සූදානම් නොවී නොසිටිනු..

Sunday, July 24, 2011


      මේ මගේ බ්ලොග් ජීවිතය ආරම්භ කරපු ලිපිය. අඩුපාඩුනම් කෝටියයි. මේක මම දැම්මේ "එන්න ඇවිත් යන්න" කියලා පටන්ගත්තු මගේ බ්ලොග් එකේ.. ඒකට දැම්මෙත් මේ පෝස්ට් එක විතරමයි... :D
අක්ෂරේට පෙම්බැන්ද නිසයි කාර්‍යබහුලත්වය නිසයි ඒක මම අත්හැරලා දැම්මා... මට ඉතින් නිකමට හිතුනා මේක අක්ෂරෙත් පෝස්ට් කරන්න ඕනා කියලා. අතීතය සිහිකිරීමක් විදිහට...

-------------------------------------------------------------
 
මගේ ජීවිතේ ගොඩාක් ලස්සන මතක සටහන් තියනවා. මගෙ පුංචිම කාලෙ, ඉස්කෝලෙ කාලෙ, කාලෙ, ගොඩාක් සුන්දර මතක සටහන් තියනවා. ඒ අතරින් මගේ ජීවිතේ අමුතුම වෙනසක් උන කාලයක් තියනවා, ඒ මම ශිෂ්‍යභටයෙක් විදිහට හිටපු කාලය. මම හිතන විදිහට ඒ කාලෙ තමයි මගෙ ජීවිතේ ට වටින දේවල් ගොඩක් එකතු කරගත්තු කාලය. ඒ වගේම මගේ ජීවිතය සාර්ථක වෙන්න අඩිතාලම වැටුනෙත් ඒ කාලෙ කිව්වොත් ඒක හරි. 

        මම මුලින්ම cadeting කරන්න පටන් ගත්තෙ 2003දි. මට මතකයි අපි පන්තියෙ ඉගෙනගන්නකොට දෙකේ හතරෙ අයියලා දෙන්නෙක් ඇවිත් කිව්වා cadet platoon එකට කට්ට්ය ගන්නවා කැමති අය නම් දෙන්න කියලා. ඒ වෙනකොට අපි cadetsලා ගැන දැනගෙන හිටියෙ කඩියො වගේ එහෙට මෙහෙට දුවන, බිංකුන්ඩො වගේ බිම බඩගාන කට්ට්යක් කියලා විතරයි. ඒ උනත් හැම එකටම හොම්බ දාන එක අපේ ගතිය නිසා අපිත් ඉතින් නම් දුන්නා..


       කොහොමෙන් හරි ඔන්න ඊලග දවසෙ උදේ පාන්දරම මම practice ගියා. එතන අමුතුම ලෝකයක්.. තිතට වෙලාවට වැඩ. 6.00 කියන්නෙ 6.00 ම තමයි. 5.59ත් නෙමෙයි, 6.01ත් නෙමෙයි. ඒ මදිවට ඉස්කෝලෙදි කට පුරා අයියා කියපු අයට සාජන්, කෝප්‍රල් වගේ විකාර නම් වලින් කතාකරන්නත් ඕනා. මටනම් මුලින් විකාරයක් වගේ, ඒ උනාට පහුවෙනකොට ඒ වචන කටට හුරු උනා. cadetsලා කියන්නෙ විනය උපරිමව තියන කට්ට්යක්. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි එහෙම නොහිටියොත් අම්බානෙකට ගුටි කන්න වෙන නිසා. ගිය අලුත කව්ද ඕවා දන්නෙ. මමත් ගිය දවසෙම දුන්න break එකකදි සාජන් කියන අයියාට පුංචි විහිලුවක් කලා. අම්මෝ.... මට එදා කොසු මිටක් කැඩෙනකම් ගැහුවා. එදා එදාමයි. අයෙමත් ලා එක්ක විහිලුනම් කලේ නැහැ. :D


        ඔහොම මාස 4ක් විතර ගියා. cadeting මගෙ ජීවිතේම උනා. මම පන්තියෙ periods cut කරලා cadet room එකට වෙලා cadet lectures පාඩම් කලා. පුලුවන් හැම වෙලේමcadeting වෙනුවෙන් කැප උනා. කොහොමහරි මගේ කැපවීමයි, ආසාවයි නිසා මට camp යන 25 දෙනාට තේරෙන්න පුලුවන් උනා.

camp ඒකට ඇතුල්වන දොරටුව

       කොහොම කොහොම හරි camp යන දවසත් ලං උනා. යන දවසට කලින් දවසෙ අම්මල තාත්තලට අපේ වැඩ කිඩ පොඩි consort එකකින් පෙන්නලා ඒ අයගෙන් සමුගත්තා. එදා රෑ නින්ද ගියෙත් නැහැ. හීනෙනුත් camp එක පේනවා. ඔන්න ඉතින් පහුවෙනිදා උදේ පාන්දර 5.30 ට විතර දෙයියනේ කියලා යන්න පිටත් උනා. ගමන නම් හරි විනෝදයි. සිංදු කිය කිය මාර fun එකේ ගියා. අපි හවස 4.00 වෙනකොට රන්ටැඹේ camp එකට ආවා. එතන එකම යුද්ධයයි.. I.D check කරනවා bag check කරනවා, උස බලනවා ජරමර ගොඩයි.එතනින් අපිට හම්බවුන billat එකට යනකොට 6.00 ට විතර ඇති.billat no එක B-23. මම හිතුවා billat එකට ගිහින් ටිකක් rest කරන්න ලැබෙයි කියලා. මොන restද ගියවෙලේ ඉඳන් තීන්ත ගාන්නයි, ඇඳන් up කරන්නයි, එපා වෙනවා...


