Showing posts with label විකාර. Show all posts
Showing posts with label විකාර. Show all posts

Monday, August 22, 2011

අනඟ ලිය ( by චේ උන්නැහේ )

9 ප්‍රතිචාර | Read more...


සූ සැටක් වූ ,
මායම් දහරින්...
දීන සලෙලුන්,
තුටු දනන මුත්...

රිය සකක් වන්,
පුළුලුකුල මත..
අනෙක පුං කඳ,
සැනහෙනා මුත්..

තිසර තන නොව,
වැහැරුනා වූ...
සම දරාගත්,
ලය මඬල දැක.

කෙසේ අගයම්ද,
නුඹේ ඔය රුව..
දැන් වියපත්ය,
නුඹ අනඟ ලිය...

Thursday, July 21, 2011

වෙනස්ම විදිහකට පොල් සම්බෝලයක් හදාගමුද.....

15 ප්‍රතිචාර | Read more...


දැන් අක්ෂරේ ඔක්කොමල්ලා වගේ එක එක ජාති උයන්න පිහන්න කියලා දෙන නිසා චේ උන්නැහේත් හිතුවා කැමක් හදන හැටි කියලා දෙන්න. ඔයාලත් ට්‍රයි කොරලා බලන්ටකෝ....

අවශ්‍ය ද්‍රව්‍ය : 
  •      පොල් ගෙඩියක්
  •      ළූණු ගෙඩි 2ක්
  •      මිරිස් කරල් කිහිපයක්
  •      ලුනු, මිරිස්, ගම්මිරිස් කුඩු අවශ්‍ය පමණට
  •      භාජනයක්. ( සම්බෝලේ දාන්න)
  •      හොදට කැපෙන පිහියක් 
  •      කැත්තක්.( පොල් ගෙඩිය බිදින්න)
  •      හිරමණයක් ( පොල් ගාන්න)
  •      අත් දෙකක් ( සම්බෝලේ හදන්න)

 සාදන ක්‍රම‍ය....
  •       ඔක්කොටම කලින් පිරිසිදු වෙලා ඉන්න එක හොද නිසා මුලින්ම කුණු උලලා හොදින් නාගන්න, හෙම්බිරිස්සාව වගේනම් ඇඟපත හෝදගන්න, ඒත් කම්මැලීනම් අඩුම තරමේ අත් දෙකවත් හෝදගන්න
  •       දැන් හොද ඇදුමක් ඇදගන්න, පර්ස් එකත් අතට ගන්න.
  •       ළඟම තියන කඩේට ගිහින් පොල් ගෙඩියකුයි අවශ්‍ය අනෙක් කළමණා ටිකයි ගන්න
  •       අතේ සල්ලි නැත්නම් අල්ලපු වත්තට යන්න.
  •       හොද පොල් ගහක් තෝරගන්න, වටපිට බලලා ලැස්ති වෙන්න ( වලල්ල දාගන්න)
  •       අයිතිකාරයා ළඟපාතක නැත්නම් දඩිබිඩි ගාලා ගහට නගින්න.
  •       කලටි පොල් වෙන්කරමින් හොද පැසුණු පොල් තෝරාගන්න.
  •       දැන් අයින්කරපු කලටි පොල් ගෙඩි දෙකක් කඩාගන්න .
  •       පරිස්සමෙන් ගහෙන් බහින්න 
  •       දැන් ශේප් එකේ වත්තෙන් මාරුවෙන්න ( පොල්ගෙඩි දෙකත් ඇතිව)
  •       උලක් ආධාරයෙන් පොල් ගෙඩි දෙකම ලෙලිගහගන්න (මුඩ්ඩට හානියක් නොවන ලෙසට)
  •       දැන් එක පොල් ගෙඩියක් අරන් කඩේට යන්න.
  •       පොල් ගෙඩිය කඩේ ඇන්ටිට දීලා ඒකට හරියන්න අවශ්‍ය අනෙක් කළමනා ගන්න.(මතක් කරලා "ඇන්ටිට තැන්ක් යූ අක්කේ" කියන්න)
  •       දැන් ගැදර  එන්න. පොල් ගෙඩියයි අනෙක් කළමණා ටිකයි අම්මට දීලා පොල් සම්බෝලයක් හදලා දෙන්න කියන්න.
  •      අම්මා වෙන වැඩක් නැත්නම් ඉක්මනට පොල් සම්බෝලේ හදලා දෙයි, විනාඩි දෙකෙන් සම්බෝලේ රෙඩි..

