ඔබට සුබ ගමන් මිත්‍රයා..!

Thursday, May 19, 2011

අපි හැමෝම මහන්සි වුනා.. ගොඩාක්.. එක කොල්ලෙක් වෙනුවෙන්.. අපේ සහෝදරයෙක් වෙනුවෙන්.. ඒ අපේ සිංහල බ්ලොග් අවකාශයේ ඉලංදාරියා වෙනුවෙන්.. හැමෝම එකමුතු වුනා.. දිලුම්ට මේ ලෝකේ අහන්න ලබා දෙන්න උදවු නොවුන කෙනෙක් මේ බ්ලොග් අවකාශයේ ඉන්නවානම්, පුදුමයක්..!! ඒත්.....




ඒත් අද මට නම් දැනෙන්නේ ඒ අපේ සියලු උත්සාහයන් වතුරේ ගහගෙන ගියා වගේ. ඒ ඊයේ රෑ හදිසියේම අහන්න ලැබුණු ආරංචියක් නිසා.. කොච්චර  හිත කිවුවත් ඔය කතාව විශ්වාස කරන්න එපා කියලා.. අන්තිමට මට ඒ කතාව විශ්වාස කරන්නම වුනා. ඉලංදාරියා අපෙන් සමු අරගෙන.. සදහටම..! හැබැයි, මතක තියාගන්න.. ඒ ගතින් විතරයි.. කවදාවත් නොමැකෙන සටහන් රැසක් හදවතේ ඉතුරු කරලා. අපි දුක් වෙනවා. ගොඩාක්. ඒ මතකයන් තියෙනකම් අපි රිදේවි.. කවදාවත්ම අපේ හිතින් නොමැකේවි.. ඉලංදාරියාගේ ලෙංගතුකම, ඉවරයක් නැතිව කියවපු කතා.. හැමදෙයක්ම හැම මතකයක්ම අපේ හිත් වල තියේවි.. 


උඹට ආයෙත් අපි අතරේම ඉපදෙන්න කියන්න තරම් ආත්මාර්ථකාමී නෑ අපි.. අපි ප්‍රාර්ථනා කරන්නේ සියලු පිං බලයෙන් උඹට නිවන්සුව ලැබේවා..!!




දයාබර සොයුරාණනි... ඔබට නිවන්සුව....!!

2 ප්‍රතිචාර:

  • නදී says:
    May 19, 2011 at 5:38 PM

    දිලුම් මල්ලී, ඔබට නිවන් සුව! ජාති ජාතිවත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!

  • වැට නොබැදි සිත says:
    May 19, 2011 at 6:33 PM

    අදහාගන්න බෑ එක පාරටම මේ කතාව
    ම්....
    මොනවා කියන්නද හිතාගන්න බෑ
    මොනවා උනත් ඇත්ත නිතරම අපිට කියන්නේ තිත්ත දේවල්ම තමයි
    දුකයි ගොඩක්
    ප්‍රාර්ථනා කරනවා "නිවන් සුව ලැබේවා" කියලා

Post a Comment