''මොකද බං මේ අද උදෙන්ම මුණ එල්ලන්..අදත් මාලින්ද එක්ක වලියක්ද ..'' හොදම මිතුරිය මෙන්ම සොයුරිය වු සඳලි පැවසුවේ කවට කමටය ..එනමුදු එලෙස විය හැකි බවද ඇය සහසුද්දයෙන්ම දැන උන්නාය ..
''ඇත්තමයි මෙච්චර යාලුවෝ වෙච්චි මට බැරි උනානේ තාම ඔය ගිනි කුකුලාව බලා ගන්න..''
''එක්කෝ උඹ කලින් යනවා..නැත්නම් මම කලින් යනවා..අපේ ටර්න් එක ඉවර වෙද්දි කවුරු හරි ඉන්නම එපැයි ෆයිල්ස් අතටම දෙන්න ...''
අප දෙදෙනාම වැඩ කලේ පෞද්ගලික ආයතනයකය ..පාසල් කාලයේ මෙන් කෙලිලෝල් දගකාරකම් කාර්යාලේ මිතුරන් ඇසුරේ නොවැඩුනද මමත් සඳලිත් අතර වුයේ දැඩි මිත්‍රත්වයකි..
''ඇත්තටම අද මොකද බං මුණ ...''
''ඇයි '' දහවල් කැම වේලේහිදි මා තනිකර ගත් සඳලි මා දෙස සංවේගයෙන් බලා හිදින්නට විය ..
''මාලින්ද එක්ක ඉදලා මට එපා වෙලා..මට හිතෙනවා මේ එෆෙයාර් එක නවත්තලා දාලා ඉන්න ..''
''ඉතින් නවත්තන්න..ඇයි බොරුවට හිතින් දුක් විදින්නේ..''
''මාලින්ද එකට ඉඩ දෙන්නේ නැහැ මාව මරයි''
''පිස්සු..මාලින්ද ඇයි එහෙම කරන්නේ..''
ඇය නොදන්නා කොතෙක් නම් දැ අප ජිවිතයේ ඇත්ද..මා හුදෙක් මාලින්දගේ පෙම්වතියම නොවන වග ඈ ට මා කෙලෙස කටක් ඇර කියන්නද..ඈ මා ගැන කෙලෙස සිතනු ඇත් දැයිද කියා මා බිය උනෙමි..
''එ සැරේ පිළිකුල් භාවනාව කරනවද''
''අනේ මන්දා බං සඳලි මට මාව පැටලිලා කියලා විතරයි හිතෙන්නේ..මට ඉස්සර තිබ්බ එ ආදරේ මාලින්දට නැ ..නැහැමත් නෙමේ..මහා මොකක්දෝ දෙකින් මාවයි මාලින්දවයි ඇත් කරලා''
ආදරයක් වුවද කල් ගත වන විට පුස්වෙන වග මා අසා නොතිබුනද මගේ ආදරයට වි තිබුනේ එය යැයි මට සිතුනි..මම ඔහුට පෙම් නොකරනවා යැයි කිවොත් බොරුය ..මම ඔහුට මහත් සේ පෙම් බඳිමි..නුමුත් ඔහු හා මගේ ගති සිරිත් අහස පොලව බඳුය ..මෙතරම් කලක් මා ඉවසන් උන්නද තව දුරටත් එය කල හැකිද කියා මම නොදනිමි..ඔහු මට ලෙසියෙන් යන්නට ඉඩ නාරින බවද මම දනිමි..
''ඔච්චර හිතන්න එපා අන්න උඹේ අකුසල් මේ පැත්තට එනවා ටිකක් හිනා වෙයන්..''
''කොහොමද සිතාරි''
''වරදක් නැ කුසල් වෙනදා වගේමයි..''
