ඇයි මේ?

Wednesday, May 25, 2011



මම අද කියන්න යන්නෙ ගෑණුන්ට තරහ යන විදියෙ කතාවක්.sorry වෙන්න ඕන.ඒ උනාට මේක ඇත්තම කතාවක්.ඒක නිසා කරන්න දේකුත් නෑ.මේ කථාවෙ කොනක්නම් අක්ෂේරේ group එකේ දැම්මා.කට්ටියට කථාච තේරුනේ නෑ.හරි මම කතාව කියන්නම්කො.මෙන්න මේකයි කතාව.

මම මෙ ලගදි ගියා යාලුවෙක් එක්ක කොන්ඩෙ කපන සැලූන් එකකට.මගේ කොන්ඩෙ කපන්න නෙමෙයි.උගේ කොන්ඩෙ කපන්න කියලා.දැන් අහන්න එපා ඇයි මම ගියේ ලියලා.මම ගියේ ඌට මම කොන්ඩෙ කපන තැන පෙන්නන්න.නැතුව තනියට නෙමෙයි.ඔය මම කියන සැලුන් එක තියෙන්නෙ උඩ තට්ටුවක.අපි දෙන්නා ගියෙ මගේ බයික් එකේ.මම බයික් එක ලොක් කරනකොට couple එකක් පඩි පෙළ නගිනවා.පඩි පෙළට යන්න ඉස්සෙල්ලා පොඩි corridor එකකින්
ගිහිං තමයි පඩිපෙළ නගින්න තියෙන්නෙ.මම ඉතිං බයික් එක ලොක් කරලා අපි දෙන්නත් නගින්න ගත්තා පඩිපෙළ.අපි දෙන්නා පඩිපෙළ නගිනකොට ඒගොල්ලො අනිත් පැත්තට තියෙන පඩ්පෙළ නගිනවා(දන්නවානෙ අර දෙකට කඩලා තියෙන පඩ්පෙලවල්).අපිට ඇහෙනවා දෙන්න කතා කරන සද්දෙ.අපෝ ඒ කෙල්ල ගැනනම් කතා කරලා වැඩක් නෑ.ඒ කෙල්ල කොල්ලට අම්බානෙට බනිනවා.මෙන්න මෙහෙමයි බනින්නෙ.

කෙල්ල- මොනාද *** මම ඔයාට හැමදාම කියනවනෙ ඔය කැතට තියෙන
කොන්ඩෙ කපලා මිනිහෙක් වගේ ඉන්න කියලා.අද කපනකං මම බලං ඉන්නවා.

කොල්ලා-ඉතිං මට මෙහෙම ලස්සනයිනෙ.

කෙල්ල-අනේ ඉතිං වෙන නැත්තං.මගේ යාලුවො අහනවා ඔයා යාලු වෙලා ඉන්නෙ රස්තියාදු කොල්ලෙක් එක්කද කියලා.


කොල්ලා- ආ දැන් කව්ද එහෙම කිව්වෙ?

කෙල්ල- ඇයි එයාට ගිහිල්ලා ගහන්නද?

කොල්ලා- නෑ අතගාන්න..
(හිනා වෙමින්)

කෙල්ල- හැමෝම තමයි.කෙනෙක් කියලා නෑ.

කොල්ලා-ඉතිං බබා මට ඕන විදියට style කරන්න බැරිද?

කෙල්ල-එහෙම කරන්න ඕන නම් මොකටද මාත් එක්ක යාලු උනේ.බලන්න ඔයාව මට තැනකට ගෙනියන්න පුලුවන්නද කියලා. ඔයා ඉස්සර කොච්චර ලස්සනද.ඒත් දැන් හරියට වැද්දෙක් වගේ.

කොල්ලා- ආ එහෙමද?එහෙනම් කොල්ලෙක්ව හොයා ගෙන බැද ගන්න එකයි ඇත්තෙ.මේ වැද්දා ගියා....

