සැමදාමත් මා නුඹේමයි..

Saturday, July 16, 2011

හුදකලා රතු රෝස මලක්
මදෙස බැල්ම හෙලා
අයාලෙ ගිය
මගෙ හදවත
සිරකර දැමුවා
ආදර හැගුමෙන්
මා මුසපත්කර

වල් බිහිව තිබූ
මාගේ හදවතේ
වල් උදුරා
යලි පණ දුන්නේ
නුඹයි මගෙ පුංචි
රෝස මලේ

දිවිය ඇති තෙක්ම
මම,නුඔව රැක ගන්නෙමි
සදා නොවෙනස්වන
මගෙ ආදරය
නුඹට පමණක්ම පුදා.

12 ප්‍රතිචාර:

  • නදී says:
    July 16, 2011 at 2:17 PM

    හ්ම්... අන්න එහෙමයි ඉන්න ඕනේ ආදරය ලබන්න පටන්ගත්තම ජීවිත වලට අලුත් පනක් එනව.අර කියන්නෙ සිංහලෙන් "ගෝ" එකක් තියනව කියල.

  • Prabhath says:
    July 16, 2011 at 3:10 PM

    :P හිකිස්... අනේ බොල.

  • සංකල්ප says:
    July 16, 2011 at 6:08 PM

    ඇති යාන්තන්. සීතල අයියටත් අනග සර වැදිලා තියෙන්නේ. නියමයි අයියේ. ඔන්න මගෙනුත් සුබ පැතුම්.
    කාන්තාරවලත් ගස් හිටවන්න පුලුවන් එහෙනම්. සතුටුයි. :)

    ලස්සන කවි ටික. ආදරයට ගොඩක් දේවල් කරන්න පුලුවන් නේ. එහෙනම් දැන් ඉතින් ජීවිතේ අලුතින්ම පටන් ගන්න තියෙන්නේ.

  • Anonymous says:
    July 16, 2011 at 8:16 PM

    රෝස මල දිවිය ඇති තෙක්ම රැක ගන්න ........ නියමයි

  • මලිති says:
    July 16, 2011 at 8:50 PM

    නියමයි....ආදරේ කරන්න , ආදරේ රස විදින්න :)

  • චේ උන්නැහේ... says:
    July 16, 2011 at 9:16 PM

    ආදරේ....... මතක් කරන්න එපා ඔය වදේ.... මටනම් දැන් එපා වෙලා තියෙන්නේ... කමක් න්ඇ පුතා.. කොරගෙන පලයන්කෝ...

  • හිස් අහස says:
    July 16, 2011 at 11:29 PM

    පට්ටයි ඈ ...

  • සීතල අයියා says:
    July 17, 2011 at 8:49 AM

    @ගලා යන ජීවිතය- ඇත්තට එහෙම එනවද අනේ?

    @පොඩ්ඩා- ආ මොකද බොල?

    @මදුරංග- :P ආ එතකොට අපි කාන්තාර ඈ..මොනා උනත් ස්තූතියි කිව්වා.

    @විසිතුරු- ස්තූතියි යාලුවා.

    @මලිති- හ්ම් සහතික ඇත්ත.තැක්කූ කිව්වා.

    @චේ- ඔව් ඔව් මම දන්නවා උඹ හොර ආදර කරන්න ගිහිං ගුටි කාපු විත්තිය.හොර ආදර කරාම එපා වෙනවා තමා.මොනා කොරගෙන යන්නද බං.මේක මන:කල්පිත එකක් බං.ඉදිරියෙදි වෙයිද කියන්න දන්නෙත් නෑ.අනික උඹට මම එහෙනම් වේලාසනින්ම කියනවනෙ.උඹනෙ මගේ බොක්ක.

    @හිස් අහස- ස්තූතියි යාලුවා.

  • චේ උන්නැහේ... says:
    July 17, 2011 at 9:37 AM

    @ සීතල.... මම ?... ගුටිකන්න... පිස්සුද ලොක්කා... මම ගුලිකන්නෙනම් නැ. ගහන්න ආවොත් ආයෙත් දෙකක් නැ දිවුව පය දෙදහස් වටී කියලා දුවනවා හැටට හැටේ.... :D :D

    ඔව් ඔව් මම නොදන්න සීතලේ.... මට මතක විදිහටනම් උඹ මොකක්ද ඔය වගේ කේස් එකක් මට කියලා තියනවා.... :P

  • චේ උන්නැහේ... says:
    July 17, 2011 at 9:38 AM

    ඉස්සෙල්ලා කොමෙන්ටුවේ ගුලිකන්න ලෙස සදහන් වනුයේ ගුටිකන්න යන පදයට හදුන්වාදුන් නව පදයක් බව කරුණාවෙන් සලකන්න. ස්තූතියි

  • සීතල අයියා says:
    July 17, 2011 at 10:19 PM

    එහෙනම් මේ ටික කාලෙකට ඉස්ස‍ර එකක් වෙන්න ඇති.ඒක ඔක්කොම අතු දන්නවනෙ..

  • පන්සල් හංදිය says:
    July 28, 2011 at 4:36 PM

    ලස්සනයි ......
    ආදරය දිගු කල් දිනේවා ......

Post a Comment