සිතට දැනුන සිතුවිල්ලක්.

Tuesday, July 12, 2011


මං මේ කියන්න යන්නෙ මගේ හිතට දැනුන දෙයක් ගැන. ඇත්තම කිවුවොත් කාටත් වගේ ආදරය කියල සංශිප්තව කියමුකො.


ආදරය කියන හැඟිම ගැන කතා කරන්න පුද්ගලිකව මං අකමැතියි.මොකද හුඟාක් අය ඕක ගැන කතා කරනවානෙ. ඒත් මේ අවස්තාවෙදි මත් මේ මාතෘකාව යටතේ වචන ස්වල්පයක් ඔබ හමුවේ තියනවා.




ආදරය කියන හැඟීමට විවිධාකාර පැතිකඩ තියෙනවානෙ. උදාහරණයක් විදියට, අම්ම දරුවන්ට දක්වන ආදරය, තාත්තගෙ ආදරය, කෙල්ලෙක් කොල්ලෙක් අතර ඇතිවන ආදරය.... ඔය යනාදී වශයෙන්.
ඉතිං හුඟාක් අය ආදරය යටතේ කතා බහ කරන්නෙ වැඩිපුරම ‍මං අන්තිමට කියපු කෙල්ලො කොල්ලො අතර සිදුවන ආදරය ගැන.


ආදරය කියන්නෙ මිනිස් හැඟීමක් නිසා ඒක මිනිසාට අවශ්‍යයි. ඇත්තටම කිවුවොත් මිනිසාට පමණක් සීමා නොවුණ හැම ජීවියෙක්ම සතුවන විශ්වීය හැඟීමක් කියන එක තමයි වඩාත් නිවැරදි.


කෙනෙක් ජීවිතයට ආදරය අවශ්‍යද කියල ඇහුවොත් ඔබ මොකද්ද දෙන පිළිතුර? නිසැකවම 'ඔවු' එහෙම නේද.. කීප දෙනෙකුට 'නෑ' වෙන්නත් පුලුවන්. හැබැයි ඒ අයත් ජීවිතයෙ කාගෙන්ම හරි ආදරයක් ලබල ඇති.


දෙමාපියන් තමන්ගෙ දරුවන්ට දක්වන ආදරයත් තරුණ කාලෙට ඇතිවන ආදරයයි අතර වෙනසක් තියෙනවා.


තරුණ වියේදි අපි ආදරය හොයා යනවද? නැත්තම් ආදරය අපිව හොයාගෙන එනවද? කිවුවත් වගෙ ''මේක වයසෙ වැරැද්දක්ද.'' පුංචි කාලෙදි මේ හැඟිම ගැන ලොකු වැටහීමක් නෑනෙ. ඉතිං අපිට කිසිම වෙනසක් දැනෙන්නෙ නෑ. ඒත් ටික ටික ලොකුවෙද්දි අපි විවිධ දේවලට ආදරේ කරන්න ගන්නවා, හුදෙක් එක ආලයක්. ඒ කියන්නේ ඒ දේවල් තමංගෙ කර ගන්න දක්වන ආශාවක්.. ඔන්න ඔය විදියට ඇරඹෙන ආදරය අන්තිමට විරුද්ධ ලිංගික පාර්ශවය කෙරෙහි යොමුවෙන්නේ ස්වාභාවිකව.


ඒ හැඟීම නියමාකාරව විස්තර කරන්න පුලුවන්ද? මට නම් බෑ.


එක එක අයව දැකල දැකල අන්තිම ඇහැ විශෙෂ කෙනෙක් එක්ක නතර වෙන්නෙ... නොදැනුවත්වමද...
නිතර ඒ කෙනාව දකින්න මුලින් ඇතිවන ආශාව... එතන ඉඳල විවිධ දේවල්......


අපි හැඟීම් පාලනය කළ යුතුද? මගේ තීරණය නම් ඔව්. අපිට බැහැ දකින දකින දේට ආදරය කරන්න. ආදරය කරන්න ගියාම ඒ දෙයට ඇතිවන ආශාව හමුවෙ 'නැතිවීම' දුකක් වන තැනට පත් වෙනවා. ඉතිං හමදේම නැති නොවුනට හැමදේම පවතින්නෙත් නෑනෙ. ආදරයත් ඒ වගේ කියලයි මට නම් හිතෙන්නෙ.


ප.ලි: බොහෝම ඉස්සර හිතට ආපු සිතුවිල්ලක් ගැන යළි සිහිකැඳවීමකි. :)

9 ප්‍රතිචාර:

  • පන්සල් හංදිය says:
    July 11, 2011 at 2:56 PM

    ආදරය සහ බලාපොරොත්තු තමා මිනිසා ජීවත් කරවන්නෙ ......

    කොහොම උනත් හැම දෙයක් ගැනම උපේක්ෂාවෙන් බලන්න පුලුවන් නම් දුකක් ඇති වෙන එකක් නැහැ .........

  • පිටස්තරී says:
    July 11, 2011 at 3:32 PM

    මොනදේ උනත්,ඇත්තටම අපි සෑම මොහොතකම ආදරය බලාපොරොත්තු වෙනවා.ඒ ආදරේ ලැබෙන්නෙ අම්ම තාත්තගෙන්ද නැත්නම් තමන්ගෙ පෙම්වතියගෙන්හෝ පෙම්වතාගෙන්ද තමන්ගෙ දරුවන්ගෙන්ද කියන එක වැදගත් නෑ.වැදගත් වෙන්නෙ තමන් තවදුරටත් තනි වෙලා නෑ කියන හැගීමයි..

