කොම්පියුටර් දොස්තර - 01 පාඩම

Thursday, December 23, 2010


                                අද ඉඳන් අපි අක්ෂර අඩවිය තුලින් අලුත් දෙයක් පටන් ගන්න හිතුවා. ඒ කොම්පියුටර් දොස්තර පාඩම් මාලාව. අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ පරිගණක දෘඩාංගකරණය පිලිබඳව මල පොතේ අකුරක්වත් නොදන්නා කෙනෙකුගේ පටන් ඕනම කෙනෙකුට මේ විෂය පිලිබඳව තරමක් දුරට පුළුල් දැනුමක් ලබාදීමයි.. පුලුවන් තරම් සරල බස් වහරකින් ඉදිරිපත් කරන්න අපි අදහස් කරනවා. අපි  හිතනවා මේ පාඩම් මාලාව අවසානයේ ඔබේ පුද්ගලික පරිගණකය ඔබටම හදාගන්න පුලුවන් තරමට දැනුමක් ලැබෙයි කියලා. එහෙනම් වැඩේ පටන් ගමු.


                               සාමාන්‍යයෙන් සත්ව ලෝකයේ විවිධාකාර සතුන් අපිට දකින්න පුලුවන්. දොස්තර කෙනෙක් උනාම දල වශයෙන්වත් ඒ හැම සතෙක් ගැනම දැනගෙන ඉන්න ඔනා. මොකද මිනිසෙක් කියලා හිතලා දොස්තර බල්ලෙක්ට වෙදකම් කරන්නෙ නැහැනෙ. ඒ වගේ තමයි පරිගණක ක්ෂේත්‍රයේත් විවිධ පරිගණක වර්ග අපිට හමුවෙනවා. අපි මුලින්ම විවිධ පරිගණක වර්ග පිලිබඳව පොඩි අවබෝධයක් ලබාගමු. 

පරිගණකයක ක්‍රියාකාරීත්වය හා ස්වභාවය අනුව මූලිකව කොටස් කීපයකට බෙදෙනවා.


                 01. පුද්ගලික පරිගණක ( Presonal Computers / Micro Computers)
                 02. Notebook / Laptop
                 03. P.D.A ( Presonal Digital Assistant )
                 04. සුපිරි පරිගණක ( Super Computers)



පුද්ගලික පරිගණක ( Presonal Computers)


                          පරිගණකය කියු පමනින් මතකයට එන්නෙ පුද්ගලික පරිගණකයක ව්‍යුහය. අද සමාජයේ වැඩිපුරම භාවිතාවන පරිගණක වර්ගයත් මෙයයි. අපි ඉදිරියේදී තවදුරටත් පුද්ගලික පරිගණක පිලිබඳව සාකච්ජා කරමු.




Notebook / Laptop...


                          හැඩයෙන් හුරුබුහුටි පෙනුමක් ගන්නා මෙම පරිගණක වර්ගය ප්‍රමාණයෙන් පුද්ගලික පරිගණක වලට වඩා කුඩා වෙනවා. නමුත් ක්‍රියාකාරීත්වය අතින් පුද්ගලික පරිගණකය හා එක මට්ටමේම තබා සලකන්න පුලුවන්. අපි Laptops ගැන ඉදිරියට තවත් විස්තර දැනගමු.



P.D.A ( Presonal Digital Assistant ) 



                           සාක්කුවේ ගෙනයා හැකි ප්‍රමානයෙන් නිශ්පාදිත මෙම පරිගණක වර්ගය පෙනුමෙන්  බොහෝදුරට ජංගම දුරකතනයකට සමාන වෙනවා.    බොහෝ දුරට ස්පර්ශයට සංවේදී තිරයකින් ( Touch Sensitive Display ) සමන්විත P.D.A වලට Touch Pen එකක් ආධාරයෙන් දත්ත ඇතුල් කරනු ලබනවා. Outdoor Banking, Outdoor Marketing ආදී ක්ෂේත්‍රයන්ගේදී බහුලව භාවිතාකරන P.D.A පරිගණක සමහර රටවල පොලිස් සේවයේද ( දඩ කොල ලිවීමට ) භාවිතා කරනු ලබනවා.

සුපිරි පරිගණක ( Super Computers )

IBM සුපිරි පරිගණකය

විශාල වපසරියකින් යුත් ප්‍රදේශයක  පවතින පද්ධති ඒකක විශාල ප්‍රමානයකින් සමන්විත මෙම පරිගණක අතිශය තීක්ශණ ගනනය කරීම් සඳහා භාවිතා වෙනවා. ක්‍රියාකාරීත්වය අතින් සෑහෙන තරම් ඉදිරියෙන් සිටියත් නිශ්පාදනයට හා නඩත්තුවට අධික පරීවැයක් දැරීමට සිදුවීම මෙහි අවාසියක් ලෙස සලකන්න පුලුවන්. 




