අපේ ගමට තුන බියක්

Tuesday, June 28, 2011


               මේක චේ උන්නැහේ විසින් ලියපු පෝස්ට් එකක් නෙමෙයි. මේක  අක්ෂරයේ පළ කරන්නේ මගේ හොදම මිතුරෙකුගේ ඉල්ලීමක් මත. මේ සදහන් කරලා තියන තොරතුරු වල සත්‍යභාවය ගැන මම 1000% ක් වගකියනවා. මොකද මමත් මේ මිතුරාගේ ඉල්ලීමකට අනුව ගිහින් මේ පිළිබදව සොයාබැලුවා. මේ දේවල් මුලින් විශ්වාස නොකලත් විශ්වාස කිරීමට සිදුවෙලා තියනවා. මේ කියන පන්සල මමත් මගේ ජීවිතය කරගත්තු පන්සලක්. මගේ දහම් පාසල. කාර්‍යබහුලත්වය නිසා පසුගිය දවස් වල පන්සල හෝ දහම් පාසල සමග එතරම් සබදතාවයක් තිබුනේ නැති උනත් මේ තත්වය මාව අතිශයින් නොසන්සුන් කරපු බව කිව යුතුමයි. මේ ලිපිය කියවලා මේ පිළිබදව ඔබේ විවෘත අදහස් දක්වනවානම් මේ පිලිබදව පියවරක් ගැනීමට එය අපට මහත් පිටිවහලක් වනවා නොඅනුමානයි. ස්තූතියි. 
                               චේ උන්නැහේ...


        ===අදුශ්‍යමන බලවේගයක් පිළිබද සත්‍ය සිදුවීමක්===  

          මේ දිනවල අප අවට ප්‍රදේශයේ අදුශ්‍යමාන යම් බලවේ ක්‍රියාකාරී වී ඇති බව පෙනීමට ඇත. එය ප්‍රදේශවාසීන්ගේ වලට පවා ගැටළුවක් වෙමින් පවතින අතර මෙම හේතුවෙන් පිවිතුරු වූ පන්සල අමු සොහොනක් ලෙස මිනිසුන් සැලකීමට උත්සුකු වී ඇත. සුළු පිරිසක් පමණක් තවමත් මේ පිළිබද දැනුවත්ත් ඇති බැවින් ප්‍රදේශය පිළිබද තොරතුරු නොකියමි. කතාව සැකෙවින් මෙසේය.   අප පන්සල ඉතා බලසම්පන්න බෝධීන් වහන්සේ නමක් වැඩහිදී. නමුත් එහි පරිපාලන කටයුතු ස්වාමීන්වහන්සේලගේ අනුසශනාව ඇතුව ගිහි සමිතියකින් සිදු කරන අතර කිසිදු ස්වාමින්වහන්සේ නමක් නේවාසිකව වැඩ නොවසයි. එහි ආගමික කටයුතු සිදු කිරීමට සහ දහම්පාසල පවත්වාගෙන යාමට පිටතින් ස්වාමින් වහන්සේ වැඩමවීම සිදු කරයි.

           මා දිනපතා පන්සල් යාමට පුරුදුව සිටිමි.   පසුගිය සෙනසුරාදා දින සවස බෝධි පුජාව අවසන්වී බොහෝ වෙලාවකට පමණ පසු රාත්‍රී 8.30 ට පමණ මව,පියා සහ දරුවන් දෙදෙනා පැමිණ පන්සල හතර කොනෙහි පොල් මල් සහිත පුන්කලස් තැන්පත් කොට තොවිලයක් වැනි යමක් සිදු කරනු දැක ගැනීමට හැකි විය. පන්සලක තොවිල් පවිල් කිරීම අකැප බැවින් පන්සල බලාගන්නන්ගේ මැදිහත්වීමෙන් එම කටයුතු එලෙස කිරීම නැවතුන අතර ඔවුන් විසින් එම කටයුතු අපට නොපෙනෙන ලෙස කරනු දැකගැනීමට හැකි විය. එම පැමිණෙන වැඩිමහල් දරුවා අවේසවිමකින් යුතුව බෝධීන් වහන්සේ වටා පැන් කලය රැගෙන ඉතා වේගයෙන් දෙමළ බසින් යමක් කියමින් ගමන් කරයි.(එම දරුවා දැන් 11 වසර අධ්‍යාපනය ලබන අතර 10 වසරේදී දහම්පාසල් ගුරුවරයා ලෙස මා කටයුතු කරන ලදී. එකල ඔහුට සිංහල පවා වේගයෙන් කථා කිරීමට නොහැකි වුවද ඉතා වේගවත් ලෙස දෙමළ බස කථා කිරීම පුදුමයකි).එලෙස ගමන්කර බුද්ධ ප්‍රතිමාව ඉදිරියට පැමිණ ඔහුගේ හිසට පැන් කලය වත්කරගැනීම සිදු කරයි. මේ අවස්ථාවේදීම ඔහුගේ පියාටද ආවේස වෙනු දැක ගැනීමට හැකි විය. එක් විටෙක දරුවා විසින් සිය පියාට කමුල් පහරක් එල්ල කරනු දැකගැනීමට හැකි විය. මෙය මහා විකාරයක් වූ අතර පන්සලක නොවිය යුතු දෙයකි. එබැවින් අපි මෙයට විරුද්ධ වන ලදී එම අවස්ථාවේදී පන්සලේ මුර කරු තව මසක් ඇතුලත මිය යන බවට ගැහැණු තැනැත්තිය (මව) පවසන ලදී.   ඔවුන් සමග සාකච්ඡා කල අපේ අයෙකුට එම කාන්තාව පවසා ඇත්තේ ඇයට යම් බැල්මක පවතින අතර දැන් එම බලය සිය පුතාටද ලැබී ඇති බැවින් වරමක් ලබාගැනීම සදහා මෙය සිදු කරන බවයි.   කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ අපි ඔවුන්ට කල බලපෑම හමුවේ ඔවුන් ආපසු නොපැමිණෙන බවට පොරොන්දු වී ඔවුන්ගේ කටයුතු මැදින් නවතා පන්සලින් පිටවී ගියහ.  


