මම එනවා සුදු (by චේ උන්නැහේ)

Saturday, April 30, 2011

හප්පේ........
ඇති යන්තම්.....
හිරවෙලා, තද වෙලා ඉදලා,
කොහොම හරි එලියට පැනගත්තා.......


මොකද බොලේ මේ..........
හැම තැනම කට්ට කලුවරයි......
කෝ මගේ යාලුවෝ.....????
ආහ්...
මේ ඉන්නේ කට්ටියම,
යමු කොල්ලනේ.....
අපි කොහොමහරි.....
එයාව හොයාගන්නම ඕනා.......


යනවා .... යනවා......
මෙන්න...?????
විසාල සාලාවක්............
අපිට,
පදිංචි වෙන්න වෙන්නේ.......
මෙතනද කොහෙද.....!!!!
ඒත් ,
මුලින්ම එයාව හොයාගන්න එපැයි.......


අහ්..........!!!!!! 
ඒ සැරේ පාරවල් දෙකක්.........?????
වමද........ දකුණද.........
දකුණද........වමද..........
ඔන්න ඔහේ දකුණට යනවා.............


අපෝ....... !!
මේ පාර හරි පටුයිනේ,
බාධකත් හැම තැනකම...........
තව කොච්චර දුර යන්න ඕනද මංදා......
දැන්නම්............
හරි මහන්සියි....!!!!!
කමක් නැ..............

තව ටිකනේ,
ඒකත් මෙහෙමම යනවා........


කෝ මේ මගේ යාලුවෝ......???????
ලක්සයක් විතර ආවනේ .....!!!!
ශික්.....
දැන් සීයක්වත් නැ..........
මොනා කරන්නද.....!!!!
සංසාරේ ඔහොම තමා.....................


ඇති යන්තම්...............!!!
අන්න ඉන්නවා...........
සුදු............
මම එනවා...........
ඔයා බය වෙන්න එපා............
මම ඔයාව වෙන කාටවත්ම,
අයිති වෙන්න දෙන්නේ නෑ.............


අඩෝ..............!!!!
මමයි මුලින්ම යන්නේ...........
තල්ලු කරන්න එපෝ................
තව හයියෙන්......... තව හයියෙන්............
හැප්පුනා............!!!!
ජයවේවා..........
මම දිනුම්......මම දිනුම්.......
ඩිම්බය සුදු...........
ඔන්න මම,
ඔයාව,
සං........සේ.......ච.......න........ය........
කලා..........

12 ප්‍රතිචාර:

  • Anonymous says:
    April 30, 2011 at 1:34 AM

    අඩෙහ්..මම බැලුවා මේ මොකක්ද කියලා... මම ආසම අර ...

    අඩෝ..සුදු මම එනවා කියන එන ..හෙහ්..එක හුරතල්.. මරු චේ අයියා... වෙනස්ම අදහසක්...

  • Bunny says:
    April 30, 2011 at 6:15 AM

    ආ මේ ශුක්‍රානුවක් නේ ඩිම්බයකට ලවු කරලා තියෙන්නෙ :D

  • Anonymous says:
    April 30, 2011 at 7:06 AM

    කියෙවුව වෙනස්ම ලිපියක්....නියමය්

  • චේ උන්නැහේ... says:
    April 30, 2011 at 7:58 AM

    @ නිම්ශා.....
    ඉකේයියා....මට ලැජ්ජයි අලේ....... (හුරතල් මම නේදැ). :P ටැන්කූ වේවා නඟෝ....

    @Bunny.....
    හිහ් හොහ් හුහ්....... :D

    @ බීටා......
    තැන්කූ වේවා සහෝ............ :)

  • නෙරංජි සුලක්ඛනා says:
    April 30, 2011 at 8:10 AM

    මරු අනේ

  • Anonymous says:
    April 30, 2011 at 8:23 AM

    වෙනස්ම ලස්සන නිර්මාණයක් ........ නියමයි ......

  • නදී says:
    April 30, 2011 at 10:04 AM

    වෙනස් විදියක්,ලස්සනයි.ඇත්තටම මාර තරගයක් දෙනව ඇති නේ හිහ්...

  • සංකල්ප says:
    April 30, 2011 at 11:49 AM

    මරු !!!! වෙනස්ම විදිහක වෙනස්ම කතාවක් කලියක ලියලා. මම හිතුවා වලියකට යනවා ඇති කියලා. බැලින් නම් මේක වෙනම සීන් එකක් නේ. (මේකත් එක්තරා ආකාරයක වලියක් තමා.)

  • පිටස්තරී says:
    April 30, 2011 at 9:31 PM

    පෑදි කලාපයta jayawewa!netnam oya adaare beda ganna wenne tawa 20,30 dahak ekka.wenas aluth adahasak.ela sudu...

  • සීතල අයියා says:
    May 2, 2011 at 5:25 AM

    මූට bio කරලා බඩ ගිහිල්ලා.

  • සිතුවිලි නිහඬයි says:
    May 3, 2011 at 12:32 PM

    වෙනස්...නමුත් ලස්සනයි... අපි බයෝ කරනකොට ඔහොම කියල දුන්නනම් තමා හොද

  • Anonymous says:
    May 19, 2011 at 5:49 PM

    ඔන්න ඔය වගේ පට්ට ගේමක් දීලා මේ ලෝකෙට එන අපි.. ජීවිතේදී පශු බහිනවා නේද.. අනේ මන්දා

Post a Comment