
නව මසක් කුස තුල හොවා ගෙන
කවා පොවා ඇති දැඩිකල
මා ලෙඩ වූ විට මා අසලම උන්
මගෙ ආදර අම්මා...
පයට වාරු නැතිව
වැටි වැටි ඇවිදින විට
පිළිසරණක් වූ
මගෙ ආදර අම්මා....
දුක්කම්කටොලු මැද
කටු පිරිච්ච මාවතේ
මට රෝස මල් පෙන්නූ
මගෙ ආදර අම්මා...
පාන්දරම අවදිව
කුකුලා අතිං ගෙන පන්ති යන
මා හට කෑම කවපු
මගේ ආදර අම්මා..
ඔබ ලෙඩ වූ විට
මට ලගින් හිදින්නට
ඔබට වාරු නැති වූ විට
මට සැරයටියක් වන්නට
මට බැරි වෙයි
මගෙ ආදර අම්මේ...
මා හොද රැකියාවක්කර
හොද පඩියක් ගෙන
ඔබෙ අතට දෙන්නට
උන් සිහිනය
සිහිනයක්ම වෙයි
මගෙ ආදර අම්මේ...
ඈත ක්ෂිතිජයේ දිලෙනා
බහින හිරු සේ වත්
අපට ආලෝකය දීමට
ඔබට තව ඇත්තේ
දෑ අවුරුද්දක් පමණක් බව
දැනගත්විට
මා කෙසේ නම් දරාගන්නද
මගෙ ආදර සුදු අම්මේ..........................
This comment has been removed by the author.
වැඩිය හිතන්න එපා,අම්මට ඉක්මනට සනීප වෙයි!...
මොනවා කියන්නද කියලා මට හිතාගන්න බැ සහෝදරයා....... අම්මා ඉක්මනට සනීප වෙයි...... මම ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා......
මම හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කියලා විතරක් කියන්නම් සීතලේ..
අයේෂ්.... අම්මට ඉක්මන් සුවය පතමු අපි... හිතට වදිනව බං.... ආම්මගේ ආදරේට සමකළ හැකි කිසිත් ලොව නෑ.....
නිරෝගී සුව පතනවා අම්මට ......... ලස්සනට ලියලා තියනවා .....
Duo wenna epa machan oyage ammata ikmanatama saneepa wewi.