මිනිහාට තද වෙලා ආයෙත් බිමට බැහැලා යන්න ගියා. කෙල්ලත් පස්සෙන් දුවනවා.මොනා උනත් උගෙ hair style එක ලස්සනයි.මිනිහා කොන්ඩෙ වවලා අර මොකක්ද band එකක් පිටිපස්සට දාලා තිබුනෙ.හරියට අර මේ දවස්වල යන පූජා කතාවෙ ජීවන්තගෙ කොන්ඩෙ වගේ.

අපි ඉතිං කොන්ඩෙ කපන්න ගියා.මගෙ යාලුවා කොන්ඩෙ කපලා ඉවරවෙනකොට අරුං දෙන්නා ආයෙත් ඇවිල්ලා.මම හිතන්නෙ කොන්ඩෙ කපන්නද කොහෙද.අපරාදෙ කොන්ඩෙ.ඇත්තටම ලස්සනයි.දුක තමයි.

මට තියෙන ප්‍රශ්නෙ තමයි "ඇයි මේ විදියට බාහිර පෙනුමට කට්ටිය මෙච්චර ආදරේ කරන්නෙ??????"

22 ප්‍රතිචාර:

  • Unknown says:
    May 25, 2011 at 10:04 PM

    ඕක බං මේ පවතින සමාජයේ වැරැද්ද... දැං පවතින සමාජ සංසකෘතියෙන් මිනිහෙක්ව මනින්නෙ මිනහගෙ බාහිර පෙනුමෙන් මිස අධ්‍යාත්මයෙන් නෙමේයිනෙ... වර්ථමාන කොල්ලො කෙල්ලො ගත්තම ඕක හෙන බරපතල විදියට බලපානවා... ඔය ඕන තරං තියෙන්නෙ උදාහරණ. එකක් කියන්නං. කඩේකට ගිහිං බලපං අපේ මේ ඇගේ උලන්නම කොච්චර ජාති තියෙනවද කියල... මුලු ඇඟම කොටස් වෙලඳපොලක් කරල කොම්පැනි කාරයො... හිහ් හිහ් හිහ්..මෙව්ව දැක්කම හිනායන තැං කියන්නත් ලැජ්ජයි. අපි වගේ සරලව චාමෙට හිටියනං ඔය කිසි පුරස්නයක් නෑ නොවැ.

  • මකුළුවා..... says:
    May 25, 2011 at 10:15 PM

    ගෑණුන්ගේ හැටි බං...

  • සංකල්ප says:
    May 25, 2011 at 10:18 PM

    ඔන්න ඕක තමයි දුක. ඉස්සර මම යාලු වෙලා හිටපු කාලෙත් කෙල්ල කිව්වේ ඕක මයි. මට සංසාරේ එපා උනා.
    මනුස්සයාගේ බාහිර ස්වරූපයෙන් නැතුව ගති ගුණ වලින් මනිනවා නම් කොච්චර ශෝක් ද !!!!!!!

    දැන් නම් මම් නිදහස්. කාගෙන්වත් අහන්න ඕන නෑ කොණ්ඩේ කපන්න. මගේ ඕනවට කොණ්ඩේ කපනවා. එක්කෝ වවනවා.

    ආදර තියෙන්නේ භාහිර ස්වරූපයට නම් වැඩක් නෑ. මෙහෙම දේකුත් තියෙනවා. ඕනම කෙල්ලෙක් ආසයි තමන්ගේ කොල්ලා ලස්සනට ඉන්නවා නම්. ඒ නිසා වෙන්ටෑ ඔය දේවල් කරන්න කියලා කියන්නේ. ඒ උනාට ඒවා ඒ කොල්ලට වදයක් නම්.......

    නියම මාතෘකාවක් තමයි සීතල අයියත් තෝරගෙන තියෙන්නේ. ඔන්න අක්ෂරය කියවන අයවත් මේ දේවල් හිතට ගත්තා නම් හොදා !!!!!