අහස් ඉනිමග
.22 ගිනි අවියෙන් වෙඩි තබමින්..




පාඩම් කරමින්..
         ඊලග දවසෙ ඉදන් practice පටන් ගත්තා... ඒ දවස් ටිකේ rest එකක් ඇත්තෙම නැහැ. camp එක මට තිත්තම උනා. test පටන් ගත්තෙ දවස් 4කට පස්සෙ. එතකොටනම් වැඩ අඩුයි. මාස ගානක් මහන්සි වෙලා practice කරපු දේවල් අපි හොඳින් ඉදිරිපත් කලා ,ජීවිතේ පලවෙනි වතාවට වෙඩි තිබ්බා. කොහොමහරි අපේ place එක 09 , billat එකෙන් 01, ඝනසරඹ වලින් 05, ආත්ම විශ්වාස වර්ධන පාඨමාලාවෙන් 09. Harmon loose camp එකට යන්න බැරි උනත් අපි හොඳ තරඟයක් දුන්නා. අන්තිම දවසෙ අම්මලා ඉස්සරහ Passin out එකේදි අවිසරඹ කරනකොට දැනුන සතුටනම් වචන වලින් කියන්න බෑ. දවස් 12 ක camp එක ඉවර වෙලා එන්න පිටත් වෙනකොට හිතට දුකක් දැනුනත් ආවෙ ආයෙමත් camp එකේ පස් පාගන්නෙ නැහැ කියලා. ඒ උනත් මම ඊට පස්සෙ අවුරුදු 4ක් camp ගියා. ඒත් senior කෙනෙක් විදිහට ගිය ඒ අවුරුදු 4ටම වඩා junior year එක මගේ මතකයේ සදහටම රැඳිලා තියේවි..


මම...........
P4630 රෙ.සැ.මේ. ප්‍රනාන්දු M.A.U.C 
paasin out එකේ දසුනක්..


paasinout එකේ දසුනක්



15 ප්‍රතිචාර:

  • සංකල්ප says:
    July 24, 2011 at 10:38 AM

    රන්ටැඹේ කැඩෙට් කෑම්ප් එකට අපේ ඉස්කෝලේ කැඩෙට් ටීම් එකත් හැම අවුරුද්දෙම යනවා. නමුත් දිනන්නේ ගම්පහ බණ්ඩාරනායකේ සෙට් එක. :(

    අපරාදේ බ්ලොග් එක පාලුවට යැව්වේ. කමක් නෑ. මේකේ හරි ලියනවනේ. අපට ඒ ඇති.

  • Anonymous says:
    July 24, 2011 at 11:07 AM

    මටත් බාලදක්ෂිකාවක් විදියට හිටපු කාලේ මතක් වුනා.දන්නවනේ..පා ගමන් වල එහෙම අඩුවක් නෑනේ...අම්මෝ..දැන්නම් එහෙම ඇවිදිනවා තියා හිතනවත් බෑ ඕන්.. අපේ ජිවිතේ නොමැකෙන පිටු තමයි ඒ අද්දෑකිම් එහෙම නේද..යාලුවේ..

  • නදී says:
    July 24, 2011 at 11:15 AM

    P4630 රෙ.සැ.මේ කියන්නෙ මොකද්ද?

    අපේ ඉස්කෝලේත් අය්යලා ඔහොම ප්‍රැක්ටිස් කරනව මතකයි.

  • This comment has been removed by the author.
    Anonymous says:
    July 24, 2011 at 11:32 AM

    This comment has been removed by the author.

  • This comment has been removed by a blog administrator.
    Anonymous says:
    July 24, 2011 at 11:33 AM

    This comment has been removed by a blog administrator.

  • Anonymous says:
    July 24, 2011 at 11:36 AM

    පාසල් කාලයේදී මම නම් කැඩෙට් පුහුණුව ලැබුවේ නැහැ නමුත් පසු කලක මා ආරක්ෂක හමුදාවක සේවයට ගියා.අපේ පුහුණුවේදී පාසලේදී කැඩෙට් පුහුණුව ලබපු මිතුරන් පහසුවෙන් කටයුතු කලබව මතක තිබේ.නමුත් වෙඩි තැබීමේදී නම් මට වඩා වැඩ කරුවන් සිටියේ දෙතුන් දෙනෙක් බව කිවයුතුය.ඒ අයද කැඩෙට් නොකළ බව මට මතකය.වෙඩි තැබීමේ හැකියාව උපතින්ම එන එකක් බව මගේ අදහසවේ.

