Showing posts with label දුක් කදුලැලි. Show all posts
Showing posts with label දුක් කදුලැලි. Show all posts

Monday, October 17, 2011

ටයි මාමත් අපි හැරදා ගිය වගයි!!!

8 ප්‍රතිචාර | Read more...
මීට පෙර මා විසින්ම පලකරන්නට යෙදුනේද මරණදැන්වීමක් ගැන පුවතකි. මෙවරද එය එසේමය. මෙය ශෝකානුකූල කාල පරිච්ඡේදයක්දැයි විටෙක සිතට දැනේ. අද්විතීය කෘතහස්ත පුද්ගලයින් කිහිප දෙනෙකුම කෙටිකාලයක් තුල අපෙන් සමුගෙන හමාරය.






ඉහත ඡායාරූපය අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. කුඩාකල අපි ආසාවෙන් බැලූ කාටූන් වල මෙන්ම රොබින් හුඩ් වැනි සුරු විරු කතාන්තර වල අවසානයේ රූප පෙට්ටියේ දිස්වන රුව එයයි. එකල පටන් අප ඔහු හැදින ගන්නෙ ටයි මාමා නැතිනම් ටයිටස් තොටවත්තයන් ලෙසිනි.


ටයිටස් තොටවත්ත නම් සොඳුරු මිනිසා අපේ මනසට එසේ ආමන්ත්‍රණය කොට ඇත. ඒ පිළිඹද අටුවා ටීකා ටිප්පනි අවැසි නොවේ. ලොකු කුඩා බාල මහලු ඕනැම කෙනෙක් එක සේ ටයි මාමාට ආදරේ කරන්නෙ ඒ සොඳුරු මිනිසාගේ සුන්දර ළමා නිර්මාණ මනැසේ රැව්දෙන නිසාමය.




එතුමන් දස්කම් දැක්වූයේ ක්ෂේක්ස්ත්‍රයකට දෙකකට නොවේ බොහෝමයකටය. කැමරාකරණය, සංස්කරණය, අධ්‍යක්ෂණය, රසායනාගාර කටහඬ, හඬකැවීම් ශිල්පයන්ගේ ඔහු දැක්වූ දස්කම් අපි සියැසින් විඳ ගත්තෙමු. ලංකාවේ කාටුන් කලාවේ පුරෝගාමී මෙහෙවරක් ඔහු විසින් ඉටු කලේය. අප කාගේත් සිත් බැඳගත් දොස්තර හොඳ හිත, පිස්සු පූසා, හා හා හරි හාවා වැනි නිර්මාණ මෙන්ම රොබින් හුඩ්, ඔෂීන්, මල්ගුඩි දවස ඇතුළු ටෙලි නාට්‍ය, කාටූනන් සිංහල හඬ කවා මෙන්ම උපසිරැසි සමගින් අපේ හදවත් ලඟට ගෙනාවේ ඔහු විසිනි.


අද ටයි මාමා අපෙන් සමුගෙනය. එතුමන් ගේ නම සදා අප සිත් සතන්තුල රැඳේවි


ටයි මාමේ ඔබට නිවන්සුව!!!

Sunday, May 22, 2011

සංදිස්ථානය

8 ප්‍රතිචාර | Read more...

ඇත යාමට මං දෙකක්
තෝරා ගැන්මට ඇත්තේ එක මගක්
නැත නැවතත් හැරි බැල්මක්
ගියොතින් දිගටම යා යුතු මගක්

එක් මගක් සතුට පිරි මගක්
යනෙකාට වාසනාව ගෙන දෙන මගක්
අනෙක සතුට කොටුකළ මගක්
එහි ඇත්තේ නීති වලින් බැදි ලෝගුවක්

අකැමැති වුවත් යාමට ඇත්තෙ කටුක මගේ
එය නම් ඉවසන්නට සිත ඉඩ නොදෙයි අනේ
කුමක් කරන්නද කියා සිතාගත නොහැකි තැනේ
බාර ගන්නෙමි එම කටුක මග සතුටිනෙ

මම දුක්, සිතිං වින්දත් තව කෙනෙකු සතුටු වෙනා
මම එය දැක හොර රහසේ සතුටු උනා
ඇය සතුටෙන්නම් මට ඒ ඇති කියලා සිතුනා
සදහටම මෙය මාගේ දුක්බර ඉරණම වූවා