මට මතක නැ එක පොදක්..

Monday, July 25, 2011


මට මතක නැ එක පොදක්..
මතක ඇති දැ වත් නිකම්වත්..
මතක් කෙරුවත් හාරා ඔලුව..
නැනේ මතක මට එක පොදක්..

සෙව්ව මුත් අමතක දැ මොනාද කියා..
හිත පමණකි පිලිතුර මොළයට නැ ඉඩා..
පුදුමයකි මෙය මහත් පුදුමයක් ලෝව දනා.
අමතක වි ඔලුව සිදුරු වි මතකය මා හැර ගියා..

බිලා ඊයේ රැ මංමත්ව රස්තියාදුකරුවෙකු විලස..
මහත්මා ගති බලු වි හැර ගියා නොදැනිම මා අසල..
තොපුලමින් කෙන්තියෙන් මා බිරිද කියන විට ලඟින් හිද...
අදහනු බැ නුමුත් මතකය නැ.. අරන් ගිහින් බෝතලය හිස් ලෙසට..

13 ප්‍රතිචාර:

  • අනුරාධ says:
    July 25, 2011 at 10:00 AM

    මම දන්නෙ නෑ. ඔයා මේ ඔයා ලිඅන කවි වලට ගැලපෙනම පින්තූරය මොන ලෝකන් හොයාගන්නවද කියලා. මටනම් ගැලපෙන පින්තූර හොයන එක එපාම වෙන වැඩක්. ඔයා හමදාම ඒක ලෙසටම ක‍රනවා. කවිය ලියනවා වගේම ඒකත් ලොකු දක්ශකමක්.
    හෙ හෙ කවියත් පට්ට. ඇත්ත කතාව ඉතින්. ඒකනෙ මන් බොන්නෙ නැත්තේ.

  • සංකල්ප says:
    July 25, 2011 at 10:09 AM

    ලස්සන කවි සිතුවිල්ලක් :)

  • Bunny says:
    July 25, 2011 at 10:37 AM

    බීවාම මතක නැ කියන එක බොරුවක්..! ඒක කරන්නෙ ලැජ්ජාව වහගන්න..!

  • චතුවා says:
    July 25, 2011 at 10:45 AM

    @Bunny කියූ දෙය මම ස්ථීර කරමි..!

  • ආඩම්බරකාරී says:
    July 25, 2011 at 11:10 AM

    නියමයි නංගා..

  • ගිනි කුරුල්ලා says:
    July 25, 2011 at 1:28 PM

    අපෝ මට නම් එපා වෙලා තියෙන්නේ බොන එවුන් එක්කම ඉදලා :D
    කොහොමහරි මම නම් බොන්නේ නෑ.ඒත් වැඩිපුරම ඉන්න වෙලා තියෙන්නේ බොන උන එක්ක තමයි.
    (ඒත් ඉතින් බොන උන එක්ක බොන්නේ නැතුව ඉන්න එකත පට්ට ආතල් සාගරයක් තමයි.:D :D
    ඇයි ඉතින් උන දෙන ආතල් හොදටම ගන්න පුළුවන් වෙන්නේ හොඳ සිහියෙන ඉන්නකොට නේ..)

  • චතුවා says:
    July 25, 2011 at 2:25 PM

    @ආගන්තුකයා බොන උන් එක්ක ඉඳලා හොඳ ආතල් එකක් ගන්න පුලුවන් වගේම තමා ඒකේ අනික් පැත්තත්.. මම දවසක් ඔහොම බොන උන් එක්ක නොබී ඉදලා බීපු උන්ව ගෙවල් වලට ඇරලන්න හොඳ කට්ටක් කෑවා.. බීවා නම් ආතල්‍ එකේ ගෙදරටම එක්කන් යනවා.... :)) :))

  • සීතල අයියා says:
    July 25, 2011 at 6:34 PM

    හද්ද බොරුවක් බිව්වම මතක නැති කතාව.ඒක ගැන 100% හාවගෙ කතාවත් එක්ක එකඟ වෙන්න පුලුවං... ලස්සනයි....

  • ගිනි කුරුල්ලා says:
    July 25, 2011 at 6:57 PM

    @චතුවා(ළමයා) - සිරාවටම එක නම් ඇත්ත.එක දවසක් මට ඔහොම වෙලා මං පට්ට බයේ හිටියේ.එදා මුන් ටික බිව්වේ බොන්න තියා නිකරුනේ ගැවසීමත් තහනම් තැනක යක්කු ගස නගින වෙලාවේ. :D :D

  • Anonymous says:
    July 26, 2011 at 9:12 PM

    @අනුරාධ : මට පින්තුර හොයන එක නම් ආසම වැඩක් ..එක වෙන්න ඇති ඔයාට එහෙම පෙන්නේ.. :) තැන්කු අයියා ප්‍රතිචාරේට..

    @මධුරංග : තැන්කු අයියා,,

    @Bunny : මමත් නම් එක අහලා තියෙනවා..මම එක ගැන එච්චර හිතලා ලිව්වේ නැහැ..

  • Anonymous says:
    July 26, 2011 at 9:13 PM

    @චතුවා : මම ලිව්වේ හිතලා බොලේ..මම බිලා නැනේ..හෙහේ..

    @ආඩම්බරකාරි : තැන්කු අක්කා..

    @සීතල අයියා :ආහ් ඔව් නේද..අයියාට නම් අත්දැකිම් නේ ඉතින්.. :P

  • Anonymous says:
    July 26, 2011 at 9:15 PM

    @ආගන්තුකයා : හෙහේ..එකත් මරු ඇති..

    @චතුවා : ඔය කියන්නේ අනේ බොල පොඩි එකා නේද..ලමයා ලමයා වගේ ඉන්න ඔනැ නේද..

  • පන්සල් හංදිය says:
    July 28, 2011 at 4:56 PM

    ලස්සනට ලියලා තියනවා .....
    කන පැලෙන්න බීපු වෙලේට ෂෝක් කියවන්න ......

Post a Comment