සමාජවාදය නිරුවතින් (by චේ උන්නැහේ)

Tuesday, April 19, 2011

ලෙනින් සේතුංද,
මාක්ස්ලා යදිමින්.....
ගුවේරා නාමයට ,

මල් පහන් පුදමින්.....
සහෝදර වාදයේ,
කදුලු වගුරුවමින්.....
යන මගෙක දිග පළල,
මනිනුයේ කෙලෙසින්......


ධනපති පංතියට,
ගරහනා මුවගින්........
තලුමරා ගිලදමන,
මිල අධික බොජුනින්......
ලබනා වු සවියෙන්, 
පුප්පනා ගිරියෙන්,
මවන ලද රූපයේ.........
ලක්දිව,
සමාජවාදය නිරුවතින්................

14 ප්‍රතිචාර:

  • Bunny says:
    April 19, 2011 at 7:14 PM

    අපි මොකටද ධනපති පංතියට ඉරිසියා කරන්නෙ ? ඒ උන්ගේ ලැබීම නේ ? අපිට ලැබීම නැ කියලා අපි ඉරිසියා කරන්නෙ මොකටද ? අපි මොකටද උං කරේ තියාගන්න යන්නෙ ? කරෙන් බිමට තියන්න.. කර උඩ තියා ගත්තාම තමා ඔය ගැටලුව..

    දවසක් හාමුදුරු දෙනමක් කොහේද වැඩියාලු.. ඔය යන අතර ගගෙන් එගොඩ වෙන්න බැරිව උන්න කාන්තාවක් දුටුවලු.. ඉතිං මේ එක හාමුදුරු නමක් කල්පනා කරනවාලූ මේ කාංතාව තව මෙතන උන්නොත් ගඟේ වතුර වැඩි වෙලා ගියොත් කොහොමටවත් ගඟෙන් එගොඩ වෙන්න බෑ කියලා.. ඉතිං මේ හාමුදුරු නමක් කලේ ඒ කාංතාව කරේ තියාන එගොඩ කරලා එන්න ආවා.. ඉතිං ඒ ගමන වැඩම කරලා ආවාලු..අනික් හාමුදුරු නම මුකුත් නොකියා වැඩියාලු.. දැන් අර හාමුදුරු නමට හරි අවුල්ලූ අර ස්වාමිං වහන්ස කරපු දේ හරි නැ කියලා.. ඉතිං මේක ඇවිල්ලා බුදු හාමුදුරුවන්ට කිවාලු හාමුදුරුවනේ මෙන්න මෙහේම කාංතාවක් කරේ තියාගෙන ගිහින් එගොඩ කරා කියලා.. ඒ පාර බුදු හාමුදුරුවෝ කිවාලු ඒ අදාල හාමුදුරුවන්ට එන්න කියලා.. ඒ පාර ඇහුවාලු ඇත්තද මේ කතාව කියලා.. ඒ පාර ඒ හාමුදුරුවෝ කියනවාලු..
    ස්වාමීනි, මං ඒ කාංතාව එගොඩ කරලා කරෙන් බිමින් තිබ්බා..
    ඒත් මේ හාමුදුරුවෝ තාමත් ඒ කාංතාව කරේ තියාගෙන ඉන්නෙ..

    ඒ වගේ තමා.. අපි නිකාං බොරුවට ඔන්නැති දෙවල් කරේ තියාගෙන ඉන්නෙ..
    මං හිතන්නෙ ලෙනින්ලා මාක්ස්ලා චේලා.. කරලා තියන්නෙ ඉරිසියා කිරල්ලනේ ? :-D

  • Prabhath says:
    April 19, 2011 at 7:14 PM

    නොගැලපෙන වෙදකමක් කරන්නට වෙර දරන වෙදකම නොදත් වෙදුන් පිරිසකගේ කෑකොස්සං ගැහිල්ල, නිරුවත්වූ සමාජයකට තවත් මොටද එහිම වාදය......සමාජවාදය යනු කුමක්දැයිවත් හරි හැටි නොදත් සිවලුන් දතනියවමින් බඩගෝස්තරවාදයට අලුත් නමක් දුනි, එනම් ලාංකීය සමාජවාදය.

  • Bunny says:
    April 19, 2011 at 7:20 PM

    කුජීතවාදය (via පොඩි මහත්තයා) මුහාහාහාහා :P :D :D

  • චේ උන්නැහේ... says:
    April 19, 2011 at 7:21 PM

    @ Bunny ....
    චේ, ලෙනින් වගේ කට්ටිය ධනපතියන්ට ඉරිසියා කලා නෙමෙයි සහොදරයා..ඒගොල්ලො කිව්වෙ හැමෝටම එක විදිහට සලකන සමාජයක් හදන්න ඕනා කියලා. ඒක ඒගොල්ලො කලා, සාර්ථක උනා. ඔයා දුන්න උත්තරේ වැරදි නැ.. මොකද ලංකාවේ අපිට සමාජවාදය ගැන මවලා තියන පින්තුරය ඒ තරම්ම පිළිකුල් එකක්, ඒත් ඇත්ත සමාජවාදය ගැන අධ‍යනය කලානම් ඒක කොච්චර සාර්ථක දෙයක්ද කියලා ඔබට වැටහේවි... (මේ මගේ මතය හලිය)

    @ Prabath...
    100% එකඟයි සහෝදරයා. හැබැයි ලංකාවේ සමාජවාදය සම්බන්ධයෙන් විතරයි.

