හොට් හොට් ඩෙසර්ට් එකක්..!!

Thursday, July 14, 2011

     
   ගොඩක් වෙලාවට කෑම කාල අපි කන්නෙ කූල් ඩෙසර්ට්නේ.වෙනසකටත් එක්ක මේං පොඩි පහේ හොට් ඩෙසර්ට් එකක්.නම තමා බනානා ෆ්‍රිටර්ස්.ගොඩක් ලේසියෙන් ඉක්මනට හදාගන්නත් පුළුවන්.ගෙදර නිතරම තියෙන බඩුවලින් හදන නිසා කඩේ දුවන්න ඕනිත් නෑ.(චූට්ටිත්තක් විතර ඕන වේවි)


මෙන්න මේවා තමා ඕනි වෙන්නෙ.(මේ එක පුද්ගලයෙක්ට අවශ්‍ය ප්‍රමාණ)


ඉදුනු කෙසෙල් ගෙඩි - 04 ආනමාලු හෝ ඇඹුල්(ඒ දෙකෙන් තමා මම හදලා තියෙන්නෙ)
කිරි - මි.ලි.100
පිටි - ග්‍රෑ.135
බිත්තර කහමද- 01
බිත්තර සුදුමද - 01
ලුණු - ග්‍රෑ.03
අයිසින් සීනි - ග්‍රෑ.25
තෙල්- ගැඹුරු තෙලේ බැද ගැනීමට අවශ්‍ය තරමට
වැනිලා එසෙන්ස්
බ්‍රැන්ඩි හෝ රම් (තියෙනව නම් විතරක්,ඕවා ඉතින් ගෙවල්වලට ගේන සුනංගුව විතරනේ)


හරි මෙහෙමයි මේක හදන්නෙ.මුලින්ම පිටි,ලුණු භාජනේකට දාල මික්ස් කරන්න ඊට පස්සෙ ඒකට කිරි ටිකෙන් ටික එකතු කරන්න.දැන් ඒ මිශ්‍රනයට වැනිලා එසෙන්ස් බින්දු දෙක තුනක් එකතු කර ගන්න.ඊට පස්සෙ අයිසින් සීනි,බිත්තර කහමදය එකතු කරලා විස්ක් එකකින් හොදට විස්ක් කරගන්න.ඊ ට පස්සෙ ඉවරවෙලා ඒ මිශ්‍රනයට බිත්තර සුදුමදය දාන්න.(බිත්තර සුදු මදය මෙහෙම පස්සෙ දාන්නෙ බැටර් එක බයින්ඩ් වෙන්න.ඕනි නම් බිත්තරේම එක පාරට දාන්නත් පුළුවනි.)ඒක හොදින් මිශ්‍ර කරන ගමන් බ්‍රැන්ඩි හෝ රම් චුට්ටිත්තක් දාන්න.ඒ කිව්වෙ මේස හැදි භාගයක් විතර.(බ්‍රැන්ඩි හෝ රම් දාන්නේ බැටර් එකේ ක්‍රිස්පිනස් එකට)හරි දැන් බැටර් එක හදලා ඉවරයි.දැන් මේ බැටර් එක(මිශ්‍රනය) ශීතකරනයේ විනාඩි 15 - 20 තියන්න.මේ බැටර් එක දියාරු ගතියට තියෙන්න ඕනි.


මේ තියෙන්නෙ බැටර් එක හැදුවට පස්සෙ..




දැන් කෙසෙල් ගෙඩි ටික අරගෙන පොතු අයින් කරලා ඕනි නම් දෙකට කපා ගන්න පුළුවනි.ඇඹුල් කෙසෙල් නම් කපන්න ඕනිත් නෑ.ඊට පසසෙ බැටර් එක අරන් කෙසෙල් ගෙඩි ටික ඒකට දාන්න.ඒ අතරෙ තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් දාලා රත් කර ගන්න.පස්සෙ අර බැටර් එක හොදට දවට ගත්ත කෙසෙල් ටික තෙලට දාල රන්වන් පාටට එනකන් බැදගන්න.


මේක අමුත්තෙක්ට සංග්‍රහ කරනවා නම් මීපැණි,ස්ට්‍රෝබෙරි සෝස්,චොකලට් සෝස්,වැනිලා සෝස් එක්ක සංග්‍රහ කරන්න.
මෙන්න තියෙනවා හැදුවාම...




(කෙසෙල් වගේ පලතුරු කන්න අකමැති පොඩිත්තෙක් ඉන්නව නම් මෙහෙම හදලා දෙන්නකො.කාවි පැනලා හිහී..)

25 ප්‍රතිචාර:

  • චතුවා says:
    July 14, 2011 at 9:54 PM

    අම්මට පෙන්නලා හදලා දෙන්න කියනෝනි.. :D :D

  • සීතල අයියා says:
    July 14, 2011 at 9:56 PM

    මෙන්න මෙයා අක්සරේ කුකරි ක්ලාස් එකකුත් දාලා.හෆොයි...

