අක්ෂර අපේ මෙහෙවර ඉදිරියට ඔබ සමග..

Thursday, December 13, 2012

සෑහෙන කාලෙකට පස්සේ අක්ෂර බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියන්නේ.. බ්ලොග් එක ලියන එක නතර වුනාට අක්ෂරයේ අපි තාමත් ඉස්සර වගේම හොඳම යාලුවෝ විදියට ඉන්නවා. අන්න ඒක නිසා අපි තීරණය කළා 2012 ජනවාරි මාසෙදී අපි කලා වගේ පිනක් 2013 මුලදිත් කරන්න. ඉතින් ඇත්තම කියනවා නම් මේ පෝස්ට් එක අපේ බ්ලොග් රචකයන්ට/ පාඨකයන්ට දැනුම්දීමක් කරන්න/ ඉල්ලීමක් කරන්න ලියන බ්ලොග් පෝස්ට් එකක්..

අක්ෂර අපි 2012 ජනවාරි මාසේ අට වෙනිදා පුංචි සිත් වලට සතුටක් දෙන්න බොරැල්ල ජයන්ති ළමා නිවාසයට ගියපු ගමන ගැන අපි කලින් කිව්වානේ.. ඒ ගැන නොදන්න අය "අක්ෂර අපේ මෙහෙවර" පෝස්ට් එක කියවලාම බලන්න..



ඉතින් අපි ඒ ආරම්භ කරපු මෙහෙවර 2013 වසරේදිත් (ජනවාරි හෝ පෙබරවාරි) කරන්නයි අපේ මේ සූදානම.. මුලින්ම අපි සැළසුම් කලේ මේ අවුරුද්දේදී කලා වගේ අක්ෂරයේ අපි විතරක් එකතු වෙලා මේ කටයුත්ත කරන්න. ඒත් පස්සේ තීරණය කළා මේ කටයුත්තට සහභාගී වෙන්න කැමති බ්ලොග් රචකයෝ/ පාඨකයෝ ඉන්නවානම් ඒ අයවත් අපිත් එක්ක එකතු කරගන්න.

මුලින්ම අපි උදව්වක් බලාපොරොත්තු වෙනවා.. ඔබ දන්න ළමා නිවාසයක්/ වැඩිහිටි නිවාසයක් හෝ අපෙන් උපකාරයක් අවැසි අපිට උපකාර කළ හැකි වෙනත් ආයතයක් ගැන හෝ උපකාරයක් අවැසි කෙනෙක් ගැන තොරතුරක් දන්නවානම් අපිට දන්වන්න. කොළඹ හෝ අවට ආයතනයක් නම් ඉතින් අපි කාටත් ලේසියි.. එතකොට අපිට පුලුවන් හැමෝගෙම අදහස් විමසලා සුදුසු ස්ථානයක් තෝරගන්න අපේ මේ කටයුත්ත කරන්න.


සුදුසු තැනක් තෝරාගත්තට පස්සේ අපිට පුලුවන් වෙයි අපි ඒ ආයතනයට හෝ අපෙන් උපකාර ලබාගන්න කෙනාට ඒ උපකාර කරන්නේ කොහොමද කියලා තීරණය කරන්න. දිනයක් ස්ථානයකුත් ඒ සමඟම තීරණය කරමු.


ඉතින් මේ අක්ෂර අපි ආරම්භ කළ මෙහෙවර ජනසතු කරමින් ඉදිරියටම කරගෙන යන්න පූර්විකාවක්.. වැඩි විස්තර ඉදිරියේදී..

ප.ලි :- 2013දී කරන්න යන මේ කටයුත්තේදී අක්ෂරයේ අය වගේම ඉන් පිටත අයත් සහභාගී වේවි කියලා බලාපොරොත්තු වෙන නිසා මේ වෙනුවෙන් බ්ලොග් එකක් නිර්මාණය කළා. අපේ මේ මෙහෙවර ගැන සියලු තොරතුරු එකම තැනකින් බලාගන්න "මෙහෙවර.." බ්ලොග් එකට පිවිසෙන්න.

වැඩිවිස්තර හෝ අපිව සම්බන්ධ කරගන්න chaturanga87@gmail වෙත ඊමේල් එකක් දාන්න.

5 ප්‍රතිචාර:

  • සංකල්ප says:
    December 13, 2012 at 4:47 PM

    පෙබරවාරියේ නම් සම්බන්ධ වෙන්න පුලුවන්. ජනවාරි වල යොදාගත්තු ලොකු වැඩක් තියෙනවා. කොයිකටත් මම මේල් එකක් දාන්නම්.

  • samakayawate says:
    December 13, 2012 at 5:24 PM

    අපේ සුබ පැතුම්....

  • Yasith Gamage says:
    December 13, 2012 at 6:23 PM

    මෙහෙම දෙයක් කරන එක ගැන ඇත්තටම සතුටුයි.. අපිටත් කරන්න පුළුවන් උදව්වක් තියෙනව නම් අනිවා කරන්නම් ...

  • Shammi says:
    December 13, 2012 at 9:01 PM

    මගෙනුත් සුබ පැත්ම්, ඒ වගේම ස්තූතියි අපිටත් සහභාගීවෙන්න අවස්ථාව ලබාදුන්නු එකට... පුළුවන් විදියකට අපිත් උදව් කරන්නම්..
    ජය!!

Post a Comment