අනඟ ලිය ( by චේ උන්නැහේ )

Monday, August 22, 2011



සූ සැටක් වූ ,
මායම් දහරින්...
දීන සලෙලුන්,
තුටු දනන මුත්...

රිය සකක් වන්,
පුළුලුකුල මත..
අනෙක පුං කඳ,
සැනහෙනා මුත්..

තිසර තන නොව,
වැහැරුනා වූ...
සම දරාගත්,
ලය මඬල දැක.

කෙසේ අගයම්ද,
නුඹේ ඔය රුව..
දැන් වියපත්ය,
නුඹ අනඟ ලිය...

9 ප්‍රතිචාර:

  • අනූ says:
    August 22, 2011 at 11:40 AM

    ලස්සනයි අයියා හරිම ලස්සනයි..

  • Loku John says:
    August 22, 2011 at 12:21 PM

    මායම් කිසිත් නැති ..
    හිතේ කිලුටක් කහට බිදුවක් නැති
    වැහැරුනත් ළැම
    ඇතුලතින් පිරිසුදු හද
    උනූවුනා පුතුගෙ හැඩුමෙන් ....
    ලේ මස් උරාබොන
    තිරිසනුන්ගෙ
    පියකරු ලෙසින් ලොවට
    පෙන්වන මුහුනු වලට
    ඇතුලතින් හිනහුනා
    ඇගෙ වියපත් සිරුර ...
    http://oldpettagama.blogspot.com/

  • පන්සල් හංදිය says:
    August 22, 2011 at 1:22 PM

    මෙන්න මේකා කැත කතාවක් ලස්සනට ලියලා ........

  • Anonymous says:
    August 22, 2011 at 4:58 PM

    menna maka makak liyala...walll ...eya...hitapan kiyanna ammata..

    seethala ayya

  • Anonymous says:
    August 22, 2011 at 5:03 PM

    අගේ ඇති සිතුවිල්ලක් යාලු...

  • චතුවා says:
    August 22, 2011 at 5:45 PM

    අනඟ ලියන් පස්සේ ගිය බොට සත්‍ය වැටහිලා ව‍ගේ.. :D

  • පිස්සු පුසා says:
    August 22, 2011 at 6:29 PM

    සූ සැට කිව්වේ මායම් 64ද??? හිකිස්

  • - says:
    August 23, 2011 at 8:27 AM

    කාට කාටත් අන්තිමේදි වෙන්නේ ඔය ටික තමා! සිතුවිල්ල නම් හරි අගෙයි!

  • සංකල්ප says:
    August 23, 2011 at 11:23 AM

    ඒක නොදැනගෙන නේ මෙච්චර මායම් දාන්නේ.
    පවූඌඌඌඋ.
    ලස්සන කවි සිතිවුල්ලක් චේතනයෝ !!!!

Post a Comment