සිහින වක්‍යයේ ප්‍රතිබිම්භය

Monday, March 14, 2011

මුළු ජීවිතේම එක තැන නතර වෙලා වගේ හැඟීමක්, මේ මොහොත වෙනකන් තිබුණා.ජීවිතේ වෙලා ගත්ත දරුණු පාළුවට ජීවිතේ තව දුරටත් බදලා අල්ලගන්න ඉඩ දෙන්න ඕනේ නැහැ කියලා හිතුණා..මම මේ ටිකේ මිනිස්සු කියන ජාතිය ගැන ඇත්තටම කළ කිරීමෙන් හිටියෙ.අපේ ජීවිත වල සතුට අනෙක් අය අතේ තියෙන එක ඇත්තටම විහිළුවක් කියලා අද මට හිතෙනවා.

මම අනුන් ගෙන් ඇයි සතුට හොයන්නෙ? මගේ සතුට අනුන් අතේ තියෙන්නෙ කොහොමද? මම හිතුවා හුඟාක් හිතුවා..මිනිස්සු ආදරේ කියලා කරන්නෙ බොරුවක්..අපි යාළුවො කියලා හිතන අය අපව රවට්ටනවා...මේ වනකොට මම ඒක පරීක්ෂණ ඇසුරෙන් නිර්ණය කරගෙන
ඉවරයි...

ජීවිතේ හැක් කර නොගෙන ඉදිරියට යන්න ඕනේ...මගේ කලින් ලිපිය මතක අයටයි මේ කියන්නේ.ආදරේ කියන්නෙ ලස්සන නොවෙයි.කියන අය අප අතරෙ ඉන්නව.ඒත් ඒ අය ආඩරේ කියන්නෙ සල්ලි වෙන්න පුළුවන්.

මේක මගෙ පෞද්ගලික අත්දැකීමක්..මගේ මිත්‍රයෙක්ගෙන් මම ඇහුව,ඒ ගැහැණු ළමයගෙ ආදරේ නැති වුණාම ඔයාට මොකද හිතුණේ කියල?ඔහු ගත් කටටම කිව්ව,අපරාදෙ හොඳ දෑවැද්ද .පවුලෙ එකම ළමය.කෝටි ගාණක් අපරාදෙ කියලා.

මට ඇත්තටම ඒ ගැහැණු ළමයා ගැන සතුටක් ඇති වුණා.මෙහෙම හිතන කෙනෙක් නොලැබීමම ලොකු භාග්‍යක් නේද?

මේ ලෝකෙ මිනිස්සුන්ට කොයි තරම් ප්‍රශ්න තියෙනවාද?...මට ඒ අතින් කිසිම ප්‍රශ්නයක් නැහැ...එහෙම ගත්තාම ඒ තරම් වාසනාවන්ත මට ඇයි හිතේ සතුටක් නැත්තේ?..මම කල්පනා කළා...

අච්චර මහන්සි වෙලාඅ වැඩ කරලා ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලෙ ඩික්ටින්ටිඔන් එක නැති වුණු එකද?...මම ඒ ගැන නම් ඇත්තටම කළ කිරිලා හිටියේ..ඒ අසාධාරණය ගැන මම කවදා හරි කතා කරනවා...ඒකට කල් තියෙනවා.

මම බුදු පිළිමයක් වගේ ආදරේ කරපු රූපයක්..නික්ම්ම නිකම් මැටිගොඩක් කියලා මට මේ ළඟදි දැන ගන්න ලැබුණා...මම ම තමයි හොයා ගත්තේ...ජය ශ්‍රී මහ බෝදිය කියලා හිතන් ළඟට යද්දි වැට මාර ගස් පේන කොට හිතට දැනෙන්නෙ පුදුම දුකක්....

මේ ඔක්කොම ජීවිතේ කඩයිම්...ගිය අවුරුද්දම ජීවිතෙන් අයින් කරලා, මේ මාර්තු ඉඳන් ජීවිතේ කියවනවා...අද මාර්තු 14..හෙට මාර්තු 15..හෙට මට කෙනෙකුට පොරොන්දුවක් ඉටු කරන්න තියෙනවා...ඒත් මම ඒක කරන්නෙ නැහැ....ඒක වැඩක් නැති දෙයක්....