                ඊයේ රාත්‍රියේ මට නිවසට ගියපසු මව පැවසුයේ පන්සලේ රාත්‍රී 7 න් පසු මිනිසුන් හට ගැවසීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් එම වේලාවෙන් පසු පන්සලේ යකුන්, ප්‍රේතයන්,භූතයන් අරක්ගන්නා බව කිහිප දෙනෙකුගෙන්ම පවසා ඇති බැවින් මා හට රාත්‍රී කාලයේ පන්සල් යාමෙන් වලකින ලෙසටය.   සුපිරිසිදු පන්සල අමු සොහොනකට පත්වී තිබීම කේදනිය තත්වයකි. මෙය වැලැක්වීම පිණිස අද දින මා පන්සල් යන ලද්දේ ඉහත කි අය පන්සල් පැමිණියහොත් හොදින් හෝ නරකින් ඔවුන් වලකන අටියෙනි. නමුත් අද දින ඔවුන් නොපැමිණියහ.   මා බුදුන් වැද මා සමග සිටි මිතුරා (ශනා) එනතුරු පන්සලේ බෝ මළුවෙන් පිටත පන්සල තුල ධර්මශාලාවේ රැදී සිටින විට මා හට එහි කෙළවරක අප දහම් පාසලේ 1ශ්‍රේණියේ ඉගෙන ගන්නා සිසුවියක් සිය පියා සමග දැකීමට හැකිවිය. තවත් පසෙක දහම්පාසලෙන් අධ්‍යාපනය ලද නැගෙණියක්දැකීමට හැකි වූ අතර මම ඇය සමග සාකච්චාවට වැටුනෙමි.එවිට අපට පෙර කි කුඩා දැරෙවිය කථා කරනු ඇසිනි. මා සමග සිටි නැගෙණිය අමතා "නංගි අර පොඩි නංගි අපේ දහම්පාසලේ 1 වසරේ ඉන්නේ. බලන්නකෝ කියන කථා" යැයි පැවසුවේමි. අප දෙදෙනාම ඇයගේ කතාවට කන් යොමු කලෙමි. ඇය කථා කලේ කුඩා දරුවෙකු කථා කරන දෑ නොවේ. විටෙක "කසාදයක්" ගැන ඇගේ මුවින් පිට උනි.තවත් විටෙක "දරුවා දේවාලෙට ගිහින් මේ මේ පුජා කරන්න" කියා සිය පියා අමතමික් පවසනු ඇසිනි.  තවද මෙම ගැහැණු දැරිවිය අවේස වූ අවස්ථාවේ ඇය සිය පියා අමතා  "දරුවා දන්නේ නැද්ද පන්සල් එද්දී සුදු අදින්න ඕන කියලා.ඇයි මේ දරුවාට කළු ගවුමක් අන්දලා." යයි අවේගශිලිව ප්‍රකාශ කලාය. ඒ ප්‍රකාශ කලේ ඇයම(කුඩා දැරියම) හැද සිටි ගවුම ගැන වීම විශේෂයකි.....කුඩා දරුවෙකු සිය පියාව "දරුවා" යනුවෙන් අමතන්නේ ඇයි.? 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු "කසාදය" යන්නේ තේරුම තියා එම වචනය වත් දන්නවද? මා අසල සිටි නැගෙණිය මා අමතා "අයියේ ඒ නංගි අවේසවෙලා නේද?" කියා ඇසුවාය. මම "ඔව් ඒ වගේ තමයි. මේකනම් හරියන සෙල්ලමක් නෙමෙයි. මේකෙන් වෙන්නේ පන්සල විනාස වෙන එක.මොකක් හරි මේකට කරන්න ඕන.නැත්තම් පන්සල අමු සොහොනක් වෙනවා.මිනිස්සු පන්සල් එන්න බය වෙනවා.අනික මේ පැත්තේ අන්‍යාගමිකයන් වැඩි. එකත් අපේ ආගමට හොදනැහැ" යි පවසමින් මා පන්සලේ වදිමින් සිටි මා මිතුරු ශානාව වහා කැදවන ලදී.ඔහු සමගම සැම දිනකම පන්සල් එන සැදැහැවත් අයියා(සිරිමල්) කෙනෙකුත් පැමිණියහ. අප සියලු දෙනාම නිහඩව ගැහැණු දැරිවිය පවසන ලද දෑ අසාසිටියෙමු. සිරිමල් අයියා පැවසුවේ එම දැරිවියගේ මව ඊට සුළු මොහොතකට පෙර පන්සල තුලදී සිහිසුන්ව අද වැටුණු බවයි. සුළු මොහොතකට පසු පවුලේ උදවිය විසින් එම කාන්තාව අමාරුවෙන් රැගෙන එමින් තිබිණි.එම කාන්තාව එම අවස්ථාවේදී ඇවිදීමට පවා නොහැකිව දුර්වල වෙලා සිටියාය.  කෙසේ වෙත්ත සිරිමල් අයියා පෙර කි දැරිවියගේ පියා සමග මේ පිළිබද සාකච්චා කර ඇත. දැරිවියගේ පියා පවසා ඇත්තේ පෙර දැරිවියගේ මවට අදුශ්‍යමාන කෙනෙකුගේ බැල්මක තිබු අතර දැන් එය වයස 6 1/2 වන සිය දියණියටත් ඇති බවය. නමුත් දියණිය අවේස වූ පියා සිදු කරන්නේ දියණියයට අවේස වූ තැනැත්තා/තනත්තියගෙන් විස්තර විමසීමය. සිරිමල් අයියා විසින් මෙය මානසික රෝගයක් බව ඔහුට වටහාදී වහාම මනෝ වෙද්‍යය ප්‍රතිකාර වලට යොමු කරන ලෙස උපදෙස් දී ඇත.  කෙසේ වෙතත් මෙය ඉතාමත් අනතුරු දායක තත්වයක් බැවින් අප විසින් කුමක් හෝ සිදු කල යුතුව ඇත.මේ පිළිබද ප්‍රථමයෙන්ම හාමුදුරුවන් දැනුවත් කිරීමට ඉටා ගත්තෙමු. 