  • නදී says:
    July 11, 2011 at 3:49 PM

    ආදරය කියන හැගීම නම් වචන වලින් විස්තර කරන්න තේරෙන්නෙ නැ.ඒ තරම් ප්‍රභල හැගීමක් තවත් නැතුව ඇති.ආදරය මිනිස්සු ජීවත් කරවනව,ආදරය දැනුනම ජීවත් වෙන්න හිතෙනව.ඒත් නොලැබුනාම?

  • සුදු මැණිකේ says:
    July 11, 2011 at 4:25 PM

    දැක්ක නේද අර කහවත්තේ සිද්දිය.ඒ මිනීමරුවට උපන්දා ඉදලා අම්ම තාත්තා කෙනෙක්ගෙ වත් ආදරයක් ලැබිලා නෑ.එහෙම මිනිහෙක් මානසික රෝගියෙක් වෙන එකත් අහන්න දෙයක්ද?අපි නොහිතුවට ආදරයටත් සෑහෙන්න දේවල් කරන්න පුලුවන්.

    හැගීම් පාලනය කල යුතුයි.බල්ලො බලල්ලු නෙමේනේ.අපි මිනිස්සුනේ,ඒ නිසා ඒ හැකියාව තියෙන්නෙ ඔනේ.

  • සංකල්ප says:
    July 11, 2011 at 7:07 PM

    අනිවාර්යෙන්ම මනුස්සයෙක්ව ජීවත් කරවන්නේ ආදරය තමයි. ඒ වගේම සමහර මිනිස්සු නැති වෙන්නෙත් ආදරය හන්දා.(දෙමව්පියන්ගේ ආදරය සහෝදර නෑදෑ අයගේ ආදරය මෙයට අයත් නොවේ.)

  • සීතල අයියා says:
    July 11, 2011 at 9:53 PM

    එහෙනම් පොඩ්ඩට හරි ගිහිල්ලා වගේ. :D
    මමනම් කියන්නෙ ආදරය අපිව හොයාගෙන එනවා අපිට නොදැනී.
    හැගීම් කොහොමද කියලා දැන ගන්න ආදරේ කරන්නම ඕන බං.උඹත් කෙනෙක්ට ආදරේ කරලා බලපංකො.එතකොට උඹට තේරෙයි.... :)
    නොදැනුවත්වම තමයි ඇහැ විශෙෂ කෙනෙක්ගාව නතර වෙන්නෙ.
    පාලනයකර ගන්න පුලුවන්ද කියන එක මට පොඩි ප්‍රශ්නයක් :-\
    අන්තිම වශයෙන් මට කියන්න තියෙන්නෙ මචං,
    "පීනන්න ඉගෙන ගන්න වතුරට පනින්නම වෙනවා කියලා." එක්කො දියේ ගිලෙයි නැත්තං පීනන්න ඉගෙන ගනී.
    බය නොවී අහන්න ඕන කෙනාගෙන් කෙලින්ම අහන්න.(මෙහෙම එකක් ලියන්න යම් දෙයක් හේතුවක් උනානම්) ;-)

  • Prabhath says:
    July 12, 2011 at 8:57 PM

    @සීතල- මේක හෙන පරණ සීන් එකක් බං. හැහ්. මං ඔය පාලනේ කොරගත්තෙ හැඟිම් ලස්සනට. :P අනිත්මට මට නං පසක් වුනේ ආදරේ කොරනවයි කියල මේ ගැහැණුපිරිමි අතර ඇතිවෙන්නෙ සිය වර්ගයාපවත්වාගැනීම සඳහා සොබාදහමින්ම උරුමවුනු හැඟීමක්. :P මිනිස්සු විදියට හිතට එන එන සිතුවිලිවලට ඉඩදෙන්න ගියොත් ජීවත්වෙලා හමාරයි.... ඒ නිසා හොඳම කාරනේ බුද්ධිමත්ව සිතාබලාකටයුතු කිරිම. මං නං ජීවිතේට ආය ලව් කරන්න හිතන්නෑ. ඒක මහ විකාර අදහසක්. ඔලුව කොලොප්පං වෙන දෙයක්.

  • සීතල අයියා says:
    July 12, 2011 at 9:27 PM

    එහෙනම් අපි බලමුකො පොඩ්ඩො.උඹ කොච්චරකල් ලව් කරන්නෙ නැතුව ඉදීද කියලා.අපිත් ඉන්නවානෙ මේ පොලොවෙ. =))

    නෑ බං වර්ගයා පවත්වාගැනීමම නෙමෙයි බං ආදරේ කියන්නෙ.හිටහංකො මම post එකක් දන්නම් මේ ගැන.දැනට ලියමින් ඉන්නෙ ඔය සම්බන්දව. :)

  • Prabhath says:
    July 12, 2011 at 10:10 PM

    හිහ්.... හනේ බං. උඹල කොච්චර කිව්වත් ඇත්ත කතාව ඕකයි. උඹල කොච්චර පිළිගන්න අකමැති වුනත් අනෙක් හැම සතෙකුටම වගේ මිනිස්සුන්ටත් තම වර්ගයාගේ පැවැත්ම උදේසා වර්ගයා බෝකිරීමේ සරල ප්‍රායෝගික කාරණය උදේසා පවතින්නාවූ සහජ පෙළඹවීමට තමා ඔය බොලා එක එක අර්ථකතන දීල මොඩ් කොරල ගන්ට උත්සාහ කොරන්නෙ.... පැහැදිලිව යථාර්තය දැක්කනං ඕක හරියට පෙනේවි...

Post a Comment