මොකද්ද මේ ජාලෙ කියන්නෙ #01

Saturday, December 25, 2010

ඔන්න මම අද ඉදන් පරිගණක ජාලකරනය ගෑන දන්න තොරතුරු, විස්තර ටිකක් ලියන්න හිතුවා.බලන්නකො ඔයාලටත් මේ විස්තර ප්‍රයෝජනවත් වෙනවද කියලා.එහෙනම් ඔන්න අපි පටන් ගමු.ඉස්සර වෙලාම අපි බලමුකො මොකද්ද මේ පරිගණක ජාලයක් කියන්නෙ කියලා.

සරලවම කිව්වොත් පරිගණක ජාලයක් කියන්නෙ, පරිගණක 2ක් හෝ ඊට වඩා වෑඩි ගනනක් සන්නිවේදන මාධයයක (Commiunication Media) උදව්වෙන් එකිනෙකට සම්බන්ධ කිරීම කියල මුලින්ම හිතන්නකො.එතකොට ප්‍රශ්නයක් එයි මොකද්ද මේ Commiunication Media කියන්නෙ කියල නේද? අනික ඈයි මෙහෙම සම්බන්ධ කරන්නෙ කියලත් හිතෙනවා ඈති.

සන්නිවේදන මාධ්‍යක්( Commiunication Media) කියල කියන්නෙ අර කිව්ව ජාල වල, පරිගණක අතර දත්ත සහ තොරතුරු ගබඩා කිරීම හා සම්ප්‍රේශනය සදහා උදව්වෙන මෙවලමක්.

ඒ වගේම, මෙහෙම පරිගණක,ජාල විදියට සම්බන්ධ කරන්න ප්‍රධානම හේතුව වෙන්නෙ පරිගණක පාවිච්චි කරන්නන්(Computer Users) අතර සන්නිවේදනය කරගන්න ගමන් එකිනෙකා ලග තියන සම්පත් අනිත් අයත් එක්ක පහසුවෙන් හුවමාරු කරගන්න(resourse shairing) මේ ක්‍රමය නිසා පුලුවන් වීම.


මෙන්න මේ තියෙන්නෙ සරලතම පරිගණක ජාලයකට උදාහරණයක්,මේකෙ තියෙන්නෙ එකිනෙකට සම්බන්දවෙලා පරිගණක දෙකයි.

 මේ පරිගණක කීපයක් එකතු කරල හදලා තියන කලින් එකට වඩා ටිකක් සංකීර්ණ පරිගණක ජාලයක් .

මේ ජාල අතර පාවිච්චි වෙන සන්නිවේදන මාධ්‍යය wired නෑත්තම් wireless වෙන්නත් පුලුවන්.ඔන්න තේරුන්ගන්න ලේසි වෙන්න මම උදාහරනයක් දෙන්නම්කො.
wired වලට උදාහරණ විදියට Copper wire,Fiber optics වගේ ඒවා ගන්න පුලුවන්.
මේ තියෙන්නෙ Fiber optics

wireless  වලට උදාහරන විදියට Infrared, Bluetooth,වගේම Commiunication Satalites ගන්න පුලුවන්.මේ කිව්වෙ උදාහරන කීපයක් හරිද.තව ගොඩක් විදි තියෙන්න පුලුවන්.

 මෙන්න මේ විදියට  ගොඩක් Devices කනෙක්ට් කරන්න පුලුවන් wireless ව.මෙතනදි ඔයාලට තේරෙනවා ඈති පරිගණකයක් එක්ක වෙන Device එකක් වුනත් මේ විදියට wired හෝ wireless විදියට ජාලගත වෙන්න පුලුවන් විත්තිය.

දෑන් ඔයාල දෑන ගන්න ඈතිනෙ සරලවම පරිගණක ජාලයක් කියන්නෙ මොකද්ද කියලා.(මම් එහෙම හිතනවා ඔන්න හරිද?
)ලංකාවෙ වගේම ලෝකෙ පුරාම මේ විදියට පරිගනක ජාල අතර සන්නිවේදනයක්‍ සිදුවෙනවනෙ.මේව ඉතින් ආවගියාට කරන්න බෑනෙ,ඒ නිසාම මේව සම්බන්දයෙන් ප්‍රමිතියකුත් තියනවා.ලංකාවෙ මෙන්න මේ සන්නිවේදන සේවා සෑපයුම් සදහා වගකීමෙ ප්‍රධානත්වය දරන්නෙ SLT ආයතනය.

ඒවගේම ලෝකෙ රටවල් අතරෙ මේ විදියට ප්‍රමිතිකරනය පවත්වාගන්නෙ මූලික වශයෙන් ITU හෙවත්International Telecommunication Union එක මගින්.

අදට ඔය ඈති ,වෙන දවසක මම තව තොරතුරු ටිකක් කියන්නම්කො.


3 ප්‍රතිචාර:

  • චතුවා says:
    December 25, 2010 at 4:35 PM

    නියමයි නියමයි! මමත් කැමති අංශයක් පරිගණක ජාලකරණය.. ලියන්න දිගටම ඕං

  • චේ උන්නැහේ... says:
    December 25, 2010 at 4:38 PM

    නියමයි සහෝදරී... ප්‍රයෝජනවත් වගෙම කාලීන මාතෘකාවක්.... දිගටම ලියන්න..

  • ``` Outsider``` says:
    December 26, 2010 at 10:06 AM

    ඇත්තටම හොඳයි..
    wireless ජාලකරණය කරන හැටිත් ටිකක් පැහැදිලි වෙන විදියට ලිපියක් ලියන්න.

Post a Comment