            මාගේ දැනුමට අනුව ලොව බොහෝ ප්‍රේත,භූත, පිසාච, මල යක්ෂයෝ ඇත. නමුත් ඔවුන්ට දුර්වල මනුෂ්‍යයන්ගේ මිස ශක්තිමත් මනුස්යයෙක්ව තම අවශ්‍යතා සපුරා ගැනීමට භාවිතා කල නොහැක. නමුත් මිනිසුන්ව මෙමෙ අමනුෂ්‍ය විසින් මුලා කිරීම සිදුකරයි. මෙමෙ අමනුෂ්‍යයින් තමන් දෙවිකෙනෙක් තමන් කියන දෑ කළහොත් සිතු පැතු සම්පත් දෙන බවට රවටයි. ධන බල මුදල් ලොබ බැදී දුර්වල මිනිසුන් මේ අමනුෂ්‍යයන්ට මුලා වී තම ජිවිත හා පවුලේ උදවියගේ ජිවිත විනාශ කර දමා ගනී. මක් නිසාදයත් අමනුෂ්‍යයකු කෙරෙහි විශ්වාස තැබිය නොහැකි බැවිණි.  එක විට මෙලෙස අමනුෂ්‍ය ගහනයට පත් පවුල් 3ක් (එකක් පිළිබද මෙහි දක්වා නැත්තේ මා එය පන්සලේ මුරකරුගෙන් මේ සතිය තුලම සිදු වූ බව ඇසූ නමුත් මා එය සියැසින් නොදුටු බැවිණි.) සිටීම සැලකීමට බදුන් විය යුතුය. මෙය යක්කු පැටවූ ගැසීමකි. මෙය පිටිපස කවුරු හෝ කට්ටඩියෙකු සිටිනු නොඅනුමානය. මේ අනුව අපි තව දුර සොයා බැලීමේදී අපට දැනගැනීමට ලැබුනේ පන්සල නුදුරු ප්‍රදේශයක දේවාලයක් ආරම්භ කර ඇති අතර එම දේවාලයේ අමුතු අමුතු දෑ සිදුවෙන බවය.  කෙසේ වෙතත් අමනුෂ්‍යයන්ට පන්සල අරක්ගැනීමට අප ඉඩ දෙනු නොලැබේ. මාගේ සහ මා මාගේ කණ්ඩායම තොවිල් පවිල් ගැන නොදන්නා නමුත් බුදු දහම දනිමු. මේ සදහා ඔබගේ අදහස් සහ උපදෙස් බලා පොරොත්තු වෙමි.  (මෙහි සදහන් වන්නේ 2011 ජුනි මස 19 සිට 25 වන අද දින රාත්‍රී 9.00 දක්වා සිදු වූ සත්‍ය සිදුවීමකි. ඉදිරියට කුමක් වේදැයි මා නොදනිමි. සිදුවෙන දෙයින් මා හට හානියක් නොවුනහොත් පසුව සිදුවන දෑ පිළිබද මා ඔබව දැනුවත් කිරීමට පොරොන්දු වෙමි. ප්‍රදේශය පිළිබද තොරතුරුද පසුව සදහන් කරමි..- Updated on 26/06/2011 12.12AM ) 