  • Anonymous says:
    May 25, 2011 at 10:36 PM

    ඔය ගෑනුන්ටත් ඕනෙ නැති රෙද්දක් නෑ.

  • දිල් says:
    May 25, 2011 at 10:45 PM

    ගැහැනියක් විදියට මට දැනෙන දේත් මම කියනවට ඔයාල කැමති වේවිද මන්ද ...ඒත් මම දැක්ක ඉහලින් කෙනෙක් අදහස් දක්වලා තියෙනවා " ගෑණූ ඔහොම තමයි " කියලා... ඇත්තටම ඒ කතාව හරිද ?

    මනුස්සයින් උනාම සිතුම් පැතුම් විවිධාකාරව උපදිනවා... ඒක ගැහැනු සහ පිරිමි කොට්ඨාශ දෙකටම ආදාලයි... ගැහැණු උදවිය හිතන විදිය වෙනස් වන බොහෝ දේවල් තියෙනවා. හුඟාක් සමාජයේ ගැවසෙන කෙනෙක් නම් එයා සමාජයේ දකින සහ අත්විදින බොහෝ දේ තුලින් අනිත් අයව ඒ ඒ අයුරින් තේරුම් ගන්නවා...

    එහෙම නැතුව සමාජයෙන් ඈත් උන කෙනෙක් නම් ...එයා සමාජයේ කතා බහ වලට හුඟාක් බය වෙන්න පුළුවන්...

    සමහර ගැහැණු උදවිය තමන්ගේ ආදරවන්තයා හෝ සහකරුවා පැෂන් කරනවට හුඟාක් කැමතියි. ඒත් සමහර අය කැමති නෑ. ඔය අකමැති උදවිය තමන්ගේ ආදරවන්තයාගෙ හෝ සහකරුවාගෙ බාහිර ස්වරූපය ගැන සැළකිලිමත් වෙන්නේ තමාටත් වඩා සමාජයේ කතා බහට බයෙන්...

    මොකද අද සමාජය මිනිස්සුන්ව මනින මිනුම් දණ්ඩ කරගෙන තියෙන්නේ බාහිර ස්වරූපයෙන් නිසා...

    කොණ්ඩය වැව්වොත් ඒ පුද්ගලයා රස්තියාදු කාරයෙක් ගානට ගනන් ගන්න සමාජය පෙළබිලා තියෙනවා.. මම හිතන විදියට හොඳ අවබෝධයක් තියෙන දෙදෙනෙක් අතර නම් කවමදාවත් බාහිර ස්වරූපය නිසා මෙවැනි තත්වයක් ඇති වෙන්නේ නෑ...

    ( මේ මම හිතන විදිය පමණයි....)

  • Bunny says:
    May 25, 2011 at 10:46 PM

    උබ මොකටද අනුන්ගේ කතා අහන් ඉන්නෙ ?

  • Prabhath says:
    May 25, 2011 at 10:52 PM

    @දිල්
    ඔබ සිතූ විදිය නිවැරදියි.. මාත් සමාජයේ ඔය අඩුපාඩුව නං දැං ඕන හැටිය දකිනවා. :)

