කොහේදී... කොතැනක... ඔබ මට හමුවුණිද?
නොදනිමි, අදටත්... හැමදාටත්
ඔබ මට දුන් ආදරය, කරුණාව...
පණ දුන් නැවුම් ජීවිතය.
සුන්දරයි සදහටම ඔබ මෙන්ම.
මගෙ සිත ඉකිබිදින,
මගෙ නෙතු තෙත්වෙනා හැමවිටෙක,
සතුටු සිනා පොද ඔබම විය.
කටු පදුරු ගොරහැඩි මග දිගේ
දෙපා පොඩි රිදුම් දෙන හැම විටෙක,
ඔබම විය සුසිනිදු මල් මාවත.
සදහටම මම පායන්නම්
පුංචි තරු මලක්ව දුර ඈත අහසේ,
එළිය වෙන්නම්...
ඒත්...
ඔබ මට දුර වුවත්, හිමි වුවත්, නොවුනත්,
හැමදාම ඔබ වේවී... මගෙ ජීවිතය,
මගෙ සතුට, මගෙ සැනසීම,
මගෙ ශක්තිය, මගෙ ධෛර්යය,
මගෙ හුස්ම පොද.........
නොලෑබෙන දෙයක් වෙනුවෙන් බලා ඉන්න එකේ තේරුම මොකද්ද?
මං කැමතිම නැති මාතෘකාවක් අෆ්ෆා ඕක දැන්... මොනා වුනත් ලස්සනයි ආහ්.. හංතුං අයියාට මෙච්චර ලස්සනට ලියන්න පුලුවන් කියලා අෆි දැනගෙන හිටියෙත් නෑනේ..... :D
@ නදී : ඒත් ඒ නොලැබෙන දේ අපිට යන්න නොදී තියාගෙන ඉන්නවනම් .............. :-(
කොහොම වුනත් post එක නියමයි හිතට වදිනවා තදින්ම ....
මම කිව්වේ...හම්තුමාට බූට් එකක් වැදිලා බන්...මට ඕක පහුගිය ටිකේ තේරුනා..
නියම අදහස...
රත්ගමයාගේ අදහසට සහමුලින්ම එකඟවෙමි..... හම්තුමා ප්‍රනීත බූට් එකක් රස බලා ඈති බව පෑහෑදිලිය........ :P :D :P
පෝස්ට් එකට ෆට්ට ලයික් වෙමි...... :D මෙවෑනි බූට් පෝස්ට් ලියන්නට අපේ හම්තුමාට බූට් පිට බූට් වදීවා යෑයි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි..... :P :P :P
ලස්සන අදහසක්. ලස්සන නිසදසක් :)