අක්ෂර....

Sunday, December 19, 2010

නිමක් නැති සිතුම් ගලපන අක්ෂරයට සයිබරයේ ඉඩක් ලබාදෙන්න කාලයක ඉදන් අදහස තිබුණත් විවිධ හේතු නිසා ඒ දේට හැකියාව ලැබුණේ නෑ.ඒ වගේම මේ බ්ලොග් අඩවිය තනි කෙනෙකුගේ අඩවියක් ලෙස නොව බ්ලොග්කරුවන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් නිර්මාණය කරන්න නදී අක්කත් මමත් මුල ඉදලාම අදහස් කරගෙන හිටියා. ඉතින් ඒ සඳහා රචකයන් එකතු කරගෙන අවසානයේ 2010 දෙසැම්බර් මස 19 වන දිනයේ පටන් "අක්ෂරය" මේ විදියට අක්ෂරගත වන වගයි....

මෙම බ්ලොග් අඩවියේ රචකයන් විදියට මම(ළමයා), නදී, සුදු හංසි, පොඩි මහත්තයා මේ වෙනකොටත් එකතු වෙලා තියෙනවා.ඒ වගේම තවත් සිංහල බ්ලොග්කරුවන් කිහිපදෙනෙක්ම එකතු කරගන්න අපි අදහස් කරගෙන ඉන්නවා.ඒ අයත් නුදුරේදීම "අක්ෂරය"සමග අත්වැල් බැඳගනීවි කියලා අපි බලාපොරොත්තුවෙනුයි ඉන්නේ.

අක්ෂර සමග එකතු වෙලා ඉන්න,ඒ වගේම එකතු කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ විවිධ වූ විශයන් ගැන බ්ලොග් සටහන් ලියන, එම විශයන් ගැන හෙඳ හැකියාවන් වලින් පිරිපුන් පිරිසක්. එම නිසා අක්ෂරය නම් වූ මෙම බ්ලොග් අඩවිය විවිධ වූ ක්ෂේත්‍රයන් හරහා දිවෙන විවිධත්වයකින් යුක්ත වූ බ්ලොග් සටහනක් වන බවනම් නොඅනුමානයි.

ඉතින් දැනුමින් විනෝදයෙන් පරිපූර්ණව අදින් ඇරඹෙන "අක්ෂර" බ්ලොග් සටහනත් සමග ඔබ සියලූම දෙනා ඉදිරියේදීත් රැදිලා ඉදීවි අපි බලාපොරොත්තු වෙනවා.

9 ප්‍රතිචාර:

  • ගොළු හදවත says:
    December 19, 2010 at 9:56 PM

    එළ
    කරගෙන යන්නකෝ

  • සලසි says:
    December 19, 2010 at 11:36 PM

    karagena yanna, uduwak onanam karannam hadawathinma.......

  • Dhananjaya says:
    December 20, 2010 at 9:12 AM

    ela ela aiya !

  • ඔයයිමමයි says:
    December 20, 2010 at 10:48 AM

    හද පත්ලෙන්ම නැගෙන සුභ පැතුම්.........

  • චතුවා says:
    December 20, 2010 at 11:39 AM

    ගොළු හදවත.. බොහෝම ස්තූතියි.. අක්ෂරයට ලැබුණ පළමු ප්‍රතිචාරය.

    ....................................................

    සලසි.. ඔයාටත් ගොඩක් ස්තූතියි.. උදව් කිරීමට ඉදිරිපත් වීම වෙනුවෙනුත්, ප්‍රතිචාරය වෙනුවෙනුත්.. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්නකෝ..

    ....................................................

    ධනංජය මල්ලී.. ස්තූතියි ඔයාටත්

    ....................................................

    හම්තුම් සහෝ... බොහෝම ස්තූතියි....

  • Hasitha Gunasinghe says:
    December 20, 2010 at 6:32 PM

    සුභ පැතුම්.................

  • Anonymous says:
    December 20, 2010 at 7:47 PM

    හෑමදාම හෑම තෑනම දකින්න ලෑබෙන ආදරේ දුක් කඳුලු වෙනුවට ආව අලුත් අදහසක් හරිම වටිනා කියන එකක් .. උණුසුම් සුභ පෑතුම් ඔයාල හෑමෝටම
    ............ දහම් ............

  • චතුවා says:
    December 22, 2010 at 10:30 PM

    ගොඩක් ස්තූතියි හසිත සහෝ...

    ....................................................

    බොහොම ස්තූතියි දහම් සහෝ.. දිගට අපිත් එක්ක රැදිලා ඉන්න..

  • Red Riding Hood says:
    November 11, 2011 at 9:01 PM

    niyama wedak... dan eka year ekakma ewara wenna lan wena kota thama mage asa getune.
    eth sathutui meka ahamben unath asa getuna eka gena

Post a Comment