  • pavithra weerapperuma says:
    April 19, 2011 at 8:37 PM

    ලොල්ය... ලන්කාවෙ ඉතින් නිරුවත් නැති ප්‍රතිපත්තියක් තියෙන්නෙ කොතනද??

  • සීතල අයියා says:
    April 19, 2011 at 8:52 PM

    අනේ මංදා.මට ඒ හැටි මේ ගැන තේරෙන්නෙ නෑනේ.හැබැයි එක දෙයක් තියෙනවා කියන්න.ලංකාවේ සමාජවාදයක් තියෙනවද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා.ඒකට මම එකගයි.(මොකද කියනවනම් අන්තිම පේලිය විතරයි තේරුනෙ) :P

  • Ishanuk77 says:
    April 19, 2011 at 10:13 PM

    අනේ උබේ දර්සනේ.... උබ දන්න මගුල....(ප.ලි.මමද සමාජවාදය පිලි නොගනිමි)

  • MaRLaN says:
    April 20, 2011 at 2:03 PM

    සමාජ වාදය මමත් පිලිගන්නවා ඒත් ලංකාවෙ තියන බොරුවට නෙමේ.. ෆිදෙල් කැස්ත්‍රොව්/ චේ වගේ අය ගේන්න ගිය සමාජවාදයට... ඇත්තටම අපි ඔක්කොම මනුස්සයොනම් ඇයි අපි එක එකාට වෙන වෙන විදිහට සලකන්නෙ... VIP කෙනෙක් ගෙයි කුලී වැඩ කරන මනුස්සයෙක්ගෙයි වෙනස මොකක්ද? ඒ දෙගොල්ලම මනුස්සයෝ ඒත් ඇයි දෙවිදිහක්...? ප්‍රශ්නයක් නේ...? හිතන්න වෙනවා නේ...?

  • සංකල්ප says:
    April 20, 2011 at 7:15 PM

    මම නම් සමාජවාදය ගැන අබමල් රේණුවක්වත් දන්නේ නැත. ඒ නිසා ඒ ගැන කතා කරන්න යන්නේ ද නැත

  • චේ උන්නැහේ... says:
    April 20, 2011 at 8:09 PM

    @ සුලේඟිල්ල......
    අනිවා සහෝ.... ලංකාවේ ඔක්කොම දේවල් එකයි... කතා කරලා වැඩක් නැ... :P :P

    @ සීතල අයියා.....
    උඹ දන්නේ මොනවාද බං ..... :P ඇත්තටම බැලුවොත් ලංකාවේ සමාජවාදය කියලා එකක් නැහැ තමා.

    @ ඉෂ්...
    අපෝ මේ මගේ දර්සනයක් නෙමෙයි බොල... :D

    @ MaRLaN....
    අනිවා සහෝ .... මමත් සම්පූර්ණයෙන් එකඟ වෙනවා ඔබතුමාගේ කතාවට... :)

    @ මධුරංග.....
    දන්නෙ නැ කියලා කිය කිය ඉන්නවට වඩා පොඩ්ඩක් හරි ඉගෙනගත්තනම් වටිනවා සහෝදරයා.. ඉගෙනගන්න වටිනා පැත්තක් සමාජවාදය කියන්නේ (මම හිතන විදිහට)... :)

  • boo pale says:
    April 21, 2011 at 7:59 AM

    VIP කෙනෙක් ගෙයි කුලී වැඩ කරන මනුස්සයෙක්ගෙයි වෙනස වෙන්නෙ, ඒ දෙන්නා ගෙනාපු කර්ම පල අනුව කියලයි මට හිතැන්නේ.ඉතින් එක වෙන කාටවත් වෙනස් කරන්න බෑනෙ.
    එතකොට මොකද්ද සමාජවාදය කියන්නෙ?

  • නෙරංජි සුලක්ඛනා says:
    April 22, 2011 at 5:45 PM

    අයියෝ මේ මොකෝ අයියෙ ඔයා සමාජවාදයට කවි ලියන්නෙ දැන්ම මැයි දවසත ලෑස්ති වෙනවා වගේ

  • Gayani says:
    April 24, 2011 at 7:40 AM

    meda para may pelapaliyak oyage gedara langinuth patan ganeevi wage.

  • අනූප says:
    May 12, 2011 at 5:52 PM

    අනිවාරයෙන්ම ලංකාවේ සමාජවාදීකියන උන් තමයි ධනවාදී දේශපාලනය හොදටම කරන්නෙ මමත් ඔය දේ ගැන පොඩි විස්තරයක් දැම්ම වෙලාවක් තිබුනොත් කියවන්න (http://eranjithanupa.blogspot.com/2011/04/blog-post_08.html)

Post a Comment