වෙනස්ම විදිහකට පොල් සම්බෝලයක් හදාගමුද.....

Thursday, July 21, 2011



දැන් අක්ෂරේ ඔක්කොමල්ලා වගේ එක එක ජාති උයන්න පිහන්න කියලා දෙන නිසා චේ උන්නැහේත් හිතුවා කැමක් හදන හැටි කියලා දෙන්න. ඔයාලත් ට්‍රයි කොරලා බලන්ටකෝ....

අවශ්‍ය ද්‍රව්‍ය : 
  •      පොල් ගෙඩියක්
  •      ළූණු ගෙඩි 2ක්
  •      මිරිස් කරල් කිහිපයක්
  •      ලුනු, මිරිස්, ගම්මිරිස් කුඩු අවශ්‍ය පමණට
  •      භාජනයක්. ( සම්බෝලේ දාන්න)
  •      හොදට කැපෙන පිහියක් 
  •      කැත්තක්.( පොල් ගෙඩිය බිදින්න)
  •      හිරමණයක් ( පොල් ගාන්න)
  •      අත් දෙකක් ( සම්බෝලේ හදන්න)

 සාදන ක්‍රම‍ය....
  •       ඔක්කොටම කලින් පිරිසිදු වෙලා ඉන්න එක හොද නිසා මුලින්ම කුණු උලලා හොදින් නාගන්න, හෙම්බිරිස්සාව වගේනම් ඇඟපත හෝදගන්න, ඒත් කම්මැලීනම් අඩුම තරමේ අත් දෙකවත් හෝදගන්න
  •       දැන් හොද ඇදුමක් ඇදගන්න, පර්ස් එකත් අතට ගන්න.
  •       ළඟම තියන කඩේට ගිහින් පොල් ගෙඩියකුයි අවශ්‍ය අනෙක් කළමණා ටිකයි ගන්න
  •       අතේ සල්ලි නැත්නම් අල්ලපු වත්තට යන්න.
  •       හොද පොල් ගහක් තෝරගන්න, වටපිට බලලා ලැස්ති වෙන්න ( වලල්ල දාගන්න)
  •       අයිතිකාරයා ළඟපාතක නැත්නම් දඩිබිඩි ගාලා ගහට නගින්න.
  •       කලටි පොල් වෙන්කරමින් හොද පැසුණු පොල් තෝරාගන්න.
  •       දැන් අයින්කරපු කලටි පොල් ගෙඩි දෙකක් කඩාගන්න .
  •       පරිස්සමෙන් ගහෙන් බහින්න 
  •       දැන් ශේප් එකේ වත්තෙන් මාරුවෙන්න ( පොල්ගෙඩි දෙකත් ඇතිව)
  •       උලක් ආධාරයෙන් පොල් ගෙඩි දෙකම ලෙලිගහගන්න (මුඩ්ඩට හානියක් නොවන ලෙසට)
  •       දැන් එක පොල් ගෙඩියක් අරන් කඩේට යන්න.
  •       පොල් ගෙඩිය කඩේ ඇන්ටිට දීලා ඒකට හරියන්න අවශ්‍ය අනෙක් කළමනා ගන්න.(මතක් කරලා "ඇන්ටිට තැන්ක් යූ අක්කේ" කියන්න)
  •       දැන් ගැදර  එන්න. පොල් ගෙඩියයි අනෙක් කළමණා ටිකයි අම්මට දීලා පොල් සම්බෝලයක් හදලා දෙන්න කියන්න.
  •      අම්මා වෙන වැඩක් නැත්නම් ඉක්මනට පොල් සම්බෝලේ හදලා දෙයි, විනාඩි දෙකෙන් සම්බෝලේ රෙඩි..

             ඔබත් ට්‍රයි කොරලා බලන්න. යහතින් හදාගන්න හම්බුඋනොත් ඇවිත් කියලා යන්න. ලඟදීම දවසක ආයෙත් අලුත්ම රෙසෙපියක් එක්ක සෙට් වෙමු , ජයවේවා...!

 

15 ප්‍රතිචාර:

  • රත්ගමයා says:
    July 21, 2011 at 9:37 PM

    මුන්ට දැන් කෑම හදන්න හෙන උනන්දුවක් තියෙන්නේ

  • gayani says:
    July 21, 2011 at 9:45 PM

    moko malli me??? Exam eken passe kema kadayakwath dagannada kalpanawa?

  • සීතල අයියා says:
    July 21, 2011 at 9:48 PM

    ආ උඹලගෙ ගෙදර මෙහෙමද සම්බෝලේ හදන්නෙ.හිටපං අල්ලපු වත්තෙ එකාට කියන්න.

  • සංකල්ප says:
    July 21, 2011 at 9:56 PM

    චේ ත් දැන් කෑම හදන වැඩේට බැස්සද ? හොදයි හොදයි !!!!

