ආදරය = ලිංගිකත්වයද????? :O

Friday, December 9, 2011

කට්ටිය මට ගල් ගහයිද දන්නෙ නෑ මේ මාතෘකව දැකලා.
මම මේ කියන්න යන්නෙ
යාලුවො සෙට් එකක් කතාඋන මාතෘකාවක් ගැන.කට්ටිය කියන විදියට කෙල්ලෙක් එක්ක විවහ වීමේ ප්‍රධානතම අරමුණ සංවාසයේ යෙදීමලු.එතකොට එකිනෙකාගෙ අවශ්‍යතා සලකා බලමින් එකිනෙකාට උදව් කරමින් ජීවිතයේ ඉදිරි කාලය තනිකඩව නොසිට සතුටින් ජීවත් වීම නෙමෙයිද? :-\ ලිංගිකත්වය කියන්නෙ පවුල් ජීවිතයට අවශ්‍ය එහෙත් ප්‍රධානම අරමුණ නෙමෙයි නේද??????අවශ්‍යතාවලින් එකක් පමණයි නේද?

තව දෙයක්, පොඩි හේතුවකටත් රංඩු වෙලා වෙන් වෙන අයටත් මේක හොඳ ආදර්ශයක් වේවි.

මම ඔය ගැන කල්පනා කරකර ඉන්නකොට මට හම්බ උනා video එක්ක මේ මාතෘකවට ගැලපෙන විදියෙ.මෙයා American IDOL එකේ singer කෙනෙක්.මෙයා ඒකෙ තරග කරන අතරතුරේදි මෙයාගෙ බිරිද අසනීප වෙලා කිසිම දෙයක් කර ගන්න බැරි විදියට අත පය පණ නැති වෙලා.පස්සෙ American IDOL එකේ නිෂ්පාදක මෙයාට සල්ලි දීලා සිංදුවක් කරන්න. (මා හට ලැබුන ආරංචිවල හැටියට)
බලන්නකො මේ වීඩියෝ එක කොච්චර හිතට වැදුනද කියලා.
බොරු කියන්න ඕන නෑනෙ.මම බැලුවෙ 4 පාරයි.4වෙනි පාරත් බැලුවෙ අඩන්නැතුව ඉන්න පුලුවං වෙයි කියලා.කොහෙද බැරි උනානෙ එහෙම ඉන්න. :'(
මේ video එක ඇත්තටම ගත්ත එකක්.
හොදට තේරුම් අරගෙන වීඩියෝ එක හොදින් බලන්නකො. :)
මේ සිංදුව බලනකොට වැටහෙන්නෙ ආදරයට සමාන කීරීමක් කරන්න ඕන නම් වම් පැත්තෙ ගොඩක් දේවල්වල එකතුවක් තියෙන්න ඕනයි කියලා.





මෙන්න මේකෙ වචන

What Are Words

Anywhere you are, I am near
Anywhere you go, I'll be there
Anytime you whisper my name, you'll see
How every single promise I keep
Cuz what kind of guy would I be
If I was to leave when you need me most

What are words
If you really don't mean them
When you say them
What are words
If they're only for good times
Then their done
When it's love
Yeah, you say them out loud, those words
They never go away
They live on, even when we're gone

And I know an angel was sent
Just for me and now know I'm meant
To be where I am and I'm gonna be
Standing right beside her tonight And I'm gonna be by your side
I would never leave when she needs me most

What are words
If you really don't mean them
When you say them
What are words
If they're only for good times
Then their done
When it's love
Yeah, you say them out loud, those words
They never go away
They live on, even when we're gone

Anywhere you are, I am near
Anywhere you go, I'll be there
And I'm gonna be here forever more
Every single promise I keep
Cuz what kind of guy would I be
If I was to leave when you need me most

I'm forever keeping my angel close

ප.ලි- මේක මම ලියලා ගොඩක් කල්. පබ්ලිෂ් කරන්න බැරි වුනා. දැන් මේ ඩබල ඩිවෝස් වෙලානම් ඔන්න අපි දන්නෙ නෑ හොඳේ. වගකීම් ගනු නොලැබේ. ;)

15 ප්‍රතිචාර:

  • නන්නාඳුනන්නී says:
    December 9, 2011 at 8:43 PM

    ඇත්තට ම ලිංගිකත්වය කියන්නෙ පවුල් ජීවිතයට අත්‍යවශ්‍යම දෙයක් ඒත් පවුල් ජීවිතය කියන්නෙ සංසර්ගය ම නෙමෙයි. නන්නාඳුනන්නිට හිතෙන විදියට සංසර්ගය නං විවාහ නොවී උණත් ලබා ගන්න පුළුවන් දෙයක් නේද? පවුල් ජීවිතේ ඊට වඩා වගකීම් වැඩි දෙන්නෙක් එකතු වෙලා එකට යන්න ඕනෑ ගමනක්.

