
මා එක් දිනක්...
ඇය තුරුලෙහි වෙලී...
ඇගෙ උණුසුමින්
මන් මත් වී සිටියා
මම එදින ඇයට
ආදරේ කීවා...
ඇයත් මා හට
ආදරේ කීවා....
ආදරය සුන්දරයි
සුන්දර වුවත්
එය දුක්බරයි...
මට එය නොවැටහුනා නොවේ
මගෙ සිත එය කීවත්
මා එය සගවා ගත්තා....
සතුටයි අපෙ ජීවිතේ
එය තවත් වැඩි උනා
පුතෙක්,
ලස්සන පුතෙක්
අපේ ගෙදර
කල එළි කලා
උදෑසන මා....
නින්දෙන් අවදි වූ විට
ඒ ඔක්කොම මායාවක්
මිරුගුවක්....
ඇත පේන ක්ෂිතිජයක්....
මා සෑදූ අහස් මාලිගය
මා දෙනෙත් ඉදිරියේ
සුනු විසුනු වී යනවා....
සොදුරු රටාවන් මවමින්
ගලනා කදුලක්....
ඔබ හින්දා.....
ඇස ලග රැදුනත්
එය සගවාගෙන
අද මා සැරසී....
මල් කලඹක් අතට ගෙන
ඇගේ ගෙදර යනවා
මා කුමක් කරන්නද
මාගේ ප්‍රාණය පණ අදිමින්
නැවතත් විරහවක් දරාගත නොහැකි තරමට
මාගේ හදවත මැරී ගොසිං
අද ඈ හා මාගේ මිතුරා
අතිනත ගන්නා මොහොතේ
මා නිහඩව හඩමින්
මම ඔවුනට සුභ පතමි
මා ආදරෙයි
ඔබ කවදා හෝ
මාවෙත නොඑනා නමුත්
හැමදාමත් ආදරෙයි
එනමුත් එය මාගේ හදවතේ
සැමදා රහසක් වෙයි
එය සැමදාම රහසක් වේයි
මේ ෆිල්ම් එකේ සිංදුව උබ නිසදැසක් කරලානේ :P
අනේ ඇත්තද?මම හැබැයි තාම මේ film එක බැලුවෙ නෑ බං.
කුප්පම කුප්ප අයිඩියාවකි.... :P පෙර ඔබේ පෙම්වතිය වුවද අද පටන් ඈය මිතුරාගේ බිරිද වනු ඈත. එහෙයින් ඈයිව අද පටන් මිතුරියක් ලෙස පමණක් බලන්නේනම් සුදුසු වේ... :P :P
නයිස් පෝස්ට් සීතල අයියා.......... මම ලයික්.... පොඩ්ඩක් නෙමෙයි ගොඩක් ලයික්...... :D :D :D :D
ලස්සනයි කවිය..
හැබැයි නොලැබෙන බව දැන දැනත් ආදරේ කරන්න පුලුවන්ද මංදා.. . :)
Pattata!Bokkatamma Waddinawwa!Sirra!Mal *****!
ලස්සනයි අයියා..ආදරය කියන්නෙත් පරිත්‍යාගයක්..
( පික් එකේ බෝයි නම් හරි ස්විට්.. :P )
ලස්සනයි. මම ඒ චිත්‍රපටිය නම් බලලා නෑ.ඒ උනාට නිසදැඅ කියවද්දි චිත්‍රපටිය ගැන හිතා ගන්න පුලුවන්. ලස්සනයි මේ නිසදැස.
ලස්සනයි... ගොඩක් විට සිද්ධවෙන දෙයක්.. :)
@චේ සහෝ-තැන්කියූ මචං
@ඉශ්වි- ඇයි බැරි.කෙනෙක් හරියට ආදරේ කලොත් ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ.අමතක කරන්නත් බෑ.හිතේ කොතැනක හරි ඒ තුවාලය මැරෙන තුරාවටම තියෙනවා.ඒ ආදරය කවදාවත් මැරෙන්නෙ නෑ.ලබන ආත්මෙදි වත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනය කරලා තමා මැරෙන්නෙ.ඒකයි ඇත්ත ආදරය.
@ඩොටියා- තැන්කියූ මචං.මම හිතුවෙ නෑ උඹ blog කියවයි කියලා
@ නිම්ෂා- හ්ම් ඒක එහෙම නිසා තමයි ඒ කොල්ලා එයාගෙ ආදරේ හිතේ තද කරගෙන එයාගෙ යාලුවට ඒ ආදරය පරිත්ත්‍යාග කලේ.සමහර විට ඒ කොල්ලා හිතන්න ඇති තමාට වඩා එයාගෙ යාලුවා එයා ආදරේ කරපු කෙනාව හොදින් බලා ගනී කියලා.
@ මදුරංග- ඒකනම් හරියටම කියන්න දන්නෙ නෑ.මමත් තාම මේ film එක බලලා නැති නිසා.බලලම කියන්නකො
@ප්‍රාර්ථනා- ඒකත් එහෙමද?ඇත්තටම මම ඒකක් දන්නෙ නෑනේ.
ඔක්කොමඅතුට- බොහොමත්ම ස්තූතියි
ආදරය විදිනකොටත් විදවනකොටත් සුවයක් වගේ මට දැනෙන්නේ
@යසියා පොඩ් අවුලක් යාලුවා.විදවනකොට කොහොමද සුවයක් දැනෙන්නෙ?