  • පූසා says:
    May 25, 2011 at 11:03 PM

    මගේ අදහසනම් මේකයි....
    කෙල්ලෙක්ට කොල්ලෙක් ගැන හරි කොල්ලෙක්ට කෙල්ලෙක් ගැන හරි කැමැත්තක් ඇති වෙන්නේ ගොඩක් වෙලාවට ලස්සන නැත්තම් පොහොසත් කම හෝ විශේෂ හැකියා.... වගේ දේවල් නිසයි. ඒ ඇරෙන්න කොච්චර කැත වුනත් කොච්චර දුප්පත් වුනත් කමක් නෑ එයා හරිම හොඳ කෙනෙක් කියලා තව්ංඅ කෙනෙක්ට කැමති වෙන කොල්ලෝ කෙල්ලෝ අද රටේ නැති තරම්. ඉතිං ඒ කැමැත්තක් ඇතිවෙන්න හේතු වුන දේවල් නැති වේගෙන යනකොට කැමැත්තත් අඩු වේගෙන යන එක සාමාන්‍යයයි කියලයි මම නම් හිතන්නේ.
    ඒ නැතත් තම්න්ගේ පෙම්වතා පෙම්වතිය කැමති විදිහට හැඩ ගැහෙන එකෙන්(හොඳ ගති ගුණ ආදිය නැති කරගෙන නෙමෙයි)දෙන්නා අතරේ බැඳිම තවත් වැඩි වෙනවයි කියලයි මමනම් හිතන්නේ.

  • හිස් අහස says:
    May 25, 2011 at 11:11 PM

    සීතල අයියද මල්ලිද කියන්න මම දන්නේ නෑ හැබැයි දොරේ..! උඹ ලියලා තියෙන්නේ මගේ කතාව කියලමයි මට හිතෙන්නේ ...

    මට එවුවා මෙතන කියන්නේ නෑ..අපේ ගමේ කෙල්ලෝ බලන්නේ බාහිර පෙනුමට වඩා අපිට සමාජයේ තියන තැන,සහ අපි වටේ ඉන්න අය.. ඔන්න ඔය දෙක තමා වැඩියෙන්ම බලන්නේ ..

    ලොකු ලොක්කෙග්ගේ නෑයෙක් හරි පුතෙක් හරි උනානම් ..කෙල්ලෝ අල්ල ගන්න හැකියි ගෝනි ගනං

    එල ඈ ..

  • චේ උන්නැහේ... says:
    May 25, 2011 at 11:59 PM

    අහ්.... අපේ නෝනා මහත්තයා මම සැවුල වැව්වම දුම්මල වරම අතට ගන්නවා වගේ කේස් එකක්.... :D හැබැයි මටනම් පෙනෙන්නේ මේක සීතල ලොක්කගේ පෞද්ගලික මෙව්වා එක වගේ. මොකද පහුගිය දවස් වල වැද්දෙක් වගේ කොන්ඩේ වවාගෙන හිටපු සීතල අයියා හිටිගමන්ම කොන්ඩේ කපන්න (කොල්ලොනම් කියන්නේ 3wheel cut කියලා :P ) හේතු වෙච්ච නිධාන කථාව මේක වෙන්න ඕනා. කොහොම උනත් කියන්ට ඕනා සීතල අයියාගේ නව කේශ විලාසිතාවට (නව කිව්වට පරණයි) සැහෙන්න ප්‍රතිචාර තියනවා. හැබැයි කෙල්ලොන්ගෙන් නෙමෙයි කොල්ලොන්ගෙන්.... :P :D :P

  • පන්සල් හංදිය says:
    May 26, 2011 at 12:44 AM

    ඇයි කෙල්ලන්ගෙ ඇඳුම්, පැලඳුම් එතකොට හැසිරීම අපිට ඕන විදියට වෙනස් කරන්න පුලුවන් නම්, කෙල්ලෙක් ඒ දේ කලාම වෙන්නෙ මොකද ........

    ඕකට කියන්නෙ පුරුෂාධිපත්‍ය කියලා ........

  • Anonymous says:
    May 26, 2011 at 6:10 AM

    ගූගලයා පිස්සු කෙලිනව, මට ලොග් වෙන්න දෙන්නෙ නැහැ, ඇනෝ විධියට විතරය් ඉඩ දෙන්නෙ කොමෙන්ට් දාන්න.
    සීතල අය්යා, ගෑනු ළමය ලස්සනද?
    "ඔබ්සර්වර්"

  • නචියා says:
    May 26, 2011 at 9:00 AM

    ඕක් අපේ සමාජ ක්‍රමයේ තියන වැරැද්දක්... ඒත් ඉතින් ගොඩක් කෙල්ලෝ කැමතියි තමන්ගේ කොල්ලා වැදගත් විදියට ඉන්නවනම්... කොල්ලා style කරනවට කැමති කෙල්ලොත් නැතිවම නෙවේ....