  • Bunny says:
    December 9, 2011 at 9:29 PM

    සංසර්ගයේ යෙදෙන්නම ඔනි නම් ඔනි තරම් ගණිකාවො ඉන්නෙ ? විවාහ වෙන්ටොන නැනෙ..!

  • Sabith says:
    December 9, 2011 at 9:30 PM

    මං දන්න විදිහට නම් රාගයෙන් තොර ආදරයක් නෑ!ඒ කියන්නේ ආදරයේ කොටසක් රාගය! එ දෙක වෙන් කරන්න බෑ!

  • indika says:
    December 9, 2011 at 9:38 PM

    attatama harima hagimbara wana katawak.ath mata kiyanna tiyanna kollata mahama unanum kalla mawanakota kollo datun danakma hoyagana.

  • Yushan says:
    December 9, 2011 at 10:04 PM

    Adaraye 1k paththak sex kiyanne, but sex walata ba adare athi karanna. Adarayen arabena sex jeewitha namai. Ragaya kageth hithwala thiyana deyak. Aka palanaya karagena karana adare seemawenna Viwahayen.

  • Anonymous says:
    December 9, 2011 at 10:26 PM

    ඇත්තටම බැලුවොත් ආදරයට අර්තකථන දෙන්නේ ආදරේ නෙමේනේ.. මිනිස්සුමයිනේ..

    ආදරය රාගය තොර සද එළිය වගේද...රාගයෙන් තොර ආලයක් නැතිද කියලා තිරණ කරන්නේ අපිමයි..

    ආදරය නිශ්චිත අර්තකථයනක් නෑ..නිකන්ම අකුරු 4 ක් විතරයි..ඒක පාට කරලා හැඩ කරලා පන පොවලා ගන්නේ මේ ලෝකේ මිනිස්සු ඇතුළු සත්වයන්....ආදරේ එක එක පාට හැඩේ ගන්නේ ඒ නිසාමයි..

    කෙනෙක් ආදරය වෙනුවෙන් මිය යනකොට..තව කෙනෙක් ආදරය වෙනුවෙන් දිවි නහන්නේ ඔන්න ඔය නිසාමයි..

  • සංකල්ප says:
    December 9, 2011 at 10:27 PM

    "කට්ටිය මට ගල් ගහයිද දන්නෙ නෑ මේ මාතෘකව දැකලා."

    මල්ලි පවුකාරයෙක් දෑ. පවුකාරයන්ට නෙව ගල් ගහන්නේ.

    "කට්ටිය කියන විදියට කෙල්ලෙක් එක්ක විවහ වීමේ ප්‍රධානතම අරමුණ සංවාසයේ යෙදීමලු."

    පාන් කන්න බේකරියක අයිතිකාරයෙක්ම වෙන්න ඕනේ නෑ මල්ලි. :)
    විවාහය කියලා කියන්නේ ඊට එහා ගිය බැඳීමක්(ලූ). මම නම් ඒක දන්නේ නෑ. ඒත් එහෙම වෙන්නැති.

  • Anonymous says:
    December 9, 2011 at 10:34 PM

    For men , sex is every thing. You may accept it or not. but that is the truth. If a man has good sex life he will be happy..if not he will be desperate.

  • පූසා says:
    December 9, 2011 at 11:49 PM

    සාබිත් කිව්ව දේම තමයි මටත් කියන්න තියෙන්නේ....

  • Anonymous says:
    December 10, 2011 at 7:55 AM

    ආදරයකින් බලාපොරොත්තු වෙන්නෙ ලිංගිකත්වයම නෙමේ.ඊට එහා ගිය දෙයක් ආදරය කියල කියන්නෙ.