මිනිහෙකුගෙ කොතන හොඳ වුණත් වැඩක් නැහැ සිතිවිලි අයහපත් නම් කිසිම දෙයක් හොඳින් සිදු වෙන්නෙ නැහැ.,යහපත් සිතිවිල්ලෙන් කෙනෙක් කරන දෙයකින්,තව කෙනෙකුට අපහසුවක් ඇති වුණත්,ඒකෙන් කවදා හරි හොඳක් සිද්ධ වෙනවා.

අපිව හැම දේටම ටියුෂන් අරිනවා.ඒත් ජීවිතේ උගන්නන්න අපිට කවුරුත් ටියුෂන් දීල නැහැ...ඒක කාටත් උගන්නන්න බැරිව ඇති...

කොයි දේ කොහොම වුණත්,ජීවිතේ ඉතිරි වෙන්නෙ තමන් ජීවත් වීමෙන් ලබන තෘප්තියම විතරයි...

කාලයක් හිතේ වැළලුණු හුඟාක් දේ කරන්න දැන් වෙලාව ඇවිත්...මම පටන් ගන්නවා..ඉහිහාස හීනය,සොබා දහම් හීනය,පොත් හීන එක්ක ආයෙ ජීවත් වෙනවා...ඉස්සරහ රාජ්‍ය නාට්‍ය උළෙලත් එනවානෙ...

මේ හැම දෙයක් එක්කම ළදරු අධ්‍යාපනය ගැන හිත ටිකක් යොමන්න ඕනේ...ඒකත් මගේ එක සිහිනයක්...බලමු...

මම මගේ සතුට කවදාවත් අනුන්ට දෙන්නෙ නැහැ....කවදාවත් නැහැ.

4 ප්‍රතිචාර:

  • චේ උන්නැහේ... says:
    March 14, 2011 at 6:12 PM

    අමුතු සිතුවිල්ලක්..... වෙනස් කතාවක්..... කොහොම උනත් අනාගත ජීවිතයට සුබපැතුම් සහෝදරී............

  • මාරයාගේ හෝරාව says:
    March 14, 2011 at 6:13 PM

    නංගි..ටිකක් ජීවිතේ අවුල් ආවහම තමයි හුගාක් දේවල් අපිට නියම විදියට තේරෙන්නේ..එහෙම නැතිව හැම දෙයක්ම හොඳින් තියෙන කොට කිසිම වෙලාවක අපිට ඇත්ත පේන්නේ නැහැ..

    ඒත් කරුමේ කියන්නේ කාට උනත් ඒක හරි ඉක්මනට අමතක වෙනවා...

    හරියට අපි අපලයක් කිව්වහම බෝධි පුජා තියන්න දුවනවා වගේ..
    අනිත් කාලෙට පෝයකටවත් පන්සලකට යන්නේ කීයෙන් කී දෙනාද..

    ඔන්න අදනං බොහෝම උවමනාවෙන්ම මේ වචන ටික කොටන්න හිතුනා...

  • නිම්ශා says:
    March 14, 2011 at 6:16 PM

    අද වෙන දේ ගැන මිසක් ඊයේ උන දේ ගැන හිතලා දුක් විම පලක් නැති දෙයක් අක්කා .... අපි අනුන්ගේ සතුට ගැන හිතුවාට අපි ගැන හිතන්න කවුරුත් නැ එහෙම උනා කියලා අපි ජිවිතෙන් පැනලා යන්න හිතුවාට පලක් නැ.. කාලාතුරකින් හම්බෙන ජිවිතයක් අනවශ්‍ය වෙන කෙනෙක් ගැන හිතලා කාලේ කනවාට වඩා එ කාලේන් ගන්න පුලුවන් උපරිම ප්‍රයොජනේ ගන්න ඔනා.. ඔය හිතනවා වගේ ඉස්සරහට එන කාලේ ගැන බැලුවොත් වෙන දෙවල් ගැන හිතන්න කාලයක් නැ..දැනටමත් කාලය යනවා..අපි හිටන් බලන් ඉන්න බැ..කාලේ එක්ක කරන්න දහසක් දෙවල් අපිටත් තියෙනවා..

  • මධුරංග says:
    March 14, 2011 at 6:55 PM

    ඉස් ඉසෙල්ලාම තමයි නිනූ ග් බ්ලොග් පොස්ට් එකක් කියවන්නේ. මාරම අමුතු සංකල්පයක්.

Post a Comment