  • Bunny says:
    July 24, 2011 at 12:08 PM

    @Anonymous තේරුමක් ඇති දෙයක් කියපං ####

  • සීතල අයියා says:
    July 24, 2011 at 1:34 PM

    ඉතාමත්ම වැදගත් පෝස්ට් එකක්.ඇත්තම කියනවනම් උඹ ටිකක් හරි හැදුනෙ ඒකෙන්ද කොහෙද.හැබැයි තාම වෙලාවටනම් වැඩක් කරන්නෙ නෑනේ????

    @ano- මචං උඹට වැඩක් නැත්තං කියවන්නෙ නැතුව ඉදිං.මෙතන ඔයාගෙ ජීවන රටාව ගැන අදහස් පළ නොකර.ඕකෙන් තේරුං යන්නෙ ඔයාගෙ අම්මා තාත්තා ඔයාට උගන්නලා තියෙන ගති ගුණ තමා.විනීතව හැසිරෙන්න ඉගෙන ගනිං. අම්මට තාත්තට ගරුත්වයක් වශයෙන් වත්....

  • චේ උන්නැහේ... says:
    July 24, 2011 at 6:39 PM

    @ මධුරංග... අපිත් එහෙම තමා සහෝ... යනවට යනවා... හැමදාම වේල්ස් කුමර කප් එක උස්සනවා. හැබැයි එක අවුරුද්දක් අපි අනුශූරතාවය ගත්තා....

    @අසනි...... අනිවා සහෝදරී...

    @නදී... P4630 කියන්නේ මගේ ශිශ්‍යභට රෙජිමේන්තු අංකය.. RSM කියන්නේ මගේ රැන්ක් එක රෙජිමේන්තු සැරයන් මේජර් (Regiment Sargent Major) ඒක තමා ශිෂ්‍යභටයෙකුට යන්න පුලුවන් ඉහළම නිළය. නම කියනකොට රෙජිමේන්තු අංකය - නිළය හා නම විදිහට කියන්න ඕනා..

    @ඇනෝ... වෙඩිතැබීම මම ආසම විශයක්... 2006 අවුරුද්දේ අපේ බළඇණියේ දක්ෂතම වෙඩිතබන්නා කප් එක ලැබුනේ මට... :)

    @bunny.... ගනං ගන්න එපා බං... ඔය ඇනෝ වෙන වැඩක් නැතුව ඉන්න මානසික රෝගියෙක් වෙන්ට ඇති. ඒ වගේ අයට අපි අනුකම්පා කරන්න ඕනේ සහෝදරයා...

    @ සීතල අයියා..... පික්ශුද බං... ඒකෙන් තමා මම තියන තරමක් නසරානි වැඩ ඉගෙනගත්තේ.... :P අනික අපි සිංහල මිනිස්සුනේ මල්ලී... කවදද අපි වෙලාවට වැඩ කලේ...

  • රතු මුහුද says:
    July 25, 2011 at 12:40 AM

    ජිවිතයට ගැමමක් ....

  • harshana1985 says:
    July 25, 2011 at 3:43 PM

    මොකක්ද R.S.M සර් බැටෑලියන් එක?? ... මම 3CC

  • චේ උන්නැහේ... says:
    July 25, 2011 at 7:23 PM

    @ රතු මුහුද.... අනුවා සහෝ

    @ harshana .... 12 බැටැලියන් එකේ කොල්ලා.... උඹත් senior NCO කෙනෙක් වැන්ටැ..

  • Anonymous says:
    July 25, 2011 at 9:41 PM

    මම B53824 - බ.නි(II) රණසිංහ ඩී. එස්

  • පන්සල් හංදිය says:
    July 28, 2011 at 4:48 PM

    මොන අවුරුද්දෙද RSM ඇන්දෙ, මටත් මගේ අතීතය සිහි උනා, ජූනියර් අවුරුද්ද තරම් පටිට අවුරුද්දක් තවත් නැහැ. ඒ අවුරුද්දෙ තමා හොඳම ආතල් හම්බ වෙන්නෙ .......

    නියම පෝස්ට් එක .......

  • පවනි says:
    January 14, 2012 at 10:17 PM

    අනේ මන්ද ඕන්....
    අපෙ අයිය කැඩෙට් කල නිසා මටත් කැඩෙට් කරන්ට තිබුන පර්මිෂන් නැති වුනා ඕන්...
    ඒත් මට මයෙ අයිය ගැන ආඩම්බරයි ඕන්...
    එයත් මමත් එකම පාසල තමයි නියෝජනය කලේ.. ඒ අපේ දෙවෙනි අම්ම.... ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය.. මට මතක ඇති කාලෙක මයෙ අයිය තමයි ඕන් සාජන් හිටියෙ.... ඒයැයි ගෙ පාසින් අවුට් බලන්ට මම රන්ටැඹේ , දියතලාව නොගිය එක එක පාරක් වත් නෑ මයෙ හිතේ...

Post a Comment