  • සීතල අයියා says:
    December 10, 2011 at 4:11 PM

    @නන්නාඳුනන්නී- හ්ම් සහතික ඇත්ත. ඒක තමා මාත් කියන්නෙ. මට මෙතනදි නීත්‍යානුකූල ලෙස කියන එක දාන්න අමතක වෙලා.

    @Bunny- හ්ම්. නන්නාඳුනන්නීට නිව්ව එක තමා උඔටත් කියන්න තියෙන්නෙ :D

    @Sabith/ පූසා- මම කියන්නෙ ආදරය කියන්නෙ රාගයට වඩා පුලුල් දෙයක් කියලා.ආදරයේ එක් කොටසක් විතරයි ආදරය කියන්නෙ.

    @indika- ඒක දෙගොල්ලන්ටම පොදු කතාවක් යාලුවා.

    @Yushan- මට පලවෙනි වාක්‍ය 2ක නම් තේරුනා. ඒත් ඉතිරි වාක්‍ය මට කියවන්න පැහැදිලි නෑ. :( ඒ වාක්‍ය 2 ඇත්ත.

    @අසනි - සහමුලින්ම ඇත්ත කියලා තියෙන්නෙ. දාන්න 5ක් :)

    @මධුරංග- අනිවා/ නන්නාඳුනන්නීට කිව්ව එකම කමා කියන්න තියෙන්නෙ( නීත්‍යානුකූල කෑල්ල දාන්න බැරි වෙලා)

    @Anonymous 1- no. sex is just a part of Love. not every thing. you can get sex for money.not love

    @Anonymous 2- හ්ම්... ඇත්ත..

  • පන්සල් හංදිය says:
    December 11, 2011 at 12:34 AM

    මට නං හිතෙන්නෙ ආදරය කියන එක තුලම ලිංගිකත්වය තියනවා කියලා ......
    අනේ මන්ද මම හරිද කියලා .......

  • වර්ණා says:
    December 13, 2011 at 8:14 PM

    ආදරය කරන්න සංසර්ගය ඕනෑම නැහැ, සංසර්ගය කියන දේ නිකම්ම නිකම් අවශ්‍යතාවයක් විතරයි. ආදරය ඊට එහා ගිය දෙයක්..

  • මහේෂ් says:
    December 23, 2011 at 8:09 PM

    හොඳ ලිපියක් සහ මාතෘකාවක් අද සමාජයට හිතන්න යමක් ඉතිරි කළ වීඩියෝවක් ඔබ කීවාක් මෙන් මේ වීඩියෝව නම් හරිම සංවේදී නිර්මාණශීලී එකක් ,
    ආදරය ගැන විවිධ නිර්වචන දුන්නත් ඒවා භාෂාව , සංස්කෘතික අගැයීම් එකක් සුළු සුළු වෙනස් කම් දකිනවා , ඒත් අද පිළිගන්නා අදහසවන්නේ ආදරය යනු
    “දැඩි මිත්‍රත්වය Intimacy , Lust රාගය මිශ්‍රිත හැගීම් , සහ Commitment බැඳීමක් ..ආදරයක් නියම විදියේ ආදරයක් වන්නට නම් මේ කොටස් තුන සම සමව ගන්නට ඕන “

    හැබැයි මෙතන රාගය කියන්නේ තනිකර “මස් කඩයක්“ කරනවා කිය එකවත් සංසර්ගයේ යෙදිමම කියන එකවත් නොවෙයි , අද තරුණ අපේ සමහර තරුණ දරුවන් වරද්දාගෙන තියෙන තැන ඔන්න ඔතැන ...

    වැඩි තොරතුරු http://nursinglanka.blogspot.com/2011/07/31-love-lust-lost.html බලන්න පුළුවන් ..

    ස්තුතියි මෙවැනි වර්තමාන සමාජ වටිනාකමක් ඇති මාතෘකා සිංහල බ්ලොග් අවකාශයට එක් කරනවාට ..

  • Unknown says:
    July 11, 2012 at 10:50 AM

    ලිංගිකත්වය අදරයේදී 1 කොටසක් විතරයි සෙනෙහස, විස්වාසය, එකිනෙකට තේරුම් අරගෙන ජීවිතේ ඉදිරියට ගෙන යන එක තමයි වැදගත් වෙන්නේ

Post a Comment