වසන්තය එන තුරු...

Monday, November 21, 2011

ගොඩාක් කාලෙකට කලින්...
එක වසන්ත කාලෙක හමුවුණ ඔයා,
මගේ ආදරේ වුනා...
ඒත්.. මගේ ලෝකෙට අහස වෙච්ච ඔයාට
ඔයාගේ ලෝකේ ඇතුලේ මම,
පුංචිම පුංචි තරුවක් වුනා...
හ්ම්ම්ම්ම්......
ඔයා මට කිවුවා, තෝරගන්න...
ආදරයද, කැමැත්තද...
මං තෝරගත්තා...
කවදාවත්ම නොලැබෙන මගේ ආදරය,
දෙවෙනි කරා මගේ කැමැත්තට...
ගොඩක් කල් ගියා...
මගේ කැමැත්ත මගෙන් දුර ගිහින්...
ඒත් මගේ ආදරය...
මං බලාගෙන ඉන්නවා...
ආයිමත් වසන්තය එනකල්ම..
කවදාම  හරි.... කවදාම හරි.....




15 ප්‍රතිචාර:

  • චතුවා says:
    November 21, 2011 at 5:35 PM

    මට වුනා වගේ... :)

  • වර්ණා says:
    November 21, 2011 at 5:36 PM

    මටත්.. එත් මම දන්නවා කවදාවත් ඔයා එන්නෙම නැහැයි කියලා..

  • ආඩම්බරකාරී says:
    November 21, 2011 at 5:38 PM

    ලස්සනයි නඟා.. :)

  • nicky says:
    November 21, 2011 at 5:59 PM

    මං බලාගෙන ඉන්නවා...
    ආයිමත් වසන්තය එනකල්ම..
    කවදාම හරි.... කවදාම හරි.....

  • හිතුවක්කාර කෙල්ල says:
    November 21, 2011 at 6:39 PM

    ම්ම්ම්ම්ම්ම්ම්.... මාත් හුගාක් කල් ඉඳන් බලන් ඉන්නෙ.මේ කට්ට කර්කෂ ඉඩෝරය ඉවර වෙලා,කොල පාටින් ගස් ව්ඇල් එලිය වෙලා, මල් පිපිලා ගෙඩි හැදිලා අතු බර ව්එලා,ලස්සනම ලස්සන වසන්ත කාලෙ එනකම්..මම තවමත් මග බලන්.....

    ලස්සනයි පද ටික!!! අපූරුයි

  • Kavindya says:
    November 21, 2011 at 7:53 PM

    ඔය වසන්ත කාලේම එනකල් මාත් බලාගෙන ඉන්නවා.. ඒක ආපු දාව මම හත් දොහක් මඟුල් කනවා :D

  • සංකල්ප says:
    November 21, 2011 at 8:21 PM

    හෑ... නඟා මේ බ්ලොග් එකෙත් ලියනවද ? හොදා හොදා.

  • සීතල අයියා says:
    November 21, 2011 at 8:24 PM

    අපෝ පටං අරන් තියෙන්නෙම බූට් එකකින්නෙ.මේක බූට් ලෝකයක්ද මංදා. :/

  • නඟා says:
    November 21, 2011 at 8:30 PM

    @චතුවා - හොදටම විස්වාස ද අයියේ???


    @වර්ණා- හ්ම්ම්ම්... කවදාම හරි එයි....

  • නඟා says:
    November 21, 2011 at 8:31 PM

    @ආඩම්බරකාරී අක්කා- තැන්කු අලෙ....

  • නඟා says:
    November 21, 2011 at 8:33 PM

    @නිකි- හ්ම්ම්ම්.....

    @හිතුවක්කාරී-හ්ම්ම්ම්ම්... ඉතුතියි සහෝදරි...

    @සුදු හංසි අක්කා- මාත්,....

  • නඟා says:
    November 21, 2011 at 8:34 PM

    @මධුරංග අයියා- ඔව් අයියා අද තමයි පලවෙනි පොස්ට් එක...

  • නඟා says:
    November 21, 2011 at 8:36 PM

    @සිතල අයියා- ඔව් අයියා මේක දුකක් තමා... ඒත් මගේ නෙවි.. වෙන කෙනෙක්ගේ....

  • චතුවා says:
    November 21, 2011 at 9:02 PM

    මට තරම් වෙන කාටවත් විස්වාස නැතිව ඇති නඟා.. ඔය වසන්තය ආයිම එයි කියලත්.. :D

  • නඟා says:
    November 22, 2011 at 8:28 AM

    හ්ම්ම්ම්ම්ම්..... බලාගෙන හිටු... ඔය වසන්තේ ආවේ නැත්තන් අපි ගිහින් උස්සගෙන හරි එමු අලෙ... ඔව්වත් ප්‍රශ්නද.... :ඩ් :ඩ් :ඩ්

Post a Comment