වටිනාකම

Monday, April 11, 2011

කදුලු නෙතු අදුරු කර..
දෙතොල් වියලි කර,,
දැත් සිතල කර..
ගලා ගොස් ..
නොනවතින කිසිදින...
මේ දැස් කදුලු බිදු..
නොනවතියි කිසිදින..


කලෙක උන්නා කෙනෙකු..
පිහිදන්නට කදුලු දැගිලි මතින් ගෙන ..
අද නොමැත ඔහු ලගින් මා...
පිහිදන්නට නොනවතින මේ කදුලු බිද..
හිදිනවා අද කෙනෙකු..
පිටස්තරයෙකු මෙන් නොදැනි..
ඔහුට නොදැනෙනවා මා කදුලු..
දැනුනද හිදිනවා ඔහු...
නොදැනුනා සේ....
කලක අගයක් කෙනෙකු හට දැනුනද..
අද හිදින්නා හට..
අරික්කාලක වටිනාකමක් නොමැති වි..

10 ප්‍රතිචාර:

  • මාරයාගේ හෝරාව says:
    April 11, 2011 at 7:42 AM

    හදවත ගලක් නොවුනද..
    එලෙසින් සිටිනු යෙහෙකිය..
    නැතිනම් දිනක මතුදා..
    හදවත අහිමි වේමය..

    හිමි නැති සොඳුරු සිහිනය..
    දකිනට රිසිව ඇති මුත්..
    පිසිනට කඳුළු ගලනා..
    දෑගිළි තුඩට අහිමිය..

    උරුමය නොමැති විජිතය..
    වෙනුවෙන් හඩා පල නැත..
    එබැවින් වෙන්ව යමු අප..
    කඳුළීන් දොවා මතකය...

  • Bunny says:
    April 11, 2011 at 8:07 AM

    කොහේ ගියත් එකම ට්‍රැක් එක.. අම්මපා ඕක කවදාද මාරු වෙන්නෙ ? මැරුනත් ඕකම ප්ලේ කරනවා :-/

  • MaRLaN says:
    April 11, 2011 at 8:24 AM

    :/ බොන්න වෙන ප්‍රශ්නයක්....

  • චතුවා says:
    April 11, 2011 at 12:26 PM

    නියමයි අලෝ.. මම නම් මේකට මාර ලයික්. එක හේතුවක් ‍නිසා.. ;)

    @මාරයාගේ හෝරාව ඒකත් පට්ට ඈ.. මාරයා අයියා බලාගෙන ගියාම මාර රොමෑන්ටික් පොරක්නේ..

  • සීතල අයියා says:
    April 11, 2011 at 3:16 PM

    මොනා කරන්නද ඉතිං?ආදරය දුකක්

  • Anonymous says:
    April 11, 2011 at 6:45 PM

    @මාරයාගේ හෝරාව : ෂු...මරු..ලස්සනයි..

    @bunny: ආහ් ..දැන් කවූද එකම ට්‍රැක් එක ගැහුවේ... යනවා යන්න.. :)

    @marlan:වතුර වෙන්න ඇති නෙහ්..

    @චතුවා : අර වැරදුන හේතුව නෙමේ නේ...අපොයි...ඊයේ වෙච්ච දෙයක්.. ;)

    @සීතල අයියා : නැ ආදරය දුකක් නම් නෙමේ..

  • චතුවා says:
    April 11, 2011 at 11:13 PM

    @නිම්ශානැත නැත.. ඒක නෙවේ... :)

  • සීතල අයියා says:
    April 12, 2011 at 7:23 PM

    @නිම්ෂා -කව්ද කියන්නෙ ආදරය දුකක් නෙමෙයි කියලා?ආදරය කියන්නෙ දුකක්..

  • Anonymous says:
    April 13, 2011 at 1:26 AM

    @සීතල අයියා : මම හිතන්නේ ආදරය දුකක් නෙමේ කියලා...

  • චතුවා says:
    April 13, 2011 at 10:24 PM

    @සීතල අයියා & නිම්ශා ඕක දුකක් වෙන්නෙත් නැති වෙන්නෙත් ඉතින් විඳින කෙනාගේ හැටියට තමා නේද? අද විඳවන ආදරේ හෙට විඳින්නත් ලැබේවි සමහර විට..

    මේ දවස් වල සීතල අයියා ආදරය විඳවන කාලෙනේ නංගා.. ඒකයි මේ "ආදරය ‍යනු දුකකි" කියලා යන යන තැන කෑගහන්නේ.. :)) :))

Post a Comment