  • පිස්සු පුසා says:
    May 26, 2011 at 9:08 AM

    මොනා කොරන්නද බන් මටත් ඔය සැන්තැසියම උන නේ බන් ඇඩෙනවා මතක් වෙනකොට. මත් කෙල්ල නිස්ස දිගට තිබ්බ කොන්ඩේ කැපුවා. එක සිරා කොන්ඩේ බන්z. දැන් මට කෙල්ලත් නැ. කොන්ඩෙත් නැ. අයේ වවන්න ඉන්නේ.

  • පිස්සු පුසා says:
    May 26, 2011 at 9:10 AM

    @ කල්හාර. පලයන් බන් යන්න. පිස්සු කියවන්නේ නැතිව.

  • සීතල අයියා says:
    May 26, 2011 at 10:07 AM

    @පොඩ්ඩා- ඒකනම් ඇත්ත සහෝ.දැන් කන්න තියෙන පලතුරුත් ඇගට ගානවා.

    @ශාන්/Anonymous- ගෑණු විතරකෙ නෙමෙයි බං.කොච්චර කිව්වත් ගොඩාක් පිරිමිත් ඔහොම තමා.

    @මදූ- සහතික ඇත්ත.ඒත් ඒ කොල්ලාගෙ hair style එක ඇත්තටම ලස්සනයිනෙ.

    @දිල්- මමත් හිතන්නෙ අන්න ඒ දේම තමයි.ඒත් පොඩි විරුද්ධත්වයකුත් එක්ක.බාහිර පුද්ගලයන් මොකක් කිව්වත් මොකද වෙන්නෙ දෙන්නට දෙන්නා කැමතිනම්?

    @හාවා- මම අහන්න ගිය එකක් නෑ බං.ඇහුන එකක්.ඒ වෙලේට කන් වහගෙන ඉන්නයැ කියන්නෙ?

    @පූසා- ඒකනම් සහතික ඇත්ත.වැරදි හදා ගන්න ඕන.ඒකට තමයි කියන්නෙ අන්‍යොවබෝධය (හරිද දන්නෙ නෑ ලිව්වා) කියලා.

    @හිස් අහස- මම බලන්න ගියෙ නෑ හලෝ.මේක ඇත්තටම උන සිද්දියක් මගේ ඇස් ඉදිරියේ.
    නෑ මම ඔයාගෙ කතාව චූටි කොටසකට එකග නෑ.සමාජ තත්වය ගැන කියලා තියෙන එකට.මොකද කියනවනම් පිරිමියෙක් උනාම තමාට හොද සමාජ තත්වයක් තියෙන්න ඕනමයි.ඒක තමා යාලු වෙලා ඉන්න කෙනාට විතරක් නෙමෙයි තමාටත් ඒක හුගක් වැදගත් දෙයක්.අනිත් ඒවා සම්පූර්ණ ඇත්ත.(හැබැයි ඒක කොල්ලොන්ටත් පොදුයි)

    @චේ- ආ මට දැන්න රැවුල් සීන් එක මතක් උනේ.මතක් උනානම් ඒක දාන්නෙ මේකට ඉස්සෙල්ලා.
    අනේ නෑ.මටනම් මේක උනේ නෑ.දන්නවනෙ මට කොන්ඩෙ කපන්න උන හේතුව වෙන දෙයක් කියලා.මායි කොටයි ගියෙ.දැන් නම අහගත්තද?ඌ අපේ ගෙදර ආපු වෙලාවක ඕන්නම් අහපං මේ කතාව. :P
    උඹට තියෙන ප්‍රතිචාර ගැන මෙතන දාන්න ඕන නෑනේ.හැබැයි වෙනදට බැලුවත් අහක බලන එවුන්නම් මේ දවස් වල මං දිහා බලනවා.අපි හව් වෙයි ඕවට. :P

