ඔයා විතරක්ම නිසා... (by චේ උන්නැහේ)

Saturday, April 23, 2011

මම හීන දකින්නේ,
හැබැහින් දකින්න බැරිනිසා නෙමෙයි.....
හීනෙන්,
හැම තිස්සෙම ඔයා මගේ ලඟ නිසා........

මම ඔයාගේ ඇස් දිහා බලාගෙන ඉන්නේ,
ඔයා බලයි කියලා නෙමෙයි.....
ඔයාගේ ඇස්,
අහක නොබලයි කියලා.........

මම ආදරයට ආදරේ කරන්නේ,
වෛර කරන්න බැරි නිසා නෙමෙයි......
මගේ ආදරය,
ගොඩක් අවංක නිසා........

මම බලාපොරොත්තු ඇති කරගන්නේ,
ඔයා ගැන නෙමෙයි........
ඔයා මට නැතිවෙයි කියලා,
මට බය හිතෙන නිසා............

මම ජීවත් වෙන්නෙ,
මැරෙන්න බැරි නිසා නෙමෙයි......
මැරුනොත්,
ඔයාව මට නැති වෙන නිසා........

සංසාරේ පුරාවටම,
ඔයාව විතරක්ම පතන්නේ.........
පැතුම් ගොඩක් නැති නිසා නෙමෙයි,
මගේ හැම ප්‍රාර්ථනයකම ඉන්නේ........

ඔයා විතරක්ම නිසා............



15 ප්‍රතිචාර:

  • නදී says:
    April 23, 2011 at 9:44 AM

    හ්ම්...

  • චේ උන්නැහේ... says:
    April 23, 2011 at 9:46 AM

    මොකො හ්ම්.....

  • නෙරංජි සුලක්ඛනා says:
    April 23, 2011 at 10:04 AM

    මම කියවපු ලස්සනම නිසඳැස් වලින් එකක්...හදවදට දැනෙනවා.ඔයාගෙ ප්‍රාර්ථනාවෙ ඉන්න ගැහැණු ළමයා ඔයාට ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා...

  • Ishanuk77 says:
    April 23, 2011 at 10:27 AM

    දකින දකින හැම සිහිනෙම සැබෑ වේවා..
    බලන බලන හැම දේම ඔබේම වේවා..
    (අපේ දේවල් වලට ඇහැ දන්නා අවොත් උබේ අඩු කඩනවා.)
    ඔබේ ආදරේ සපල වේවා....
    බලපොරොත්තු රියලිටි වේවා......
    තව තව කල් ඔබ ජිවත් වේවා....
    සංසාරේ පුරාවටම ඇයව ලැබේවා...!
    (කරපු පව් රිය සකක් මෙන් සංසාරේ පුරා වටම එනවලු.එක නිසා සසර පුරාවටම පව් ගෙවපන් කුප්ප නින්ජා කාරයෝ )

  • Bunny says:
    April 23, 2011 at 10:35 AM

    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරෙ..
    සිත තාම දන්නේනැ ඇයිද මා පෙම්කලේ..
    සද රාජිනී නුබයි මගේ හද මංදිරේ
    සදාවෙනස් නොවේ මගේ ආදරෙ...

  • Anonymous says:
    April 23, 2011 at 11:29 AM

    මෙ මේ ඕක පහුගිය කාලෙක පත්තරෙකත් තිබ්බා... ඒකත් ඔයාද ලිව්වේ............

  • Ishanuk77 says:
    April 23, 2011 at 12:14 PM

    අපෝ චාටර් වගේ...

  • Anonymous says:
    April 23, 2011 at 1:37 PM

    Paththareka thibunada mama danne ne.
    Derana jukebox program eke Narmada nam kivva.

  • සංකල්ප says:
    April 23, 2011 at 4:23 PM

    ලස්සනයි. ඇයි මේ කට්ටියම චාටර් කමෙන්ට් දාන්නේ. නිර්මාණේ කාගේ උනත් කමක් නෑ. ලස්සනයි නම් ඒක කියවලා රස විදිනවා මිසක්.

    නියම කවි පද ටික. ගින්දර !!!

