දැන සිටියා නම් එදත් අද මෙන්..

Thursday, March 3, 2011




දෙනෙත් පියන් හැර බැලුවෙමි..
ඇස් රිදුම් දෙයි..
හිරු කිරණ නුපුරුදු ලෙස..
බොදවෙයි සිතුවම්...
තෙත් කරයි දෙනෙත්...
කදුලු බිදුවක්..
වේදනාව පිරි...

දිස් වෙයි මුහුණක්...
සොවින් බර..
පියවි සිහිය එන තෙක් ..
දෙනෙත් නොවැසූ...
ඔබ දුටු පලමු දින ..
වගෙමයි අම්මේ...
මුදු වු සිනහවක් ..
මුවට නැගුන කල...

සමුගන්න සිතුවේ නෑ මං..
මෙලෙස විගසම..
දුක වැඩි ඇති මටත් වඩා..
අම්මේ ඔබේ හද තුල..
හිතන්නැතුව ඇති..
ඒවි කියා මෙවන් දිනක්..
සුරතල් බැලූ දෑතින්ම..
අවතෙව කරන්න අඩ පණ දෝණිට...

ජීවත් වෙන්නෙමි මැරි මැරි මා අද...
වාවනු බෑ මට අම්මේ ඒ දුක..
සිහින නොතනා ඉන්න තිබුනා..
පැතුම් සිර කරගන්න තිබුනා..
හිතම ගල් කරගන්න තිබුනා..
දැන සිටියා නම් එදත් අද මෙන්..
මැරෙනා දින එක එක ලං වන බව...

14 ප්‍රතිචාර:

  • Samintha says:
    March 3, 2011 at 9:56 PM

    ෂා නියමයි!!! :)))))))))))))))))))

  • MaRLaN says:
    March 3, 2011 at 9:59 PM

    නියමයි ලස්සනට ලියලා තියනවා නන්ගෝ...

    කැවුම් තියනවා ඕනද?

  • මාරයාගේ හෝරාව says:
    March 3, 2011 at 10:03 PM

    "සිහින නොතනා ඉන්න තිබුනා..
    පැතුම් සිර කරගන්න තිබුනා..
    හිතම ගල් කරගන්න තිබුනා.."

    හිතට දැනෙනම හරිය...

  • පිණිබිඳු... says:
    March 3, 2011 at 10:30 PM

    දුකයි හොඳටම

  • ItalyDilan says:
    March 3, 2011 at 10:35 PM

    ඇත්තටම ලස්සනයි නිර්මානය තව තවත් කරන්න මේ වගේම

  • ඉශ්වි says:
    March 3, 2011 at 10:51 PM

    @ Samintha -තැන්කූ මල්ලියා...

    @ MaRLaN aiya - ගොඩාක් ස්තූතියි.. අනේ හාකෝ.. උණු උණු එව්වා තමා රහම... :D

    @ මාරයාගේ හෝරාව-එහෙනම් හිතට දැනෙන්නම දුන්නනේ.. ගොඩක් සතුටුයි...

    @ පිණිබිඳු...- හ්ම්ම්ම්ම්... ජීවිතේ මේ වගේ අවස්ථා වලට මූණ දෙන අයත් ඉන්නවනේ... දුකයි තමා...

    @ ItalyDilan - ගොඩාක්ක්ක්ක්.... ස්තූතියි... :)

  • නිම්ශා says:
    March 4, 2011 at 2:11 AM

    දුක හිතුනේ..පිලිතුරු කවියක් හිතට එන්නේ නැ.. :(

  • Pirate Bunny says:
    March 4, 2011 at 11:05 AM

    දැන සිටියා නම් එදත් අද මෙන්..
    මැරෙනා දින එක එක ලං වන බව...

    ඉතිං හරිනේ.. අපි කෝමත් මරණයට ටික ටික ලං වෙනවානේ.. ඒක අද උනත් හෙට උනත් මට නම් ගානක් නැ..
    ඒක නිසා මේක මට සාමාන්‍යයි..
    හුරේ...මට දුක නැ :D

  • MaRLaN says:
    March 4, 2011 at 1:37 PM

    හාකෝ හාකෝ

  • ඉශ්වි says:
    March 4, 2011 at 2:50 PM

    @ නිම්ශා- ආහ්... එහෙමද..

    @ Pirate Bunny -අපෝ එහෙනම් බනීට කවිය තේරිලා නෑ... අපි කවුරුත් මරණයට ටික ටික ලං වෙන එක ඇත්ත.. ඒ උනාට ඒ දවස කවදද කියලා දන්නේ නැති හින්දනෙ ඒ ගැන නොහිතා ජීවිත් වෙන්න කොච්චරක් නම් දේවල් කරන්නේ...ඒ උනාට මැරෙණ දවසක් දැන දැන ජීවත් වෙන එක ඊට වඩා අමාරුයි...

  • සුළඟිල්ල | pinkie says:
    March 4, 2011 at 7:17 PM

    ලොල්ය... හරිම භාවත්මකයි... :ඩී

  • මධුරංග says:
    March 4, 2011 at 9:55 PM

    අප්පොච්චියේ ඉශ්වි දුක හිතෙන කවි ටිකක් ලියලා නේ.

  • සීතල අයියා says:
    March 4, 2011 at 10:29 PM

    @ ඉශ්වි-ඒක නම් ඇත්ත.හොඳ මාතෘකාවක්
    @ හාවා- මේකේ හරයෙ ලොකු තේරුමක් තියෙනව බං.පොඩ්ඩක් හිතපන් රෑට නිදාගන්න යනකොට හෙට නැගිටින්න වාසනාව තියෙයිද කියලා හිතේ සැකයක් තියාගෙන කොහොමද සතුටෙන් නිදා ගන්නෙ?කොච්චර ලොකු කරුමයක්ද?ඒ වගේමයි ඒ ගෙදර අනිත් අයත්.ලොකු දුකකින් ඉන්නෙ.මෙයා හෙට අනිද්දට දාලා යනවා නේද කියලා.ඒකට හොඳම උදාහරනය තමයි පිළිකාව.කොච්චර නම් කාලකන්නි ලෙඩක්ද.මහම මහ කාලකන්ණි ලෙඩක් :'(

  • ඉශ්වි says:
    March 6, 2011 at 10:50 PM

    @ සුළඟිල්ල | pinkie- තැන්කූ වේවා...

    @මධුරංග- හ්ම්ම්...

    @සීතල අයියා- ඒකනේ සීතල අයියේ.. මේ බනීට කිව්ව එක තේරිලා නෑ නේ...

Post a Comment