සිතුවිලි නිහඬයි

Thursday, December 1, 2011


සිතුවිලි සමුදුරේ
චන්ඩ මාරුත මැද
ජයග්‍රාහී ජයඝෝසා මැද
තොටුපල කරා මා රැගෙන ගිය
කප්පිත්තා,
අද මා, රුදුරු මහ මූද මැද
හොර රහසේම
දමා ගොසින්...

ඔබ නැතිව
අබලන් වූ මේ නැව
හෙට දිනවන විට
මසුනට පාරාදීසයක් වනවා සේ
ඔබ හා ගෙවුනු
සුලු මතකය
සදහටම මා හට
පාරාදීසයක් මවනු ඇත.

4 ප්‍රතිචාර:

  • Prabhath Darshana says:
    December 1, 2011 at 6:05 PM

    ගිලුනු නැවකට වෙලා කප්පිත්තටත් මැරෙන්ඩ කියන්න වගේනෙ උඹ o.O

  • සීතල අයියා says:
    December 1, 2011 at 6:12 PM

    අනේ උඹ හරියට කියවලා නෑ. කව පාරක් කියවන්න අබලන් වෙන්න හේතුව මොකක්ද කියලා..

  • Anonymous says:
    December 3, 2011 at 6:32 AM

    අනේ ඔයාව කව්ද හැර ගියේ...හැර ගියත් මොකද...පරාදිසයක් මවනවානම් ඕන් ඔහේ.....අපිනන් දන්නේ හැර ගියාම...අපාය වගේ කියලා ඕන්...

  • සීතල අයියා says:
    December 4, 2011 at 2:44 PM

    අලේ කව්ලු හැල යන්නද අලේ. සිතුවිල්ලක් විතලයි. :P

Post a Comment