මංගල දැන්වීමයි....(By චේ උන්නැහේ)

Sunday, May 29, 2011


හම්තුමා ලගදි ගත් ජායාරූපයක්
                                                           
              අපේ අක්ශර සෙට් එකේ ලොකු අයියා වන හම්තුම් හෙවත්     නාකි මනමාලයා සොයුරාගේ නිසි කල වයස ඉක්ම යමින් තිබෙන නිසා ඔහුට ගැලපෙන යුවතියක් සොයාදීමට අක්ශරයේ අපි තීරණය කලෙමු.

                 සත්ගුණවත් මහා දානපති හම්තුම් සහෝදරයා කොටමොඩ්ල් ලග පිකප් ආකාරයේ පුද්ගලයෙක් වන අතර , සිරුරේ හැඩයෙන් තාර පීප්පයකට හෝ වයින් බැරලයකට සමාන වේ. රා කලයක් වන් බඩ ගෙඩියෙන් ඔහුගේ ආහාර ගැනිමට ඇති රුචිකත්වය මනාකොට හෙලිකරයි. වලසෙකුගේ ආකාරයෙන් සිරුර පුරා රෝම විසිරී ඇත. මොහුගේ කේශ කල්‍යාණය යුවතියකගේ මෙන සාරවත්ව වැඩී ඇත්තේ නිසිලෙස සාත්තු නොකල වී වගාවක් සිහිගන්වමිනි. පැහැපත් ජවි කල්‍යාණයකින් යුක්ත වූ සම පාණ්ඩු රෝගියෙකුගේ සමට උපමා කල හැක. අහිංසක පෙනුමැති ඇස් දෙකෙන් කුප්පකම් උතුරා ගලායයි.

   හම්තුම්ගේ චරිත ලක්ශණ ගත්කල කෙටියෙන් අමුම අමු කුප්පයෙක්යැයි කිව හැකිය. සිය අහිංසක පෙනුම උපයෝගී කරගනිමින් කෙල්ලන් රවටා දැලේ දමා ගැනීම මොහුගේ ප්‍රියතම විනෝදාංශය බවට පත්ව ඇත. චිලිපේස්ට් හා මාගරින් සමග පාන් ආහාරයට දැඩි රුචිකත්වයක් දක්වන මොහු ඒවා ඇතිවිට පාන් රාත්තල් තුනකින් මෙහා නොනවතී. වැරදීමකින්වත් මත්පැන් කටේවත් නොතබයි. කොමාර්ශල් බැංකුවේ පියුන් උන්නැහේ ලෙස රැකියාව කරන මොහු ගොඩ මඩ ඉඩම් හිමි ධනවත් (නාකි) කොල්ලෙකි.

          ඉතින් මේ කල වයස ඉක්මවමින් පවතින නූගත් රූමත් සොයුරාට, විනීත, සුකුමාල , සුලලිත, සුරම්‍ය, ප්‍රේමයෙන් මනරංජිත, අහිංසක, කුප්ප නොවන කෙලිපොඩ්ඩියක් ( ආච්චියෙක් වුවද කම් නැත ) අක්ශරවාසීන් සොයයි. කුල මල භේද නොසැලකේ. දරුවන් සිටියද කම් නැත. වරදට සමාව දේ, දැවැදි අත්‍යවශ්‍ය වේ. මුල්ම ඉල්ලුමට සැනින් ප්‍රතිඵල.

අදම අයදුම් කරන්න....             
                                   චේ මලයා.,
                                   ඇඩ්මින් බාරේ,
                                   අක්ශර,
                                   මුහුණු පොත.

 අවවාදයයි. :  හම්තුම් අයියා කුප්පයා බැවින් නංගිලා සිටින අක්කලා නොවිමසන්න.