 ධම්මෝ භවේ රක්කති ධම්ම චාරි...! __________________________________________________Latest update on 26/06/2011 11.05AM


 මිට සුළු මොහොතකට පෙර දහම්පාසල තුල පෙර කී කුඩා දැරිවිය සොයා ගිය නමුත් ඇය අද දින දහම්පාසල් පැමිණ නැත. නමුත් ඇයගේ වැඩිමල් සොහොයුරිය සමග මේ පිළිබද කතා කිරීමට අවස්තාව ලැබිණි. මෙහිදී මා මිතුරු ශානා ඇයගෙන් මේ පිළිබද විමසා අවසානයේ "නංගි ඕක ලෙඩක්.පොඩි එකාව ඉක්මනට ඩොක්ටර් කෙනෙක් ලගට එක්කන් යන්න. " කි විට "අපෝ එහෙම දෙයක් නැහැ අයියේ. එයා දේවාලෙට යනවනේ. එයාට තියෙන්නේ දේව බැල්මක්. බය වෙන්න දෙයක් නැහැ" යි ඇය පැවසිය. මෝහයෙන් මුලා ව සිටින ඇය සමග තව දුරටත් කතා නොකර අපි විසිරුනෙමු. __________________________________________________update on 27/06/2011 9.06AM 


පෙර කී දේවාලය අසල දේවාල පැටවූ ගසන ස්වභාවයක් දැකිය හැක. ඒ අසල දැන් දැන් දේවාල කිහිපයක් ඇති වී ඇත. සුරා සුදුවෙන් පිරි සමාජ විරෝධී ක්‍රියා සිදුවන, ප්‍රදේශයේ සිටින බහුතර දුර්ජනයන් වෙසෙන,  අපට පවා යාමට අපහසු මුඩුක්කු ප්‍රදේශයකට දෙවියන් බුරුතු පිටින් වැඩිම අරුම සහගතය.
 (Ishan Uditha ඉෂාන් උදිත)
http://www.facebook.com/ishanu
k77

12 ප්‍රතිචාර:

  • සංකල්ප says:
    June 28, 2011 at 8:09 AM

    ඕකට ඉතින් රතන සූත්‍රය කියෙවා නම් ඉවරයි. ඔය බූත දෝශ ඔක්කොම සමනය වෙලා යයි නේ :)

  • Anonymous says:
    June 28, 2011 at 9:14 AM

    "නමුත් එහි පරිපාලන කටයුතු ස්වාමීන්වහන්සේලගේ අනුසශනාව ඇතුව ගිහි සමිතියකින් සිදු කරන අතර කිසිදු ස්වාමින්වහන්සේ නමක් නේවාසිකව වැඩ නොවසයි."

    මේක පුදුම වැඩක් නේ.ඇයි ගමේ පන්සලක් තියනව නම් හාමුදුරුවො කෙනෙක් වඩම්මගන්න මිනිස්සු උත්සහ කරන්නෙ නැත්තෙ?