    පොල් සම්බෝලයට අවශ්‍ය දේවල් වලට තව,

    වලල්ලක්
    පොල් ගහක්
    පොල් උලක්
    ..........

    වගේ දේවල් ටික අඩුයි නේ !!!!! :)

    අම්මට කියලා හදෝ ගන්නම්. ගොඩක් ස්තුතියි දැනුවත් කලාට. කටට කෙලත් ඉනුවා :)

  • ආඩම්බරකාරී says:
    July 21, 2011 at 10:06 PM

    අඩේ මීට පස්සෙ මාත් මේ ක්‍රමේට මගේ ඉයුම් පිහුම් රෙසිපි පෝස්ට් දානව..මරු මරු

  • චේ උන්නැහේ... says:
    July 21, 2011 at 10:07 PM

    @ රත්ගමයා.... එහෙම නැතුව බැහැනේ බොල...

    @ Gayani.... මොන Examද අප්පෝ.... කරපුවා හොදටෝම ඇති

    @ සීතල අයියා... මම සම්බෝලේ හදන්නේ මෙහෙමයි. හැබැයි ඉතින් අම්මා හදන්නේනම් මීට වඩා වෙනස් විදි වලට...

    @ මධුරංග... ඇත්ත නේන්නම්... කමක් නැ ඉතින් ඔබතුමා හරි දැම්මානේ.... හදලා බලන්ටකෝ...

  • චේ උන්නැහේ... says:
    July 21, 2011 at 10:09 PM

    @ ආඩම්බරකාරී.... ඒකනේ කියන්නේ අපිම ක්‍රමය හදුන්වා දෙන්ට ඕනා. හැබැයි මේක මට කිව්වෙත් දිල්ශාරා(හිපිච්චි) අක්කා... කොපිරයිට් කොරලා තියෙන්නේ හරිය.. :P

  • නදුන් උයන says:
    July 22, 2011 at 12:14 AM

    දැන් ඉතින් අම්මලගෙන් වෙන් වෙලා, (ඒ කියන්නෙ මෙ පවුල් පන්සල් වෙලා ) අලුත් ජීවිත ගෙවන කට්ටියට මොකො වෙන්නෙ ?

  • පිණිබිඳු... says:
    July 22, 2011 at 9:55 AM

    අල්ලපු වත්තෙ පොල් නැත්තන් මොකෝ කරන්නෙ.

  • නදී says:
    July 22, 2011 at 10:02 AM

    අපි හැමදාම හදන සම්බෝලෙ වෙනුවට.මෙහෙමත් හදලා බලන්න.

    * හදන සම්බෝලෙට සුදුලූණු බික් 2ක්,ගම්මිරිස් ඇටයක් දෙකක් එකතු කරල අඹරලා ගන්න.

    නැත්තම්.

    *උම්බලකට වෙනුවට(උම්බලකඩ ගනන් නේ දැන්)හාල් මැස්සෝ හරි වැව් කූනිස්සො හරි කබලේ බැදලා සෝදලා සම්බෝලෙත් එක්ක අඹරලා අරන් දෙහි දාලා ගන්න.වෙනදා වගේ ලුනු ගොඩක් දාන්නෙ නැතුව.ටිකක් දාල පස්සෙ රස අනුව ලුණු එකතු කරගන්න.හදලා බලන්නකෝ.

    අමුතුම සුවදක් රහක් තියෙන්නෙ.හ්ම්ම්...රසායි.

  • රසික කරුණාත්න says:
    July 22, 2011 at 11:10 AM

    යකෝ මු සම්බොල හදන්න නෙවේ හොරෙන් පොල් කඩන්නනේ උගන්වන්නේ ( ඔය ඉතිං අත් දැකීම් වෙන්න ඈති නේ) :P :P

  • Bunny says:
    July 22, 2011 at 11:27 AM

    කඩේ ඉන්නෙ අංකල් කෙනෙක්නේ ? තැන්ක්යූ අන්කල් කීවට අවුලක් නැද්ද ?
    පොඩි කේස් එකක් ගස් නගින්නත් දන්නැ :D

  • අනේ බං පොල් සම්බොලේ කේසේවෙතත් තේ එකත් තාත්තා හදලා දේන්නේ මම නෑනට කියලා බලන්නම් සිරාවටම අප්සැට් එකක් යනඑහේම් නෑහැනේද...එහේම උනොත් මගේ කෑමවෙලත් ඉවරයි.. :(

  • පිස්සු පුසා says:
    July 24, 2011 at 8:18 AM

    රසට තියෙයි සම්බොලේ හදන රෙසිපිය අම්මාගේනේ.. මේ සම්බොලේ හදල අල්ලපුවත්තේ එකාගෙන් කන්ට වෙයිද ද ගුටි?

  • පන්සල් හංදිය says:
    July 28, 2011 at 4:38 PM

    දැන් මේක කුකරි අක්ෂරයක් වෙලානෙ, බලමු ඒකත් ........

Post a Comment