කුසල් යනු අප වැඩපලේම ඉහල අංශයේ නිළධාරියෙකි..නමුත් ඔහුත් අපත් අතර වුයේ සේවක සබදතාවට ඉහලින් ගිය හිතේශි හැඟිමකි..ඔහුට නම කියා මිස ගරු ලෙස කතා කිරිමට අප පුරුදු වි නොසිටි අතර ඔහුද එය ගනනකට ගත් අයෙකුද නොවේ.. කුසල් මමත් සඳලිත් සමාගමට වැටුනු කල අනෙක් අයගේ දැස් වලට එය කටු ඇනෙනාක් බඳු විය .
''අද සීතාරි ඉන්නේ ලොකු කල්පනාවක'' විමසුම් ඇසින් මා දෙස නිරික්ශනය කරන වග හැගවෙන දැසකින් බැලු ඔහුගේ දැස් ත් මා දැස් එක් වු තැන ඉක්මනින් මා බත් පතට නෙත යොමු කලේමි..
''සීතාරි මේ වෙඩින් එක ගැන හිතනවා.''
එක්විටම කමින් සිටි බත්කට ඉස්මොල්ලේ ගිය කුසල් මා දෙස බලන් උන්නේ අසරණ වු මුවපොව්වෙකු ලෙසය ..
''සීතාරි බඳිනවද'' ගොත ගසමින් මෙන් ඔහු ඇසු පැනය මා හිතට මහත් දුකක් ඇති විය ...
''නැ නැ සීතාරි නෙමේ දසුනි..ඇයි ඔයාට වෙඩින් එක කිව්වේ නැද්ද'' බොහෝ අමාරුවෙන් සිනාව විකාගත් සඳලි එය ඇසුවේ මහත් බැරැරුම් කමින්ය..මටත් සිනා ආ මුත් ඇගේ විලාසය දැක තව තවත් ඔහු අසරණ කෙරුමට සිත් නොවිය ..
''මම යනවා'' අඩක්වත් නොකැ බත් මුල අසල වු කුණු බක්කියට දමා නැගිට ගත් කුසල් ඉක්මන් ගමනින් යන යුරු බලා සිටි අප දෙදෙනා මහා හයියෙන් හිනා වුනද මට මහත් දුකක් ඔහු ගැන දැනුනි..
''පව් බං අසරණයා'' මම සිනාව යටපත් කරගනිමින් කිවේමි..මෙතක් වු දුක්ඛ දොම්නස් කොහේ පාවුනේදැයි සිතා ගත නොහැක ..
''දැක්කානේ ඇති යාන්තම් උඹේ මුඩ් ෆික්z උනා..හෙහේ..වරෙන් වරෙන්..යමු..ඕක කුසල් ට හෙට උදේ වෙද්දි අමතකයි''
මූඩ් ෆික්ස් කරන්න සටස් ගාලා මංචි ජින්ජර් බිස්කට් එකක් ගත්තා නම් ඉවරයි නේ !!!!
මංචි ජින්ජර්- මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරු !!!!!
ලස්සනට ලියලා තියෙනවා. කාලෙකට පස්සේ තමයි නිම්ෂා නංගිගේ ලියමනක් කියෙව්වේ !!!!
සුසුම් උණුසුම් 2 කියලා දැම්මෙ ඇයි ?
දැන් නම් මුල අමතකයි.. :\ ආයිත් මුල ඉදලා කියවන්න වෙනවා.. ඉක්මනට ලියන්නවකෝ කෙල්ලේ.. :P
හාවෝ.. සුසුම් උණුසුම් කියෙවුවේ නැද්ද..? පුදුමයි!! :)) :))
මට දිග කතා කියවන්න බැරියෝ.. කෙටි කතානම් කියවන්නම්. :D
@මධුරංග : කිව්වත් වගේ කියන්න ඔනේ ගන්න කියලා..හෙහේ...
තැන්කු අයියා
@bunny: සුසුම් උණුසුම් 1 දැම්ම නිසා..
@ලමයා : ඔයා ඉතින් මගේ ඉක්මන ගැන දන්නවානේ...හිහ්..
@සීතල අයියා : මේක නම් දිග කතාවක්..