  • නදී says:
    June 28, 2011 at 9:17 AM

    පන්සලට යන එක වලක්වන්න මොකෙක් හරි කරපු අමන වැඩක්.ඇයි මේ මිනිස්සු ඇහැකන පියාගන ඉන්නෙ?මේ වෙනුවෙන් කටයුතු නොකර?අන්තිමට ඔතන දේවාලයක් හදයි.

  • Anonymous says:
    June 28, 2011 at 9:27 AM

    ගොඩක් අන්‍ය ආගමිකයන් ඉන්නව නම් ඔතන මොකක් හරි සීන් එකක් තියනව.පන්සල අයින් කරල දේවාලයක් හදන්න,ඒකෙන් අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි කඩාගන්න තනන වැඩ්ක් තමා ඔය.පැය 24ම පීකරයක් බැදලා පිරිත් දාන්න තියෙන්නෙ.

  • නිශා says:
    June 28, 2011 at 9:32 AM

    වටේ පිටේ පන්සල් වලින් හාමුදුරුවරු වඩම්මලා පිරිතක් කියන්න , අරුන් ගිය තැන් හොයා ගන්න බැරි වෙයි. :)

  • Ishanuk77 says:
    June 28, 2011 at 9:47 AM

    අපි ස්වාමින්වහන්සේ සමග මේ පිළිබද සාකච්චා කරා. කිසිම අයුරකින් බෝධි පුජාවට වඩා වැඩිපුර යන පුජාවක් කිරීමට ඉඩ නොදීමට තීරණය කරා. ඉස්සරහට පිරිතක් කීමටත් බලාපොරොත්තු වෙනවා,,...

    @ඇනෝ මේක පන්සලක් උනාට ඉතා බලසම්පන්න බෝධීන් වහන්සේ නමක් වැඩ වසන්නේ. එම බෝධීන් වසන්සේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේම අංකුරයක්... එහෙම බෝධීන් වහන්සේලා ඉතා දුර්ලභයි. නමුත් මෙම ස්ථානයේ අවාසයක්‌ නැහැ. මේක බෞද්ධ මන්ධිරයක් සමග ඇති බෝ මළුවක්.

  • Anonymous says:
    June 28, 2011 at 11:27 AM

    there are oll of crazy people.they cant hurt you.

  • Kiri says:
    June 28, 2011 at 12:38 PM

    මටනම් හිතෙන්නේ මේක මානසික පෑතිරෙන එහෙමත් නෑත්නම් බෝවෙන විදිහේ ලෙඩක්... මිනිස්සු මායාකාරී බලවත් දේවල් විශ්වාස කරනකොට මේවගේ ප්‍රශ්න ඈතිවෙන එක සාමාන්‍යයි...
    බෝධීන් වහන්සේ කියන්නේ "නිමිත්තක් " එහෙමත් නෑත්නම් " බුදු හාමුදුරෑවන්ගේ බුද්ධත්වය සිහිපත් කරන තෑනක් "
    බෝධියත් මිනිස්සු දේවාලයක් ගානට සලකගෙන ඉන්නකොට මේ වගේ දේවල් ඈති නොවී තියෙයිද...
    .. මානසිකව නිර්මාණය කරගත්ත භීතියක් තමා මේ එකිනෙකාට සම්ප්‍රේශණය වෙන්නේ...

  • නචියා says:
    June 28, 2011 at 12:48 PM

    මට නම් හිතෙන්නේ මෙතන වෙන කාගෙ හරි අරමුනක් ඉටු කරගන්න ගදනවා වගේ කියලයි. කෝකටත් පරිස්සමට තව කට්ටිය එකතු කරගෙන විමසිලිමත්ව සොයා බලන්න.

  • සංකල්ප says:
    June 28, 2011 at 6:18 PM

    ජලනන්දන පිරිත කිව්වා නම් බන්ධන ඔක්කෝම දූරීභූතවෙලා යනවා. ඔයවගේ දේවල් වලට බුදු දහමේ හොද උත්තර තියෙනවා.ඇයි මිනිස්සුන්ව දහමෙන් ඈත් කරන්න හදන්නේ ?

    ඒකෙන් ඒ අයට වෙන සෙත මොකද්ද ? මේ වගේ එවුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙයි.

  • Anonymous says:
    June 28, 2011 at 6:21 PM

    amanushsa , peretha balapam kiyanne manasika prbs. bududahamata anuwa pirith tikak kiwama okkoma wisadewi

  • Ishanuk77 says:
    June 29, 2011 at 9:05 AM

    @මධුරංග ඇත්තටම ඒ පිරිත හොදයි

Post a Comment