ප.ලි.
     මේක මම මුහුණුපොතේ නෝට් එකක් විදිහට දාලා ටිකක් කල්. හැබැයි තවම හම්තුමා තනිකඩයා... ඒ නිසා අපි හිතුවා ආයෙත් පාරක් පොඩි පබ්ලිසිටියක් දීලා ට්‍රයි කොරන්ට. ඔන්න කස්ටිය මේ නාකි මනමාලයට කෙල්ලෙක් හොයලා දෙන්ට බලන්ට හොදේ.... පිනකුයි පවකුයි දෙකම එකපාර ලැබෙනවා..... පින මූට කෙල්ලෙක් හොයලා දෙන එක ගැන, පව අහිංසක කෙල්ලෙක්ගේ අනාගතේ කාලා දාන එක. 
එහෙනම් අපේ හම්තුමාට සුබ සිරි මංගලම් කිව්වා...............

12 ප්‍රතිචාර:

  • නදී says:
    May 29, 2011 at 10:21 PM

    හිකිz බිකිz හම්තුම් අය්යා සුබ මංගලම්!

  • Bunny says:
    May 29, 2011 at 10:21 PM

    හම්තුවාගේ උස කොච්චරද ?

    මේ චේතනයෝ
    "වලසෙකුගේ ආකාරයෙන් සිරුර පුරා රෝම විසිරී ඇත. "
    උබ බැලුවයි ඇත්තටම ? :D :D :D

  • සංකල්ප says:
    May 29, 2011 at 10:33 PM

    හම් තුම් අයියව බාබකිව් කරලා. ඇත්තටම හම්තුම් අයියට කෙල්ලෙක් ඉදලම නැද්ද මෙච්චර කල් හිටියේ බදින්න ???

    ඒකත් ජය සිරි මංගලම් කියලා කිව්වලු.

  • Maleth Kushan says:
    May 29, 2011 at 11:29 PM

    "මංගලම් ජය මංගලම්
    වේවා සිරි සුභ මංගලම්"

    කෙල්ලට නම් නෙවේ

  • දිල් says:
    May 30, 2011 at 6:45 AM

    පෙනුමෙන් නම් වල පය විතරයි වගේ..... තව නොබෝ දිනකින්ම.........වල කජ්ජ ගහයි වගේ....

  • jhothishalanka says:
    May 30, 2011 at 9:21 AM

    හැබෑට ඇඟපුරා රෝම තියෙනවැයි කියලා ඔයා දැක්කද?හම්තුමා වයසට ගියත් තරුණ පාටයිනේ.හිනාව දාලා ඉන්න අපූරුව.

  • Anonymous says:
    May 30, 2011 at 12:18 PM

    මනමාලි මෙතනම කමෙන්ට් කරලා තියෙන්නේ ඔය........... ♥♥

  • චතුවා(ළමයා) says:
    May 30, 2011 at 2:35 PM

    මේකා කොමාෂල් බැංකුවේ වැඩ කරන්නේ කියන්නේ බොරුවට.. මූ ඇත්තටම බස් කොන්දොස්තර කෙනෙක්.. වැඩි විස්තර සඳහා අක්ෂර ගෲප් එක අමතන්න චේ අයියා.. :)) :)) :))

  • Gizaa says:
    May 30, 2011 at 2:41 PM

    සතුටුයි වයසක අයත් සිංහල බ්ලොග් ලියනව අහන්න.

  • සීතල අයියා says:
    May 30, 2011 at 7:30 PM

    හම්තුමාට වැඩෙ හරි වගේ.දැන් වත් හිගන්නියක්වත් බැදගනිං මේ වගේ දේවල් අහගන්නෙ නැතුව.අයියෝ අම්මපා මේවත් ඇහුවනෙ..

    @ චේ- හැබෑටම උඹ කොහොමද දන්නෙ උගේ ඇගේ ගොඩක් රෝම තියෙනවයි කියලා? ලොකු පුරස්නයක් ඒක. %-)

  • Kavindya says:
    June 4, 2011 at 1:25 PM

    හික් හික්.. හම්තුමා තාමත් තණිකඩදැ...

  • පන්සල් හංදිය says:
    June 6, 2011 at 1:47 PM

    ලංකාවෙන් නම් හොයන්න වෙන එකක් නැහැ ඔය ජාතියෙ එකක් .....

Post a Comment