මතකය........

Thursday, June 21, 2012

 
 
වැව් බැම්මට උඩින් ඉදන් හුලං පොදක් විද ගන්නට
ආල කතා කොදුර කොදුර ඔයත් එක්ක ගුලි වෙන්නට
නුග ගස් යට වාඩි වෙලා නුඹෙ තනුවට ගී හදන්ට
පෙරුම් පිරුව පුංචි හිතට සිද්ද උනේ දුක් විදින්ට

ඈත අහසේ පියඹන්නට මාත් එක්ක පෙරුම් පිරුව
වලාකුලක සැගවෙන්නට ආසාවෙන් බලන් උන්න
පාලු රැයක එලි වෙනකල් කන් පිරෙන්න කතා කෙරුව
පුංචි හිතට දුකක් දුන්නේ කොහොමද ඔබ මට කියන්න

දෑ අවුරුදු ප්‍රේමය හිත විදව විදව රිද්දනකොට
අපේ පුංචි මතක අස්සේ හීනෙන් මම තනි වෙනකොට
ඔයා කියපු බොලද වදන් දෙසවන් මගේ පුරවනකොට
ඇස් පියාන නිදා ගන්නේ කොහොමද මම සදහටම

4 ප්‍රතිචාර:

  • Loku John says:
    June 21, 2012 at 12:16 PM

    වැවු බැම්මට පිටුපාලා ඈත අහස දෙස බලන්න
    ……ආලකතා අමතක කර වෙනත් දෙයක් ගැන හිතන්න
    ……නුග ගහයට වාඩිවෙලා දුක් ගීයක් ගැන හිතන්න
    ……කඳුලු බිංදු වැටෙනාතුරු හිමිහිට ඉඳගෙන අඩන්න

    මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

  • සංකල්ප says:
    June 21, 2012 at 9:18 PM

    ජුගුප්සාජනකයි !!!

  • පුබුදු says:
    June 21, 2012 at 10:12 PM

    ලස්සන කයිය රත්තො..

  • Anonymous says:
    June 27, 2012 at 1:13 PM

    ලස්සනයි යාළු....... :)

Post a Comment