ලංසුව

Friday, December 24, 2010



හදවත ආදරයෙන් මායම් කලද...........
ලංසුව හමුවේ මිලක් ලද ජීවිතය,
තව සොදුරු ලොවකට,
යන මං පාදයි............

සුපිරි පංතියේ වාහනයක,
විල්ලුද ඇතිරුමෙන් මා ලබන පහස..........            
සුකොමල යුවතියකගේ උණුසුමෙන්,
සනහාලිය හැකි වේද...............

ආලය කොතරම් උස් වුවද,

අස්තීර ආලයෙන්,
ජීවිතය දිනන්නට,
මා ලද වත්කමක් නොමැත..........

එබැවින්,
මතු යම් දිනක........
ජීවිත වෙන්දේසියේ.........
ආලයද පරදා..........
ඉහලම ලංසුවට ,

මා වෙන්දේසි වනු ඇත............

4 ප්‍රතිචාර:

  • Anonymous says:
    December 24, 2010 at 9:26 PM

    The reality

  • චේ උන්නැහේ... says:
    December 24, 2010 at 9:39 PM

    ඔව් ඔව්... මේ ලියල තියෙන්නෙ ලෝක ධර්මතාවයේම කොටසක්... සහතිකම ඇත්ත......

  • චතුවා says:
    December 24, 2010 at 9:39 PM

    හ්ම්ම්... අවංකවම කීවොත් තෙරුම් ගත්ත හැටි හරිද වැරදිද කියලා හිතාගන්න බැරිව ඉන්නේ..

  • චේ උන්නැහේ... says:
    December 24, 2010 at 9:56 PM

    තේරුන හැටි කිව්වානම් හරිද වැරදිද කියලා කියන්නම් ලමයො....

Post a Comment