මාගේ අවසානය......

Thursday, May 26, 2011


ඔබට මා තනිකර
යාමට සදහට...
හැකි වුනේ කෙලසද
කියන්න මගෙ
සුසුම් පොද.......

යාලුවෙක් සේ එකට හිද

කිසිදා නොයනවයි කී නුඹ
අද මා අතහැර
සදහටම ගොස් ඇත..

ඔබ නොමැති මේ ගතට

ලෝදිය දැමුවත්
දැනෙන්නේම නැත
කිමදයත් මම දැන් මළ මිනියකි.

8 ප්‍රතිචාර:

  • රත්ගමයා says:
    May 26, 2011 at 2:47 PM

    මම කිව්වා සහෝදර ප්‍රේමය විතරක් තියාගනින් කියලා.....අහන්නේ නෑ නේ බොලා

  • Bunny says:
    May 26, 2011 at 3:16 PM

    හාහා උදේ පාංදරම කොල්ලා මගේ ලණුව කැවා නෙ ? :D :D

  • පන්සල් හංදිය says:
    May 26, 2011 at 3:49 PM

    මොකද කේස් එක ඇත්තටම අවුලක්ද .....

    කොහොම උනත් එලටම පද බැඳලා තියනවා .......

  • චතුවා says:
    May 26, 2011 at 6:20 PM

    හරි.. සීතලයාට හරි....!!!

  • Prabhath says:
    May 26, 2011 at 6:47 PM

    හිහ්...සීතලයට ඊයෙ සීතල වැඩිවුනා අද මොනා වෙලයි මේ අඬන්නෙ??

  • සීතල අයියා says:
    May 26, 2011 at 8:21 PM

    @රතා- මොකක් ගැනද බං ඔය කියන්නෙ?

    @හාවා- උඹ හව් වෙයංකො මට.ලෑස්ති වෙලා ඉදපං.

    @කල්හාර- නෑ හලෝ.මේ වල් උගුඩුවෙක් උදේ පාන්දරම දුන්නනෙ ලණුවක්.ඒක ලණුවකුත් නෙමෙයි.කඹයක්.ඕකට මමත් දෙන්නම්කො හොද රබර් කඹයක් ඇද ඇද ඉන්න.

    @ළමයා/ පොඩ්ඩා- උඹලා ඉන්නෙම මට වල කැපෙනකං නේද?ඔටු රැල.

  • සංකල්ප says:
    May 26, 2011 at 9:29 PM

    අඩේ සීතලයා හරියට ජපානේ කාලගුණය වගේ නේ. මේ හිටියා මේ වෙනස් උනා. උදේ යස අගේට පෝස්ට් එකක්දාලා කමෙන්ට් කරපු එකා දැන් මේ මරෙන්න වැටිලා නේ. මොකෝ උනේ සීතල අයියේ ???

    මොනවා උනත් කොහොම කලත් ලස්සනට පද ගලපලා ලියලා තියෙනවා.

  • සීතල අයියා says:
    May 27, 2011 at 1:00 PM

    @මධුරංග නෑ හලෝ.මේ පිස්සු හාවෙක් දුන්නනෙ හොද ලණුවක් උදේ පාන්දරම දවසම මස්ත බාල්දු වෙන.

Post a Comment