වායුසමනය කර තිබු කාරයේ සීතල පරදවමින් හදේ පිරි තිබු උණුසුම් හැගිමෙන් හිත වෙව්ලමින් තිබුනි..තවදුරටත් මෙලෙස නිහඬව සිටිමි මට කල නොහැක්කක් විය ..
''මාලින්ද නවත්වන්න ඔතනින්..ඔතන හෝල්ට් එකෙන් බහිනවා..''
එහෙත් ඔහු නොනවත්වාම වේගයෙන් කාරය පදවන යුරු ගිනිගත් දැසින් මා බලන් හිටියේ ඔහු නො නැවතු වුවහොත් පියාසලන කාරයෙන් පනිනවා හෝ සිතාගෙනය ..
''එක්කෝ තමුසේ මේ කාර් එක නවත්තනවද..නැත්නම් මම නවත්තන්නද..''
එක්විටම මහා හඬින් පාරයේ නැවත් වු කාරයෙන් එලියට බැස ආ ඔහු රියේ වුන් මා එලියට ඇද ගසන්නට ගත් අත පසෙක ලා මා දෙසම මහත් වේදනාවකින් මෙන් බලන් උන් අයුරු..
''මොකක්ද සිතාරී ඔයාට වෙලා තියෙන්නේ..මොන පිස්සුවක්ද මේක..''
''අහ් ,මේක..මේකද පිස්සුව..මට නෙමේ ඔයාටයි ..ඔයා කෙල්ලෝ දාන් අදින කරත්තේ මාවත් දක්කන්න හදන්න එපා..''
''මොන කරත්තයක්ද..දෙයක් තෙරෙන්න කියන්න ''
''ඔව් ඔයාට දැන් මොනාවත්ම තෙරෙන්නේ නැනේ මාලින්ද ..එක වෙන්න ඇති කෙල්ලොත් එක්ක කාර් එක රස්තියාදු ගහන්නේ..''
''මම කෙල්ලෝ එක්ක රස්තියාදු ගැහුවේ නැ සිතාරී..එ මගේ නැන්දාගේ දුව ..පොඩි කෙල්ල .. පොත් වගයක් ගන්න ආවා ටවුමට..ඔයා ඕකටද මෙච්චර වෙලා දැඟලුවේ.. ''
''ඇයි එහෙනම් සිකුරාද දවසම ෆෝන් එක ඔෆ් කරලා තිබ්බේ..මම කොච්චර කොල් කරාද.. කාගෙන්ද ඔයා මේ හැංගෙන්න හදන්නේ ''
''සිතාරි දෙයියන්ගේ නාමේට එකක් කියන්නම්..මගේ ෆොන් එක මම කැඩිලා හදන්න දුන්න ..මේ මගේ යාලුවෙක් ෆෝන් එකක් දැන් කරන්නේ..අර දැක්කේ මගේ නැන්දගේ දුව..ඇහුනද... ...එන්න එන්න ඔයාව මම ගෙදරට දාන්නම්..තවත් ඔලුව කැක්කුම් ඇති කරගන්න බැහැ..''
නිවසට ආ මා හැඳ වුන් ඇදුමෙන්ම ඇඳේ දිගා වි සිටියෙමි.. ගත වෙලා උන් තෙහෙට්ටුවවට සිසිල් බිමක් ඇත්නම් යන්න දැනුනද එය සදා ගැනිමටවත් අම්මාට කියා වැල් දොඩම් විදුරුවක් සදා ගැනිමට හිත තිබුනිද ඇගේ දහසක් ප්‍රශ්න වලට පිළිතුරු බැදිමට මා හට නුවමනා විය ..
අද මාලින්ද සමට ගෙවුනු කාලය සිහිපත් වන විටද නෙතට කටු අනින්නා සේය ..මිට අවුරුදු තුනකට පමන උසස් පෙල පන්තියේදි ඇරඹි අප පෙම එකල මා හට දැනෙන්ට වුයේ මහා සම්පතයක් බදුය .. පිරිමි යහලුවන් රැසක් මා අවට සිටියද ඔවුන්ගේ ආදර හුටපට වලට මා කොතෙක් උදව් දුන්නද ඔවුන්ගෙන් මා සිත් ගත් එකෙකුදු හෝ සිටියෙද නැත.. උපතින්ම පැහැපත් රු සපුවකර උරුම කි මා හට කොල්ලන්ගෙන් ආ ඉල්ලිම නම් සුලුපටුද නැත..ඔවුන් මා වෙනුවෙන් ගුටි හරඹ ද කරන්න ට පෙලෙඹුනේ එකෙකුට හෝ මගේ කැමත්ත නොවුන තැනය ..විටක ඔවුන්ගේ ක්‍රියා කාරකම් මගේ පිරිමි යහලුවන්ගේන් මා අසා දැන ගන්නා කල සිනාසි අහක දැම්මා මිස ඔවුන්ද මගෙන් එ පිලිඹද අසන්නට නොපෙලෙඹුනේ මගේ කෙන්තිය කොතරම් සෙක්ද එලෙසම පොලිස්වරයෙකු වු මගේ පියාගේ ප්‍රෞර්ෂත්වයට ද බියෙන්ය ..
