සුන්දර රැය

Thursday, December 30, 2010

මගේ දුවේ ඔබ අවදියෙන්නම්....
මේ රැයේ මිහිරිම වෙලාවයි...
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි


සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැදි වෙලාවයි
මේ පොළව කෙතරම් සුන්දරද
මගේ දූත් තනියෙම හිනාවෙයි


මගේ දුවේ ඔබ අවදියෙන්නම්....
මේ රැයේ මිහිරිම වෙලාවයි...
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි


ඝණ කරුවලට අප පෙම් කලොත්
ඉර හද තරුවලට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපිට හෙට
ලොවට පෙරලා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේනම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි


මගේ දුවේ ඔබ අවදියෙන්නම්....
මේ රැයේ මිහිරිම වෙලාවයි...
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි


මේ සින්දුව කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ මම ආසම කරන සින්දුවක්..


සින්දුව බා ගන්න මෙතැනින් යන්න 

5 ප්‍රතිචාර:

  • Anonymous says:
    December 30, 2010 at 7:43 PM

    ලස්සනයි... :)

  • චතුවා says:
    December 30, 2010 at 11:34 PM

    ලස්සනයි සිංදුව.. මම කලින් අහලා තිබුණෙත් නෑ.. ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තාට...

  • Bunny says:
    January 2, 2011 at 8:04 AM

    මේක ලියපු මහත්තයා අපේ ඉස්කෝලෙට ඇවිල්ලා මේ ගැන පැහැදිලි කලා.. ඇඩෙනවා තේරුම ඇහුවම.. මට නම මතක නැ එයාගේ..

    කොච්චිර සිංදු ලීවත්.. කොච්චර අත්දැකීම් තිබ්බත්,.. හද්දම චාටර් පවුල් ජීවතයක් ඒ මනුස්සයාට තියෙන්නෙ.. පවුල කැඩිලා බිදිලා ගිහින්...

  • Bunny says:
    January 2, 2011 at 8:30 AM

    මේක ලීවේ "රත්න ශ්‍රී විජේසිංහ"

    හරි හොද මනුස්සයෙක්.. අපේ ඉස්කොලෙට ආපු වෙලාවේ IT room එකට යන්න ආවා.. මම කිවා සපත්තු දෙක ගලවලා යන්න කියලා.. මේයා කියාපි මේක දේවාලයක්ද කියලා ;-)
    කොහොම නමුත් සපත්තු දෙක ගලවන්න තරම් නිහතමානී උනා :)

  • Kavindya says:
    January 2, 2011 at 7:44 PM

    ස්තුතියි ළමයා නිමේෂා සහ බනියෝ....
    ඇත්ත බනී නිර්මාණ කරුවන්ගේ ජීවිත අපි හිතනවට වඩා ගොඩක් වෙනස්......

Post a Comment