අම්මලට ගහන පුතාල අපායෙ යනවා...

Thursday, July 7, 2011


දැන් කාලෙ ගොඩක් බබාල, හවස අම්මල, අප්පච්චිල ඇවිල්ල ගෙදර අරන් යනකම් , ඩේ කෙයාර් වලනෙ ඉන්නෙ.මම් දැකල තියන විදියට ඒ අය දෙමව්පියොත් එක්ක ඉන්නෙ ගොඩක්ම කෙටි කාලයක්,ඒ නිසා ටිකක් විතර දග වැඩත් කරන අය ඉන්නව.

ගෙදර හිටියත් මොකක් හරි "වැඩක්" කරල,එක්කො හොද ගුටියක් කනව.මේ කතාව මට කිව්වෙ අදුරන අක්කා කෙනෙක්,එයාගෙ පුතා ඩේ කෙයා දාලා ඉන්නෙ,ටිකක් විතර දගයි අනික් අයට වඩා.සමහර වෙලාවට අප්පච්චි ගෙදර එද්දි එයා නිදිලු.ආය දකින්නෙ උදේටලු.

අම්මත් ඔෆිස් ඇරිල එන්නෙ හවස 5ට විතර නිසා,මෙයා ගොඩක් ඉන්නෙ ඩේ කෙයාර් එකේ. ගෙදර ආවමත් එයාලගෙ මහන්සිය නිසාම  පුතාට ඇහුම්කන් දෙන්න වෙලාව මදිලු.


ලගකදි ඉදලා මේ  පුතා ගොඩක් දග වෙලා.ඩේ කෙයාර් එකෙත්,යාලුවොන්ට එහෙම ගහනව,කොනිත්තනව කියලා පැමිනිලි ඇවිත්.


දවසක්  පුතාගෙ නෝටි වැඩකට අම්මගෙන් හොද ගුටියක් කාලා,හැරෙන පමාවෙන්, පුතා එයාගෙ බැට් එකෙන් අම්මටත් ගුටියක් දීලා.අම්මට හොදටම රිදිලා.


පස්සෙ එක දවසක් ඩේ කෙයාර් එකේ ටීචර්ට අම්ම කියල තියනව,  පුතාව ටිකක් වෙනදට වඩා බලන්න,දග කරනව වැඩී ගෙදරදිත් කියල.ඒ අස්සෙ අර බැට් එකෙන් ගහපු කතාවත් කියල.


දවසක් ටීචර්  පුතා එක්ක කතාවක් දැම්මලු.
පුතා ඔය කැමති ගෙදර ඉන්නද,මෙහෙ ඉන්නද?
මෙහෙ
ආ... ඇයි ඔයා එහෙම කිව්වෙ?
මෙහෙ යාලුවො ගොඩාක්...ඉන්නව. 
 ආ...ඇයි පුතා අම්මට ආදරේ නැද්ද?
නැ...
ඒ ඇයි?
අම්ම මට ගහනව
අනේ ආදරේටනේ පුතේ...ඔයා දග වැඩක් කරන්න ඇති.
ම්....මමත් අම්මට බැට් එකෙන් එකක් ගැහුව.
ආ එහෙම හොද නෑ පුතේ...අම්මලට ගහන පුතාල අපායෙ යනවා!....
එතකොට පුතාලට ගහන අම්මලා කොහෙද යන්නෙ...?

10 ප්‍රතිචාර:

  • Anonymous says:
    July 7, 2011 at 8:59 PM

    maru kolla

  • සීතල අයියා says:
    July 7, 2011 at 9:07 PM

    ඔය හොදයි.මෙහෙ පොඩි උන් කුනුහර්ප කියන්නෙ..

  • සංකල්ප says:
    July 7, 2011 at 9:22 PM

    නියම කොල්ලෙක්.
    ඔන්න එහෙනම් දීපන්කෝ උත්තර !!!!
    සීතල අයියා කිව්වත් වගේ මේ හොඳා.

  • ප්‍රාර්ථනා says:
    July 7, 2011 at 10:10 PM

    කොලුවට මොලේ තියනවා...
    සාධාරණ ප්‍රශ්නයක් නේ.

  • Prabhath says:
    July 8, 2011 at 9:11 AM

    ආ.. පොඩි එකා ජාතික නිර්මාණයක් වෙන ලකුණක්. :P

  • ``` Outsider``` says:
    July 8, 2011 at 10:09 AM

    කොල්ල හරි. හැමතැනම අපායවල් හැදිල තියෙන්නෙ අහිංසක පාර්ශ්වයට විතරයි.

  • පන්සල් හංදිය says:
    July 8, 2011 at 11:15 AM

    දෙමවුපියන්ගේ ලැබිය යුතු ආදරය සෙනෙහස නොලැබීම නිසා තමයි දරුවො ඔය තත්වයට පත් වෙලා තියෙන්න .....

    දරුවෙකුට මොන සැප සම්පත් නැත් වුනත්, දෙමාපිය ආදරය, සෙනෙහස, රැකවරණය කියන එක දෙන්න ඕන. ඒ දේවල් හරියට නැති අය තමා පසු කාලීනව මංකොල්ල, මිනී මැරුම් වගේ බිහිසුණු ක්‍රියා කරන්න පෙලඹෙන්නෙ .....

  • නදී says:
    July 8, 2011 at 11:11 PM

    @Anonymous- මරුදත් අහනව.

    @සීතල අයියා- එහෙමද? :O.අම්මලා අප්පච්චිල ලග නැතිඋනාම ඔහොම තමා.

    @මධුරංග- ඒකනේ.ඔව් දැන් පොඩි අයත් ගොඩක් මෝරලා,අපි හිතනවට වඩා දේවල් දන්නව.

  • නදී says:
    July 8, 2011 at 11:13 PM

    @ප්‍රාර්ථනා- අපි පොඩි කාලේ නම් ඔහොම ප්‍රශ්ණ අහනවද නේ?

    @Prabhath Darshana- හ්ම් මොලේ තමා මොලේ

    @``` Outsider```- ඒකනම් ඇත්ත,කොහෙදිත් බැට කන්නෙ අහිංසක අය තමා.

  • නදී says:
    July 8, 2011 at 11:16 PM

    @පන්සල් හංදිය-ඒක හරි අය්ය.පොඩි කාලෙ අම්ම,අප්පච්චිගෙ ආදරය නොලැබෙන දරුවො ගොඩක් මුරන්ඩුත් වෙනව,මෙයත් එහෙමයි,අනිත් අයට ඉන්න දෙන්නෙත් නැ,ගහනව.එක එක දේවල් කරනව.

Post a Comment