මාලින්ද පිලිඹද මා සිතේ සෙනෙහසක් සිතුනේ ඔහුගේ දඟකාර එහෙත් කෙල්ලකු පිලිඹද තැකිමක් නොකරනා විලසයෙන්ය ..සති අන්ත පංතියක මගේ යහලුවන්ගේ යහලුවෙක් වු මාලින්ද බොහෝ ප්‍රියමනාප තරුණයෙක් වු හේතුවෙන් ඔහු නොමැති සංගමය නිරස වන තරමට ඔහු අප සිත් ඇද බැද ගන්නට සමත් වු අයෙකි..
ඔහු සමග කල් ගෙවු සති අන්ත පන්ති ජිවිතයේ යන එන හැම ගමනට ඔහු සමග යන්නට මම ප්‍රිය වුනෙමි..කොල්ලන් හා බැඳි මිත්‍රත්වට ගෙදරින් කිසි කලක තහංචියද නොවුන නිසාවෙන් මෙතෙක් කලක් බැදි යහලුකම් හුදෙක් යහලුකමේ සිමාව නොගියෙන් මා පිලිබද සැකයක්ද නොවිය ..
දිනෙන් දින ඇරඹි ඔහුගෙත් මගේ ත් යහලුකම ආදරයක් බවට පත් වු විට මා බොහෝ සතුට ට පත් වුනේමි.නමුත් මිතුරු වෙස් ආදර වෙස් ලෙස හැරු විට වෙනස් වෙන්නට ගත්තේ කුමක්ද යන්න මටත් සිතා ගත නොහැක..සැබැවින්ම මට සිතා ගත නොහැක ..එය ඇරඹුනේ අප පාසල් ජිවිත හැර දමා අපේ ලෝකවල් වල තනි වෙන් ගත් විටය .
ආරම්භය මොකක් නමුත් අවසානය දුක්සහිත වෙයි කියලයි හිතෙන්නෙ.
ආහ්... මං ආසම වැඩේ.. කතා කියවන්න.. <3
මේ කතාවටත් අර සුදු අක්කාගේ අරුන්දතීට අත්වූ දුක්කදායි තත්වය උදා නොවේවා...!!
කතාවේ ආරම්භය නම් හොඳා. ඔන්න අවසානය දුක එකක් නම් කලින් කියන්ට. මයේ හොටු ලේන්සුව අරන් එන්ට එපාය. :)
කතාවේ අවසානය සතුටු එකක් කරන්න. :)
මේ කතාව ඉවරයි නේ මෙතනින්,,,?
බලමු...
ඇයි මේ උඹල ආදරේ කොරපුවයි, එව්වයිං පැරදිච්චයි අරවයි මෙව්වයි හුට පටගැනම ලියන්නෙ. වෙන මාතෘකාවක් ඇත්තෙම නැද්ද කතාවක් ලියන්න................
@නදී : කියන්න බැ අක්කේ තාම ..
@චතුවා : හෙහෙ...මමත් එලෙසම පතනවා චතුවෝ ..නැ එහෙම වෙන එකක් නැ..මගේ කතා කෙටි නේ..
@මධුරංග : එහෙනම් ඔය හොටු ලෙන්සුව ත් ලඟින්ම තියාගන්න..ඔනා උනොතින් එහෙම ..හෙහෙ..
@marlan: නැ නැ ඇයියේ..ඉවර නැහැ තාම ..
@හිස් අහස : අන්න ඔව් අයියේ බලන්ඩ..
@පොඩි මහත්තයා : ඉතින් ඔයා ලියන්නකෝ..
අයියෝ මෙන්න මෙයා කතාවක් ලියන්න පටන් අරගෙනෝ.මට කියවන්න බැරියෝ.කම්මැලියෝ. :(
කෙල්ලන්ට පොඩ්ඩ ගෑවෙන්න බැහැ සැකේ ..... සැකේ .......
ඔහොම කොහොමද ලව් කරන්නෙ .......
බලමු ඊගාව කොටස .....