You are here: Home » දුක් කදුලැලි » සංදිස්ථානය
Sunday, May 22, 2011
ඇත යාමට මං දෙකක්
තෝරා ගැන්මට ඇත්තේ එක මගක්
නැත නැවතත් හැරි බැල්මක්
ගියොතින් දිගටම යා යුතු මගක්
එක් මගක් සතුට පිරි මගක්
යනෙකාට වාසනාව ගෙන දෙන මගක්
අනෙක සතුට කොටුකළ මගක්
එහි ඇත්තේ නීති වලින් බැදි ලෝගුවක්
අකැමැති වුවත් යාමට ඇත්තෙ කටුක මගේ
එය නම් ඉවසන්නට සිත ඉඩ නොදෙයි අනේ
කුමක් කරන්නද කියා සිතාගත නොහැකි තැනේ
බාර ගන්නෙමි එම කටුක මග සතුටිනෙ
මම දුක්, සිතිං වින්දත් තව කෙනෙකු සතුටු වෙනා
මම එය දැක හොර රහසේ සතුටු උනා
ඇය සතුටෙන්නම් මට ඒ ඇති කියලා සිතුනා
සදහටම මෙය මාගේ දුක්බර ඉරණම වූවා
Related Posts
Subscribe to:
Post Comments (Atom)
මම හැම මංසන්ධියකින්ම තෝරගත්තෙ අපහසුම අමාරුම මග වුනාට ඔය තාම සතුටිං යන්නෙ... උඹත් එහෙම කරහං :P
කටුක මාවතක යන්න වුනාට, කවදා හරි මල් මාවතක් හමුවෙයි.කටු කාපු තරමට තමා පසුවට සැප කියනවනෙ.
ඇත්ත.... පොඩ්ඩක් කටු ගොඩෙත් ගියාම අර මල් තියෙන මාවත ගෙමක් නෙමේ.... :)
@පොඩ්ඩා/N.A- ඒ පාරෙ හැමදාමත් කටු විතරක් තියෙන බව හොදාකාරව දන්නවනම්....
@නිම්ශා- නැත නැවතත් හැරි බැල්මක්
ගියොතින් දිගටම යා යුතු මගක්
එක මාවතයි තෝර ගන්න තියෙන්නෙ. :-\
ඒත් පලයන්. මම නම් කියන්නේ. මොකද ඔය හංදියේදි අනිත් පාර ලස්සනට පෙනුනට ටික දුරක් යද්දි යාගන්නම බැරිවෙයි..
අනිත තමුන් තෝරගත්තු පාරට ගරහන එකේ තේරුමක් නෑ. තෝරගත්තෙ තමුන්ට හොඳ නසිනෙ එහෙනං ඒකදිගේ කොහොම හරි යන එකයි හොදම දේ. මං නම් ආපසු හැරුන අවස්ථාවක් නෑ. රට්ටු කොච්චර කිව්වත් ඔය පාර අමාරුයි උඹ විහිං නහිනවා කියල මං තෝරගත්තු පාර මට අගෙයි මං ඒ පාරෙමයි යන්නෙ. සමහර විට මං වැරදි ඇති. ඒ නිසා උඹෙ තීරණය උඹම හිතල මතල ගන්න ඕන.
දුක් විදපු තරමට තමයි සැප ලැබෙන්නේ සීතල අයියේ. ඒ නීසා ටිකක් දුක් විදින්නට උනාට මක් වෙනවැයි ????
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ .........
සිනහි නැගෙයි ... කඳුල නැගෙයි ....
එයයි ජීවිතේ ........
ලස්සන අදහසක් ......
@මදුරංග- හ්ම් හ්ම්...
@කල්හාර- ඒකනම් ඇත්ත තමයි..
ඔක්කෝටම බොහොමත්ම ස්තූතියි!!