             ඔබත් ට්‍රයි කොරලා බලන්න. යහතින් හදාගන්න හම්බුඋනොත් ඇවිත් කියලා යන්න. ලඟදීම දවසක ආයෙත් අලුත්ම රෙසෙපියක් එක්ක සෙට් වෙමු , ජයවේවා...!

 

Tuesday, July 12, 2011

සිතට දැනුන සිතුවිල්ලක්.

9 ප්‍රතිචාර | Read more...

මං මේ කියන්න යන්නෙ මගේ හිතට දැනුන දෙයක් ගැන. ඇත්තම කිවුවොත් කාටත් වගේ ආදරය කියල සංශිප්තව කියමුකො.


ආදරය කියන හැඟිම ගැන කතා කරන්න පුද්ගලිකව මං අකමැතියි.මොකද හුඟාක් අය ඕක ගැන කතා කරනවානෙ. ඒත් මේ අවස්තාවෙදි මත් මේ මාතෘකාව යටතේ වචන ස්වල්පයක් ඔබ හමුවේ තියනවා.




ආදරය කියන හැඟීමට විවිධාකාර පැතිකඩ තියෙනවානෙ. උදාහරණයක් විදියට, අම්ම දරුවන්ට දක්වන ආදරය, තාත්තගෙ ආදරය, කෙල්ලෙක් කොල්ලෙක් අතර ඇතිවන ආදරය.... ඔය යනාදී වශයෙන්.
ඉතිං හුඟාක් අය ආදරය යටතේ කතා බහ කරන්නෙ වැඩිපුරම ‍මං අන්තිමට කියපු කෙල්ලො කොල්ලො අතර සිදුවන ආදරය ගැන.


ආදරය කියන්නෙ මිනිස් හැඟීමක් නිසා ඒක මිනිසාට අවශ්‍යයි. ඇත්තටම කිවුවොත් මිනිසාට පමණක් සීමා නොවුණ හැම ජීවියෙක්ම සතුවන විශ්වීය හැඟීමක් කියන එක තමයි වඩාත් නිවැරදි.


කෙනෙක් ජීවිතයට ආදරය අවශ්‍යද කියල ඇහුවොත් ඔබ මොකද්ද දෙන පිළිතුර? නිසැකවම 'ඔවු' එහෙම නේද.. කීප දෙනෙකුට 'නෑ' වෙන්නත් පුලුවන්. හැබැයි ඒ අයත් ජීවිතයෙ කාගෙන්ම හරි ආදරයක් ලබල ඇති.


දෙමාපියන් තමන්ගෙ දරුවන්ට දක්වන ආදරයත් තරුණ කාලෙට ඇතිවන ආදරයයි අතර වෙනසක් තියෙනවා.


තරුණ වියේදි අපි ආදරය හොයා යනවද? නැත්තම් ආදරය අපිව හොයාගෙන එනවද? කිවුවත් වගෙ ''මේක වයසෙ වැරැද්දක්ද.'' පුංචි කාලෙදි මේ හැඟිම ගැන ලොකු වැටහීමක් නෑනෙ. ඉතිං අපිට කිසිම වෙනසක් දැනෙන්නෙ නෑ. ඒත් ටික ටික ලොකුවෙද්දි අපි විවිධ දේවලට ආදරේ කරන්න ගන්නවා, හුදෙක් එක ආලයක්. ඒ කියන්නේ ඒ දේවල් තමංගෙ කර ගන්න දක්වන ආශාවක්.. ඔන්න ඔය විදියට ඇරඹෙන ආදරය අන්තිමට විරුද්ධ ලිංගික පාර්ශවය කෙරෙහි යොමුවෙන්නේ ස්වාභාවිකව.


ඒ හැඟීම නියමාකාරව විස්තර කරන්න පුලුවන්ද? මට නම් බෑ.


එක එක අයව දැකල දැකල අන්තිම ඇහැ විශෙෂ කෙනෙක් එක්ක නතර වෙන්නෙ... නොදැනුවත්වමද...
නිතර ඒ කෙනාව දකින්න මුලින් ඇතිවන ආශාව... එතන ඉඳල විවිධ දේවල්......


අපි හැඟීම් පාලනය කළ යුතුද? මගේ තීරණය නම් ඔව්. අපිට බැහැ දකින දකින දේට ආදරය කරන්න. ආදරය කරන්න ගියාම ඒ දෙයට ඇතිවන ආශාව හමුවෙ 'නැතිවීම' දුකක් වන තැනට පත් වෙනවා. ඉතිං හමදේම නැති නොවුනට හැමදේම පවතින්නෙත් නෑනෙ. ආදරයත් ඒ වගේ කියලයි මට නම් හිතෙන්නෙ.


