෙන්න කී දෙනක් නම් වීරයො විදියට මැරිල ඇතිද? දවස් ගනන් නොකා, බොන්න වතුර පොදක් නැතිව ඒ අය කැපකිරීම කරන්නෙ අනාගත පරම්පරා ගනනාවකටත් එක්කයි. ඒක වචන වලින් විස්තර කරන්න බැරි තරම් උතුම් වැඩක්.
    මේ අය දවස් ගනන් වස්සෙ තෙමුනෙ, වතුර අගල්වල බැහැල හිටියෙ, කට්ට කර වෙන අව්වට වේලුනේ තමන්ගෙ බඩ වඩාගන්න නෙවෙයි. තමන්ට කියලා ආරක්ශක සේවයක් දාගන්න නෙවෙයි. තමන්ට කියලා ලොකු ව්‍යාපෘතියක් පාස් කරගන්න නෙවෙයි. අපි හමෝම වෙනුවෙන් කරපු උත්තම පූජාවක් ඒක.

    සටන් බිමේදි මියගිය මේ අය බහුතරයක් වෙනුවෙන් වෙනම සැමරුම් දින නෑ. වෙනම පිලිම නෙලල නෑ. හැබැයි මහපොලොවට කතා කරන්න පුලුවන් නම් කියාවි තමන්ගෙ රට වෙනවෙන් වෙඩිකාල මේ පොලොව මතට වැටුන කියල.
    අපේ මේ රට වෙනුවෙන්, අපි වෙනුවෙන් මැරුණු ඒ 'නියම වීරයන්ට'(කටවුට් වල ඉන්න මහත්තුරුන්ට නම් නෙවෙයී) නියම උපහාරයක් වෙන්නෙ බේර දීපු රට, තවත් රටකට උකස් කරලා ණයට හිඟා කෑමෙන් නෙවෙයි. රටේ තියන සම්පත් හම්පඩ සුද්දන්ට තුට්ටු දෙකට විකුණලා නෙවෙයි. අපි එකතු වෙලා රටේ ආර්ථිකය දියුණු කිරීමෙන් කියලත් අන්තිමට කියන්නම්.

  • වටිනා පෝස්ට් එකක්... මමත් ඔය පොත ගැන හිතන් හිටියේ වැරදියට... ඊ-බුක් එකක් දාන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගොඩක් අගෙයි !!!

  • කපීකේකි says:
    November 7, 2011 at 8:47 PM

    මටත් ඔය පොත අරන් කියවන්න ඕනේ.කවි අක්කා කොහෙන්ද මේ පොත් ගන්න පුලුවන් කියල එයාල කිව්වෙ?

  • Anonymous says:
    November 8, 2011 at 12:52 AM

    රාත්‍රි 1 වෙනකමි මෙි පොත කියෙවිව සහෝදරයාට හෝ සහෝදරියට ගොඩාක් ස්තුතියි වන්ත වෙනවා. ඇත්තටම ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ගැන එතන ලියලා තිබිබෙි බොහොම ටිකයි කියලා මම පිලිගන්නවා. මොකද මමත් ඔය පොත හොයා ගත්තේ අදයි. මෙි පොත ගන්න ඔින තැන් කොහොද කියලා තවත් කෙනෙක් අහලා තිබිබා. මෙි පොත ගන්න පුලුවං යුධ හමුදා විශේෂ බලකායේ කදවුරු වලින් වගේම සරසවි, විජීත යාපා ඇතුලු ඔිනෑම ප්‍රධාන පොත් ප්‍රකාශකයින්ගෙන්.
    මම බිලොග් කියෙවිවාට කවදාවත් කමෙින්ටි දාලා නැහැ.ඒත් මෙි ලියලා තියෙන කතාව නිසයි මං දන්න දේ කෙටියෙන් සදහනක් කලේ. ආයුධයක් අත නොදැරුවට මගේ හිතේ පොඩි ආඩමිබරයක් තියනවා. මොකද මෙි රට මරණ භයංකාරයෙන් වෙලා ගත්ත මුසල කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව අපේ හමුදාව කරපු සටන දකින්න, ලියන්න මටත් එයාලා එක්ක ඒ සටන් බිමට ගිහිං ඉන්න ඉඩ ලැබුනු නිසා. මං ඉක්මනටම මගේ පහුගිය කාලේ යුද්ධෙත් එක්ක අත්විදින්න උනු , අත්විදපු සිදුවිමි ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න එන්නමි... මෙි වගේම එදාට මටත් මගේ බිලොග් එකේ හරි වැරදි කියලා දෙන්න ඔයාලා එයි කියලා මම හිතෙනවා...!!!!

    යාපා පටුනේ සද නගින රාත්‍රියක
    ගුරු නගර් ජැටියේ ලගට වෙලා
    පුනරින් තුඩුව දිහා බලන් ඉද්දි
    දැනුනා අතීතයේ මතක සුවද පොඩි
    අකුරු කරන්න හිතෙනවා මට ඒක
    ඔබෙි එඩිකමි ගැන නොකියවපු අයට
    බිදක් බෙදලා දෙන්න ඒ සුරුවිරුකමි ගැන........!!!

    මම නදුන් ශිවන්ත

  • Unknown says:
    November 9, 2011 at 12:08 AM

    http://ahasgawaa.blogspot.com/2011/11/blog-post_08.html

    කොටින්ට වැරදුනු තැන් බලන්න ඔබත් එන්න..!!!

  • Kavindya says:
    November 12, 2011 at 10:53 PM

    @ කපීකේකි
    පොත සරසවි බුක් ෂොප් එකේ තියෙනවලු ඔයාට එහෙන් ගන්න පුළුවන් වෙයි :)

    ස්තූතියි මගේ සටහනට එකතු වුනු ඔයාලා හැමෝටම :)

Post a Comment