මීට අමතරව MainFrame හා Mini Computers ලෙස පරිගණක වර්ගද තිබෙනවා. නමුත් ඒවා බොහෝදුරට දැන් භාවිතයේ නැති නිසා ඒ ගැන සඳහනක් කරන්න මම බලාපොරොත්තු වෙන්නෙ නෑ.. 

Main Frame computer


                      අද අපි සාකච්ජා කලේ පරිගණක වර්ග පිලිබඳව, ඔබට මේ පාඩමෙන් ගන්න යමක් තියෙන්න ඇති කියලා මම හිතනවා. ඒ නිසා කියවලා, තියන ප්‍රශ්ණයි, හොඳ නරකයි කියලා කොමෙන්ටුවකුත් දාලා යන්න. අපි ඊලඟ පාඩමෙන් පරිගණකයක කොටස් පිලිබඳව සාකච්ජා කරමු. 


ප: ලි:


                   කනියාගේ සටහන බ්ලොග් අඩවියේ කනිශ්ක සහෝදරයාත් මේ වගේම ලිපි පෙලක් ලියලා තියනවා කියලා දැනගන්න ලැබුනා, මේක ඒ සහෝදරයාගෙන් කොපි නොකර මම ස්වාධීනව කරගෙන යන වැඩක්. ඒ නිසා මම කොපි කරා කියලානම් හිතන්න එපා. මේ ලිපි නිසා කනිශ්ක සහෝදරයාට යම් අපහසුතාවයක් උනානම් ඒකට සමාව ඉල්ල සිටිනවා. මේ පිලිබඳව අදහස් වෙතොත් කොමෙන්ටුවක් දාන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.

11 ප්‍රතිචාර:

  • Anonymous says:
    December 23, 2010 at 12:58 PM

    oyga wistha tikak kiyanna berida?

  • nirash says:
    December 23, 2010 at 1:39 PM

    digatama liyanna

  • නදී says:
    December 23, 2010 at 1:41 PM

    මමත් සුබ පතනවා මල්ලි,දිගටම ලියන්න!

  • ``` Outsider``` says:
    December 23, 2010 at 2:13 PM

    වැදගත් වගේම අධ්‍යාපනික දෙයක් බ්ලොග් කිහිපයකම ලියවුණාට කමක් නෑ. නොදන්න අයට යමක් ඉ‍‍ගෙනගන්න මේ හැම එකක්ම වැදගත්වෙයි.
    ඒක නිසා ඔබේ ක්‍රමයට ඔබ දිගටම ලියන්න.

  • චේ උන්නැහේ... says:
    December 23, 2010 at 2:42 PM

    @ නිරාශ් & නදී... බොහොම ස්තුතියි.

    @ ``` Outsider``` ... ඒක තමයි සහෝදරයා මමත් හිතුවෙ.. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට...

  • චේ උන්නැහේ... says:
    December 23, 2010 at 2:45 PM

    @ Anonymous.... ප්‍රස්නෙ පැහැදිලි නැහැ නොවෑ... මගේ විස්තර මේ ලිපිය එක්ක කිසි අදාලත්වයක් නැහැ නේද...

  • චතුවා says:
    December 23, 2010 at 3:03 PM

    නියමයි නියමයි චේතන අයියා. මේක ඉවර වෙද්දී මමත් මගේ කම්පූටරේ කොටස් කරලා බලන්න අදම අධිෂ්ඨාන කරගන්නවා.. දිගටම ලියමු.. සුබ පැතුම්!

  • නදී says:
    December 23, 2010 at 3:25 PM

    මුල්ම දවසෙ මම් ඔහොම කම්පුටරෙ කෑලි ගලවලා හයි කරන්න ගිහින් කෑලි ඉතුරු උනා :ඩි

  • චේ උන්නැහේ... says:
    December 23, 2010 at 3:35 PM

    @ ලමයා........ අන්න හොදයි මලයා... එහෙනම් ඉස්කුරුප්පුනියනයි අඩුවයි අරන් සෙට් වෙමුකො බලන්න..

    @ නදී... මමනම් මුල්ම දවසෙ ඔක්කොම කැලි ටික සෙට් කලා. ඒත් කොම්පියුටරෙ වැඩකොලේනම් නැ...... :පි

  • Anonymous says:
    December 24, 2010 at 9:31 PM

    Good work Malli. Keep it up.

  • Bunny says:
    January 24, 2011 at 12:58 PM

    උබ වැරදිලාවත් ලැප්ටොප් ගලවන විදියනම් දාන්න එපා පුතේ... ඩෙක්ස්ටොප් එක නම් මශ් කලත් කමක් නැ මගේ :D

Post a Comment