ප.ලි: බොහෝම ඉස්සර හිතට ආපු සිතුවිල්ලක් ගැන යළි සිහිකැඳවීමකි. :)

Saturday, June 11, 2011

වැරදීම භුගතයි ( By චේ උන්නැහේ )

12 ප්‍රතිචාර | Read more...
විශාලිත physics ලෝකය
විශ්වය වූ කලී...
මා වන්නට සිතුවෙමි
කුඩා මානයක්....
සැමවිට ඒකකයක් පසුපස ඇත,
නැ ගැලවීමක්....

ආලෝක කිරණයක් වී
සැමට රශ්මිය දෙමින්,
සතුටින් ගියා ගමනක්...
මහත් ප්‍රිස්මයෙකි මග.....!
වර්තනය කලා එදින,
ඔබ ඒ ලෙසින්.....

බැරිම තැන මා....
ඒකලිත වී,
සිත්සේ සැරුසැරූ කල...
පැමිණියා එදිනත්....
ඔබ ගුරුත්වය විලසින්...


කලකිරී මා,
පෘශ්ඨයක් දිගේ...
චලනය වුනෙමි,
නැත මට සැනසීමක්,
එතැනත් ඔබ ඇත...
ඝර්ෂණයක් ලෙසින්.....

විමසුවා මා,
මෙසේ ඇයි දැයි......
කලින් නොදුටුවද,
මෙහි විභව අනුක්‍රමණයක්...
පිළිතුරද එයයි...
නමුත්...
සැමවිටම,
වැරදීම භූගතයි.....








මේකත් මිසිස් (වෙන්ඩ) චේ උන්නැහේගේ නිර්මාණයක් හරිය..... තේරුනේ නැත්නම් සොරි වෙන්න ඕනා.. :) අඩුම තරමේ සයන්ස් කරපු අයටවත් තේරේවි මං හිතන්නේ.... :D :D :D


සැ.යු. මේකේ ලියලා තියෙන්නේ මං ගැනලු.... ලොල්.... :D

Saturday, April 30, 2011

මම එනවා සුදු (by චේ උන්නැහේ)

12 ප්‍රතිචාර | Read more...
හප්පේ........
ඇති යන්තම්.....
හිරවෙලා, තද වෙලා ඉදලා,
කොහොම හරි එලියට පැනගත්තා.......


මොකද බොලේ මේ..........
හැම තැනම කට්ට කලුවරයි......
කෝ මගේ යාලුවෝ.....????
ආහ්...
මේ ඉන්නේ කට්ටියම,
යමු කොල්ලනේ.....
අපි කොහොමහරි.....
එයාව හොයාගන්නම ඕනා.......


යනවා .... යනවා......
මෙන්න...?????
විසාල සාලාවක්............
අපිට,
පදිංචි වෙන්න වෙන්නේ.......
මෙතනද කොහෙද.....!!!!
ඒත් ,
මුලින්ම එයාව හොයාගන්න එපැයි.......


අහ්..........!!!!!! 
ඒ සැරේ පාරවල් දෙකක්.........?????
වමද........ දකුණද.........
දකුණද........වමද..........
ඔන්න ඔහේ දකුණට යනවා.............


අපෝ....... !!
මේ පාර හරි පටුයිනේ,
බාධකත් හැම තැනකම...........
තව කොච්චර දුර යන්න ඕනද මංදා......
දැන්නම්............
හරි මහන්සියි....!!!!!
කමක් නැ..............

තව ටිකනේ,
ඒකත් මෙහෙමම යනවා........


කෝ මේ මගේ යාලුවෝ......???????
ලක්සයක් විතර ආවනේ .....!!!!
ශික්.....
දැන් සීයක්වත් නැ..........
මොනා කරන්නද.....!!!!
සංසාරේ ඔහොම තමා.....................


ඇති යන්තම්...............!!!
අන්න ඉන්නවා...........
සුදු............
මම එනවා...........
ඔයා බය වෙන්න එපා............
මම ඔයාව වෙන කාටවත්ම,
අයිති වෙන්න දෙන්නේ නෑ.............


අඩෝ..............!!!!
මමයි මුලින්ම යන්නේ...........
තල්ලු කරන්න එපෝ................
තව හයියෙන්......... තව හයියෙන්............
හැප්පුනා............!!!!
ජයවේවා..........
මම දිනුම්......මම දිනුම්.......
ඩිම්බය සුදු...........
ඔන්න මම,
ඔයාව,
සං........සේ.......ච.......න........ය........
කලා..........