
අතීතයේ එක් විරාමයක් ලඟ
නුඔද මාද තනිවූ එක් මොහොතක
අත් අල්ලා ඇවිදන් ගිය බෝ දුර
අද තනිවී දෙතැනක අපි දෙදෙනම
හඩන්න නුඔ ලග නොමැත වරම් අද
සිනා සලපු මතකය පමනද මට
නුඹද මාද නැති මේ අවකාශය
මටම පිටස්තර වී මගෙ ලෝකය
යා නොහැකිය අප දෙදෙන එක මඟම
නුඔ ලෝකය තව දුරයි මගෙ නෙතට
නික්ම යනු පිණිස මතකය බොඳකර
අවසරද ඔය හිතින් සමුගෙන යන්නට....
මක්කෙයි උනේ??????
හ්ම්..... ලස්සනයි
ලස්සනයි..සොක් පින්තුරේ..
මුකුත් නොකියමි...
කවි ටිකනම් ලස්සනයි
සමුගන්න අවසර දෙන්න බෑ. ඔයාට මොකෝ උනේ ?
මරු :)
ඔහ්...හැම හමුවීමකම වෙන්වීමක් සටහන් වෙලා තියනව කියනවනේ.
ආ.. මට මතක් වුනේ මේ සිංදුව..
හත්තිලව්වෙ හෙන අපරාදයක්නෙ කරන්න යන්නෙ .......
මොකද එහෙම හිතුනෙ ......