  • සීතල අයියා says:
    July 14, 2011 at 9:58 PM

    @චතුවා (ළමයා) හදන්න දන්නකෙනා ගෙදර ඉන්නවනම් අම්මට කියන්න ඕන නෑ.වැඩේ හරියටත් කෙරෙනවා. =))

  • සංකල්ප says:
    July 14, 2011 at 9:59 PM

    අම්මට කියලා හදෝගෙන කන්නම්. ගොඩක් ස්තුතියි ආඩම්බරකාරි මේ ගැන කිව්වට.කෑම කාලා ආපු නිසා ආයෙමත් බඩගින්නත් වැඩි උනා වගේ. :)

  • ආඩම්බරකාරී says:
    July 14, 2011 at 10:01 PM

    @ළමයා-ඇයි අම්මට කියන්නෙ ඔයා හදා ගන්න

    @සීතල අයියා-හෙහේ නරකට හිටිය මං ඉගැන්නුවොත්

  • චතුවා says:
    July 14, 2011 at 10:09 PM

    @සීතල අයියා ඉදින් ඉදින් අහගන්නෙ නැතිව මුකුත් :P

  • නදී says:
    July 14, 2011 at 10:11 PM

    මමත් හදනවා හිටුකෝ ,ස්තූතියි නංගී

  • ආඩම්බරකාරී says:
    July 14, 2011 at 10:11 PM

    @මධුරංග- කාල බලලා කියන්නකො කොහොමද කියලා.ස්තුතියි

  • Bunny says:
    July 14, 2011 at 10:11 PM

    මෙන්න ඔනේම උනොත්.. මේක බලන්න :D :D :D
    http://freeanushka.blogspot.com/2011/07/blog-post_06.html

  • ආඩම්බරකාරී says:
    July 14, 2011 at 10:14 PM

    @ගලායන ජීවිතය-නියමායි.හදලා බලන්න අක්කා

  • ආඩම්බරකාරී says:
    July 14, 2011 at 10:18 PM

    @Bunny-ඔව් ඔව් අවශ්‍ය උනොත් ඔන්න බනියගෙ ගුහාවට කට්ටිය ඒවි..තෑන්ක්ස් බනියො

  • රත්ගමයා says:
    July 14, 2011 at 11:02 PM

    ලමයා අම්මට කියලා හදාගන්න ඕන නෑ නේ.....ඉස්සරහට හදලා දේවි

  • චතුවා says:
    July 14, 2011 at 11:13 PM

    @රත්ගමයාඔව් බං.. හදලා දෙන්නම් කීවා.. :)) :))

  • ආඩම්බරකාරී says:
    July 14, 2011 at 11:15 PM

    @ළමයා-පුදුමයි අම්මා හා කියුවා..කොහොම හරි හදල දෙන්නම් කියලනෙ ඒ ඇති

    බොහොම ස්තුති රත්ගමයටත්

  • jhothishalanka says:
    July 15, 2011 at 12:13 AM

    ෂා මේක මරු වගේ .

  • පිටස්තරී says:
    July 15, 2011 at 7:08 AM

    Ha ha ha..ela ela.mamat hadanna one..tanku wewa..kokatath kiyala bunnyage bloge petteth awa hode..Ha ha ha..ela ela.mamat hadanna one..tanku wewa..kokatath kiyala bunnyage bloge petteth awa hode..

  • Prabhath says:
    July 15, 2011 at 8:29 AM

    :P දැං ඉතිං අක්සරේ සූපවේදයත් උගන්නනවා එහෙනං හිකිස්....

  • ආඩම්බරකාරී says:
    July 15, 2011 at 11:16 AM

    @JHOTHISHALANKA-හදල බලන්නකෝ

    @පිටස්තරී-ඔයත් හදල බලන්න ඕනිම උනොත් බනියගෙ බ්ලොග් එකට ගියෑකිනේ..

  • ආඩම්බරකාරී says:
    July 15, 2011 at 11:18 AM

    @Prabhath Darshana-හොහ් නරකට හිටියි නේ..?

  • Prabhath says:
    July 15, 2011 at 11:19 AM

    හොහ්... නැතුව... ඔව්ව කාල බඩේ අමාරුව හැදුනම ආය අක්සරේ පැත්තටවත් එන එකක් නෑ මොකෙක්වත්.... :P

  • ආඩම්බරකාරී says:
    July 15, 2011 at 11:37 AM

    @Prabhath Darshana-හොහ් මේ අයියන්ඩි අපි ඉතින් දෙයක් කියා දුන්නොත් ඉහිං බහින රෝගයක් නෑ අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි..ඕං

  • Maleth Kushan says:
    July 15, 2011 at 2:23 PM

    හුරේ ඔන්න දැන් බ්‍රැන්ඩියක් සුවැර්!

  • චේ උන්නැහේ... says:
    July 15, 2011 at 8:05 PM

    කාලාම බලමුකෝ...... මිසිම් චේට කියලා හදවගෙන ක්අන්ට ඕනා. හැබැයි එයා හැදුවොත් කන්න පුලුවන් වෙයිද කියන එක තමා පුරස්නේ... මොකද එයත් අපේ ආඩම්බරකාරී වගේම තමා මම හිතන්නේ... :P :P

  • Anonymous says:
    July 15, 2011 at 8:44 PM

    අඩෙහ් කටේ කෙල හිඳුනා..හික්.. මාත් ගෙදර ඉන්න එකේ හඳන්න ඔනේ...

  • පන්සල් හංදිය says:
    July 28, 2011 at 4:33 PM

    ආහ් මරුනෙ .......
    බලමු හදලා ....

Post a Comment