  • සීතල අයියා says:
    April 23, 2011 at 4:43 PM

    උඹ ඔය හීන දකින්නෙ,එයාව හැබැහින් දකින්න පුලුවන්කම තියෙද්දි
    උඹ එයාගෙ ඇස් දිහා බලන්නෙ,එයාව බලන්න පුලුවන්කම තියෙද්දි
    උඹ ආදරේට ආදරේ කරන්නෙ එයත් උඹට ආදරේ කරද්දි
    උඹ බලාපොරොත්තු තියං ඉන්නෙ එයාව දැනටමත් උඹට ලැබිලා තියෙද්දි
    උඹ ජීවත් වෙන්නෙ සදහටම උඹට අයිති වුනු කෙනා උඹට නැතිවෙයි කියන බය නිසා
    උඹ සංසාරේ පුරාවටම ප්‍රාර්ථනා කරලා තියෙන්නෙ ඒ පොරොන්දුව දෙන්න කෙනෙක් ඉදිද්දි

    ඒත් තවත් සමහරක් ඉන්නවා දකින්න,එයාගෙ ඇස් දිහා බලන්න,ආදරේ ලබන්න,බලාපොරොත්තු තියං ඉන්න,සදහටම එකට ජීවත් වෙන්න,සංසාරේ පුරාවටම එකට ඉන්න ප්‍රාර්ථනා කරන ඒත් ඒක නොලැබෙන කට්ටියක්.ඒගොල්ලන්ට අඩුම තරමෙ හීනෙන්වත් එයාව දකින එක හිතට ලොකූ සතුටක්.උඹ ඒ අතිං වාසනාවන්තයි යාලුවා.
    මගේ සුබ පැතුම්!

  • ඔයයිමමයි says:
    April 23, 2011 at 6:38 PM

    වෙන මුකුත් නෙමෙයි ඕකගෙ වලත්ත කම ඔතන තියෙන්නේ.....

  • චේ උන්නැහේ... says:
    April 23, 2011 at 9:09 PM

    @ නීනු....
    බොහෝම ටැන්කූ වේවා......

    @ ඉශ්...
    ඉකේ .... කියන කතා... ලැජ්ජාවේ බැරුවා.....

    @ බනී.....
    කව්ද බොල තොට හීනයක් උන ආදරේ.....

    @ Anonymous....
    අඩේ මෙන්න ඇනෝනිමස් ලොක්කෙක් මටත් කමෙන්ට් කරලා... මටනම් හිතෙන්නෙ මේක මම ඇනෝනිමස් ඉවත් කිරීම සම්බන්ධව අක්ශරේ දැක්වූ දැඩි විරෝධයට ප්‍රතිචාර දැක්වීමක් වගේ....
    කොහොම උනත් කියන්න ඕනා මේක මගේම නිර්මාණයක්..අවුරුද්දකට විතර කලින් කෙනෙක් වෙනුවෙන් ලියපු එකක්.. අදාල කෙනාගේ මුහුණුපොතේ වෝල් ෆොටෝස් වලත් මේක තියනවා.නෙයා මේක පත්තරේකට දුන්නද කියන්න මම දන්නේ නැ... හැබැයි මමනම් දුන්නේ නැ...(තමුන්ගේම නමින් කමෙන්ට් දාන්නකෝ Anonymous සහෝ )

    @ Anonymous 2...
    හෙන ගහපිය කිව්වලු.... මම දානවා නර්මදා අක්කට නඩු.... අන්සතු නිර්මාණ කර්තෘ අවසරයකින් තොරව ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන්...

    @ මධුරංග.....
    එලකිරි සහෝදරයා... බොහොම ස්තුතියි....

    @ සීතල අයියා.....
    අදහසනම් ඇත්ත සහෝදරයා... මම ගොඩාක් වාසනාවන්තයි... ඒ වාසනාව ලඟදිම උඹවත් හොයාගෙන ඒවි.... ඉවසපන් කොල්ලො ඉවසපන්....

    @ ඔයයි මමයි...
    නොදකින් වලත්තයා.....

  • Gayani says:
    April 24, 2011 at 7:39 AM

    Niyamay........ Niyamaaaaaaaaaaaaaaaaaaay.......
    Lassany nisadesa.

  • සිතුවිලි නිහඬයි says:
    April 25, 2011 at 2:11 PM

    ලස්සනයි අය්යේ.......ඔයා හරිම වාසනාවන්තයි......එත් හැමෝටම ඒ වාසනාව නෑ..... .

  • පිටස්තරී says:
    April 25, 2011 at 4:19 PM

    attatama aie oyath e glth wasanawantai.oyage hema prartanayakama inne eyane.aiooooooo aparade :p

Post a Comment