    @කල්හාර- මේක එක පාර්ශවේකට ලිව්ව දෙයක් උනාට මේක දෙගොල්ලන්ටම එකම හැන්දෙන් බෙදන්න ඕන දෙයක්.මේක දෙගොල්ලන්ටම පොදු දෙයක්.හැබැයි වෙනස් කරන්න ඕන නරක දේවල් විතරයි.නැතුව හොද දේවල් වෙනස් කරන්න යන එක හරිද?

    @ඔබ්සර්වර්- මේ මටත් ඔය අවුල තියෙනවා.මටනම් ඒ හැටි ලස්සනක් පෙනුනෙ නෑ.ලස්සන සාපේක්ෂයිලුනෙ. :(

    @නවියා- කොන්ඩෙ වැව්වම වැදගත්කම යනවද?අපිළිවෙලකට කොන්ඩෙ වවලා නම් කමක් නෑ.ඒත් මේකෙදි...

    @පිස්සු පූසා- එහෙනම් මම උඹවද දන්නෙ නෑ දැක්නෙ එදා? :=))
    කොන්ඩෙ වවලා කෙල්ලෙක්ව set කර ගනිං.එතකොට වැඩේ හරි. හික්ස්

  • හිස් අහස says:
    May 26, 2011 at 6:13 PM

    මචං සීතලයෝ මම කීවේ මම ලියාපු එකක් උඹ ලීවා කියලා නෙවේ .මේ ලියා තියෙන කතාව මට සම්බන්දයි කියලා .. මගේ ලවු එකටත් මෙහෙම දෙයක් උනා මගේම කතාව කියලා අදහස් කලේ අන්න ඒක .. මම උඹ කොපි කලා කියලා කීවා එහෙම නෙවේ හරිය ..

  • සීතල අයියා says:
    May 26, 2011 at 8:25 PM

    @හිස් අහස අනේ එහෙමද?පැහැදිළිව අන්න එහෙම කියන්න එපෑනේ මමත් මේ ලණුව කාලා තියෙනවයි කියලා.මොනා උනත් thanks කිව්වා.

  • ඔජායෙ.... says:
    May 26, 2011 at 8:57 PM

    සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව මමත් දැම්ම පොඩි hair cut ekak :D

  • සීතල අයියා says:
    May 27, 2011 at 12:47 PM

    @ඔජායෙ.... දාපං දාපං.මේ කාලෙ style කරන්නෙ නැතුව නාකි වෙලා කරන්නයැ. :-D

  • තාරක Dilsh@n says:
    May 30, 2011 at 7:20 PM

    කෙල්ලගෙ යාළුවන්ගෙ ප්‍රශ්නයක්නෙ මෙයා ඔලුවට අරගෙන තියෙන්නේ. යාළුවො කොණ්ඩෙට කැමති නැති හින්ද කෙල්ල කැමතිත් නෑ.. අනේ මන්ද ඔහොම නැතුව ඇත්තටම අකමැතිනම් එකට සාධාරණ හේතුවක් කිව්වනම් කොල්ල කොණ්ඩෙ වෙනස් නොකර ඉදියිද?

    මමත් මේ මාස 6, 7ක විතර ඉදන් වවනවා :)

  • jhothishalanka says:
    June 27, 2011 at 8:52 AM

    ගෑනුන්ට ඕන විදියට අපි කොණ්ඩෙ කපයිද සීතල යාළු,ඔන්න අම්ම තාත්තා කියනවනම් තව කමක් නෑ.

Post a Comment